ප්‍රතිදේහ පරීක්ෂණ, කොරෝනා ගෝලිය වසංගතය නිම කිරීමට උපකාරිවේද?

Posted by

ප්‍රතිදේහ පරීක්ෂණ, කොරෝනා ගෝලිය වසංගතය නිම කිරීමට උපකාරිවේද?

නිව්යෝක් නුවර පසුගිය සතියේ සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වූයේ එහි නිවැසි  සෑම පුරවැසියන් පස්දෙනෙකුගෙන් එක් අයෙකුටම නව කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිදේහ ඇති බවයි.  ප්‍රතිදේහ යනු  මෙහිදී වෛරසයට එරෙහිව සිරුරේ ප්‍රතිශක්ති ක්‍රමය විසින් නිපදවන ප්‍රෝටීන වර්ගයකි. ආණ්ඩුකාර ඇන්ඩෘ කුයෝමෝ මෙම තොරතුරු සැලකුවේ යහපත් ප්‍රවෘත්තියක් ලෙසටය. ‘මෙපමණ පිරිසක් ආසාදනය වී දිවි ගලවාගත්තේ නම් වෛරසය කලින් සිතූ තරම් මාරාන්තික වෙන්නේ බැහැ’ යනුවෙන් ඔහු තර්ක කරයි.

A worker from the city's center for disease control and prevention draws blood from a man to conduct a test for antibodies against the coronavirus disease (COVID-19) in Suifenhe, a city bordering Russia in China's Heilongjiang province, April 16, 2020. REUTERS/Huizhong Wu - RC2I5G9AFICT

එහෙත් බොහෝ විද්‍යාඥයන් ඒ සම්බන්ධයෙන් දක්වන්නේ ඊට වෙනස් මතයකි. ඔවුන් මේ අය දකින්නේ ආසාදනයට බෙහෙවින් ලක්විය හැකි විශාල ජනතා කීටයක් හෙවත් එකතුවක් ලෙසය. සැබැවින්ම එය තරමක් අඳුරු චිත්‍රයකි. කෙසේ වෙතත් අනෙකුත් බොහෝ ජනපදවල නායකයන් මෙන් කුයෝමෝ මහතාද බලාපොරොත්තු තබා සිටින්නේ, විශාල පරිමාණයෙන් සිදුකරන ප්‍රතිදේහ පරීක්ෂණ ප්‍රතිඵල ඔවුනට ආර්ථිකය යළි විවෘත කර සමාජය ප්‍රකෘතිමත් කළ යුතු කාලවකවානු සහ එය සිදුකළ යුතු අන්දම ගැන තීරණය ගැනීමේදී මාර්ගෝපදේශ සපයනු ලබනු ඇති බවයි.

මෙම පරීක්ෂණ වාර්තා මහජන පිළිවෙත් සඳහා මග පෙන්වන මෙවලමක් බවට පත් වේ යැයි බොහෝ විද්‍යාඥයන් කිසි දිනකවත් බලාපොරොත්තු නොවූවකි. එමෙන්ම ඔවුන් බොහෝ දෙනෙක් මේ අදහස ගැන එතරම් ප්‍රසාදයක් ද නොදක්වති. ප්‍රතිදේහ පරීක්ෂණය පෙන්වන්නේ කවුරුන් ආසාදනය වී ඇත් ද යන්නය. එහෙත් එම ප්‍රතිඵල බොහෝ විට නිරවද්‍ය නොවන බව මෑතක පර්යේෂණ දක්වයි. තවද එම පරීක්ෂණවලදී ධන ප්‍රතිඵලයක් ලැබීම තුළින් ඇත්තටම සංඥා කරන්නේ කොරෝනා වෛරසයට ප්‍රතිශක්තියක් ගොඩ නැගී ඇත්ද යන්න ද බව හරියටම පැහැදිලි නැත.

A scientist presents an antibody test for coronavirus in a laboratory in Germany.

ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී මෙම ප්‍රතිදේහ පරීක්ෂණ මත රඳා පැවැත්මට එරෙහිව ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය සිකුරාදා (අප්‍රියෙල් 24) අනතුරු හැඟවීය. ඉතාලිය ආදී රටවල් (ප්‍රතිදේහ පරීක්ෂණවල දී ධන ප්‍රතිඵල අත්කරගන්නා ජනතාවට)  ‘ප්‍රතිශක්ති බලපත්‍ර්’ (immunity passports) යන අදහසක් පවා ඉස්මත්තට ගෙනැවිත් ඇති පසුබිමක ප්‍රතිදේහ ඇතිකරගත් අය වෛරසයට කොතරම් ප්‍රමාණයකට ප්‍රතිශක්තිය දක්වනවාද යන්නේ දැයි දැනීමක් නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධාන නිලධාරිහු දක්වති. කෙසේ වෙතත් බෙහෙවින් පැතිරුණු ආකාරයෙන් පරීක්ෂණ ආරම්භ වී ඇති අතර ඒවා පදනම් කරගෙන තීරණ ගැනීමට ඉඩ තිබේ. ප්‍රධාන සෞඛ්‍ය ආයතන මෙන්ම වසංගතවේද දෙපාර්තමේන්තු සහිත විශ්වවිද්‍යාල හා එක්ව එක්සත් ජනපදය පුරා ප්‍රජාවන් අතරේ ප්‍රතිදේහ සමීක්ෂණ ක්‍රියාත්මකයි. මේවායේ බොහොමයක අරමුණ වසංගතයේ වපසරිය සහ ස්වරූපය ගැන අවබෝධයක් ලබා ගැනීම විනා ආර්ථිකය යළි විවෘත කිරීම ගැන තීන්දු තීරණ පිළිබඳ මාර්ගෝපදේශ සැපයීම නොවේ.

එහෙත් මෙම ප්‍රතිදේහ පරීක්ෂණ සූක්ෂමව සුසර කරමින්, ප්‍රතිදේහ මගින් රෝගියාට මෙන්ම පොදුවේ ප්‍රජාවටද අත්වන අර්ථය ගැන වැඩිදුරටත් අවබෝධය කර ගැනීමට විද්‍යාඥයෝ දැන් වෙහෙසෙමින් සිටිති. මේ මුලපිරීම් තුළින් මතුවන ප්‍රශ්න ගණනාවකටම පහසු පිළිතුරු නැත: අප ‘ගණ ප්‍රතිශක්තිය'(‘herd immunity’) අත්පත් කර ගන්නේ කවදාද? වෛරස කෙතරම් නම් වේගයකින් පැතිරේද? ප්‍රතිශක්තිය කොපමණ කාලයක් පවතීද? එය කොතරම් ප්‍රබලද? මේවා අසීරු ප්‍රශ්නය. පිළිතුරු සෙවීමත් පහසු නැත.

ඒ නිසා “සාමාන්‍ය තත්ත්වය තවමත් දුර ඈතය. එය සිතිජයෙන් මතුවෙන්නට පටන්ගෙන නැහැ” යයි ෆ්ලෝරිඩා විශ්වවිද්‍යාලයේ ජීවසංඛ්‍යාතඥ නතාලී ඩීන් කියා සිටියි. බහුලව සිදුකෙරෙන ප්‍රතිදේහ පරීක්ෂණයන් අපට ගෙන එන අපේක්ෂාවන් මෙන්ම ඒවා හරහා අප වැටිය හැකි  බොරුවලවල් ගැන යම් අදහසක් නිව්යෝක් ජනපදයේ ප්‍රතිඵලවලින් කලින්ම සැපයේ. එම ප්‍රතිඵල මගින් දැක්වූයේ 0.5% සිට 1% අතර දක්වා මරණ අනුපාතයකි. ජනපදය පුරාවට ලොක්ඩවුන් කිරීමට තරම් අවශ්‍යතාවයක් ඇති නොවන තරමට මෙම අනුපාත පහළ මට්ටමක පවතින්නේ යැයි ගතානුගතික විචාරකයෝ පෙන්වා දුන්හ. වෛද්‍ය බර්ග් ස්ට්‍රෝම් වැනි මහජන සෞඛ්‍ය විශේෂඥයන් දැරුවේ ප්‍රතිවිරුද්ධ මතයකි. 1%ක  මරණ අනුපාතයක් හැටියට සඳහන් කර දක්වන සංඛ්‍යා ඇත්තටම දක්වන්නේ  මරණ මිලියන 2ක් කියන එකයි. “මරණ අනුපාතය බලා පමණක් අපට බයවෙන්න දෙයක් නැහැ යන්න අතිශය කර්කශ ආකල්පයක්” යයි හෙතෙම කියා සිටියි.

විශේෂඥයන් බොහෝ කලක් තිස්සේ විශ්වාස කළ කාරණාවක් නිව්යෝක් සමීක්ෂණයෙන් සනාථ විය. පරීක්ෂණ නොමැති කමින් සැබෑ අසාදිතයන්ගේ සංඛ්‍යාව 10 පමණ සාධකයකින් මෙම ජනපදය අඩුවෙන් ගණන් බලා ඇත. “හොඳින් සලකා බැලීමකින් තොරව මේ සා විශාල අවදානම්ග්‍රාහී පිරිසක් සහිත සමාජයක් යළි විවෘත කිරීම විනාශදායක වන්නේ රට පුරා වෛරසයට පැතිරයාමට ඉඩ සලසමින්” යයි වෛද්‍ය බර්ග් ස්ට්‍රෝම් ඇතුළු පිරිස පවසති. ගණප්‍රතිශක්තිය අත්පත්කර ගැනීමට නිව්යෝක් ජනපදය (තවම) අහලකටවත් පැමිණ නැත. ඒ කියන්නේ ව්‍යාධිකාරකයට පැළපදියම්වීමට  බැරිවෙන තරම් ප්‍රජාවෙන් විශාල අනුපාතයක් ප්‍රතිශක්තිය අත්පත් කරගෙන නොමැත යන්නය. එය සිදුවීමට නම් ජනගහනයෙන් 60% සිට 70% දක්වා පිරිසක් ප්‍රතිශක්තිකරණයට ලක්විය යුතු බව විශේෂඥයන් ගණන්බලා ඇත. එලෙස ලක් වූව ද පවා, සුළු වේගයකින් කොරෝනා වෛරසය දිගටම පැතිරෙනු ඇත.

