කොවිඩ් – 19 ගැන අතථ්‍ය තොරතුරු වෛරසය තරමටම භයානක විය හැකිය

Posted by

 

හරිදේ හරිහැටි දැනගෙන ක්‍රියාත්මකවන්න

කොරෝනා වෛරසය එකවර මහා වසංගත දෙකක් ලොව පුරා මුදාහැර තිබෙනවා. ඒ වසංගත දෙක, එකිනෙක සවිබල ගන්වනවා. මුදාහැර ඇති වසංගත එකක් ජීවවිද්‍යාත්මකය: එනම් වයිරසයමයි. ඒ වගේම අනෙක් වසංගතය සමාජ විද්‍යාත්මකයි: එනම් අතථ්‍ය තොරතුරුයි.

අතථ්‍ය තොරතුරු වලින් සන්නද්ධ වන පුද්ගලයන්, අන්තරාදායක කූඨ පිළියම් ලබා ගැනීමෙන්,  හිස් නැතිනම් ව්‍යාජ විශ්වාසයන් ප්‍රදර්ශනය කිරීමෙන් සහ පොදු ජනයාට සිදුවන හානිය අවම කිරීම සඳහා සැලසුම් කර ඇති නිල මාර්ගෝපදේශ ගැන සැක සංකා පළ කිරීමෙන් ද තමන් මෙන්ම සෙසු අය ද අවදානමට ලක්කරනවා.

මේ තත්ත්වය පාලනය කර ගැනීම සඳහා සමාජ මාධ්‍ය සමාගම් ඔවුනට ඉටුකළ හැකි සියල්ලක්ම නොපිරිහෙලා ඉටු කළ යුතුය. මෙය  කලක සිටම දිගින් දිගට  ඔවුන්ගෙන් ඉල්ලා සිටිනු ලබන ප්‍රබල ආයාචනයකි. ඔවුන් එසේ නිසි පියවර ගත යුත්තේ හුදෙක් ව්‍යාපාරයේ අභිවෘද්ධියට හානිකර විය හැකි නිසාම නොවේ: අති විශාල මිනිස් ජීවිත සංඛ්‍යාවක් අනතුරට හෙලන නිසාවෙන් එය මූලිකවම සදාචාරාත්මක ප්‍රශ්නයක් බවට පත්වන හෙයිනි.

ව්‍යාජ පිළියම් සහ කොවිඩ් 19  5G කුළුණු හේතුවෙන් හටගත්තේය යන්නේ සිට නවලෝක පද්ධතියක් පිළිබඳ (වෙනත් රටකට ඇඟිලි දික් කරන්නාවූ ) ව්‍යාජ සිද්ධාන්ත දක්වා අතථ්‍ය තොරතුරු පතුරවන සියදහස් ගණනින් සාමාජිකයන් ඒකරාශිකරණ මුහුණුපොතේ කණ්ඩායම් මෙන්ම මිලියන ගණනින් දායකයන් එකතු කරගන්නා YouTube චැනල ගැන පර්යේෂණ වලින් දැක්වේ. මේ පෝස්ටු විපරිත, විකාරරූපී ඒවා පමණක් නොව ඒවා අනතුරු කැඳවන්නට ද සමත්ය. මන්ද කීවොත් මාරාන්තික කොරෝනා වෛරසය පැතිරයාම අඩු කරගැනීම සඳහා අපට කළ හැකි දේ ගැන නිල නිර්දේශවලට සවන් දීම වැදගත්ම වී ඇති අවස්ථාවක මේ පෝස්ටු රජයේ උපදෙස් ගැන අපේ තිබෙන විශ්වාසය අඩු කරන හෙයිනි.

එහෙත් සමාජ මාධ්‍ය සමාගම මේ සම්බන්ධ ක්‍රියා මාරග ගැනීමට  මන්දගාමී වීමෙන් පැහැදිලි වන්නේ හුදෙක් අපට බලයක් නැතැයි යන්න නොවේ. එසේ නොව ඇත්තටම අපට කළ හැකි යමක් වේ නම් කළ යුත්තේ අප සියල්ලම එකට එක්වී වගකීම බාර අරගෙන අතථ්‍ය තොරතුරු වපුරා හැරීමට එරෙහිව එක්තැන් වීමට ඇති හදිසිය තව තවත් වැඩි කිරීමයි. හරියටම රෝගය පැතිරයාම වැළැක්වීමට ජනයා ඒකරාශී වන්නාක් මෙනි. “වෛරසය පතුරවන්න එපා” යනුවෙන් අප දක්වන නිවෙදනයන් ගෙන් සරලව හඟවන්නේ අතථ්‍ය තොරතුරු  රැල්ල ආපස්සට හැරවීම පිණිස උපයෝගී කර ගැනීමට සැමදෙනාටම  එකට එක් වී ක්‍රියාත්මක කළ හැකි පියවර මෙන්ම යොදා ගත හැකි මෙවලම් ගැන කල්පනා කළ යුතුය යන්නයි.

