කොවිඩ්-19 ට ප්‍රතිකාරයක් හෝ එන්නතකින් තොරව සමාජ දුරස්තවීම ඉක්මණින් ඉවත් කළ හකිද?

Posted by

ගෝලීය වසංගතය මැඬලීමේ උපාය මාර්ග ගැන සිදුකෙරුණු වැදගත් අධ්‍යයනයක ප්‍රතිඵල

කොරෝනා ගෝලිය වසංගතය හමුවේ සමාජ දුරස්තවීමට අදාල සීමා ඉවත් කළයුතු දිනය සහ ක්‍රමය සම්බන්දයෙන් අමෙරිකා එක්සත් ජනපදයේ පාලකයන්, සෞඛ්‍ය සේවා නිළධාරීන් සහ දේශපාලන නායකයන් වාද, විවාද වල පැටලී සිටිය දී, හාවඩ් විශ්වවිද්‍යාලයිය කර්තෲත්වයෙන් යුතු අධ්‍යයනයක් මගින් අපට මවන්නේ අඳුරු චිත්‍රයකි. අධ්‍යයන වාර්තාව Science සඟරාවෙහි පළවේ.

නව කොරෝනා වෛරසය සඳහා ප්‍රතිශක්තීකරණ එන්නතක් හෝ  ඖෂධමය ප්‍රතිකාරයක් සොයා ගන්නා තුරු  සමාජ දුරස්ථභාවය රැකීම 2022 වනතුරු  කඩින් කඩ හෝ පවත්වා ගෙන යාම සිදුකල යුතු යයි වාර්තාව මගින් පෙන්වා දෙනු ලැබේ.

“ඉදිරි වසර පහ තුළ  කොවිඩ්-19 ආසාදිත සමස්ත රෝගී සංඛ්‍යාව තීරණාත්මකව රඳා පවතිනුයේ ආරම්භකව ගෝලීය වශයෙන් පැතිර ගිය වසංගත රැල්ලට අනතුරුව එය නිතිපතා සංසරණයට ඇතුල් වේ ද නැද්ද යන්න මත වන අතර ඊළඟට එය මූලිකව රඳා පවතින්නේ SARS-CoV-2  ආසාදනය ඇති කරවන ප්‍රතිශක්තියයේ පැවතුම් කාලය  මතය” යි අධ්‍යයන වාර්තාව පෙන්වා දෙයි.

අදාළ රූපය

කොවිඩ්-19  හට ගන්වන නව කොරෝනා වෛරසයන්ට සබඳතා ඇති අනෙකුත් කොරෝනා වෛරස පර්යේෂකයන් විසින් අධ්‍යනය කරනු ලැබුවේ වර්තමාන මහා වසංගතයෙන් ඇතිවිය හැකි ප්‍රතිඵල ගණනාවක් විඩම්බනය කරනු පිණිසය.

සමාජ දුරස්ථවීමේ පියවර එකවරක් පමණක් ක්‍රියාවට නැංවීමෙන් ‘දිගු කලක් එක දිගට උපරිම මට්ටමක පවතින වසංගතයකට’ තුඩු දිය හැකි යයි ද, එය සෞඛ්‍ය සත්කාරක සේවාවන්ට දැඩි බරක් වනු ඇතැයි ද පර්යේෂකයෝ පෙන්වාදෙති. නව කොරෝනා වෛරසය සඳහා ප්‍රතිශක්තීකරණ එන්නතක් හෝ  ඖෂධමය ප්‍රතිකාරයක් සොයා ගන්නා තුරු  සමාජ දුරස්ථභාවය රැකීම 2022 වනතුරු  කඩින් කඩ හෝ පවත්වා ගෙන යාම සිදුකල යුතු යයි පර්යේෂකයන් වාර්තාවෙහි සඳහන් කර තිබෙන්නේ එහෙයිනි.

