වැසූ දොරවල් යළි විවෘත කිරීම පහසු කාර්යයක් නොවේ
කොවිඩ් 19 රෝගීන් සහ මරණ සංඛ්‍යාව ගත්කල එක්සත් රාජධානිය සහ ලෝකයේ වෙනත් රටවල් බොහොමයක් ම පසු වන්නේ ඉහළ නගින ප්‍රස්තාර චක්‍රයක වුවද විද්‍යා ප්‍රජාවගේ චින්තනය දැනටමත් යොමුවී ඇත්තේ වසා දැමීම(lock-down) අහවර කොට අප නැවතත් පියවි බාවයේ සේයාවක් දක්වා වත් ගමන් කරන්නේ කෙලෙසදැයි යන්න කෙරෙහිය. මෙය අතිශය වැදගත් කාරණයකි. ඒත් එය කිසිසේත් සරල පහසු කාර්යයක් නම් නොවේ.
(මහා වසංගතයක් නිසා හෝ) ලෝකය දිගටම වසා දමා තැබිය හැකි නොවේ. එසේ වුණත් මිලියන ගණන් ජනතාව කොරෝනා වයිරසයට හසුවීමේ අන්තරායට මුහුණ දී සිටිති. ඒ මදිවාට, ප්‍රයෝජනවත් එන්නතක් ඇත්තටම කවදා හෝ නිපදවාගත හැකි නම්, එවැන්නක් ප්‍රායෝගිකව භාවිතයට ගැනීම සඳහා තවත් බොහෝ කාලයක් බලා සිටිය යුතුය. ඉතින් මේ වර්තමාන අර්බුදකාරී අවස්ථාවෙන් ගැලවී අප කලින් පුරුදුව සිටි අපේ එදිනෙදා ජීවිතය යළි අරඹන්නේ කොහොමද?මෙය ඉටු කරගැනීම සඳහා අත්‍යවශ්‍යව වන ක්‍රම තුනක් දැක්විය හැක. අපට ඒවා, රඳවා තබා ගැනීම (hold), ගොඩනැගීම (build) සහ නිවාරකය (shield) ලෙස දැක්විය හැකිය.
‘මහා වසංගතයේ බලපෑම ලෝකයේ රටවල් අතර එක සමානව පැතිර ගොස් නැති බව මුලින් සඳහන් කළ යුතුය’
මුල් ක්‍රමෝපාය ලෙස දැක්වූ රඳවා තබා ගැනීම කල්ගතවන ක්‍රමෝපායකි. මන්ද නව ආසාදිතයන්ගේ අනුපාතය බින්දුව(0) දක්වා බසින තුරු වසා තැබීම සිදු කළ යුතු හෙයිනි. අනතුරුව දෙවැනි රැල්ලේ රෝගීන් හැකි ඉක්මණින් රෝග විනිශ්චවයට ලක් කර, ඔවුන් හා ඔවුන් සමග සම්බන්ධතා පැවැත්වූ අය ද හුදකලා කිරීමට පියවර ගත යුතුවේ. කෙසේ වෙතත්, සමස්තයක් වශයෙන් ගත් කල සමාජයට ඉන් ඇතිවන අහිතකර බලපෑම් සලකනවිට වසා තැබීම ‘දිගුකාලීන ක්‍රමෝපායක් නොවන්නේය’ යයි එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ වසංගතවිද්‍යාඥ මාක් වුඩ් හවුස් පෙන්වාදෙයි.
ගොඩනැගීම යනුවෙන් දැක්වෙන ක්‍රියාදාමයේ දී සිදුකෙරෙන්නේ, ප්‍රථම රැල්ලෙන් හෙම්බත්ව සිටින සෞඛ්‍ය සේවාවන් යළි ප්‍රකෘතිමත්වන්නට අවස්ථාව සලසා දෙමින්, දෙවනි රැල්ලට මුහුණ දීම පිණිස ධාරිතා ගොඩ නැංවීමයි. මේ කාර්යයන් සඳහා ඉඩ සලසමින්, දැනට පණවා ඇති සීමා ඉවත් කළ යුත්තේ ක්‍රම ක්‍රමයෙනි. මෙයද අසීරු තීරණ ගතයුතු අවස්ථාවකි. නිදසුනකට, දැඩි සත්කාර පහසුකම් ධාරිතාව වැඩිකිරීම කොපමණ විය යුතුදැයි තීරණය කිරීම දැක්විය හැකිය.