අප කළ යුතු දේ

ප්‍රථමයෙන්ම කිව යුත්තේ ඔබ Facebook, Twitter,  WhatsApp  හෝ  වෙනත් මාර්ගගත අවකාශයන් හි දී අසත්‍යය කාරණා දුටුවොත් ඒ හා සම්බන්ධ වන්න එපා. වෙනත් අය සමග බෙදා හදා ගැනීමට හෝ (පළ කර ඇති අසත්‍යයට එරෙහි කරුණු දැක්වීමට වුණත්) කමෙන්ට් කිරීමට යන්න එපා. සමාජ මාධ්‍ය ක්‍රියා කරන ආකාරය අනුව අප යම් අයුරකින් පෝස්ටු සමඟ අන්තර්ක්‍රියා කළොත් එය තව තවත් ජනප්‍රිය වීමට උපකාරී වීමයි.

පෝස්ටුව තමන් දන්නා අයෙකුගේ නම් අතථ්‍ය තොරතුරු දැමීමේ ආදීනව ඒ තැනැත්තාට හෝ තැනැත්තියට විනීතව පහදා දෙමින් එම පෝස්ටුව ඉවත් කරගන්නා ලෙස පෞද්ගලික පණිවිඩයක් යවන්න. අතථ්‍ය සහිත අන්තර්ගතය පළවී තිබෙනු ඔබ දුටු (Facebook,Twitter, WhatsApp ආදී වශයෙන්) කරළියට ඒ බව වාර්තාකර  එය ඉවත් කරගන්නැයි ඉල්ලා සිටිමේ අයිතිය ඔබට ඇත. අවසාන වශයෙන් කිව යුත්තේ මෙකී ‘වල්පල්’ වෙනුවට නිල වෛද්‍යමය නැතහොත් සෞඛ්‍යමය තොරතුරු බෙදා හදා ගැනීමෙන් අපට අතථ්‍ය තොරතුරු යට කර දැමිය හැකි බවයි. සමාජ මාධ්‍ය යනු හුදෙක් සංඛ්‍යාමය ක්‍රීඩාවකි.  (නිල මූලයන් වන) රජය, ජාතික සෞඛ්‍ය සේවාව සහ වෙනත් විශේෂඥයන් නිකුත් කරන උපදෙස් පමණක් වැඩි දෙනෙකු විසින් බෙදාහදා ගනු ලැබීමෙන් සහ අතථ්‍ය තොරතුරු නොතකා හැරීමෙන් ව්‍යාජ උපදේශයට වඩා නිවැරදි තොරතුරු වැඩි පිරිසක් අතරට යැවේ. මෙය ඒතරම්ම සරළ ක්‍රියාවකි.

ලොව පුරා මිලියන ගණන් ජනතාව නොඉවසිල්ලෙන් බලා සිටින්නේ මේ මහා වසංගතය අවසන් වී කවදා ජීවිතය සාමාන්‍ය අතට පත්වේ දැයි නොදැන විමතියෙනි. ආපසු වැඩට යන්නේ කවදාද? නෑසිය මිතුරන් හමුවේ මුඛ ආවරණ පැළඳ නොගෙන අඩි හයක් දුරින් නොසිට යළි සෙනහසින් බදා වැළඳගෙන  සතුටු සාමිචියේ යෙදෙන්නේ කවදාද? මේ සියල්ලන්ටම වඩා තමන් සහ තම තමන්ගේ පවුල් වල අය පණනල බේරාගෙන ඉදිරියට යන්නේ කෙසේද යන්න කාගේත් හදවතේ තැන්පත්ව ඇති බලාපොරොත්තුවකි.

සියලු බලාපොරොත්තු ඵල දරන්නේ අප ජීවවිද්‍යාත්මක පැතිර යාම සහ සමාජ විද්‍යාත්මක පැතිර යාම යන වසංගත කෙතරම් දුරට පාලනය කර ගැනීමට අප සමත් වන්නේ ද යන්න මත ය. සමාජ මාධ්‍ය සමාගම් ක්‍රියා කිරීමට මැලිකමක් දක්වන්නේ නම් වෛරස වර්ග එකක් නොව දෙකම පැතිරයාම වළක්වා ගැනීමට අප සැවොම එකට එක්ව ඉදිරිපත් වෙමින් ක්‍රියා කළ යුතුය.

 

The telegraph හී පළවූ   Covid-19 misinformation can be as dangerous as the virus itself – we must mobilise to stop its spread යන ලිපිය ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.