කොරෝනාවෙන් ගැලවී පැතිරයාම වැළැක්වීමටත් දායක වීම

Posted by

 

හරිදේ හරිහැටි දැනගෙන ක්‍රියාත්මකවන්න

 

මේ රෝගයෙන් මමත් ගැලවිලා මේ රෝගය පැතිරීම වලක්වන්න මමත් දායක වෙන්නේ කොහොමද? මේ තියෙන්නේ හැමෝටම ගැලපෙන ආරක්ෂක උපදෙස් මාලාවක්:

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවිය සහ ඔබේ රටේ රාජ්‍ය සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධිකාරීන් හරහා පළකරන නවතම තොරතුරු ගැන දැනුවත් වෙන්න. COVID-19 ලෝකයේ රටවල් ගණනකින් වාර්තා වෙලා තිබෙනවා වගේම මහා පරිමාණ ව්‍යාප්තවීම් විවිධ ස්ථානවලින් වාර්තා වෙනවා. චීනය ඇතුළු රටවල් කිහිපයක පාලකයන් මේ රෝග ව්‍යාප්තිය පාලනය කරන්න වගේම ව්‍යාප්තියට තිත තියන්න පවා සමත් වෙලා තියනවා. ඒවා කොහොම වුණත් මේ තත්ත්වය ගැන අනාවැකි කියන්න හැකියාවක් නැති නිසා නවතම පුවත් ගැන නිරන්තරයෙන්ම අවධානයෙන් සිටීම තමයි වැදගත්.

මතු දැක්වෙන ආරක්ෂක උපක්‍රම අනුගමනය කිරීමෙන් ඔබට කොරෝනා රෝගයට ගොදුරු වීමේ අවදානම අවම කරගන්න පුළුවන්:

ඔබේ දෑත් සබන් සහ ජලය හෝ ඇල්කොහොල්(මද්‍යසාරය) සහිත පිරිසිදුකාරකයක් යොදාගෙන නිරන්තරයෙන්ම හොඳින් පිරිසිදු කරන්න.

ඇයි? සබන් සහ ජලය හෝ ඇල්කොහොල් සහිත පිරිසිදුකාරකයක් භාවිතයෙන් ඔබේ දෑත්වල රැඳී සිටිය හැකි වෛරස විනාශ කරන්න පුළුවන්. (නව කොරෝනා උවදුර ගැන තතු මෙයට කලින් පළ කළ ලිපි කියවන්න)

ඔබ හා කසින හෝ කිවිසුම් පිටකරන කෙනෙකුත් අතර අවම වශයෙන් මීටරයක (අඩි තුනක) පරතරයක් තබාගන්න.

ඇයි? කෙනෙක් කහිනකොට, කිවිසුම් පිටකරනකොට ඔවුන් නාසයෙන් හෝ මුඛයෙන් පිටකරන(බෙදා හරින) කුඩා බිඳිතිවල වෛරසය අඩංගු වෙන්න පුළුවන්. ඉතින් ඔබ අනවශ්‍ය තරමට කිට්ටු වුණොත් (ඒ පුද්ගලයා ආසාදිතයෙකු නම්) ඔබ ඒ වෛරසය අඩංගු බිඳිති ආශ්වාස කරාවි. (නව කොරෝනා උවදුර ගැන තතු මෙයට කලින් පළ කළ ලිපි කියවන්න)

 

ඇස්, නාසය සහ මුඛය ස්පර්ශ කරන්න එපා.

ඇයි? අත්වලින් නොයෙක් පෘෂ්ට ස්පර්ශ කරන නිසා නොදැනුවත්ම අපේ තෑත්වල විසබීජ තවරාගන්න පුළුවන්. රෝගකාරකය අත්වල තැවරුණොත් ස්පර්ශයෙන් ඒවා ඇස්, නාසය හෝ මුඛයට ගමන් කරන්න පුළුවන්. ඒ හරහා වෛරසය ඔබේ සිරුරට ඇතුළු වෙලා ඔබව ලෙඩ කරාවි.

 

ඔබත්,ඔබ අවට සිටින අයත් හොඳ ස්වසන සෞඛය පුරුදු අනුගමනය කරන්න. එයින් අදහස් කළේ කහිනකොට, නැත්නම් කිවිසුම් පිටකරනකොට ටිෂූ කඩදාසියකින්, නැතිනම් අකුලාගත් වැලමිටෙන් ඔබේ නාසය හෝ මුඛය ආවරණය කරගන්න. ඒ වගේම පාවිච්චිකළ ටිෂූ කඩදාසිය වහාම ආරක්ෂිතව ඉවතදමන්න.

ඇයි? බිඳිති හරහා වෛරසය පැතිරෙනවා. යහපත් ස්වසන සෞඛය පුරුදු අනුගමනය කිරීමෙන් ඔබට, ඔබ අවට ඉන්න අනිත් අයව COVID-19, හෙම්බිරිසාව, ඉන්ෆ්ලුවන්සා වැනි රෝගවලින් ආරක්ෂා කරගන්න පුළුවන්.

