සැමට විදු නැන නුවණ – Science Literacy for All

වෛරස : ඒවායේ පැතිරීම සහ ඒවායින් රෝගාතුර වීම

හරිදේ හරිහැටි දැනගෙන ක්‍රියාත්මකවන්න

 මේ මුළුමහත් ලෝකයේම වඩාත්ම සුලභ ජීවවිද්‍යාත්මක ස්ථිතිය වෛරසයයි. ඒවා 10,000,000,000,000,000,000,000,000,000,000 පමණ ඇතැයි ද එමෙන්ම ඒවා සියල්ල එක දිගට පෙළ ගැසුවොත් ඒවා අපේ මන්දාකිණියේ එක් කොනක සිට අනික් කොන දක්වා දිගහැරෙන බවට  විශේෂඥයෝ ගණන් බලති. වෛරස යනු ස්වභාවධර්මයෙහිම නැනෝ තාක්ෂණය ලෙස ඔබට සිතිය හැකිය: අනෙකුත් ජීවීන්ගේ සෛල ආක්‍රමණය කිරීම සඳහා සජ්ජිත, එමෙන්ම එම සෛල තමන්ගේ පුනරුත්පාදනය සඳහා පැහැර ගන්නාවූ, නැනෝමීටර ප්‍රමාණයන් ගෙන් සමන්විත අණුක යන්ත්‍ර වේ.

වෛරස වැඩි බහුතරය මනුෂයන්ට හානිකර නොවන අතර සමහරක් අප රෝගාතුර කිරීමට සහ සමහරක් මරණය පවා ගෙන ඒමට සමත්ය.

Definition: a pathogen, or disease causing agent, not considered living because it cannot reproduce on its own.

වෛරස  ජීවත් වෙනවාද(ජීවයකින් යුක්ත ද)?

තමන්ගේ පැවැත්මට සහ පුනරුත්ථාපනය සඳහා වෛරස අනෙකුත් ජීවීන්ගේ සෛල මත රඳා පවතී. ඊට හේතුව ඔවුන්ට තමන්ටම යයි කියා ශක්තිය හසුකරගැනීමට හෝ ගබඩා කරගැනීමට කළ නොහැකිවීමය. වෙනත් වචනවලින් කියතොත් ඒවාට ධාරක ජීවියෙකුගෙන් තොරව ක්‍රියාත්මක විය නොහැක. වෛරස ජීවත් නොවන සේ සැලකීමට බොහෝවිට හේතු වන්නේ මෙයයි. සෛලයක පිටත දී වෛරසයක්, වයිරියෝනයක් (virion) ලෙස දැක්වෙන ස්වාධීන අංශුවක් හැටියට එතෙයි.  වයිරියෝනයක් පරිසරය තුළ යම් සීමිත කාල ඡේදයක් තුළ ‘පැවතීමට‘ පුළුවන. මෙයින් අදහස් කෙරෙන්නේ එය ව්‍යූහාත්මකව හානියකට පත් නොවී සිටින අතර යම් ජීවියකු මුණගැසුනුවිට  එම ජීවියා ආසාදනය කිරීමේ හැකියාවෙන් යුක්ත වන බවයි. වයිරියෝනයක්, යෝග්‍ය සෛලයකට ඈඳෙන විට(බැඳෙන විට) — මෙය රඳා පවතින්නේ  වයිරියෝනයේ සහ සෛලයේ පෘෂ්ඨයෙහි  ප්‍රෝටීන අනු මතය — ඊට සෛල තුළට කාවැදිය හැකි ය. ඇතුල් වීමෙන් පසුව වෛරසය තවත් වයිරියෝන නිපදවීමට හැකි වන සේ සෛලය සකස් කරගනු ලැබේ. එසේ සෑදෙන වයිරියෝන සෛලයෙන් පිටව යන්නේ සාමාන්‍යයෙන් (එම ක්‍රියාදාමයේදී) සෛල විනාශ කරමිනි.

පිටව යන වයිරියෝන ප්‍රයත්න දරන්නේ තවත් සෛල ආසාදනය කිරීමට ය. මේ අන්දමට යම් ‘ජීවන චක්‍රයක්‘ පැවතීමේ හේතුවෙන් වෛරස ජීවත්වන්නන් බවට පත්වේද? මෙය දාර්ශනික ප්‍රශ්නයකි. කෙසේවෙතත්, දෙකෙන් කුමන එකවුවත්,  ඒවාට(වෛරසවලට) සජීවීන්  මත ඉමහත් බලපෑමක් ඇති කළ හැකිය.

වෛරස සෑදී ඇත්තේ මොනවායින්ද?

වෛරසය අංශුවක හරයෙහි ඇත්තේ එහි ජෙනෝමයයි.වෛරසය ප්‍රතිජනනය සඳහා ජානමය උපදෙස් අඩංගු DNA  හෝ  RNA  වලින් සෑදුණු දිග අංශුව ජෙනෝමයයි. මෙය ප්‍රෝටීන ආවරණයකින් හෙවත් කැප්සිඩය(capsid) යනුවෙන් දැක්වෙන ප්‍රෝටීන් අණු වලින් තැනූ වැස්මකින් එතී තිබෙනවා. ජානමය ද්‍රව්‍ය ආරක්ෂා කරනුයේ කැප්සිඩය මඟිනි.

සමහර වෛරස වලට මේදමය ඓන්ද්‍රිය අණු වන ලිපිඩ වලින් සෑදුණු පිටත ආවරණයක් ද ඇත.   කොවිඩ් 19 ඇති කරවන කොරෝනා වෛරසය මේ ආකාරයේ ආවරණයකින් වටවූ (“enveloped”) වෛරස අතුරෙන් එකකි. සබන් වලට මෙකී මේදමය වැස්ම  දියකරමින් ඉවත් කළ හැරිය හැක. එය සම්පූර්ණ වෛරස අංශුව විනාශ කර දැමීමට මගපාදයි. නිරතුරුව දෑත් සබන් යොදා ගනිමින් සේදීම මෙතරම් ඵලදායි වීමට එක් හේතුවක් වන්නේ එයයි.(සබන් ක්‍රියා කරන අන්දම ගැන මාර්තු 16 තතු පෝස්ටුව මෙතැනින් කියවන්න)

වෛරසවල ප්‍රහාරයට ලක් වන්නේ කුමක්ද?

වෛරස වනාහි හඳුනාගෙන ප්‍රහාර එල්ල කිරීමට හැකි තමන්ටම සුවිශේෂී ගොදුරු සිටින  විලෝපියන් බඳුය. අපගේ සෛල හඳුනා ගැනීමට අපොහොසත් වන වෛරස අපට හානිදායක නොවේ.එමෙන්ම තවත් සමහරක් අප ආසාදනයට ලක් කළත් ඉන් අපේ සෞඛ්‍යයට ප්‍රතිවිපාක අත් නොවේ.

බොහෝ සත්ව හා ශාක විශේෂ සතුව ඒවායේම වෛරස ඇත. බළලුන් සතුව බිළාල ප්‍රතිශක්ති ඌණතා වෛරසය(feline immunodeficiency virus) හෙවත් FIV තිබේ. එය තමයි මනුෂ්‍යයන් අතරේ AIDS ඇතිකරවන HIVවල බළල් අනුවාදනය.  බොහෝ වර්ගවල වෛරස වලට වවුලෝ ධාරක වෙති. කොවිඩ් 19 ඇතිකරවන නව කොරෝනා වෛරසයේ හි මූලය ලෙස සැලකෙන්නේ ද ඔයින් එක් වවුල් වයිරසයක් තමයි.

අදාළ රූපය

බැක්ටීරියා සතුවත් සුවිශේෂී වෛරස තිබේ. ඒවා හඳුන්වනු ලබන්නේ බැක්ටීරියා භක්ෂකයන් (bacteriophages) ලෙසයි. මේවා සමහර අවස්ථාවල බැක්ටීරියා ආසාදන මර්දනය සඳහා යොදා ගත හැකි වේ.

විකෘති වීමෙන් වෛරසවලට එකිනෙක සමග සම්බන්ධ විය හැකිය. කොවිඩ් 19 දී මෙන් සමහර අවස්ථාවල ඒවාට (ධාරකයා) විශේෂය වෙනස් කළ හැකිය.

සමහරක් වෛරස මාරාන්තික ඇයි?