තුන්වෙනි විකල්පය ලෙස දැක්වූ නිවාරකය යන්නෙන් වයිරසයට වඩාත් ගොදුරුවීමේ හැකියාව ඇති පිරිස් පුළුල් ආකාරයකට සුරක්ෂිත කරන අතර වාරයේ වසා දැමීම හදිසියේ එකවර නවතා දැමීමයි. මින් අදහස් කෙරෙන්නේ වයෝවෘද්ධ ජනතාවගේ සහ (කොවිඩ් 19 න්) දැඩි ලෙස රෝගාතුර වී මිය යාමට මගපෑදිය හැකි සෞඛ්‍යය තත්වයන් දැනටත් පවතින පුද්ගලයන්ගේ ආරක්ෂාව සහතික කිරීමයි. රෝගය බෝ කිරීමේ හැකියාව ඇති අය, විශේෂයෙන්ම රෝග ලක්ෂණ රහිත ආසාදිතයන් සෙවීම සඳහා වඩාත් ව්‍යාප්ත ප්‍රජා නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන අතරතුර එවැනි අය වඩාත් අවදානමට ලක්විය හැකි පිරිස හා සම්බන්ධ වීම වැලැක්වීමට ක්‍රියා කළ යුතු වේ.
එහෙත් මේ එකක්වත් ලාභ හෝ අවදානමෙන් තොර ඒවා නොවේ. ඒවා සම්බන්ධයෙන් ගත යුතුව ඇත්තේ ජීවිතයත් මරණයත් පරදුවට තබා ගන්නා වූ තීරණයි: අත්‍යවශ්‍ය කාරණාවක් වන්නේ ‘නොවැළැක්විය හැකි යයි බොහෝදුරට කල්පනා කළ හැකි දෙවැනි ආසාදන රැල්ලෙ මට්ටමට වෙනුවෙන් ඇති වගකීම දරන්නේ කවුද?’ යන්නයි. නැවත වරක් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහලට යාමට පටන් ගතහොත් වසා දැමීම නැවත වාරයක් නිසැකයෙන්ම ක්‍රියාවට නැංවිය යුතුවේ.
‘රටින් රටට ප්‍රදේශයෙන් ප්‍රදේශයට තත්ත්වය වෙනස් වන හෙයින් යම් ආකාරයකට ගෝලීය සහයෝගිතාවක් අවශ්‍ය වේ’
එක්සත් රාජධානිය ගතහොත් එවැනි ක්‍රමෝපායක් ක්‍රියාවට නැංවීම සඳහා තවත් ඇත්තේ සති කිහිපයක් පමණකි. එහෙත් ඊට පෙර කුමන ක්‍රමය අනුගමනය කරන්නේ ද යන්න සම්බන්ධයෙන් තීරණ දැන්මම ගත යුතුව ඇත. එමෙන්ම එය ඉතා සූක්ෂම සහ දක්ෂ ආකාරයෙන් එමෙන්ම ප්‍රමාණවත් කල් වේලා ඇතිව සංවිධානය කිරීමේ අවශ්‍යතාවය ද පවතී. විශේෂයෙන්ම, දෙවැනි රැල්ලේ ආසාදන ස්ථාපිත වුවහොත්, යළිත් සීමා පැනවීමට සම්බන්ධ කාරනා කලින්ම ප්‍රකාශයට පත් කළ යුතු වේ.