ප්‍රතිදේහ පරීක්ෂණ මගින් ඉහළ අවදානමක් සහිත කණ්ඩායම් හදුනා ගැනීමටද පුළුවන. “මං හිතන්නේ ඒක නම් වැදගත් කියලයි. අපේ අවධානය යොමු විය යුතු මෙකී කණ්ඩායම් මොනවාද, ඒ අය ආරක්ෂා කිරීමට කළ යුත්තේ මොනවාද? යන්න අවබෝධ කරගෙන ප්‍රතිපත්ති සැලසුම් කිරීමට එය ප්‍රයෝජනවත් වේවි” යනුවෙන් වෛද්‍ය නතාලි ඩීන් පවසයි.

මෑතක සිදු කළ තවත් සමීක්ෂණ දෙකකින් ද ප්‍රතිදේහ පරීක්ෂා කිරීමේ අඩුලුහුකම් මනාව පැහැදිලි විය. මේ සමීක්සණ පැවැත්වුණේ සැන්ටා ක්ලේරා සහ ලොස්ඇන්ජලීස් ප්‍රාන්තවලය. මේ සමීක්ෂණ දෙකම විද්‍යාඥයන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය.

තවද, ප්‍රතිදේහ පැවතීම වෛරසයෙන් ආරක්ෂා වීම සලකුණු කරන්නක් නොවන බවට විද්‍යාඥයෝ දිගින් දිගටම අනතුරු හඟවති. නිදසුනක් දක්වතොත්, රෝග ලක්ෂණ පෙන්නුම් නොකරණ හෙවත් අලාක්ෂණික පුද්ගලයන් දෙවැනි ආසාදනයක් වැළැක්වීමට තරම් ප්‍රමාණවත් ප්‍රතිදේහ නිපදවන්නේ නැති වෙන්නට පුළුවන. එලෙස ප්‍රමාණවත් ප්‍රතිදේහ නිපදවන්නේ දැයි දැනගැනීමට හැක්කේ දිගින් දිගට තව තවත් පරීක්ෂන කිරීමෙන්. ඊට කල් වැයවේ. අන්තුරුව ඒ පරීක්ෂණ ප්‍රතිඵල සෑම එකක්ම විශ්ලේෂණය කළ යුතුය. ඒ සඳහා ද තවත් කාලයක් අවශ්‍යය. “අප මේ මොහොතේ මේ අන්දමේ පරිපූර්ණ නොවන පරීක්ෂණ මතම තදින් විශ්වාසය තබා සිටීම අනතුරුදායක විය හැකිය”යි ෆෙයාෆැක්ස් හී ජෝර්ජ් මේසන් සරසවියේ වසංගතවේදී සස්කියා පොපෙස්කු දක්වයි.

How Do Coronavirus Diagnostic Tests Work?

ප්‍රතිදේහ සපයන්නේ ඓතිහාසික දත්ත (ඒ කියන්නේ පැවති තත්ත්වයක් ගැන වන පැරණි දත්ත) බව  මිනෙසෝටා විශ්වවිද්‍යාලයේ බෝවෙන රෝග  විශේෂඥ ආචාර්ය මයිකල් ඔස්ටර්යෝම් පෙන්වා දෙයි. රෝග විනිශ්චක පරීක්ෂණ(diagnostic tests)  වඩාත් හොඳ විකල්පයක් බව පෙන්වා දෙන ඔහු ආසාදනයක් ඉහළ යන්නේ හෝ පහළ යන්නේ ද යන්න ගැන නිවැරදි කාලීන තොරතුරු සැපයිය හැකි රෝග විනිශ්චයක පරීක්ෂණ යොදා ගැනීම කෙරෙහි ජනපද අවධානය යොමු කළ යුතු බව සඳහන් කරයි. ආර්ථිකය විවෘත කළයුතුද නැද්ද යන්න සඳහා යොදා ගත යුත්තේ ඒ ආකාර දත්ත බවයි ඔහුගේ අදහස.

 

The New York Times හී  පල වූ Can Antibody Tests Help End the Coronavirus Pandemic  යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.