මනුෂ්‍යයන් වන අපට වැදගත්ම වෛරස වන්නේ අප ආසාදනයට පත් කරවන ඒවාය. හර්පීස් වෛරස වගේ ඇතැම් කුලවල (family) වෛරස සෘණාත්මක බලපෑමක් නොකර දිගු කාලයක් ශරීරයෙහි අක්‍රීයව සිටිය හැකිය. වෛරසයන් ගෙන් හෝ වෙනත් ව්‍යාධි කාරකයන් ගෙන් සිදු කරනු ලැබීමට හැකි හානිය බොහෝ විට විස්තර කෙරෙන්නේ එහි උග්‍රතාව (virulence) හැටියටය. මෙය රඳා පවතින්නේ ආසාදිත පුද්ගලයකුට ඉන් සිදු කෙරෙන හානිය කොපමණ ද යන්න මත පමණක් නොව ශරීරයේ ආරක්ෂක උපක්‍රම කොතරම් හොඳින් වෛරසය මගින්  මගහරවා ගනු ලබන්නේ ද,  ප්‍රතිවලිතවීම සහ අනෙකුත් වාහකයන්ට පැතිරෙනවා ද යන්නත් මතය.

පරිණාමය අංශයෙන් ගත් විට ප්‍රතිවලිතය සහ ධාරකයාට හානි සිදු කිරීම අතර වෛරසයක් සැමවිටම යම් සමථයක්  පවත්වාගනී:  පිස්සුවක් සෑදුණු කලෙක මෙන් වෛරසයක් තදින් ප්‍රතිවලිත වන්නට පටන්ගෙන ධාරකයා බොහෝම ඉක්මනින් මරණයට පත් කළොත් ඊට(වෛරසයට) අලුත් ධාරකයෙකු වෙත පැතිරීමේ අවස්ථාව අහිමි වෙනවා. අනෙක් අතට, සෙමින් ප්‍රතිචලිත වෙමින්  ධාරකයාට සුළු හානි පමුණුවන වෛරසයකට ව්‍යාප්ත වීම සඳහා වැඩි කාලයක් හිමිවෙනවා.

වයිරස පැතිරෙන්නේ කෙසේද?

වෛරසයක් හේතුවෙන් පුද්ගලයෙකු ආසාදනයට පත් වූ විට ඔවුන්ගේ ශරීර වෛරස අංශ සඳහා සංචිතයක් බවට පත්වෙනවා. එම අංශු ශාරීරික තරල තුළ කැස්ස සහ කිවිසුම් මඟින් වැනි මාර්ගවලින් ද නැතහොත් සම හැලීමෙන් හෝ යම් මතුපිට පෘෂ්ඨය ඇල්ලීමෙන් පවා මුදාහැරෙන පුළුවන්. මේ වෛරස අංශු එක්කෝ නව විභවයක් සහිත ධාරකයෙකු අතරේ හෝ අප්‍රාණික වස්තු අතර නවතී. මෙලෙස ආසාදනයට පත් වෙන වස්තු හැඳින්වෙන්නේ විසපැහැසිය(fomites) යනුවෙනි.රෝගය පැතිරවීමේ දී මේවා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි.

කොරෝනා වෛරසයක් යනු කුමක්ද?

කෝවිඩ් 19 නම් කොරෝනා වෛරසය, coronaviridae වයිරස් කුලයේ සාමාජිකයෙකි. මේ නම යෙදී ඇත්තේ අන්වීක්ෂීයක තබා බලන විට එම වෛරසය පෙනෙන ආකාරය අනුවයි. මතුපිට පිහිටි ඉතා කුඩා නෙරුම් හේතුවෙන් ඒවා කේතු මාලාවක් සේ(corona) දිස්වේ.

2003 චීනයේ දී මාරාන්තික සාර්ස් (Serious Acute Respiratory Syndrome (SARS) පැතිරීමටද,  2012 මර්ස් (Middle East Respiratory Syndrome (MERS) පැතිරීමටද වගකිවයුත්තේ  අනෙකුත් කොරෝනාවෛරසයන්ය.  මානවයන්ට සම්ප්‍රේෂණයවීමට හැකිවන ආකාරයවලින් මේ වෛරසයන්  සාපේක්ෂව බොහෝ විට විකෘති වේ.

 

THE CONVERSATION(Australia)හී පළව ඇති What is a virus? How do they spread? How do they make us sick?  යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: