නිහඬ පතූරුවන්නන් (silent spreaders)

Posted by

 

හරිදේ හරිහැටි දැනගෙන ක්‍රියාත්මකවන්න

 

නිහඬ පතූරුවන්නන්(silent spreaders)

 

ලොව පුරා නව කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව වැඩිවෙමින් පවති. අද(මාර්තු 26දා) මෙරට වේලාවෙන් උදේ 8.00 වනවිට ආසාදිත වී ඇති බව තහවුරු කෙරුණු සංඛ්‍යාව  468,523කි.(මූලය: Johns Hopkins Resource Center). මේ අනුව, ලොව කොයි රටක වුණත් නිල හෝ නිල නොවන  විවිධ මූලයන්ගෙන් හා මාර්ගවලින් දැක්වෙන්නේ වෛරසය ආසාදිත වී ඇති බව “දන්නා” සංඛ්‍යාවයි. ඒත් අප වැඩිදෙනා තේරුම් ගෙන ඇති ආකාරයට වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට සති දෙකක් දක්වා කාලයක් ගතවෙයි. මෙයින් අදහස් වෙන්නේ, රෝග ලක්ෂණ දක්වන්නේ නැති එහෙත් දැනුවත්ව හෝ නොදැනුවත්ව රෝගය අනුන්ට බෝකරමින් ඉන්නට ඉඩ තිබෙන පිරිසයි. වෙන වචන වලින් කියතහොත් මේ තමයි ‘නිහඬ පතූරුවන්නන්'(silent spreaders).

‘Silent Spreaders’ Speed Coronavirus Transmission’

අමෙරිකා එක්සත් ජනපදයේ National Public Radio(NPR) ගුවන් විදුලියේ ජෙෆ් බ්‍රම්ෆියල් අමෙරිකාවේ සහ යුරෝපයේ විද්‍යාඥයන් සමග කළ සාකච්ඡාවලින් අනාවරණය කරගත් කාරණාවලින් සමරහක්:

“මේ වෛරසය උපක්‍රමශීලී වෛරසයක් බවට සාක්ෂි එන්ට එන්ටම වැඩිවෙනවා. පුද්ගලයන් රෝගය පිළිබඳ ප්‍රධාන ලක්ෂණ කිසිවක් පෙන්නුම් කිරීමට පෙර සිටම වෛරසය පැතිරෙන්න පුළුවන්. මං එක් නිදර්ශනයක් පෙන්වන්නම්. මේරියන් කූප්මාන්ස් කියන්නේ නෙදර්ලන්තයේ වෛරස විද්‍යාඥවරියක්. ඇය කොරෝනා වෛරසයේ පැතිරීම ගැන සොයා බලමිනුයි ඉන්නේ. වෙනත් බොහෝ රටවල වගේ (ඒ රටෙත්) මුල් අවස්ථාවේ හඹා ගිහින් පරීක්ෂා කලේ මෑත ගමන් බිමන් ගිය උදවියයි. ඒත් මෙන්න එක පාරටම රෝගීන් මතුවෙන්න පටන් ගත්තා. ඒ අය ආවේ කොහේ ඉඳලා ද කියල කිසිකෙනෙක් දන්නේ නැහැ. ඉතින් ඒ අය ඇතුල්වුණු රෝහල්වලට කූප්මාන්ස් සහ ඇගේ පර්යේෂණ කණ්ඩායම  ගිහින් සෞඛ්‍ය සේවකයන් පරීක්ෂා කරන්න පටන් ගත්තා.  ඔවුන් අතුරෙන් බොහෝ දෙනෙක් දැනටමත් ආසාදිත යයි කියල පර්යේෂක කණ්ඩායමට පෙණී ගියා. “නාස්වල වගේම උගුරේ බොහොමත්ම ඉක්මණට පැතිරෙන, බොහොමත්ම ඉහළ මට්ටමක වෛරස අපි දැක්කා” කියලා කූප්මාන්ස් කියා සිටියා. වෛරසය ඉහළ මට්ටමක තිබුණා කියන්නේ ඔය සෞඛ්‍ය සේවකයන් දැඩි ලෙස රෝගාතුර වී නොසිටියාට ඒ අයට පුළුවනි අනික් අයට වෛරසය සම්ප්‍රේෂණය කරන්න පුළුවන් කියන එකයි. පසුගිය සතියේදීම එළිදැක්වුණු සමහර නව වසංගතවේදීමය  අධ්‍යයන ප්‍රතිඵල සමග එකට තිබ්බහම පෙණී යන්නේ නිහඬ පතූරුවන්නන් වැදගත් සාධකයක්. ඒ වගේම, මේ වෛරසයට දිගු කාලයක් නිලීනව(latent) පැවතිය හැක්කක් බව පෙණී යනවා. එය මේ සා වේගයෙන් පැතිරෙන්නේ මන්දැයි කියා මෙයින් පැහැදිලි කරගන්න පුළුවන්.

