වසංගතය පැතිරෙද්දී ළමුන් රැකබලාගැනීම – II කොටස

Posted by

හරිදේ හරිහැටි දැනගෙන ක්‍රියාත්මකවන්න

කොරෝනා වෛරසය නිසාවෙන් වැඩිහිටියන්ගේ මෙන්ම ළමුන්ගේ ජීවිත ද අවුල් කර දමා ඇත. පාසල් වසා දමා ඇත, වසංගතය තවදුරටත් පැතිරයාම වළක්වනු පිණිස බලධාරීන් දක්වන සෞඛ්‍ය උපදෙස් එලෙසම පිළිපදමින් දරුවෝත්, වැඩිහිටියෝත් නිවෙස් වෙලටම කොටුවී සිටිති. නැතිනම් ස්වයං නිරෝධානයට ලක්වෙති. කොටුවි, හිරවී ගෙවන ජීවිතය පහසු එකක් නොවේ. එය, ළමුන්ට මෙන්ම වැඩිහිටියන්ට ද වෙහෙසකර එකකි. මෙහි ඇත්තේ, වත්මන් තත්ත්වය හමුවේ පිළිපැදිය හැකි උපදෙස් එකතුවකි. අපගේ මෙන්ම අන් අයගේ ජීවිත අවදානමට හෙළන්නේ නැතුව රටක් ලෙස කොරෝනා අභියෝගය ජය ගැනීමට දරන ප්‍රයත්නයන්ට දායක වෙමින් අප කවුරුත් අපේ යුතුකම් ඉටුකරමු. thathu.com ගෙන එන මෙම ලිපියේ මුල් කොටස ඊයේ පළවිය

දරුවන් සෞඛ්‍ය සම්පන්නව තබාගන්න
දරුවා කිසියම් රෝග ලක්ෂණයක් පෙන්නුම් කරනවාදැයි සැලකිලිමත් වන්න
· ඔබේ දරුවා COVID-19 රෝග ලක්ෂණවලට සමාන (කැස්ස,හුස්මගැනීමේ අපහසුව වැනි) රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා නම් ඒ පිළිබඳව ඔබේ වෛද්‍යවරයා දැනුවත් කර දරුවා පවුලේ අන් අයගෙන් වෙන් කරමින් නිවසේ රඳවාගන්න. මේ සඳහා COVID-19 වෙබ් අඩවියේ දී ඇති උපදෙස් මාලාව මෙතනින් කියවන්න පුළුවන:- ඔබට රෝගය වැළඳුනොත් කළ යුත්තේ මොනවාද

Helping Children Cope With Stress During the 2019-nCoV Outbreak ...

ඔබේ දරුවා මානසික ආතතියකින් පසුවෙනවාදැයි සැලකිලිමත් වෙන්න
· ඔබ අවධානය යොමු කළයුතු ලක්ෂණ කිහිපයක් අතර දරුවා අධික බියකින් හෝ කණගාටු ගතියෙන් පසුවීම, ආහාර ගැනීමේ සහ නිදාගැනීමේ සෞඛ්‍යාරක්ෂීත නොවන රටා, අවධානය යොමුකිරීම දුෂ්කර වීම ආදිය දැක්විය හැකියි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා CDC වෙබ් අඩවියේ “For parents” (දෙමාපියන් සඳහා) කොටසේ Manage Anxiety and Stress (මානසික ආතතිය සහ සාංකාව සමනය කරගැනීමට) අදාල උපදෙස් කියවන්න.
· ළමා වියේ හෝ යොවුන් වියේ පසුවන ඔබේ දරුවාට පැතිර යන COVID-19 වසංගත තත්ත්වය ගැන පැහැදිලි කර දීමට වෙලාවක් වෙන් කරගන්න. කුඩා දරුවන්ට හෝ නව යෞවනයන්ට අවබෝධ කරගත හැකි වන අයුරින් සරලව ඔවුන්ගේ ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමටත්, කරුණු දැක්වීමටත් උත්සහ කරන්න.
· CDC වෙබ් අඩවිය වෙත පිවිස Helping Children Cope with Emergencies (හදිසි අවස්ථාවකට සාර්ථකව මුහුණදීම සඳහා දරුවන්ට සහය වීම) හෝ Talking with Children About COVID-19  COVID-19 ගැන දරුවන්ට කියාදෙන්නේ කොහොමද) කියන උපදෙස් මාලා කියවීමෙන් මේ පිළිබඳව වැඩිදුරටත් දැනුවත් වෙන්න පුළුවන්.


