හරිදේ හරිහැටි දැනගෙන ක්‍රියාත්මකවන්න
UPDATED – NEW MATERIAL ADDED
මතය : කොරෝනා වෛරසය සරම්ප වගේ සුලඟින් බෝවෙන්නකි
සුළඟින් සම්ප්‍රේෂණය පිළිගත හැක්කක් බව පෙනි යයි. කොරෝනා වෛරසය වායුගතවීමෙන් පසුව පැය 3ක් දක්වා කාලයක් තුළ වාතයේ රැඳි සිටීමට වෛරසයට හැකි යයි ප්‍රින්ස්ටන් සරසවියේ, ලොස් ඇන්ජිලීස් හී කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ සහ ජාතික සෞඛ්‍ය ආයතනයේ විද්‍යාඥයන්ගේ අධ්‍යනයකින් පෙන්නුම් කෙරේ. මේ බව The New England Journal of Medicine නම් ප්‍රකට සඟරාවේ පල කර ඇත.කොවිඩ්-19 නව රෝගය ඇති කරන SARS-CoV-2 වෛරසය වාතයේ පැය තුනක් දක්වා ද, තඹ මත පැය හතරක් ද, කාඩ්බෝඩ් මත පැය 24 දක්වා දප්ලාස්ටික් මත සහ සුදුයකඩ මත දවස් දෙකේ සිට තුන දක්වා ද පැවතිය හැකි බව විද්‍යාඥයන්ට අනවරණය වී ඇත. මේ හේතුව නිසා, පොදුවේ ජනයා ගැවසෙන අවකාශවල දී අත් සේදීම, මතුපිටවල් සේදීම සහ සමාජ දුරස්ථවීම සිදුකළ යුතු යයි නිර්දේශ කෙරේ.
එක් පුද්ගල්යෙකුගේ සිට අනෙකා අතර, විශේෂයෙන්ම අභ්‍යන්තරයේ දී අඩුම තරමේ අඩි හයකවත් පරතරයක් තබා ගත යුතු යයි විශේෂඥයන් නිර්දේශ කරන්නේ කෙළ සහ බිඳිති එපමණ දුරක් යා හැකි බව අධ්‍යනවලින් පෙනී යාමෙන් පසුවයි. නානකාමර කොරෝනා වෛරසයට තොතැන්නකි. පිටවූ පසු වෛරසයේ ආයුකාලය රඳා පවතිනුයේ එය පතිතවන මතුපිට කුමක්ද, උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය මතය. මීට පර පැවති කොරෝනාවෛරස සිසිල්, තෙතමනය සහිත මතුපිට්වල දින නවයක් දක්වා කාලයක් පැවතිට හකි බව හූස්ටන්හි, මැක්ගවන් වෛද්‍ය පාසලේ අභ්‍යන්තර වෛද්‍ය ආයතනයේ උප සභාපති ලුවිස් ඔස්ට්රොස්කි පවසයි.
මතය : කොරෝනා පැතිරයාම හමුවේ සෑමදෙනාම මුඛ ආවරණ පැළදිය යුතුයි.
නැත. වර්තමානයේ වෛද්‍යවරු උපදෙස් දෙන්නේ සෞඛ්‍ය සම්පන්න, රෝග ලක්ෂණවලින් තොර පොදු මහජන සාමාජිකයන් මුඛ ආවරණ පැළඳීමට විරුද්ධවය.
ආසාදිතවූ රෝගීන් වෛරසය පැතිරවීම වළක්වාගැනීමේ දී මුව ආවරණ උපකාරී විය හකි නමුත් ඒවා සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන් ආරක්ෂා කිරීමට සමත් නැතැයි එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළක්වීමේ කෙන්ද්‍ර(CDC) පවසයි. රෝගී වූ අයෙකු කහින විට හෝ කිඹුහුම් යවනවිට මුව ආවරන බාධකයක් ලෙස ක්‍රියා කිරීමට හැකියි. ” මුව ආවරණ බොහොමයක් වාතයේ ඇති කුඩා අංශු සාර්ථකව පෙරීමට සමත් නැහැ” යයි CDCපෙන්වා දෙයි.