                                                                        — GEOFF BRUMFIEL, NPR

 

පැතිර යන covid 19 වෛරසය හමුවේ, ලෙඩ ගතියෙන් පසුවන බවක් පෙණීයන අයගෙන් පමනක් ආරක්ෂාවීමන් එතරම් ඵලක් නැහැ. මන්ද, කෙනෙකු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට මත්තෙන් එම අයගෙන් රෝගය  බෝවිය හැකි බැවිනි. රෝගය ආසාදිතවන අනුපාතය මන්දගාමී කිරීම පිණිස සෞඛ්‍ය සම්පන්න අය සහ ‘නිහඬ පතූරුවන්නන්’  අතර සම්බන්ධතාව අඩු කිරීමට නම් අප, සමාජ දුරස්ථවීම වැනි  මහජන සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කිර්‍රීම අත්‍යවශ්‍යය.

අප කවුරුත් මතු දැක්වෙන මාර්ගෝපදේශ පිළිපදින්න ඉටා ගමු:

  • නිවසටම වී සිටින්න. අත්‍යවශ්‍ය කාරණාවකට මිස ජනතාව ගැවසෙන ප්‍රසිද්ධ ස්ථානවලට යාමෙන් හෝ නිවසින් බැහර කිසිවෙකුත් සමග(මතකයි නේ? ‘නිහඬ පතූරුවන්නන්’  කවුද කියලා අපි හරියටම දන්නේ නැහැනෙ) අන්තර් ක්‍රියා කිරීමෙන් වළකින්න.
  • සමාජ දුරස්ථබාවය රැකගන්න. ඉහත දැක්වූ අන්දමට අත්‍යවශ්‍ය කාරණාවකට බැහරට යන්නට හෝ අන්තර් ක්‍රියාකරන්න සිද්ධවෙනවා නම්, රෝගී පෙනුමක් ඇතත් නැතත්(මතකයි නේ? ‘නිහඬ පතූරුවන්නන්’  රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැහැනෙ)   පුද්ගලයන් අතර අඩි හයකවත් පරතරයක් තබාගන්න.
  • අත් සෝදන්න. ඔබ නිවසේ සිටියත් නිතර නිතර අත්සෝදන්න. ඒ සෑම වාරයකදීම සබන් සහ ජලය යොදා ගනිමින් හොඳින් අතුල්ලා අත් සෝදන්න.
  • මුඛය, නාසය සහ ඇස් ඇතුළුව මුහුණ ඇල්ලීමෙන් වැළකී සිටින්න.
  • ඔබේ නිවසේ සහ වාහනයේ මතුපිට පිරිසුදු කිරීමට සහ විෂබීජහරණයට පියවර ගන්න.

මේ අප ගෙවන්නේ ඉතා අසීරු කාලයක් බව සැබවි. වැට කොටු සීමා බන්ධන යටතේ මෙහෙම ජීවත්වෙන්න අප කවුරුවත් කැමැති නැහැ තමයි. එහෙත් අප මුහුණ පා සිටින්නේ මහා වසංගතයකටය. ඉන් ගොඩ ඒම සඳහා අප සියලු දෙනාම සහයෝගයෙන් හා කල්පනාවෙන් ක්‍රියා කල යුතුය.

කොවිඩ් -19 වෛරසය බෝවෙන්නේ පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුටය. එම පුද්ගලයා  නිහඬ පතූරුවන්නෙකු ද විය හැකියි. එහෙයින් මේ ව්‍යසනයෙන් ගොඩ ඒමට නම් පුද්ගලයන් අතර දුරස්ථ බවක් තබා ගත යුතුමය. මොකද අපට රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් — ඒ කියන්නේ නිහඬ පතූරුවන්නන් හරිහැටි හඳුනාගන්න බැහැනේ? ඉතින්, මෙන්න මේ කාරණාවත් මතක තියා ගන්න.  බාගදා නිහඬ පතූරුවන්නා ඔබ විය හැකියි. එම නිසා ඔබ ආරක්ෂා වෙන අතරම සෙස්සෙන්ද  ආරක්ෂා කරන්න — නිවසටම වී සිටින්න.

 

WebMD  බ්ලොගයේ  What Is a ‘Silent Spreader’? යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.