දැනට ගෝලීය වශයෙන් එකඟතාවයකට පැමිණ ඇති නිෂ්ක්‍රමණ ක්‍රමෝපායක් නැත. ඒ ඒ රටවල් බොහෝවිට තම තමන්ගේ වැඩසටහන් තනිව සකසමින් තිබේ. මෙය ඉතින් වැරැද්දක් නැතිනම් දෝෂයක් ලෙස සැලකිය හැක්කක් නොවේ. ඒ මන්ද කීවොත් රටින් රටට ප්‍රදේශයෙන් ප්‍රදේශයට තත්ත්වය වෙනස් වන හෙයිනි. එය එසේ වුවද යම් ආකාරයකට ගෝලීය සහයෝගිතාවක් අවශ්‍ය වේ. නිදසුනක් ලෙස ගමනාගමන හා වෙළඳාම යලි පටන් ගැනීමට අවසර දීම දැක්විය හැක. මන්ද ගමනාගමනය හා වෙළඳාම රටවල් අතර සිදුවන්නක් හෙයිනි.
මේ අතර ලෝකයේ වඩාත් දුප්පත් රටවල වෛරස පැලපදියම් වෙද්දි අපිට කලින් සිතා ගැනීමට හෝ පුරෝකතනය කළ නොහැකි ආකාරවලින් ගෝලීය තත්ත්වය වෙනස් වීමට ආසන්න වී තිබේ. මෙහිදී මහා වසංගතයේ බලපෑම ලෝකයේ රටවල් අතර එක සමානව පැතිර ගොස් නැති බව මුලින් සඳහන් කළ යුතුය. අඩු ආදායම් සහිත රටවල් බොහොමයක් මත වෛරසයේ බලපෑම එක්සත් රාජධානිය වැනි වඩාත් පොහොසත් රටවලට වඩා බෙහෙවින් වෙනස් වීමට ඉඩ ඇතැයි ලන්ඩන් නුවර ඉම්පීරියල් කොලීජියේ අශ්රා ඝානි කියා සිටියි. නිදසුනකට, ලෝකයේ දුප්පත් ම ජනතාව සාමාන්‍යයෙන් දිවි ගෙවන්නේ, විශාල පිරිසක් එකිනෙකා හා සමීපව එකට ගැවසෙන කුටුම්භයන්හී දී ය. අනෙක් අතට, එක්සත් රාජධානිය වැනි පොහොසත් රටවල අවදානම්සම්පන්න වයෝවෘද්ධ පුද්ගලයෝ දැනටමත් එක්තරා දුරකට සමාජයීය වශයෙන් තරුණ අයගෙන් දුරස්ථව දිවිගෙවති.
‘කෙසේවෙතත් එකක් පැහැදිලිය: අප කොයිකාටත් මේ ගෝලීය වසංගතයේ පූර්ණ බලපෑම ඉස්මතු වන්නේ අද නොව හෙටය’
කලින් ද දැක්වුවා සේ, මේ වන විට ඉතා දරුණු ලෙස බලපෑමට ලක්ව ඇති පොහොසත් රටවල අභියෝගයන්ට වඩා දුප්පත් රටවල ඒවා වෙනස්ය. නිදසුනකට උගන්ඩාවේ දැඩි සත්කාර ඒකක ඇඳන් ඒකක ඇත්තේ ජනගහනයෙන් ලක්ෂයකට 0.1 කි. එය ඇමරිකා එක්සත් ජනපදයේ නම් ලක්ෂයකට ඇඳන් ඒකක 34.7 කි. එමෙන්ම තවත් ඇතම් රටවලට හුදකලා වීම කෙසේවත් කළ නොහැකි මුඩුක්කු පැල්පත් සහ අනාථ කඳවුරු වැනි ගැටළු උග්‍ර කරවන තවත් සාධක බොහොමයක් පවතී.
කෙසේවෙතත් එකක් පැහැදිලිය: අප කොයිකාටත් මේ ගෝලීය වසංගතයේ පූර්ණ බලපෑම ඉස්මතු වන්නේ අද නොව හෙටය. උපාය මාර්ග ඕනෑම එකක් ක්‍රියාවට නැංවිය යුත්තේ එය සිත්හී දරාගෙනයි.
New Scientist weekly(11th April, 2020) හී පළවූ Endings are hard යන ලිපිය ප්‍රමුඛ ලිපි ඇසුරෙන් සැකසිණ.