හරිදේ හරිහැටි දැනගෙන ක්‍රියාත්මකවන්න
කොරෝනා වෛරසයෙන් ඔබ කොපමණ නම් ලෙඩ වෙයි ද? මෙයට පිළිතුර බාගදා ඇත්තේ ඔබේ ජාන වල විය හැකිය.
නව කොරෝනා ගෝලීය වසංගතය මගින් ඇතිවන කොවිඩ් 19 පුදුමාකාර ලෙස ඒ වගේම ඛේදනීය ලෙස වරණාත්මක යි. ඒ කියන්නේ වෛරසය ක්‍රියා කරන්නේ (පුද්ගලයින්) තෝරා බේරාගෙන බවකි. වෛරසය ආසාදනය වීමෙන් රෝගීන් මිය යන්නේ සමහරක් දෙනාය. එලෙසම, දරුණු රෝගී තත්ත්වයට පත්වන්නේ වැඩිකොට වයස්ගත අය හෝ හෘදයාබාධ වැනි සංකීර්ණ සෞඛ්‍ය ගැටලු සහිත අය වුවද මේ රෝගයෙන් මියගිය ඇතැමුන් කලින් මනා සෞඛ්‍යය පසු වූ සහ සාපේක්ෂව තරුණ අය පවා වේ. (කොවිඩ් – 19 හේතුවෙන් ස්‍රී ලංකාවෙද මෙවැන්නෙක් මිය ගියේය. – පරිවර්තක) මේ අබිරහස පැහැදිලි කිරීමට ඉවහල්වන DNA විචලනයන්(DNA variations) සෙවීම පිණිස පර්යේෂකයෝ රෝගීන්ගේ ජෙනෝම පරීක්ෂා කර බලති.
මෙම පර්යේෂණ ප්‍රතිඵල බරපතළ රෝගාබාධයන්ට ලක් වීමේ අවදානම වඩාත්ම ඇති පිරිස මෙන්ම ආරක්ෂාව ඇත්තේ කුමන අයට ද යන්න හඳුනා ගැනීමට යොදාගත හැකි අතර නව ප්‍රතිකාර සෙවීමේදී මාර්ග උපදේශ දැක්වීමටද ඒවාට හැකිවනු ඇත.
මේ සම්බන්ධ ව්‍යාපෘති යම් පරාසයක් තුල ක්‍රියාත්මක වේ. දැන් කොරෝනා වෛරසයෙන් ආසාදනයට පත් වන බොහෝ දහස් ගණනක සහභාගී වන්නන්ගේ DNA පිළිබඳව දැනටමත් අරඹා ඇති අධ්‍යනන්යන්ගේ සිට ඉතාලියේ වැනි තද බල බලපෑම් සහිත ප්‍රදේශවල කොවිඩ් 19 රෝගීන්ගෙන් DNA එකතු කිරීමට දරන නව ප්‍රයන්ත දක්වා පරාසයක් මෙම ව්‍යාපෘති මගින් ආවරණයවේ. මේවායේ අරමුණ වන්නේ කොවිඩ් 19න් තදබල ලෙස රෝගාතුර වූ එහෙත් දියවැඩියාව හෘද හෝ පෙනහළු රෝග වැනි ශරීරගත රෝග නොමැති පුද්ගලයන්ගේ DNA, මද වශයෙන් රෝගී හෝ රෝගය කොහෙත්ම නොමැති අයගේ DNA සමග සංසන්දනය කිරීමයි. “සායනමය ප්‍රතිඵල අතර මෙන්ම රටවල් රටවල් අතර ද විශාල වෙනස්කම් අපට දැකගත හැකියි. ඒත් ඉන් කොපමණ නම් ජානමය ග්‍රහිතාවයන් (නැඹුරුවීම්) පැහැදිලි කර හැකිද යන්න බෙහෙවින් විවෘත ප්‍රශ්නයක්” යයි හෙල්සින්කි විශ්ව විද්‍යාලයේ FIMM හෙවත් ෆින්ලන්තයේ අණුක වෛද්‍ය ආයතනයේ (Institute for Molecular Medicine Finland = FIMM) ජාන විද්‍යාඥ ඇන්ඩ්‍රියා ගන්නා කියා සිටියි.
