හරිදේ හරිහැටි දැනගෙන ක්‍රියාත්මකවන්න
කොවිඩ් 19 කියන්නේ නව රෝගයක්. ඒ නිසා දරුණු රෝග තත්ත්ව ඇතිවීමේ අවදානම් සාධක ගැන තිබෙන තොරතුරුත් සීමිතයි. වර්තමානයේ ලබා ගත හැකි තොරතුරු සහ සායනික විශේෂඥතාව පදනම් කරගනිමින් සළකා බලන විට බරපතළ වෛද්‍ය තත්ත්වයක් ඇති ඕනෑම වයසේ ජනතාවක් සහ වයස් ගත වැඩිහිටියන් කොවිඩ් 19 බරපතල රෝගී තත්ත්වයට පත්වීමේ ඉහල අවදානමක පසුවෙනවා.
අද වන තෙක් ලබාගත හැකි තොරතුරු අනුව එලෙස බරපතල රෝගී තත්ත්වයට පත්වීමේ ඉහළ අවදානමක් සහිත පුද්ගලයන් වශයෙන් දැනට සැලකෙන්නේ:
- වයස අවුරුදු 65 ක් හෝ ඊට වැඩි පුද්ගලයන්.
- සාත්තු නිවාසයක හෝ දිගුකාලීනව රැක බලා ගන්නා ස්ථානයක රැඳී සිටින අය
- අනෙකුත් ඉහළ අවදනාමක් සහිත තත්ත්වයන්ගෙන් පෙළෙන අය අතරට
- නිදන්ගත පෙනහළු රෝගවලින් පෙළෙන්නන් සහ මැදි හෝ උග්‍ර ඇදුම රෝගී තත්ත්වයෙන් පෙළෙන්නන්
- බරපතල හෘදරෝගාබාධයන් ඇත්තන්
- පිලිකාරෝග ප්‍රතිකාර ගන්නන් ඇතුළු ප්‍රතිශක්තිය ගැන ගැටලුවලට මුහුණ දී සිටින අය
- අධික තරබාරුකමින් හෙවත් ස්ථුලත්වයෙන් පෙළෙන(ශරීර ස්කන්ධ දර්ශය 40ට සමාන හෝ වැඩි) ඕනෑම වයසක පුද්ගලයන්. මෙයට අමතරව දැන්ටමත් ඇතැම් වෛද්‍යමය තත්ත්වයන් ගෙන් යුතු නම් විශේෂයෙන්ම නිසි පාලනයකින් තොර දියවැඩියාව, වකුගඩු අකර්මන්‍යවීම, හෝ අක්මා රෝග වැනි රෝග සහිත නම් එවැනි අය අවදානමට ලක්විය හැකිය.
- (වෙනත්) දරුණු වෛරස රෝගවලින් අවදානමක් එල්ලවන හෙයින්, ගර්භනී බවින් යුතු අය ගැනද දිගටම විපරමින් පසුවීම වැදගත්ය. කෙසේ වෙතත් අද වන තුරු කොවිඩ් 19 ගැන ඇති දත්ත අනුව ගර්භනී මාතාවන්ට ඉන් අවදානම වැඩි වූ බවක් පෙන්නුම් නොකරයි.
පිළිකා රෝග ප්‍රතිකාර, දුම්පානය, ඇට මිදුලු සහ අනෙකුත් අවයව බද්ධකිරීම, ප්‍රතිශක්ති ඌනතා නිසියාකාරව පාලනය නොකරුණු HIVහෝ AIDS කෝටිකොස්ටෙරොයිඩ (corticosteroids=ප්‍රදාහයට ප්‍රතිකාර පිණිස යොදාගන්නා ස්ටෙරොයිඩ හෝමෝන කාණ්ඩයක්) සහ ප්‍රතිශක්තිය හීන කරවන අනෙකුත් ඖෂධ දීර්ඝ කාලයක් තිස්සේ භාවිත කිරීම ඇතුළුව බොහෝ තත්ත්වයන් පුද්ගලයෙකුට ප්‍රතිශක්තිය සම්බන්ධ ගැටලු ඇති කරවිය හැකිය.
මෙවැනි අය ගත යුතු ක්‍රියාමාර්ග :
- නිවසටම වී සිටින්න.
- නිතර නිතර අත් සෝදන්න.
- සෙස්සන් සමීපයේ නොසිටින්න (අඩි හයක් නැතිනම් අතේ දුර දෙකක් ඈතින් සිටින්න) මෙම උපදේශය රෝගී මෙන්ම රෝගී බවක් නොපෙනෙන අයටද අදාළ වේ.
- නිරතුරුව අතපාත ගාන මතුපිටවල් නිරතුරුව සේදීම හා විෂබීජහරණය සිදු කරන්න.
- හැකිතාක් දුරට ගමන් බිමන් නවතා දමන්න. සමීපයේ සිටිමින් ගමන් කිරීම කොහොමටත් අයෝග්‍යයයි.
- ඔබට (හෝ පවුලේ කෙනෙකුට) කොවිඩ් 19 ගැන සැකයක් ඇත්නම් වහාම සෞඛ්‍ය බලධාරීන්ට දුරකථනයෙන් දැනුම් දෙන්න.
ඇදුම රෝගීන්
ඇදුම රෝගයෙන් පෙළෙන පුද්ගලයෝ කොවිඩ් 19න් බරපතල ලෙස රෝගාතුරවීමේ අවදානමට මුහුණපාති. මේ වෛරසයට ඔබේ ශ්වසන පථය (නාසය, උගුර හා පෙනහළු) කෙරෙහි බලපෑමට හැකිය. ඇදුම සෑදීමට සහ ඇතැම් විට නියුමෝනියාවට හෝ උග්‍ර ශ්වසන රෝගවලට මගපෑදිය හැකිය.
මෙවැනි පුද්ගලයන්ට කළ හැකි දේ
ඇදුම රෝගය සඳහා ඔබට ලබාදෙන ප්‍රතිකාර ඒ දක්වන ආකාරයටම පිළිපදින්න. ඇදුම සඳහා යොදා ගන්නා ඉන්හෙලර් (inhalers) ඇතුළුව වට්ටෝරුගත බෙහෙත් ප්‍රමාණවත් තොගයක් ළඟ තබාගැනීම ගැන සෞඛ්‍ය සේවා සපයන්නන්, ෆාමසි සහ වෙනත් අවශ්‍ය අය දැනුවත් කර සහාය ලබාගන්න. දින ගණනාවක් එක දිගට නිවසට වී ගතකිරීමට සිදු වුවහොත් භාවිත කිරීමට වට්ටෝරු සහ වට්ටෝරු නොවන ද්‍රව්‍ය ප්‍රමාණවත් තොග සපයා ගන්න.
ගර්භනී මාතාවන්
සාමාන්‍ය ජනතාව හා සසඳන විට, කොවිඩ් 19 වෛරසයෙන් ගර්භනී මාතාවන් රෝගාතුරවීමේ වැඩි අවස්ථාවක් තිබේද යන්න සහ ගැබ්ගත් කාන්තාවන්ට කොවිඩ් 19 වෛරසයෙන් ඇති අවදානම සහ එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ බරපතළ ලෙස රෝගාතුරවේද යන්න ගැන (විද්‍යාඥයන්ට) වර්තමානයේ ප්‍රමාණවත් දැනුමක් නැත.