යහපත් සෞඛ්‍ය පුරුදු කියාදෙන්න, ඒවා පිළිපැදීමට දරුවන් යොමු කරන්න
· දරුවන්ට නිවැරදිව අත් සෝදන්නට කියා දීම දෙමාපියන්ට සහ භාරකරුවන්ට පැවරුණු සුවිශේෂී වගකීමක්. දෑත් සේදීම මගින් ඔවුන්ට නිරෝගීව පවතින අතරම වෛරස් ආසාදනය අන් අයට ව්‍යාප්ත වීම වලක්වාගත හැකි බව ඔවුන්ට පැහැදිලි කරදෙන්න.
· දරුවන්ට යහපත් ආදර්ශයක් සපයන්න- ඔබ නිරතුරුවම දෑත් සෝදනවා නම් ඔවුන් ඔබව අනුගමනය කරාවි.
· දෑත් සේදීම පවුලේ ක්‍රියාකාරකමක් බවට පත්කරගන්න.
දරුවාට ක්‍රියාශීලීව සිටීමට උදව් වෙන්න
· ගෙවත්තේ, එළිමහනේ සෙල්ලම් කිරීමට ඔබේ දරුවාව දිරිමත් කරන්න- එය කායික හා මානසික සෞඛ්‍ය රැකගැනීමට උපකාරී වෙනවා. (සෞඛ්‍ය අධිකාරීන් සහ ඊට අනුකූලව පොලීසිය නිකුත් කරන උපදෙස් වලට පටහැනි නොවන අවස්ථාවල) ඔබේ දරුවා කැටුව ඇවිදීමට හෝ බයිසිකල් පැදීමට යන්න.
· නිවස තුළදීත් ඒකාකාරී බව අවම කරගැනීම සඳහා ව්‍යායාම කිරීමට, නර්තනයේ යෙදීමට ඔවුන්ට අවස්ථාව දෙන්න. එසේ කිරීම ඔවුන්ට සෞඛ්‍ය සම්පන්නව සිටීමටත්, අධ්‍යයන කටයුතු සඳහා අවධානය යොමු කරවීමටත් උපකාරී වෙනවා.


දරුවාට සමාජශීලී වෙන්න අවස්ථාව සලසා දෙන්න
· දුරකථන ඇමතුම් හෝ වීඩියෝ ඇමතුම් හරහා පවුලේ ඥාතීන් හා හිතවතුන් සමග සම්බන්ධ වෙන්න.
· ඔවුන්ට මුණගැසිය නොහැකි නිසා ඥාති මිත්‍රාදීන්ට සුබපැතුම්පත් හෝ ලිපි ලියන්න
· දරුවාගේ පාසල හෝ වෙනත් පිළිගත් අවකාශයක් හරහා ඔබේ දරුවගේ සමාජීය හා චිත්තවේගීය අවශ්‍යතා සපුරාදීම ගැන වැඩිදුරටත් දැනුවත් වෙන්න පුළුවන්.

වයෝවෘද වැඩිහිටියන් සහ බරපතල නිධන්ගත රෝගවලින් පෙළෙන අය සමග ඇසුර සීමා කරන්න
COVID-19 ආසාදනය හේතුවෙන් රෝගී වීමේ වැඩිම අවදිනමකට මුහුණ පා සිටින්නේ වයෝවෘද වැඩිහිටියන් සහ නිධන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන්.
· COVID-19 ආසාදනය හේතුවෙන් බරපතල ලෙස රෝගී විය හැකි අය ඔබේ පවුලේ සිටිනවා නම් ඔබේ දරුවාගෙන් ඔවුන්ව වෙන්කර තබාගැනීමට විශේෂ විධිවිධාන සලසන්න.
· පාසල් වසා ඇති කාලසීමාව තුළ ඔබට දරුවා රැකබලාගැනීමට නිවසේ රැඳීමට හැකියාවක් නැත්නම් දරුවාට රැකවරණය සපයන පුද්ගලයා තෝරාගැනීමේදී සැලකිලිමත් වෙන්න. දරුවා රැකබලාගන්නේ වැඩිහිටි ඥාතියෙක් හෝ නිධන්ගත රෝගයකින් පෙළෙන පුද්ගලයෙකු නම් දරුවා බාහිර සමාජයට නිරාවරණය වීම සීමා කරන්න.
· වැඩිහිටි ඥාතීන් බැලීමට යාම පසුවට කල් දමන්න. ඔවුන් සමග සබඳතාව පවත්වාගෙන යාමට ලිපි ලිවීම වැනි විකල්ප ක්‍රමවේදයක් යොදාගන්න.

[සැ.යු. මෙම ලිපියෙහි මුල් ඉංග්‍රීසි පිටපතේ ඇත්තේ මූලිකවම එක්සත් ජනපද වාසීන් අරමුණු කරගත් උපදෙස්ය. ඒවායේ යම් ආකාරයකින් අප රටේ රජය හා සෞඛ්‍ය අංශ වර්තමානයේ ලබාදෙන උපදෙස් වලට පටහැනි හෝ වෙනස් බවක් දැක්වෙන උපදේශ අඩංගු නම් අවශ්‍යයෙන්ම පිළිපැදිය යුත්තේ රජය හා සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් බව කරුණාවෙන් සලකන්න- සංස්කාරක]

 

එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළක්වීමේ කෙන්ද්‍ර(CDC) වෙබ් අඩවිය ආශ්‍රයෙන් තතු(thathu.com) කණ්ඩායමේ අරුන්දි ජයසේකර විසින් සම්පාදිතයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.