මෙම ජාන දඩයමෙන් කුමක් මතුවේ ද යන්න පුරෝකථනය කිරීම අසීරු යැයි පර්යේෂකයෝ කියති. එහෙත් පැහැදිලිවම පෙනී යන වෙනත් ‘සැකකරුවෝ’ වෙති. angiotensin-converting enzyme 2 (ACE2) නම් සෛල මතුපිට ප්‍රෝටීන සදහා වූ ජාන කේතනය ඉන් එකකි. කොරෝනා වෛරසය, (අපගේ) වා මං (airway සෛලතුළට ඒමට යොදා ගන්නේ මෙම ප්‍රෝටීනයයි. ප්‍රතිග්‍රාහකය වෙනස් කරන ACE2 ජානයේ විච්ල්‍යයන්, සෛල තුළට වෛරසය ඇතුළු වීම පහසු හෝ අපහසු කරවන බව ආසාත්මිකතා සහ බෝවෙන රෝග පිළිබඳ ජාතික ආයතනයේ(National Institute of Allergy and Infectious Diseases) ප්‍රතිශක්ති විද්‍යාඥ පිලිප් මර්පි පවසයි.
FIMM හී ඇන්ඩ්‍රියා ගන්නා ලොව පුරා කොවිඩ් 19 රෝගීන්ගේ ජානමය තත්ත්වය ඒකරාශී කිරීමට දරන ප්‍රයත්නයක මූලිකත්වය ගෙන ක්‍රියා කරයි. ඔහු සහ FIMM අධ්‍යක්ෂ මාර්ක් ඩැලි එක්ව පටන්ගත් ව්‍යාපෘතිය වන COVID-19 ධාරක ප්‍රවේණිවිද්‍යාත්මක මුලපිරීම (COVID-19 Host Genetics Initiative) වෙනුවෙන් වෙබ් අඩවියක් නිර්මාණය කරන ලදුව ඊට හොඳ ප්‍රතිචාරයක් ලැබී ඇතැයි වාර්තා වේ. DNA සහ සෞඛ්‍යය අතර සම්බ්න්ධතා සෙවීමෙ නිරතව සිටින එක්සත් ජනපදයේ සහ යුරෝපයේ සිය සගයන් සහ ආයතනවල සහයෝගය ඔවුනට හිමිවී ඇත. හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ජෝර්ජ් චර්ච්ගේ මූලිකත්වයෙන් යුතු පෞද්ගලික ජෙනෝමය ව්‍යාපෘතිය (Personal Genome Project) මේ හා සමාන ප්‍රයත්නයක යෙදෙමින් ආරක්ෂිත හා ග්‍රාහිතා විචල්‍යයන් හඳුනාගැනීමේ ප්‍රයත්නයක් නිරතව සිටිති.
ACE2 ප්‍රතිග්‍රාහකයේ ප්‍රවේණි විචල්‍යයන්ට අමතරව වෛරස සහ බැක්ටීරියාවලට අපගේ ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතිය ප්‍රතිචාරය කෙරෙහි බලපෑම් කරන මානව ශ්වේත සෛට(leukocyte} ජාන වල වෙනස්කම් (කොවිඩ් 19) රෝගයේ දරුණකම කෙරෙහි බලපාන්නේ දැයි සොයා බැලීමට විද්‍යාඥයෝ වෙහෙසෙති. ලොව පුරා ව්‍යසනකාරී ලෙස කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් මෙම ජාන ‘දඩයම්’ සඳහා ඕනෑ තරම් COVID-19 රෝගීන් සොයා ගැනීමට හැකිවෙනු නිසැකය. ඉතින් එය අධ්‍යයන ප්‍රතිපල කඩිනම් කිරීමට හේතුවනු ඇත. මාස කිහිපයක් ඇතුලත ප්‍රථම ග්‍රාහිතා ජාන සොයා ගැනීමට හැකිවෙතැයි FIMM හී ඇන්ඩ්‍රියා ගන්නා විශ්වාසය පළ කරයි.
AAAS Science හී පළ වූ How sick will the coronavirus make you? The answer may be in your genes යන ලිපිය ඇසුරෙනි