සැමට විදු නැන නුවණ – Science Literacy for All

සමාජ දුරස්ථභාවය රකිමින් සමාජශීලි වීම

හරිදේ හරිහැටි දැනගෙන ක්‍රියාත්මකවන්න

COVID – 19 වෛරසය අපි  සියලු දෙනාගේම ජීවිත පැහැදිලිවම වෙනස් කර තිබේ. මෙහි නවතම සම්මතය බවට පත්ව ඇත්තේ සමාජ දුරස්ථබාවයයි. ඒ කියන්නේ සමාජයේ ජීවත් වන්නන් අතර යම්කිසි  පරතරයක් තබාගෙන කටයුතු කිරීමයි.මෙය අප සියලු  දෙනා විසින් නොපිරිහෙළා සිදු කළ යුතුමය.  තම වාසස්ථානවලට වී සිටීම මෙන්ම හැකි තරම් අන් අයන්ගෙන් හිතින් නොව ගතින් ඈත් වී සිටීම   වයිරසය පැතිරීම පාලනය කිරීමට උපකාරී වන්නේය.   ඒ අතරම   අපගේ රෝහල්වලට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව අවම කිරීමද මේ තුළින්  සිදු වේ. ඉතින් අපි සියලු දෙනාටම අවශ්‍යවන්නේ රෝහල් නිසියාකාරව ක්‍රීයාත්මකවීම නිසා ඒවා බලා එන පිරිස අඩු කිරීමට හැකි අයුරින් සමාජ දුරස්තභාවය රැක ගත යුතුයි.

එය එසේ කීවද මනුෂ්‍යයන් ලෙස වඩාත් සමාජශීලි පිරිසක් වන  අප සැමට එසේ හුදෙකලාව ජීවත් වීම කොහොමටත් පහසු කාර්යයක් නොවෙයි.   එබැවින් අපි කෙසේද  සමාජයේ  මෙම පරතරයක් තබා ගනිමින් සමාජගත වන්නේ ? මේ සම්බන්ධයෙන්කාරණා කීපයක්  සලකා බැලිය හැකියි. (මේවා සකසා ඇත්තේ පොඩි ළමයින්ගේ හිතට එන කාරණා ශ ඒවාට ලැබෙන පිළිතුරු හැටියටයි).

ළමයින්ට එකතුවෙලා සෙල්ලම් කරන්න එක  දිනයක් වෙන් කරගන්න අඩුම තරමේ එකම එක යහළුවෙකු ගෙදරට ගෙන්නා ගන්න බැරිවෙයිද?

Pediatrics නම් සඟරාවෙහි පළ කරා තිබූ ළමා  රෝග විශේෂඥ වෛද්‍යයවරුන්ගේ  පරීක්ෂණයක වාර්තාවකට අනුව කුඩා ළමයින්ගෙන් 13% කිසිදු රෝගලක්ෂණයක් නොපෙන්වන ලෙස සමාජයේ සිටිති. එනම්, ඔවුන් COVID – 19 වයිරසයෙන් ආසාදනයට ලක් ව සිටි හැකි නමුත් කිසිදු රෝගලක්ෂණයක් නොපෙන්වන් බවයි. ඒ  ඔබ අවුරුදු ගනණාවක් ඇසුරු කරන, ඔබ  හොඳින් දන්නා ඔබේම අසල්වැසියාගේ දරුවායි. බැලූ බැල්මට හොඳ ශරීර සෞඛ්‍යයෙන් පසුවෙනවා.  එසේ වුවත්  අපට නොපෙනුණාට  ඒ ළමයාට පවා වයිරසය ශරීරගත වී තිබීමේ ඉඩකඩක් පවතී. එසේම ඒ දරුවා වයිරසය දැනටමත්  ආසාදනය වී තිබෙන පුද්ගලයන් හා සම්බන්ධකම් පවත්වා තිබිය හැකියි. ඉතින්,   අවාසනාවකට වගේ දැනට සෙල්ලම් දිනයකට  හෝ අසල්වැසි ළමයින් හා සෙල්ලම් කිරීමට ඉඩ ලබා දෙන එක වෛරසය පැතිරයාම වලක්වන්න රටේ අනික් අය ගන්නා ප්‍රයත්නවලට බාධාවක් වෙන්න පුළුවන්.

අදාළ රූපය

අපට රෝගය හැදිලා නැති නිසා අපේ ආතම්මා බලන්න ගියාට කමක් නැහැනේ?