CDC පෙන්වා දෙන පරිදි ණ්95 ආවරණ්ය සාමාන්‍ය ආවරණ වලට වඩා හිර ගතියකින් යුක්ත අතර, කුඩා අංශු සහ විශාල බිඳිති වලින් ආරක්ෂාව සපයයි. එහෙත් මුව ආවරන වැඩියක්ම අවශ්‍ය වන්නේ (නිරතුරු ආසාදියන් හා ආසාදියන් යයි සැකකෙරෙන අය සමග සමීපවී කටයුතු කරන වෛද්‍ය සහ සෞඛ්‍ය සේවකයන් ඇතුළු සත්කාරක සේවා සපයන්නන්ටය. දැනට ලොව පුරා මුව ආවරණ හිඟයක් පවතින හෙයින් ඒවා පැළඳිය යුත්තේ අවශ්‍යයෙන්ම පැළඳිය යුතු අයමය
මතය : විටමින් C ඇතුළු ප්‍රතිශක්තිය වඩවන දේවල් එක් රැස් කර ගැනීම නුවණට හුරුය.
නැත. විටමින් C සහ අතිරේක ප්‍රතිශක්තියක් ඇති කරන්නේ යයි විශ්වාස කෙරෙන වෙනත් පූරකවල් සාර්ථකත්වයක් ඇතැයි යන්න කලක් තිස්සේ පවතින මුලාවකි. සාමාන්‍ය සෙම්ප්‍රතිෂ්‍යාවේ දී හා ඉන්ෆ්ලුවැන්සාවේ දී පවා විටමින් C සංගත වාසියක් හිමිකර දී නැත. කොරෝනා වෛරසය වැළක්වීමේ දී සින්ක්, ග්‍රීන් තේ වැනි පූරක වාසිදායක වන බවට සාක්ෂි නොමැති බව පෙන්වාදෙන NYU Langone වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය මාක් ජේ. මලිගන් “මේ කාරණාවේ දි ඔය පූරකවලට මුදල් වැය කරන එක නම් මන් අනුමත කරන්නේ නෑ” යයි පවසයි.
ඊයේ පෝස්ටුවෙන්…
මතය : උණුසුම් සහ තෙතමනය සහිත (ආර්ද්‍ර) තැන්වල කොවිඩ් -19 සම්ප්‍රේෂණය නොවන්නේය.
දැනට ඇති සාක්ෂි අනුව කොවිඩ් – 19 වෛරසය රස්නය මෙන්ම තෙතමනය සහිත දේශගුණයකින් යුත් ප්‍රදේශ ඇතුළුව ඕනෑම ප්‍රදේශයක සම්ප්‍රේෂණය විය හැකිය. කොවිඩ් – 19 ගැන වාර්තා වෙන ප්‍රදේශයකට ඔබ යන්නේ නම් හෝ ඔබ ජීවත්වන්නේ නම් දේශගුණය සැලකිල්ලට නොගෙන ආරක්ෂක පියවර අරගන්න. කොවිඩ් – 19 න් එරෙහිව ආරක්ෂා වීම සඳහා හොඳම ක්‍රමයක් වන්නේ නිතර ඔබේ අත් සේදීමයි. මෙසේ කිරීමෙන් ඔබේ අත්වල සිටිය හැකි වෛරස ඉවත් වෙනවා පමණක් නොව, (වෛරස ඉවත් නොකර) ඔබගේ මුඛය සහ නාසය ඇල්ලීමෙන් ආසාදන සිදුවීම වළක්වා ගත හැකිය.
මතය : උණු ජලය නෑමෙන් කොරෝනා වෛරස රෝගය වළක්වා ගත හැකිය.
