මුහුණ ස්පර්ශ කිරීම වෛරස් පැතිරයාමට බලපාන්නේ කොහොම ද?
වෛරස් ආසාදනය ලොවපුරා පැතිරීමත් සමඟ තම තමන්ගේ මුහුණ නිතරම ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසට සෞඛ්‍ය සේවා වෘත්තිකයන් නිරතුරුව දන්වා සිටිනවා. මෙලෙස තමන්ගේ මුහුණ පවා අල්ලා නොසිටීමෙන් ආරක්ෂාකාරී වීමට ඉල්ලා සිටීම අසාධාරණද? මෙය පුද්ගල නිදහස අභිභවා යාමක් ද?
ඇත්තටම මුහුණ ඇල්ලීම පවා සීමා කරන්ට කියන කාරණාව, කියන තරම් ලේසියෙන් කරන එක (මුහුණ ඇල්ලීම නොකර සිටීම) අමාරුයි තමා.
ආසාදන පාලනය පිළිබඳ ඇමරිකානු සඟරාවක් වන American Journal of Infection Control මගින් 2015 සිදු කළ අධ්‍යයනයකට අනුව, මිනිසුන් සාමාන්‍යයෙන් පැයකට 20 වතාවකට වඩා ඔවුන්ගේ මුහුණු ස්පර්ශ කරනවා. එම මුහුණ ස්පර්ශ කරන කාලයෙනුත් සියයට 44 ක පමණ කාලයක් වැයකරන්නේ ඇස්, නාසය හෝ මුඛය ස්පර්ශ කිරීමටයි.
අපි අතින් නිරන්තරයෙන් විවිධ වස්තූන් ස්පර්ශ කිරීමේ සිට දොරවල් ඇරීමේදී දොරගුලු කැරකවීම දක්වා ක්‍රියා සිදුකිරීමෙ දී ව්‍යාධිජනක විෂබීජ වලින් පිරුණු පෘෂ්ඨයන් ස්පර්ශ කෙරෙනවා. මෙම රෝග කාරක අපගේ දෑතට ගෙන මුහුණ ස්පර්ශ කිරීමේදී (දැනුවත්ව හෝ නොදනුවත්ව) සිදුවන්නේ ඇස්, නාසය සහ මුඛය යන ඉන්ද්‍රියන් ඔස්සේ ශ්ලේෂ්මල පටල කරා ගෙනගොස් ඒ හරහා — උගුරට හා පෙනහලු වලට ගමන් කිරීමට මාර්ගයක් සලසා දෙන එකයි.
ඔබේ මුහුණ ස්පර්ශ නොකර සිටීම එතරම්ම අපහසු වන්නේ ඇයි? අපි හොයා බලමු.
“ඇත්තවශෙන්ම ගතහොත් මෙය් මුලු මනුෂ්‍ය වර්ගයා අතරේ පොදුවේ දැකිය හැකි පුරුද්දක්” යයි මනෝවිද්‍යාඥ කෙවින් චැප්මන් කියයි. හෙතෙම, කාංසාව සහ ඊට අදාල රෝගාබාධ සඳහා වූ කෙන්ටකි කෙන්ද්‍රයේ ආදීකතෘ සහ අධ්‍යක්ෂවරයාය. අපට කුඩා කාලයේදීම වගේ මුහුණ අල්ලන්න සිතාමතා හෝ නැතුව පුරුදුකෙරනවා. නැතිනම් පුරුදුවෙනවා. දත් මැදීමට, හොටු සීරීමට, කට අවට කෑම පිස දැමිමට, තරමක් වයසින් වැඩෙනකොට පියරු ඇතිල්ලීමට, තොල් ආලේප කිරීමට වැනි මුහුණු අලංකරනයට(අංග රචනය), නළලට කෙස් වැටීම වළක්වන්න ඔය විදිහට නිතර අපි මුහුණට අත් යවන්න පුරුදුවෙනවා. ඉතින් ඒ පුරුද්ද හේතුවෙන් විෂ්බීජ පිරි පරිසරයක දී වුණත් අපේ අත් බොහෝවිට නොදැනුවත්ම වාගේ මුහුණට යනවා.
මුහුණ ස්පර්ශ නොකර සිටීමට නොහැකිවීමේ මෙම ප්‍රවනතාවය පෙන්නුම් කරන්නේ හුදෙක් නැවත නැවතත් ක්‍රියාත්මක වන හෙවත් පුනරාවර්තීව සමාජය තුළ ඇතිවන ක්‍රියාවලියකට අදාල කාරණාවක්ම නොව ඇත්තෙන්ම කිවහොත් නිෂ්ඵල ක්‍රියාවක් සම්බන්ධ කාරණාවක්. “අපගේ මුහුණු යම් ආකාරයකට සමාජය ඉදිරියේ අප දක්වන්න පුරුදුව සිටිනවා ද, ආන්න ඒ ආකාරයෙන්ම මුහුණ අන් අයට දැක්වීම සහතික කරන්නයි නිතර තමන්ගේ මුහුණ ඇල්ලීමට මිනිස්සු පුරුදුවෙලා තියෙන්නේ” යයි චැප්මන් කියා සිටියි. නිදසුනක් වශයෙන්, කට වටේට ආහාර තිබීම මගින් යමෙකු කම්මැලියෙකු හෝ තමන්ගේ පෙනුම ගැන සැලකිල්ලක් නොදක්වන අයෙකු බවක් කෙනෙකුට දැනෙන පුළුවන්. මුහුණ නිතර ස්පර්ශ කිරීමෙන් මිනිසුන් ඔවුන්ගේ මුහුණ සමාජය ඉදිරියේ ප්‍රසන්නව දිස් වෙනවාද කියලා සොයා බලන අතර තමන් තමන්ගේ මුහුණේ පෙනුම ගැන තැකීමකට ලක් කරන බවක් සමාජයේ ඉදිරියේ කියාපානවා.