ඉහත දැක්වූ විඩම්භනයන්ට අනුව  අධ්‍යනය මගින් සොයා ගණු ලැබූ   ප්‍රතිඵල කිහිපයක් මේ:

  • විඩම්භනය කළ සෑම ආකෘතිගත අවස්ථාවක්ම පෙන්නුම් කළේ ස්ථාපිතවීමට ගන්නා කාලය නොතකා SARS-CoV-2 වෛරසය සැළකියයුතු මට්ටමින් පැතිර යා හැකි බවයි.
  • විඩම්බිත අවස්ථා බොහොමයක් දැක්වූයේ, මහා වසංගත ඉන්ෆ්ලුවැන්සාවට බෙහෙවින් සමානව අනෙකුත් කොරෝනා බීටාවෛරසයන්ට සමාන්තරව  SARS-CoV-2 වෛරසය දීර්ඝ කාලීන සංසරණයකට එළඹෙන බවයි.
  • (වෛරස) සම්ප්‍රේෂණය වාරික වශයෙන් හෙවත් සෘතුමය ලෙස බෙහෙවින් වෙනස්කම් දක්වන හෙයින් ගෝලිය වශයෙන් පැතිරීම ආරම්භයේ දී උච්ච අවස්ථා අඩු මට්ටමක පැවතියේ වී නමුත් (ඊළඟ) සෘතුව ආදී වශයෙන් නැවත නැවතත් විශාල ලෙස පැතිරයාම් වලට මග පාදයි.
  • දිගු කාලීන ප්‍රතිශක්තිය SARS-CoV-2 වෛරසය තුරන් කිරීමටත්, ආසාදනය වීමේ අවස්ථා සමස්තයක් වශයෙන් පහත හෙළීමටත් සංගත ආකාරයෙන් මග පාදයි
  • SARS-CoV-2 එරෙහිව අනෙකුත් බීටාවෛරසවලින් ඇතිවන මුහුන් ප්‍රතිශක්ති පහළ මට්ටම් කරණ කොටගෙන SARS-CoV-2 තුරන්ව ගිය බවක් පෙන්නුම් කළ දෑය වසර කිහිපය ඇවෑමෙන් යළි හිස ඔසවයි.

අධ්‍යයනය සිදු කළ පර්යේෂකයන් දක්වන්නේ, (සමාජ) දුරස්ථවීම ” බරපතල ආර්ථික, සමජයීය සහ අධ්‍යාපනික” වශයෙන් සෘණ ප්‍රතිඵල ගෙන එන බවයි. රට යළි විවෘත කිරීම සඳහා ජනාධිපති ට්‍රම්ප් ගෙන හැර පාන්නේ මෙකී සෘණ ආර්ථික ප්‍රතිඵලය.

” ඒ ආකාර පිළිවෙත් අප ආකෘති ගතකර සලකා බැලීමෙන් අදහස් කරන්නේ ඒවා ‘අනුමත’ කිරීම නොව විවිධ ප්‍රවේශයන්ගේ ගමන් මග හඳුනා ගනිමින් ගෝලිය වසංගතය දිගුකාලීන පාලනය කිරීම පිණිස යෝග්‍යවන විකල්ප ලැයිස්තුවට තවත් ඒවා එකතු කිරීමය” යි අධ්‍යනයේ කතෲ, හාවඩ් විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තීකරන සහ ආසාදන රෝග සහකාර මහාචාර්ය යොනතන් ග්‍රෑඩ් කියා සිටියි.

11 simple ways to care for each other during the COVID-19 ...

මෙම පර්යේෂකයන් අදහස් කරන්නේ එක් දිගු කාලයක් පවතින  සමාජ දුරස්ථවීමේ එක් කාල ඡේදයකට වඩා කෙටි කාලඡේද යෝග්‍ය බවයි. මෙයට හේතු වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ දීර්ඝ කාලයක් සමාජ දුරස්ථවීම පවත්වාගෙන ගොස් කිසිවෙකුත් ආසාදනය නොවී (වෛරසයට එරෙහිව) ප්‍රතිශක්තිය ගොඩ නගා ගැනීමට අසමත් වීම වෛරසය යළි හිස එසෙව්වොත් ව්‍යසනකාරී විය හැකි බවයි. කෙසේ වෙතත් තෝරා ගන්නා උපාය මාර්ගය කඩින් කඩ සමාජ දුරස්ථවීමේ පිළිවෙත වේ නම් එය වසර කිහිපයක් වත් සිදුකිරීම අවශ්‍ය වන බව  අධ්‍යනයේ තවත් කතුවරයෙකු වන  හාවඩ් වසංගතවේදී මාක් ලිප්ස්ටිච් පෙන්වාදෙයි.

 

USA TODAY පුවත්පතේ ඩිජිටල් සංස්කරණයේ පළවන  Social distancing until 2022? It’s possible without coronavirus vaccine, treatments, experts say යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.