කාන්තාවක් ගැබ්ගත් විට ඇයගේ සිරුරේ ඇතිවන විපර්යසයන් හේතුවෙන් සමහර ආසාදනයන් සම්බන්ධයෙන් ඇති අවදානම වැඩිවේ. කොවිඩ් 19 අයත් කුලයේ වෛරස සහ ඉන්ෆුලුවැන්සාව වැනි අනෙකුත් වෛරසමය ශ්වසන ආසාදනයන්ගෙන් ගර්භනී මාතාවන් බරපතළ රෝග තත්ත්වයන් වර්ධනය වීමේ ඉහළ අවදානමකට මුහුණදීමට සිදුවී තිබේ. ගර්භනී අවස්ථාවේ කොවිඩ් 19 වැළදීමෙන් ගබ්සාවීමක් ඇතිවීමේ අවස්ථා වැඩිවේ ද යන්න ගැන තවමත් අධ්‍යයන සිදුකර නැත. (එසේ වැඩිවේ යයි කිසිවෙකු හඟවන්නේ නම් ඒ සාක්ෂි මත පදනම්ව නොවේ).
එහෙත් වෙනත් ආසාදනවලින් එවැන්නක් සිදුවිය හැකිය. 2002-2003 සාර්ස් (SARS) වසංගතයේදී එම වෛරසය වැළදුණු කාන්තාවන්ට ගබ්සාවක් සිදුවීමේ මදක් වැඩි අවදානමක් තිබුණද එසේ වූයේ ඔවුන් බරපතළ ලෙස රෝගාතුර වූ විට පමණකි. ගර්භනී අවස්ථාවේ ඉන්ෆ්ලුවැන්සාව වැනි ශ්වසන වෛරස ආසාදන වැලදීම (උපදින දරුවාගේ) බර අඩුවීම හා නියමිත දිනට පෙර විලිරුදා හෝ උපත් ඇතිවීම අතර සම්බන්ධකම් නිරික්ෂණය වී ඇත. ගර්භනී අවස්ථාවේ අධික උණ හට ගැනීමෙන් ඇතැම් දරු උපත් අඩුපාඩු ඇතිවීමේ අවදානම වැඩිවීමට ඉඩ ඇතත් සමස්තයක් වශයෙන් ගත් කළ එවැනි අඩුපාඩු පහළ මට්ටමක පවතී.
ගර්භනී මාතාවක් කළ යුතු දෑ
ආසාදනය වළක්වා ගැනීම සඳහා ගර්භනී ස්ත්‍රීන් ද සිදුකළ යුත්තේ පොදු මහජනතාව අනුගමනය කළ යුතු දේවල්මය.
- කහින විට මුව වසා ගැනීම (අත නවා වැලමිට තබා ගැනීම හොඳ උපක්‍රමයකි.)
- රෝගී අයගෙන් ඈත්ව සිටීම.
- ජලය සහ සබන් හෝ මද්‍යසාරය පාදක සැනිටයිසර යොදා ගනිමින් අත්සේදීම සිදුකිරීමෙන් කොවිඩ් 19 වෛරසය පැතිරයාම වැළැක්වීමට ගර්භනී මාතාවන්ට ද සහාය විය හැකිවේ.
කොවිඩ් 19 හේතුවෙන් ගර්භනී අස්ථාවේ ප්‍රශ්න ඇතිවේද යන්න ගැන හෝ උපතින් පසු බිළිදාගේ සෞඛ්‍යය කෙරෙහි කෙරෙහි බලපෑමක් ඇති කරාවිද යන්න ගැන මේ මොහොත වන විට තවමත් විද්‍යාඥයන් සතුව නිශ්චිත අවබෝධයක් නොමැත. දිගටම තතු කියවන්න. මේ හා සම්බන්ධ තොතරතුරු යාවත්කාලීන කෙරුණු පසු ඒ විස්තර අපි ඔබට ගෙන එන්නෙමු.
ඇමරිකාවේ රෝග පාලනය හා වැළැක්වීමේ කේන්ද්‍ර(Centers for Disease Control and Prevention – CDC ) සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ(World Health Organization WHO) වෙබ් අඩවි ඇසුරෙනි