උණුදිය ස්නානය කිරීමෙන් ඔබට කොවිඩ් – 19 වැළඳීම වළක්වා ගත නොහැකියි. ඔබගේ ශරීරයේ උෂ්ණත්ව සාමාන්‍යය සෙන්ටිග්‍රේට් අංශක 36.5 සිට 37 දක්වාය. ඔබ ස්නානය කරන ජලයේ උෂ්ණත්වය නොසලකා එය එලෙස පවතී. ඇත්තවශයෙන්ම අතිශය රස්නය ඇති ජලයෙන් නෑම සමහරවිට ඔබට හානිකර විය හැක්කේ ඉන් ඔබ පිලිස්සීමට ලක් විය හැකි නිසාය. කොවිඩ් – 19 වෛරස ආරක්ෂා වීමට ඇති හොඳම ක්රමයක්වන්නේ නිතර අත් සේදීමයි. එසේ කිරීමෙන් ඔබේ අත්වල සිටිය හැකි වෛරස ඉවත් වෙනවා පමණක් නොව ඔබගේ මුඛය සහ නාසය ඇල්ලීමෙන් ආසාදන සිදුවීම වළක්වා ගත හැකිය.
මතය : නව කොරෝනා වෛරසය මදුරුවන් දෂ්ට කිරීමෙන් සම්ප්‍රේෂණය විය හැක.
මදුරුවාගේ මාර්ගයෙන් නව කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය විය හැකි බව හැඟවෙන තොරතුරක් හෝ සාක්ෂියක් මේ වනතුරුත් ලැබී නැත. නව කොරෝනා වෛරසය ශ්වසන වෛරසයක් නිසාවෙන් එය පැතිරෙන්නේ මූලිකවම ආසාදිත පුද්ගලයෙකු කහින විට හෝ කිවිසුම් අරින විට හෝ ජනනය වන බිඳිති හෝ කෙළ බිඳිති හෝ නාසයෙන් පිටවන දෑ මගිනි. ඔබට ආරක්ෂාව සපයා ගැනීමට නම් ඇල්කොහොල් (මද්‍යසාර) අඩංගු අත් සෝදනයක් යොදාගෙන හෝ සබන් හා වතුර යොදා ගනිමින් අත් නිතර සේදිය යුතුය. තවද කැස්ස සහ කිවිසුම ඇති අය සමඟ සමීප ඇසුර මගහරින්න.
මතය : දෑත් වියලන උපකරණ නව කොරෝනා වෛරසය විනාශ කර දැමීමේදී ඵලදායි වේ.
නැත. කොවිඩ් – 19 වෛරස විනාශ කිරිමේදී අත් වියලන උපකරණ(hand dryers) ඵලදායි නොවේ. නව කොරෝනා වෛරසයට එරෙහිව ඔබට ආරක්ෂාවීමට නම් ඇල්කොහොල් (මද්‍යසාර) අඩංගු අත් සෝදනයක් හෝ සබන් හා වතුර යොදා ගනිමින් අත් සෝදන්න. ඔබේ අත් පිරිසිදු කර ගැනීමෙන් පසුව කඩදාසි සාලු හෝ උණුසුම් වායු වියලන යොදාගනිමින් මනාව වියළා ගන්න.
මතය : නව කොරෝනා වයිරසයෙන් ආසාදිත පුද්ගලයන් සොයා ගැනීමේදී තාප ස්කෑනර් ඵලදායි ද?
උණ (ශරීර උෂ්ණත්වය සාමාන්‍යයට වඩා වැඩි) ඇති පුද්ගලයන් හඳුනා ගැනීමේදී තාප ස්කෑනර්(thermal scanners) ඵලදායිවේ. කෙසේවෙතත්, කොරෝනා වෛරසය හේතුවෙන් දැනටමත් ආසාදිත ඒත් උණ සෑදී රෝගාතුර නොවූ පුද්ගලයන් හඳුනා ගැනීමට ඒවාට නොහැකිය. මෙයට හේතුව ආසාදනයට පත් වන පුද්ගලයන් රෝගාතුරව උණ වර්ධනය වීම සඳහා, ආසාදනයවී 2ක් 10 ක් අතර කාලයක් ගත වන බැවිනි.
මතය : නිව්මෝනියාවට එරෙහි වැක්සීනය ඔබට නව කොරෝනාවට විරුද්ධව ආරක්ෂාව සපයයි.
නැත. pneumococcal vaccine සහ Haemophilus influenza type B (Hib) vaccine වැනි නිව්මෝනියාවට එරෙහිව ලබාදෙන වැක්සීන(එන්නත්) නව කොරෝනා වෛරසයට එරෙහිව ආරක්ෂාවක් ඔබට සපයන්නේ නැත. මේවා කොවිඩ් – 19ට එරෙහිව සඵල නොවෙතත් ඔබේ සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා ශ්වසන රෝග වලට එරෙහි වැක්සීන ඉහලින් නිර්දේශ කෙරේ.
