ගෝලීය වසංගතයක දී ප්‍රජා සහභාගිත්වය ඉතා වැදගත්

Posted by

ගෝලීය වසංගතයක දී ප්‍රජා සහභාගිත්වය ඉතා වැදගත්

නව කොරෝනා  වෛරසයෙන් හටගන්නා රෝගය වන කොවිඩ් 19ට එරෙහි සාමූහික ප්‍රතිචාරයේ දී ප්‍රජාවේ සහභාගිත්වය අත්‍යවශ්‍ය ය. මෙය රටක් හෝ සමාජයක් ලොක්ඩවුන් කර තැබීමේ (අකර්මන්‍ය කර තැබීම)  විධිවිධාන පිලිපැදීමේ සිට පනවා ඇති සීමාවන් ලිහිල් කිරීමේදී රටවල් ගතයුතු ක්‍රියාමාර්ග දක්වා ද,  ස්වේච්ඡා සේවය හරහා ප්‍රජාවට උපකාරීවීම හෝ  සහයෝගය දැක්වීම දක්වා ද වූ විවිධ ස්වරූප ගත හැකිය.  උපකාර කිරීමේ අවශ්‍යතාව නැතිනම් කැපවීම ප්‍රජාවන් අතර පැහැදිලිවම පවතී:  එක්සත් රාජධානියේ මිලියනයක් පමණ ජනතාව ගෝලීය වසංගත ප්‍රතිචාරයේදී ස්වේච්ඡාවෙන් උදව් දීමට ඉදිරිපත් වීම,  එමෙන්ම ලොක්ඩවුන් කර තිබියදී එකිනෙකාගේ යහපැවැත්ම ගැන සොයා බලමින් වැසියන් සිය සෙසු සහෝදර වැසියන්ට ඇප උපකාර කිරීම වැනි සරල කාර්යයන් ඉටුකරන අන්‍යෝන්‍ය ආධාර කණ්ඩායම් ලොවපුරා ප්‍රදේශ බදව ඉස්මතු වීම නිදසුන් හැටියට දැක්විය හැකිය.

වඩාත් ප්‍රශස්ත සෞඛ්‍ය ප්‍රවර්ධන සහ සෞඛ්‍ය සත්කාරක සේවා සැලසුම් කිරීමේදී, පර්යේෂණ පැවැත්වීමේ දී ක්‍රියාවට නැංවීමේදී සහ ඇගයීමට ලක් කිරීමේ දී සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ට හා විවිධ ප්‍රජාවන්ට එක්ව ක්‍රියා කිරීමට සහයෝගී සෞඛ්‍ය ප්‍රයත්න(co productions of health)  මග සලසයි

‍ප්‍රජා සහභාගිත්වයේ වැදගත්කම ගෝලීය (වශයෙන් නිකුත් කර ඇති) සෞඛ්‍ය මාර්ගෝපදේශ මගින් අවධාරණය කෙරේ. සහයෝගී සෞඛ්‍ය ප්‍රයත්න(coproduction of health) පවත්වාගෙන යාමේදී විවිධ ප්‍රජා කණ්ඩායම් වල අන්තර්දෘෂ්ටීන් හා අදහස් උදහස් ආකර්ෂණය ගැනීම අතිශය වැදගත්ය. වඩාත්ම ප්‍රශස්ත විය හැකි සෞඛ්‍ය ප්‍රවර්ධන සහ සෞඛ්‍ය සත්කාරක සේවා සැලසුම් කිරීමේදී, පර්යේෂණ පැවැත්වීමේ දී ක්‍රියාවට නැංවීමේදී සහ ඇගයීමට ලක් කිරීමේ දී සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ට හා විවිධ ප්‍රජාවන්ට එක්ව ක්‍රියා කිරීමට මෙකී සහයෝගී සෞඛ්‍ය ප්‍රයත්න මග සලසයි.

එහෙත්, මෙයට ප්‍රතිවිරුද්ධව, ගෝලීය වසංගත වලදී සිදුවන්නේ ප්‍රජාවන් ඉටු කළ යුත්තේ කුමක්දැයි රජයන් මගින් දැනුම් දෙනු ලැබීමයි. මෙහිදී ප්‍රජාවගෙන් අවම දායකත්වයක් පමනක් අපේක්ෂා කරන  බවක් පෙනීයයි. එසේ වුවද ප්‍රජාවන්ට — අවදානම් ග්‍රාහී සහ ආන්තික කණ්ඩායම් ද ඇතුලත් ප්‍රජාවන්ට — විසඳුම් හඳුනා ගැනීමට පුළුවන: සංසරණය  වන්නේ දැනුම ද නැතිනම් කටකතා ද යන්න ඔවුහු දනිති; කලංක හෙවත් කැලැල් (stigma) සහ ව්‍යුහමය බාධක ගැන අන්තර්ඥානය සැපයීමට ඔවුනට පුළුවන; එමෙන්ම සාමූහික ප්‍රතිචාර උපක්‍රම යෙදීම පිණිස සිය ප්‍රජාවේම අනෙක් අය සමග එක්ව ක්‍රියා කිරීමට ඔවුහු මනාව පෙළගැසී සිටිති. එවන් ප්‍රජා සහභාගිත්වය වැදගත්ය. මන්ද කීවොත් වැඩිදෙනාගේ කැමැත්ත නැති පියවරවලට අනුකූලතාව දක්වන්නේ අඩුවෙන්   නිසාවෙනි. එලෙස ප්‍රජාව ද එක්වී  සිටින ටින විට නානාප්‍රකාර වූ ජනතාවගේ අවශ්‍යතා පූර්ණ පරාසයක්ම ඉටු කළ හැකි අන්දමේ නවෝත්පාදනශීලීවූ ද,  සුවිශේෂීව සකස් කරන ලද්දාවු ද විසඳුම් සහයෝගීතාවයෙන් යුතුව ගෙන ඒමට ඇති අවස්ථා බෙහෙවින් වැඩිය.

වේගවත් එමෙන්ම දිගුකාලීන විපර්යාසයන්ට ලක්වෙමින් සමාජයන් අර්බුදයන්ට මුහුණ පා ඇති අසීරු අවස්ථාවල දී, ඒවාට  ලබාගත හැකි පුළුල් පරාසයක දැනුම මෙන්ම අන්තර්ඥානය අත්‍යවශ්‍යවේ. නිදසුනක් ගතහොත් කිසියම් සුවිශේෂී කණ්ඩායම්වල අතිරේක අවශ්‍යතා මෙන්ම රජයේ සීමා කිරීම හේතුවෙන් අත්විඳින ජීවිතයේ කම්කටලු  අවබෝධ කරගැනීම (විසදුම් සෙවීමෙහි ලා) තීරණාත්මකය. ලොක්ඩවුන් කර තිබීමේ  හේතුවෙන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉහළ යන බව අපි දනිමු; යම් අයිතිවාසිකම් කප්පදු වෙන අතර ඇතැම් සේවා සපයා ගැනීම් අඩපණ විය හැකි ය; ඒ ඒ පුද්ගලයාගේ ජීවිතවල අගය  යම් ආකාරයකට් ශ්‍රේනිගන්වා  ඇතැයි යන  හැඟීමක් පොදු කතිකාවන් වලින් නිර්මාණයවේ. මේ සියල්ල හඳුනාගැනීමේ දී සහ ප්‍රශමනය කරගැනීමේ දී (mitigate) සමාජයේ සියළු සාමාජිකයන් එක්ව කිරීම අවශ්‍යවේ.

අපට අතීත අත්දැකීම් වලින් මාර්ගඋපදේශ සපයා ගත හැක.  නිදසුනකට HIV, පරීක්ෂණ සහ (ඒ පිළිබඳ)උපදේශන වර්ධනය කිරීම,  ප්‍රතිකාර සඳහා ප්‍රවේශයන් සොයා බැලීම, ඖෂධ මිල පහත හෙලීමට උපකාරී වීම සහ සමාජ අපකීර්තිය අඩුකරගැනීම තුළින් HIV/AIDSවසංගතයට ප්‍රතිචාර දැක්වීමේ දී බිම් මට්ටමේ ව්‍යාපාරයන් කේන්ද්‍රීය වශයෙන් වැදගත් විය. බටහිර අප්‍රිකාවේ ඉබෝලා වෛරසය රෝග ප්‍රතිචාරයන්වල දී ප්‍රජා සහභාගිත්වය තීරණාත්මක විය. මෙලෙසම, කොවිඩ් 19 මහා වසංගතයේ පීඩන හමුවෙ සහයෝගී සෞඛ්‍ය ප්‍රයත්න අභියෝගාත්මකය. අනෙක් අතට ඒවා  සාර්ථක පවත්වාගෙන යා හැකි ප්‍රතිචාරයක මූලික අංගයකට වඩා අතිරේකව පටවන බරක් සේ පෙනී යාමේ අවදානම ද ඇත.

“(ජාතික ප්‍රයත්නවල දී)ප්‍රජාව ද එක්වී  සිටින ටින විට නානාප්‍රකාර වූ ජනතාවගේ අවශ්‍යතා පූර්ණ පරාසයක්ම ඉටු කළ හැකි අන්දමේ නවෝත්පාදනශීලීවූ දසුවිශේෂීව සකස් කරන ලද්දාවු ද විසඳුම් සහයෝගීතාවයෙන් යුතුව ගෙන ඒමට ඇති අවස්ථා බෙහෙවින් වැඩිය

ප්‍රජා සහභාගීත්වය සඳහා යහපත් යාන්ත්‍රණ ඉක්මණින් ස්ථාපිත කිරීම අසීරුය. ඉහළ ගුණාත්මක අගයෙන් යුතු සහයෝගී සෞඛ්‍ය ප්‍රයත්න සඳහා කලක් ගත වේ. දිගටම පවත්වාගෙන යාම මෙන්ම සැමගේ සහභාගිතවය  සහතික කරණු වස් ප්‍රජාවන් සහ සේවා සපයන්නන් අතර අර්ථවත් සම්බන්ධතා පෝෂණය කරමින් වර්ධනයකර ගත යුතුය. නොයෙකුත් කණ්ඩායම් සහ පුද්ගලයන් ගෙන එන විවිධ ආකාරයේ දැනුම හා අත්දැකීම් හඳුනාගැනීම හා උපයෝගී කරගැනීම පිණිස වූ අවකාශයන් කළමනාකරණය සංවේදීව හා පරෙස්සමෙන් කළ යුත්තකි.

එසේනම් කොවිඩ් 19 හා වසංගතය සම්බන්ධයෙන් වැඩදායී සහයෝගී සෞඛ්‍ය ප්‍රයත්න කඩිමුඩියේ ගොඩනගන්නේ කෙසේද?

ප්‍රථමයෙන්ම කළ යුත්තේ මහා වසංගතයට දක්වන ප්‍රතිචාරයන්ට ප්‍රජාවේ හඬ ඒකාබද්ධ කිරීම සහතික කරනු වස් රජය වහාම සුවිශේෂී ප්‍රජා සහභාගිත්ව කාර්ය සාධක බළකායක් පිහිටුවීමට සහ (ඒවාට) අරමුදල් සැපයීමට පියවර ගත යුතුය. පුරවැසියන් සමග කතිකාවක් ගොඩනැගීමට රජයට උපකාර කිරීම,  සෞඛ්‍යමය හා සමාජමය සත්කාර ක්ෂේත්‍රයන් හී ප්‍රතිචාර සමෝධානය පිණිස ක්‍රියා කිරීම හා ප්‍රතිපත්ති සුරක්ෂිත කිරීම හා අධ්‍යයනය වැනි අනෙකුත් අංශ සමග සබඳතා සම්බන්ධීකරනය පිණිස  කැප වූ නිලධාරීන් පිරිසක් අවශ්‍ය වේ.

