සැමට විදු නැන නුවණ – Science Literacy for All

වෛරස් ආසාදිත මීමැස්සෝ ද සමාජ දුරස්ථභාවය රකිති?

වෛරස් ආසාදිත මීමැස්සෝ ද සමාජ දුරස්ථභාවය රකිති?

වෛරස ගැන අප දන්නා යම් එක දෙයක් වේ නම් ඒ තමයි  සැමතැන පැතිරීමට ඒවා දක්ෂ බවයි. නව කොරෝනා වෛරසය එහි ධාරකයා ලෙස මිනිසුන් වන අපව තෝරාගෙන පැතිර යයි. ඇතැම් අනෙකුත් වෛරස මේ සදහා මී මැස්සන් ද  තෝරාගන්නවා. හැබැයි ඉතින් මිනිසුන් වගේම මී මැස්සන් ද (වෛරසයට එරෙහිව) නිකම් නොසිට සටන් වදිනවා. ඊශ්‍රායලයේ උග්‍ර අර්දිත වෛරසය (Israeli acute paralysis virus) යනුවෙන් දැක්වෙන එක්තරා වයිරසය ගතහොත්,  එක් අධ්‍යයනයක් පෙන්නුම් කරන්නේ ආසාදනය සිය ගණවාසයේ පැතිරීම වැළැක්වීම පිණිස මී මැස්සන් ඇත්තටම එක්තරා ස්වරූපයකට  සමාජ දුරස්ථභාවය රකින බවයි. එහෙත් වෛරසය ද ඉන් මට්ටු වී පසුබාන්නේ නැත. අසල්වැසි ගණවාසය තුළ ආසාදනය පැතිර වීමට හැකිවන ආකාරයට වෛරසය, මී මැස්සන් හසුරුවයි. Proceedings of the National Academy of Sciences නම් සඟරාවෙහි මෙම අධ්‍යයන වාර්තාව පළ වෙයි.

මීමැස්සන් ජීවත් වන්නේ, එකිනෙකට සමීපව දස දහස් ගණනින් එකම තැන එකට එක්වී දිවි ගෙවන විශාල ප්‍රජාවන් වශයෙනි.  ඉතින් වෛරස ආසාදනයක් ඇති වුවහොත් එය ලැව්ගින්නක් සේ ගණාවාසය තුළ පැතිර යාම වළක්වනු පිණිස මීමැස්සන් කුමක් කරනු ඇත්දැයි පර්යේෂකයෝ විමසිලිමත් වූහ. අධ්‍යයනයේ සම කතුවරයෙකු වන ටිම් ගර්නැට්  විසින්  දහස් ගණනක මී මැස්සන්ගේ චර්යාවන් ගවේෂණය සඳහා ස්වයංක්‍රීය පද්ධතියක් වර්ධනය කරනු ලැබුවේ ෂැම්පේන් අර්බානා(Champagne-Urbana) හී ඉලිනොයිස්  විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයකු වශයෙන් සිටියදීය. මී වදයට ආසාදිත මී මැස්සන් හඳුන්වා දුන් විට සිදුවන්නේ කුමක්දැයි ඔහු අධ්‍යයනය කළේය. ගර්නැට් සමග මේ කටයුත්තෙහි නිරතව සිටි කීට විද්‍යාඥ ඇඩම් ඩොලේසාල් ඔවුන්  එහි දී දුටු දේ විස්තර කළේ මෙසේයි. “සිය ගණාවාසය තුළදී  ඔවුන්ගේ සහෝදරියන් වන මී වදයේ සගයින් සමග සාමාන්‍යයෙන් අන්තර් ක්‍රියා කරන නමුත් ආසාදිත මී මැස්සන්, ආසාදිත නොවන මීමැස්සන්  සමඟ සංසන්දනයේදී මුවට මුව තබා කෙරෙන සංනිවේදන අඩුවි අන්තර් ක්‍රියා කිරීම සීමා වුණා.”

black ants standing on a green leaf

How other species handle social distancing when someone is sick

mandrill-primate.

Mandrill primates practice this behaviour too.

තවද, වෛරසයකින් මී මැස්සන් ආසාදනය කරනු ලැබීම වෙනුවට ඔවුන්ගේ ප්‍රතිශක්ති පද්ධතිය කෘතිමව ක්‍රියාකාරී කළ විටද ඒ ආකාරයටම සමාජ  දුරස්ථ වීමක් පැවති බව පර්යේෂකයන්ට පෙනී ගියේය. එහෙම නම් මීමැස්සන්ගේ චර්යාව මෙහෙයවනු ලබන්නේ වෛරසයෙන් නොව මී මැස්සන්ගේම ප්‍රතිශක්ති ප්‍රතිචාරය මගිනි. මෙය තේරුම් ගත හැක්කක් යයි ඩොලේසාල් කියා සිටියි. ඉන් ගම්‍යවූයේ මෙයයි: මී මැස්සන් සිය ගණාවාසය සහ සිය රැජන රෝගයෙන් ආරක්ෂා කර ගැනීමට නම් රෝගාතුර වන මී මැස්සන් සිය පහස්නාවන්(feelers) යොදා ගනිමින් අන් මී මැස්සන් සමග භජනයට යා යුතු නැත.

“අනෙක් අය සමග ගණුදෙනු වලදී ඒ අයට එහෙම කරන්න වෙනවා. ඔවුන් විශාල  ගණාවාස වල ජීවත් වන්නේ එකිනෙකා සමග සෑමවිටම සමීප සම්බන්ධතාවයකින් යුතුවයි. එහෙම නැතුව බැහැනේ? මම විහිළුවට වගේ  කියන දෙයක් තමයි මී මැස්සෝ සමාජ දුරස්ථභාවය රකින්න පුරුදුවෙලා ඇත්තේ වසර මිලියන ගණනක් තිස්සේ ඉඳල කියලයි” ඩොලේසාල් කියා සිටියි.

අදාළ රූපය

මේ සමගම පෙනී යන දෙයක් තමයි, එක ගණාවාසයක මීමැස්සන්ට, ආසාදනය වෙනත් ගණාවාසවලට පැතිර යාම නවත්වන්න පියවර ගැනීම පිණිස පීඩනයක්  නැති සෙයක් පැවති බව. මෙහිදී වෛරසය එම තත්ත්වය එහි වාසියට හරවා ගනී. මෙම පර්යේෂණ ව්‍යාපෘතියේ සාමාජිකාවක් වන ඇමි ජෙෆ්‍රී ට නිරීක්ෂණය වූ කාරණාවක් වන්නේ අනෙකුත් ජනාවාස වල ආරක්ෂක මැස්සන්  සිය ගණාවාසයට ආසාදිත මී මැස්සන් එන විට ඔවුන් කෙරෙහි (අසාදනය නොවූ මීමැස්සන් හා සංසන්දනයේ දී)  වඩාත් අඩු ආක්‍රමණශීලී බවක් දක්වන බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස එම ගණාවාසයන්ට (පර්යේෂණ කටයුතුවලදී හඳුන්වනු ලබන විදිහට) පාලක මී මැස්සන් හෙවත් ප්‍රතිශක්ති-උත්තේජිත(control bees or immunostimulated bees) මී මැස්සන් මෙන් දෙගුණයක අනුපාතයකින් ආසාදිත මී මැස්සන් ඇතුළු වන්නේ යැයි ඇය පෙන්වා දෙයි. තමා කවුද? තමා එන්නේ කොයිබ සිට දැයි අන් අයට දැන්වීම පිණිස මී මැස්සන් යොදා ගන්නා රසායනයෙහි වෙනසක් වෛරස මගින් ඇතිවන බවක් පෙනී යයි. “ඉතින් අපි කල්පනා කරන්නේ මේ අනිත් ජනාවාස වලට වෛරසය ඇතුල්වීමේ ක්‍රමයක් වන්නේ  අනෙකුත් ගණාවාස වල ආරක්ෂක මැස්සන්ට පිළිගත හැකි වන ආකාරයට මෙම මීමැස්සන්ගේ කායික ව්‍යුහය වෙනස් කිරීම කියලයි” යනුවෙන් ඇමි ජෙෆ්‍රී පවසයි.

හැබැයි මීමැසි පාලනයේ යෙදෙන්නන්ට නම් මෙය නරක ආරංචියක් වෙන්න පුළුවනි. මන්ද ඔවුන්සාමාන්‍යයෙන් එකිනෙකට යාබද මී මැසි වද දස ගණන් හෝ සිය ගණනක් පවා පවත්වාගෙන යන නිසාවෙනි. “ව්‍යාධි කාරක සහ පරපෝෂිතයන් (මේ දෙකෙන්ම කියවෙන්නේ වෛරසය ගැනය) කරපින්නා ගෙන වැඩි අපහසුවකින් තොරව වෙනත් ඝනාවාස අතර සැරි සැරීමට මී මැස්සන්ට හැකිවෙන කදිම අවස්ථාවක් තමයි ඇත්තටම මේක”  ඒ නිසා මී මැස්සන් ගේ මෙම හැසිරීම කියාපාන්නා සේ අපට කියන්න තියෙන්නෙ මෙපමණයි: සමාජ දුරස්ථ භාවය රැකගෙන ඔබත් ඔබේ ගණාවාසයත්සෞඛ්‍ය සම්පන්නව තබාගන්න.

 

Scientific American  හී Virus-Infected Bees Practice Social Distancing  යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: