කොරෝනාව ආශ්‍රිත වැදගත් ප්‍රශ්න තුනකට පිළිතුරු
නව කොරෝනා වෛරසයෙන් (SARS-CoV-2) ප්‍රත්‍යාසාදනය හෙවත් පුනරාසාදනය(reinfection = යළිත් වරක් ආසාදනයවීම) විය හැකිද?
පුනරාසාදනය යනු වෛරස් ආසාදනයකදී සෑම විටම සිදුවිය හැක්කකි. විශේෂයෙන්ම ඔබට ඇත්තේ එකවර දිස් නොවන තරම් දරුණු ආසාදනයක් නොවේනම්, එමෙන්ම ඔබේ (ශරීරයෙන්) ඒ කෙරෙහි දැඩි ප්‍රතිචාරයක් ගොඩනොනැගෙන්නේ නම් පුනරාසාදනය විය හැක්කකි. තවද, මුල් ආසාදනය ඇති වීමෙන් පසුව ඔබ තුළ ප්‍රතිදේහ ගොඩනැගීමට ඇති අවස්ථාවේ ද පුනරාසාදනය සිදුවිය හැකිය. සති දෙකක් පමණ කාලයේ සිට මාස කිහිපයක් දක්වා වීමට පුළුවන් එම අවස්ථාව රඳා පවතිනුයේ ඔබේ ප්‍රතිශක්ති පද්ධතිය කොපමණ ප්‍රමාණයකින් පුරනය(triiggered) වී ඇද්ද යන්න මතය.
වෛරසය ආසාදනය වී ඉන් ප්‍රතිසාධනය වූ(සුවපත් වූ) සැලකිය යුතු පිරිසක් දැන් අපේ(ඇමරිකා එක්සත් ජනපදයේ) ජනගහනය තුළ ඇත. එම ප්‍රතිසාධනය වූ පිරිසගෙන් ලබාගන්නා මස්තු(serum) සාම්පල, ව්‍යාධි කාරකයට එරෙහි ප්‍රතිදේහ වර්ධනය කිරීමට එමෙන්ම ඒවා ප්‍රමාණවත් අනුමාපන අගයන්(titers) ගොඩනංවමින් ප්‍රතිදේහ උදාසීන කිරීම පටන් ගන්නේ හරියටම කුමණ කාලයේදී ද යන්න නිර්ණය කිරීමට අපට අවකාශ සලසයි. ආරක්ෂාව සඳහා අපට කුමන අවස්ථාවක් සලසන්නේ ද යන්න තීරණය කිරීමට එය අපට උපකාරී වේ.
ඔබගේ ප්‍රතිශක්ති පද්ධතිය යළිත් සාමාන්‍ය තත්ත්වයකට පත්වන්නට පෙර ඔබව මෙම වෛරසයෙන් පමණක් නොව නිරන්තරයෙන් එන සෙම්ප්‍රතික්ෂාව සහ ඉන්ෆ්ලුවෙන්සා වෛරසයෙන් ද ආසාදනය විය හැකිය. අප දැනට දන්නා තරම අනුව නම් යළි සුවපත් වීමට මාස දෙකක් පමණ යන්න සාධාරණ කාලයක් ලෙස සැලකිය යුතු යැයි ගෝලීය මහජන සෞඛ්‍යය පිළිබඳ ගිලින්ස් විදුහලේ වසංගතවේදී දෙපාර්තමේන්තුවේ සහකාර මහාචාර්ය රැචෙල් ග්‍රැහැම් පවසයි.
මුදල් නෝට්ටු හරහා නව කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වෙනවද?
විභවී බැක්ටීරියාමය ව්‍යාධි කාරකවලින් මුදල් අපවිත්‍ර කරණය(contamination) සිදු විය හැකි නමුත් පොදුවේ වෛරසය මුදල් අපවිත්‍ර කරණය කිරීම ගැන ඇති තොරතුරු මදය. එපමණක්ද නොව Covid 19 ඇතිකරවන SARS-CoV-2 මගින් සිදුකෙරෙන අපවිත්‍ර කරනය ගැන තොරතුරු ඇත්තේ ම නැත.
SARS-CoV-2 පැතිරෙන්නේ පුද්ගලයකුගෙන් පුද්ගලයකුට සම්බන්ධ වීමෙන් මිස මුදල්හදල් වැනි (අපවිත්‍ර කරණයට ලක් වූ, එමෙන්ම රෝග බෝ කරන සුළු ජීවීන් සම්ප්‍රේෂණය කරන්නාවූ වස්තූන් වන) ආසාදිත(fomites) ඇල්ලීමෙන් නොවේ. පෘෂ්ඨයක් මත වෛරසය ජීව්‍යව කොපමණ කාලයක් පවතින්නේ ද යන්න හරිහැටි පැහැදිලි නැත. එය රඳා පවතින්නේ උෂ්ණත්වය, ආර්දතාව සහ පෘෂ්ඨ වර්ගය අනුව, විනාඩි කිහිපයක සිට පැය ගණනක් හෝ දවස් ගණනක් දක්වා කාලයක් පවතීද යන්න මතයි. එකිනෙකාගේ අතින් අතට යෑම අඩු වීම හැරුණු කොට, සල්ලි වෙනුවට ප්ලාස්ටික්(කාඩ්) වෙතට යොමුවීමෙන් ද ආරක්ෂාකාරීත්වය එතරම් වැඩි කිරීමට හැකි වූ බවක් නොපෙනේ.