මුහුණ ස්පර්ශ කිරීම බොහෝ අයට තිබෙන නරක පුරුද්දක් වුවද, කාංසාව ඇති අයට එය වඩාත් දරුණු ලෙස බලපාන්නට පුළුවන් . මානසික ආතතිය පාලනය කිරීම සඳහා, ඉහළ මට්ටමේ ස්නාස්‍යතාවයෙන් (neuroticism) පෙළෙන හෙවත් නියුරෝසීයාව යන මද මානසික රෝග තත්ත්වය ඇති පුද්ගලයින්, තම නියපොතු සැපීම හෝ කොණ්ඩය ඇදීම වැනි ශරීරය කේන්ද්‍රීය කරගත් පුනරාවර්තන හැසිරීම් සිදු කරන බව චැප්මන් වැඩිදුරටත් පෙන්වා දෙනවා. මෙම හැසිරීම් සදහා පුද්ගලයෙකුගේ එදිනෙදා ජීවිතයට බාධා වන සිදුවීම් වන, සමාජ අන්තර්ක්‍රියා සදහා ඇති බිය සහ සමාජය තුළ තමාගේ තත්වය දුබල වීම හෝ ලැජ්ජා සහගත තත්වයන්ට මුහුණ පායීදෝ යන හැගීම් හේතු වන බව ඔහුගේ අදහසයි. මොළය පිළිබඳව 2014 දී සිදු කරන ලද කුඩා අධ්‍යයනයකට අනුව, මානසික ආතතියෙන් පෙළෙන අවස්ථාවලදී මිනිසුන් ඔවුන්ගේ මුහුණු ස්පර්ශ කර ගැනීම හරහා කිසියම් සැනසීමකටත් සතුටු වීමකටත් ලක්වෙන බව සොයාගෙන තිබෙනවා.
වාසනාවකට වාගේ මෙම නව කොරෝනා වෛරසය මිනිසුන්ට ආසාදනය වන ප්‍රධානතම ක්‍රමය අපගේ මුහුණ ස්පර්ශයට ලක් කිරීම නොවන බව ඇමෙරිකාවේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (Centers for Disease Control and Prevention – CDC) අදහස් කරනවා. එසේ නමුදු, විවිධ වෛරසයන් මේ ආකාරයෙන් පැතිරෙන නිසා නිතරම ඔබේ නාසය, මුඛය හෝ ඇස් ස්පර්ශ නොකරන ලෙස CDC ආයතනය නිර්දේශ කරනවා. තවද, විෂබීජ වලින් දූෂණය වූ මතුපිටක් ඔබ ස්පර්ශ කරනවා නම්, සබන් හා වතුරෙන් ඔබේ දෑත් පිරිසිදු කිරීමට හෝ සනීපාරක්ෂක ද්‍රව්‍ය භාවිතා කර දෑත් පිරිසිදු කිරීමට අනිවාර්යයෙන්ම මතක තබා ගත යුතු වෙනවා.
” මිනිසුන් ඔවුන්ගේ මුහුණු ස්පර්ශ කිරීම ගැන සැලකිලිමත් වන විට, එය නිතර නිතර කිරීමටමයි ඔවුන්ගේ මනසිනුත් විධානයන් සපයන්නේ. උදාහරණයක් ලෙස රෝස පාට අලියෙකු ගැන නොසිතන ලෙස ඔබ යමෙකුට පැවසුවොත් ඔවුන්ගේ මනස වහාම රෝස පැහැති අලියෙකුගේ චිත්‍රයක්ම මනසින් නගා ගන්නවා වැනි ක්‍රියාවක් තමයි සිද්ධ වන්නේ” යැයි චැප්මන් පවසනවා. මෙම පුරුද්දෙන් මිදීමට, ඔබ ඔබේ මුහුණ ස්පර්ශ කරන විට වඩාත් දැනුවත් වීමකින්ම ආරම්භ කරන්නට මතක තබා ගන්න. නමුත් ඔබ ඔබේ අත මුහුණ ළඟට එන විට ඔබම ඔබට දඩුවම් දී එය යටපත් කර ගන්නට හදන්ට එපා. මොකද එම ක්‍රියාවලිය ඔබ නොදැනුවත්වමනෙ සිදු වෙන්නේ. ඒ වෙනුවට ඔබේ හිසකෙස් පෝනිටේල් එකක් ආකාරයට ගැට ගැසීමෙන් කොන්ඩය මුහුනට වැටීම වලක්වාගැනීමන් කෙස් මෑත්කිරීමට අත මුහුනට යාම නතර කර ගැනීම වැනි ප්‍රායෝගික ක්‍රියා මාර්ග, සමග, දෑත් මුහුණ කරා යෑම වළක්වා ගැනීමට දුරකථන එලාම් නාදයන් භාවිතය වැනි ක්‍රම හරහා මුහුණ ස්පර්ශ වීම වළක්වා ගත හැකි අතර ඒ හරහා මුහුණ ස්පර්ශ කිරීමට ඇති ඔබගේ පෙළඹවීම අඩු කර ගත හැකියි.
Live Science සගරාවෙහි පළවූ Why is it so hard not to touch your face? සහ තවත් ලිපි ඇසුරෙන් සකස් කළේ කුසල් සෙනරත් බණ්ඩාර