මේකටත් ඉතින් කියන්න තියෙන්නේ බැහැ කියලා තමයි. වයස්ගත පුද්ගලයන් විශේෂයෙන් ඉක්මනින් රෝග වලට ගොදුරු වීමේ වැඩි අවදානමක් තියෙනවා. ඒ වගේම ඕනෑම පුද්ගලයකු මෙම වයිරසයේ වාහකයෙකු විය හැකිය. එබැවින්  මේ දවස්වල මිත්තනියගෙන් ඈත්වෙලා ඉන්න එක තම්යි හොඳ. ඉස්සර වුණත් බෝවෙන රෝගයක් හැදුනහම අපි ඔහොම ඈත්වෙලා ඉන්නවානේ. ඔබට ස්කයිප් තාක්ෂණය හරහා හෝ දුරකථන භාවිතයෙන් ඇය සමඟ සම්බන්ධ විය හැකියි. මුහුණට මුහුණ සම්බන්ධතාව වඩා හොඳ නිසා දුරකථන ඇමතුමකට වඩා යෝග්‍ය ස්කයිප් තාක්ෂණය යොදාගෙන සම්බන්ධ වෙන එකයි. එමෙන්ම  මිත්තනිය හොඳ සෞඛ්‍යයෙන් පසු වෙනවා නම්  නම් ඇයට තනිව කෙටි දුරක් ඇවිදින්න යන්න ස්කයිප් මගින්ම ඇය දිරිමත් කිරීම ඔබට සිදු කළ හැකියි. නමුත් ඇය නැවත නිවස ඇතුලට ආ විට හොඳින් අත් සේදීමටත්,  ඇවිදීම සිදු කරන අතරතුරදී  අනවශ්ය කිසිවක් අතපත නොගෑමටත්  වග බලාගත යුතුය.

එහෙමනම් මං යාළුවො එක්ක ඇවිදින්න යන්නම්? 

ඔබ සහ ඔබගේ යහළුවා කිසිදු රෝගලක්ෂණයක් නොපෙන්වයි නම් හෝ  අනෙකුත් සෞඛ්‍ය ගැටලුවක් නොමැති නම් හෝ එක්ව ඇවිදීමට යා හැක. නමුත්  මතක තබාගත යුතු දෙයක් නම්, දෙදෙනා අතර පරතරය අවම වශයෙන්  අඩි 6 ක් තරම්වත් විය යුතුය.එමෙන්ම ඕගොල්ලෝ කොයිවෙලාවක වත් වතුර බෝතල් හරි කනබොන දේවල් හරි වෙනත් දේවල් හරි හුවමාරු කර නොගත යුතු අතර එකිනෙකාට අයත් කිසිදු දෙයක් අතපත ගෑමෙන් වැළකිලා ඉන්න ඕන.  මම ත් මෑතකදී මාගේ අසල්වාසියෙකු සමග  ඇවිදින්න ගියා.  එය මෙම කාලයේ සමාජශීලි වීමට වෙන්න ලැබුණු හොඳ අවස්ථාවක්. ඒත්  අපි සෑම මොහොතකදීම අපට දන්වලා තියන  උපදෙස් පිළිපැදීමට වග බලා ගත්තෙමු.  එහිදී ද හැමවිටම අඩි 6 ක දුරස්ථ බවක් තබා ගත්තෙමු. අප අනුගමනය කළ ක්‍රියා පිළිවෙත් හරහා එකිනෙකාට නිරාවරණය වීමද අවම විය.      (මේ අන්දමට ආරක්ෂිත පියවර අනුගමනය කරමින් වුවත් මෙවැන්නකට ඉඩ ලබා ගතයුත්තේ නිවසින් පිටතට යාමට බලධාරීන් ඉඩ ලබාදෙන අවස්ථාවක පමනකිසංස්කාරක)

එහෙමනම් මම කොහොමද සමාජයීය වශයෙන් අන්තර්ක්‍රියා කරන්නේ?