සමහර රටවල සල්ලි සේදීම හෝ විෂබීජ හරණය කරන නමුත් එම ක්‍රියාදාමය කෙසේ සිදුවන්නේද යන්න දැක්වීම පිණිස දත්ත නොමැත. හොඳම භාවිතය වන්නේ පාසල් ආපනශාලා සහ ජනතාව ගැවසෙන වෙනත් ස්ථාන වසා දමමින් පුද්ගලයන්ගෙන් පුද්ගලයා අතර සම්බන්ධය සීමා කරමින් සමාජ දුරස්ථ භාවය සුරැකීමය. එය තමයි, රෝගය පැතිර යාම මන්දගාමී කිරීමටත් එමෙන්ම සෞඛ්‍ය සත්කාරක සේවා ධාරිතාව මත උවමනාවට වඩා බරක් පැටවීම සහ මරණ අනුපාතය අඩු කිරීමටත් හේතු වන්නේ. ඉතින් මුදල් අතපත ගෑමෙන් හෝ කාඩ් භාවිතය හේතුවෙන් රෝගය බෝවිය හකිද යන්න ගැන විමතියෙන් සිටිනවාට වඩා සමාජයේ සියලු දෙනා සමාජ දුරස්ථභාවය වැළඳ ගත යුත්තේ එහෙයින් යයි වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍යය පාසලේ ක්ෂුද්‍ර ජීව විද්‍යාඥ සහ මහාචාර්යවරයකු වන මැරිලින් රොබට්ස් පෙන්වා දෙයි.
ගුප්ත සම්ප්‍රේෂණය(cryptic transmission) කියන්නේ මොකක්ද? Covid 19 පැතිරයාම සම්බන්ධයෙන් ගත්කල එහි වැදගත්කම කුමක්ද?
වෛරසය පිට කරන පුද්ගලයා(1) සහ වැළඳෙන පුද්ගලයා(2) අතර සෘජු සම්බන්ධයක් නැති අවස්ථාවල ගුප්ත සම්ප්‍රේෂණ යන යෙදුම භාවිතා කරනු ලැබේ. එය, ප්‍රජාව අතර වෛරසය පැතිර ගොස් තිබීම පිළිබඳ වැදගත් දර්ශකයකි. මින් කියැවෙන්නේ සෘජුව සම්බන්ධ නැති පුද්ගලයන් දෙදෙනකු අතර එකම වෛරස මාදිලියක් වෛරස සම්ප්‍රේෂණය කළ හැකි අන්දමට ප්‍රමාණවත් ආකාරයෙන් වෛරස අවශ්‍යයෙන්ම ප්‍රජාව තුල සංසරණය වීමයි.
Covid 19 පැතිරීමේදී මේ යෙදුම මුලින්ම භාවිතයට ගැනුනේ වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් Covid 19 ජෙනෝම ස්නෝහොම්ෂ් ප්‍රාන්තයෙන් අනුක්‍රමණය කළ විට ය. මෙහිදී පෙනී ගියේ වොෂින්ටනයෙන් සොයාගත් ප්‍රථම ආතුරයන් දෙදෙනා අතර සෘජු ප්‍රවේණි මය සම්බන්ධයක් ඇති බව පෙනී ගියත් ඒ දෙදෙනා අතර දැන ගැනීමට හැකි ආකාරයේ සෘජු සම්බන්ධතාවයක් නොතිබූ බවය. මෙයින් පෙන්නුම් කළේ (වෛරසය) ප්‍රජාව අතර සැලකිය යුතු පැතිරීමක් තිබුණු බව සහ ඒ වනවිටත් වෛරසය සති ගණනක් තිස්සේ සංසරණය වෙමින් පැවති බවත්ය. මෙයින් දක්වන ප්‍රධාන කාරණයක් වන්නේ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට පෙරාතුව ආසාදනය වීමේ හැකියාව සලකන විට වෛරසය සංක්‍රමනය වීමේ තීරණාත්මක ගමන්මඟ බවට මෙය පත් වනු ඇත යන්නයි. අවසානයේ වෛරසය පැතිරීම පාලනය කිරීම බෙහෙවින් අසීරු කරන්නේ එය බව හාවර්ඩ් වෛද්‍ය විද්‍යාලයේ සහකාර මහාචාර්ය ඉන්ග්‍රිඩ් කැට්ස් කියා සිටියි.
Johns Hopkins Bloomber School of Public health හී GLOBAL HEALTH NOW වෙබ් පිටුව ඇසුරෙනි