රටවැසියන්ගේ හඬට ඇහුම්කන් දෙන බව ඔවුනට ඒත්තු ගැන්වීම Covid19 ‍ප්‍රතිචාර සම්බන්ධයෙන් ක්‍රියාකරන සැලසුම් සම්පාදකයන්ගේ වගකීමයි. අර්ථ සාධනය ඉෂ්ට සිද්ධ කරන බව සහ සිය අවශ්‍යතා ගැන ‍ක්‍රියාකරන බව ප්‍රජාවන්ට ඒත්තු ගැන්වීමට හැක්කේ එලෙසිනි

දෙවනුව, සහයෝගී සෞඛ්‍ය ප්‍රයත්න  ගොඩනැංවණු වස් Covid19 සම්බන්ධයෙන් ක්‍රියාකරන අය දැනට ඇති ප්‍රජා කණ්ඩායම්  සහ ජාල සෙවීම පිණිස සෞඛ්‍ය හා සමාජ සත්කාර අංශ හා ඉන් ඔබ්බට සොයා බැලිය යුතුය. මහා වසංගතයට ප්‍රදේශබදව, කලාපීය වශයෙන් හෝ ජාතික වශයෙන් දක්වන ප්‍රතිචාරයන් අතරට එවැනි කණ්ඩායම් වල හඬ එක් කිරීම වැදගත්ය. වඩාත්ම ආන්තික කොටස් වල නියෝජනය සහතික කිරීමට මෙන්ම දැනටමත් නිමක් නැතුව පෙරමුණේ වැඩකරමින් සිටින  සත්කාරක සේවා සපයන්නන්ගේ අදහස අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව ඇතිවන්නේ එවිටයි.

තුන්වෙනුව රටවැසියන්ගේ හඬට ඇහුම්කන් දෙන බව ඔවුනට ඒත්තු ගැන්වීම Covid19 ‍ප්‍රතිචාර සම්බන්ධයෙන් ක්‍රියාකරන සැලසුම් සම්පාදකයන්ගේ වගකීමයි. අර්ථ සාධනය ඉෂ්ට සිද්ධ කරන බව සහ සිය අවශ්‍යතා ගැන ‍ක්‍රියාකරන බව ප්‍රජාවන්ට ඒත්තු ගැන්වීමට මෙය උපකාරී වේ. සීමා කිරීම් සඳහා වූ නියෝග වඩාත් හොඳින් පිළිපැදීම සහ නිර්මාණශීලී විසඳුම් ඉදිරිපත් කිරීම මෙමගින් දිරි ගැන්වේ.

අඩුපාඩු සහ ඇතැම් ප්‍රතිචාරයන්ගේ ඍණාත්මක ඵලවිපාක හෙළිදරව් කර ඒවාට පිළියම් සෙවීමේ ක්‍රම හඳුනාගැනීමට මහජන සහභාගීත්වය ඉඩ සලසයි

ව්‍යසනයන්ට ප්‍රතිචාර දැක්වීමේදී සහ ඊට සූදානම් වීමේ දී ජනතා සහභාගීත්වය සහතික කිරීම පිණිස ගුණාත්මක බවින් ඉහල කවුරුත් සහභාගිවන යාන්ත්‍රණ අවශ්‍යවේ.  ගෝලීය වසංගතයන්ට වඩාත් හොඳ ප්‍රතිචාර  සහ සෞඛ්‍ය සේවා එක්ව ගොඩ නැංවීමට හැකි ප්‍රජාවන් සෑම සමාජයකම සිටිති. ඔවුන්ගේ හඬ ද එක් කිරීමට දේශපාලඥයන් පෙලඹිය යුතුය. අඩුපාඩු සහ ඇතැම් ප්‍රතිචාරයන්ගේ ඍණාත්මක ඵලවිපාක හෙළිදරව් කර ඒවාට පිළියම් සෙවීමේ ක්‍රම හඳුනාගැනීමට මහජන සහභාගීත්වය ඉඩ සලසයි. Covid 19 හානිය ඉක්මනින් අඩු කිරීමට මෙන්ම  අනාගතය අභියෝගවලට මුහුණ දීමට ශක්තිය ලබා ගැනීමට ද  අපට විශ්වාසය තැබිය හැක්කේ ප්‍රජා සහභාගිත්වය මතය.

 

The Lancet හී පළවන Community participation is crucial in a pandemic යන ලිපිය ඇසුරෙන් thathu.com මාණ්ඩලිකයෙකු විසින් සකස් කරන ලදී  

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.