ඔබ අසනීපයෙන් නම් නිවසේම රැඳී සිටින්න. ඔබට උණක්, කැස්සක්, හුස්ම ගැනීමේ අපහසුවක් තියනවා නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න, කල් ඇතිව දැනුම්දෙන්න. ඔබේ ප්‍රදේශයේ සෞඛ්‍ය සේවා අධිකාරියේ උපදෙස් පිළිපදින්න.

ඇයි? ඔබේ ප්‍රදේශයේ රෝග ව්‍යාප්තිය ගැන කාලීන තොරතුරු ජාතික මට්ටමේ සහ ප්‍රාදේශීය මට්ටමේ සෞඛ්‍ය අංශ සතුව පවතිනවා. කල් තියා දැනුම් දීමෙන් සෞඛ්‍ය අංශයේ අයට ඔබව  ඔබේ අවශ්‍යතාවට ගැලපෙන සායනයක් වෙත යොමු කරන්න පුළුවන්. මෙයින් වෛරස් සහ අනෙකුත් ආසාදන ව්‍යාප්ත වීම වලක්වාගන්නත් පුළුවන්.

 

මෑත කාලයේදී COVID-19 මහා පරිමාණයෙන් හෝ වැඩි වශයෙන්  වාර්තා වුණු ප්‍රදේශ ගැන අවධානයෙන් සිටින්න. හැකිනම් ඒ ප්‍රදේශවලට සංචාරය කිරීමෙන් වළකින්න -ඔබ වයෝවෘද පුද්ගලයෙක් නම්, දියවැඩියාවෙන්, හෘද රෝගයකින් හෝ පෙනහළු ආශ්‍රිත ආසාදනයකින් පෙළෙන කෙනෙක් නම් ඒ උපදෙස ගැන වැඩි අවධානයක් යොමු කරන්න.

ඇයි? ඒ ප්‍රදේශවලදී ඔබට කොරෝනා ආසාදනය වැළඳීමේ වැඩි අවදානමක් පවතිනවා.

දැනට කොරෝනා ආසාදනය පැතිරෙන ප්‍රදේශයක සිටින හෝ පසුගිය දින 14 ඇතුළත එවැනි ප්‍රදේශයක සංචාරය කළ අයට විශේෂිත උපදෙස්

ඉහත උපදෙස් (පොදු උපදෙස් මාලාව) පිළිපදින්න

if corona infected informing health authorities සඳහා පින්තුර ප්‍රතිඵල

ඔබට අසනීප ගතියක් දැනෙනවා නම්, (හිසරදය, සෙල්සියස් අංශක 37.3ක් හෝ ඊට වැඩි මද උණ ගතිය, නාසයෙන් සොටු දියර ගැලීම වැනි) සුළු රෝග ලක්ෂණ  හෝ පෙන්නුම් කරනවා නම් පවා සුව වෙනතුරු හුදෙකලාව පසුවන්න. ඔබට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදීගැනීම පිණිස කෙනෙකු ගෙන්වාගැනීමට හෝ පිටතට යාමට අවශ්‍ය නම්, ආසාදනය අන් අයට පැතිරවීම වැළැක්වීමට මුහුණු ආවරණයක් පළඳින්න.

ඇයි? අන්‍යයන් ඇසුරු කිරීමෙන් වැළකී සෞඛ්‍ය සේවා වෙත යොමු වීමෙන් සෞඛය සේවයට වඩාත් සාර්ථකව ක්‍රියාත්මක වීමටත්, ඔබවත් අන් අයවත් COVID-19 ඇතුළු වෛරස් ආසාදනවලින් ආරක්ෂා කරගැනීමටත් අවස්ථාව හිමිවෙනවා.

ඔබ උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුව වැනි රෝගාබාධ පෙන්නුම් කරනවා නම් ඒ ස්වසන ආබාධයක හෝ වෙනත් බරපතල ආසාදනයක ලක්ෂණ විය හැකි නිසා වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න. කල් ඇතිව ඔවුන් අමතන්න. ඒ සමගම, අමතක නොකර  ඔබ කළ සංචාර ගැන  හෝ සංචාරකයන් සමග පැවැත්වූ සබඳතා ගැන සෞඛ්‍ය අංශ දැනුවත් කරන්න.

ඇයි? දැන්වියයුතු තොරතුරු සහඉත කල් ඇතිව දැනුම්දීම ඔබව නිසි සායනය වෙත ඉක්මනින් යොමු කරන්න සෞඛ්‍ය අංශවලට අවස්ථාව ලබා දෙනවා. මෙයින් COVID-19 ඇතුළු වෛරස් ආසාදන ව්‍යාප්තියත් වලකිනවා.

 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවිය ආශ්‍රයෙන් තතු කණ්ඩායමේ අරුන්දි ජයසේකර විසින් සම්පාදිතයි.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.