කොවිඩ් – 19 වෛරසය, කෙතරම් අලුත් ද කෙතරම් වෙනස්ද කියතහොත් ඉන් වැළකීම සඳහා ඊටම සුවිශේෂී වැකසීනයක් අවශ්‍ය වේ. 2019-nCoV ට එරෙහිව වැක්සිනයක් වැඩි දියුණු කිරීම සඳහා (දනටමත්) පර්යේෂණ පැවැත්වෙන අතර ඊට ලෝක සෞඛ්‍ය සංවිධානය සහය දක්වයි.
මතය: සුදුලූනු කෑමෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වළක්වා ගත හැකිවේ.
සුදුළූණුවල ඇතැම් ප්‍රතිජීවක ගුණ අඩංගුව තිබීමට ඉඩ ඇතත් වර්තමාන පැතිර යාමේදී නව කොරෝනාවෙන් ජනතාව ආරක්ෂා කිරීමට සුදුලූනු කෑම හේතුවෙන බවට සාක්ෂි නොමැත.
මතය: නව කොරෝනාව බලපාන්නේ වයස්ගත පුද්ගලයන්ට පමණයි.
නව කොරෝනා වයිරසයෙන් සෑම වයස් කාණ්ඩවල ජනතාව ආසාදිත වීමට පුළුවන. වයස්ගත අයත් (ඇදුම, දියවැඩියාව, හෘදයාබාධ, ආදී) කලින් සිට පවතින වෛද්‍ය තත්ත්වයන්ගෙන් පෙළෙන අයත් වඩාත් අවදානම් සහගත බවක් පෙනී යයි. තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීමට සෑම වයස් කාණ්ඩවලම ජනතාව පියවර ගත යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දෙයි.
මතය: නව කොරෝනා වලක්වාගැනීම සහ ප්‍රතිකාර කිරීමේදී ප්‍රතිජීවක ප්‍රතිඵලදායක නැත.
ඇත්තකි. බැක්ටීරියාවලට මිස වෛරසවලට එරෙහිව ප්‍රතිජීවක ක්‍රියා කරන්නේ නැත. ඉතින්, 2019-nCoV වෛරසයක් නිසා එය වැළැක්වීමේ හෝ ප්‍රතිකාර කිරීමේ ක්‍රමයක් ලෙස ප්‍රතිජීවක ඵලදායීව යොදා ගත නොහකිය. කෙසේ වෙතත් 2019-nCoV සඳහා ඔබ රෝහල් ගත කෙරුණොත් සහ-ආසාදන(co-infection) ඇතිවීමේ හැකියාව සලකා බලා ඇතැම් විට ඔබට ප්‍රතිජීවක ලබා දෙනු ඇත.
මතය: නව කොරෝනා වෛරසය වලක්වා ගැනීමට විශේෂ ඖෂධ දැන් සොයාගෙන ඇත.
කොරෝනා වෛරසය සඳහා මෙතෙක් විශේෂ ඖෂධයක් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර නොමැත. එහෙත් ඒ සම්බන්ධ පර්යේෂණ සඳහා සංවිධානය ආධාර කරයි. කෙසේ වෙතත්, ආසාදිතයන්ට රෝග ලක්ෂණ ඉවත් කිරීමට හා ඒවායින් සහනයක් ලබා දීම සඳහා යෝග්‍ය සත්කාර සැපයිය යුතු අතර දරුණු රෝගී තත්ත්වයෙන් ඉන්න අයට උපරිම සහාය සත්කාර ලැබිය යුතුය.
කෙසේවෙතත්, ඇතැම් සුවිශේෂී ප්‍රතිකාර පරීක්ෂාවන්ට ලක් කර ඇති අතර ශායනික අත්හදබැලීම් මගින් ඒවා ගැන තවදුරටත් සොයා බැලේ.
ජගත් සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවියෙහි Coronavirus disease (COVID-19) advice for the public: Myth busters ලිපිය ඇසුරෙන් සම්පාදිතය.