අතීතයේ තිබුණු භයානක වසන්ගත වන 1918 ස්පාඤ්ඤ සෙම්ප්‍රතිෂ්‍යා උණ,පෝලියෝ වැනි වසංගත පැතිර ගිය කාලවල් වල  මෙන් නොව, වර්තමානයේ දී අප සතුව පවතින උසස් තාක්ෂණය හරහා අපට රිසි සේ තොරතුරු සන්නිවේදනය කළ හැක. තාක්ෂණය ඔස්සේ සමූහ සාකච්ඡා පැවැත්වීම මෙන්ම තම රාජකාරි සගයන් සමග මුහුණට මුහුණ ලා කතා කරමින් ඔවුන්  හා සම්බන්ධ  විය හැක.මෙම සන්නිවේදන ක්‍රමය සමාජ අන්තර්ක්‍රියා වර්ධනය  සදහා ඉතා හොද  වැදගත් ප්‍රවේශයක් සපයන අතර මේ හරහා ඔබගේ තනිකම, පාලුව අවම කරගත හැක. ඩිජිටල් තිරයක් හරහා වුවද තම සගයන්, පවුලේ සාමාජිකයන් සම්මුඛව ඇමතීම ඉතාහොද විශ්මයජනක අත්දැකීමකි.

සමාජයීය වශයෙන් හුදකලාවීමපාලුව හා තනිකම යන හැගීම් අවම කර ගැනීම  උදෙසා අපට වෙන ගත හැකි ක්‍රියා  මාර්ග කවරේද  ?

මෑතකදී සිදු කරන ලද පර්යේෂණයකට අනුව සමාජයේ අන් පුද්ගලයන්ට තමන් සතු අනුකම්පාව, දයාව දැක්වීම තුළින් මෙම සමයේදී මානව සබදතා වර්ධනය කරගත හැක. මෙම සමයේදී ආපනශාලා, හෝටල්, කුඩා සිල්ලර කඩ වැනි ව්‍යාපාර හදිසියේම වසා දැමීම නිසා අසරණ වූ බොහෝ ජනතාවක් මෙන්ම එම තත්ත්වයන් නිසා රැකියාවන් අහිමි වූ බොහෝ පිරිස් ද සමාජයේ සිටීති. එමෙන්ම හදිසියේම පාසල් වසා දැමීම නිසා  (එක්සත් ජනපදයේ) සෑම පවුල් 4 න් 1 ක තම දරුවන්ට පාසලෙන් හිමි වන දහවල් ආහාරය නැතුව යාම   හේතුවෙන් ඔවුන්ට එම ආහාර වේල සපයා දීමේ අභියෝගය මුහුණ පා ඇත. ඔබට හා ඔබගේ අසල්වාසීන් හා එක්ව මෙවන් අසරණතාවට පත් වූ ජනයාට උපකාර කළ හැක.  (නිවසින් බැහරව යාමට අවසර ලද විටක) වෙළඳ පොළට ගොස්  හෝ (නිවසේ සිටම ඇණවුම් කර ගෙන්වා ගන්නේ නම්) හෝ  ඔවුන් සදහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආදිය කොටසක් ඔවුන් අතර බෙදා දීම සිදු කළ හැක. අනුන් කෙරෙහි ඇති කරුණාව ඔවුන්ට කෙරෙන උපකාරයක් පමණක්ම නොව ඒ හරහා ඔබටද සතුටක්, සැනසීමක් ද ගෙන දෙන්නකි.

මෙසේ සමාජයේ පරතරයක් තබාගෙන කටයුතු කිරීම හෙවත් දැන් කවුරුත් කියන්නා වාගේ සමජ දුරස්ථභාවය හුදෙකලා වීමක් ලෙස දැනුනද, ඉහත සදහන් කළ ක්‍රම හරහා මෙය අවම කරගත හැක. මෙම අසීරු අවස්තාවේ මෙලෙස සිටීම අපහසු යයි ඇතැම්විට දැනුනද   අපි අපගේ යුතුකමක් ලෙස සළකමින්  අපගේ මෙන්ම අන් අයගේ ජීවිත රැකගැනීම උදෙසා (ඉහත කී) උපදෙස් පිළිපදිමින් අපගේ උපරිම දායකත්වය සැපයිය යුතුය.

 

WebMD Doctors Blog හි පළ වූ Staying Social During Social Distancing (by hansa D. Bhargswa, MD Board-certified pediatrician) යන ලිපිය  ඇසුරෙන් thathu.com වෙනුවෙන්  සකස්   කළේ  කුසල් සෙනරත් බණ්ඩාර 

3 Responses to “සමාජ දුරස්ථභාවය රකිමින් සමාජශීලි වීම”

Supindu Rathnayaka වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: