අලාක්ෂණික Covid-19 ගැන ප්‍රශ්න 5කට පිළිතුරු

Posted by
අලාක්ෂණික Covid-19 ගැන ප්‍රශ්න 5කට පිළිතුරු

Covid-19 වසංගතය පැතිර යාම ආරම්භයේ දී කෙසේ වෙතත් රෝග ලක්ෂණවලින් තොර නැතිනම් රෝග ලක්ෂණ නොපෙන්වන ආතුරයන් ගැන දැන්  බහුලව අසන්නට ලැබෙනවා. වසංගතය පාලනය කිරීමේදී මෙය සෞඛ්‍ය අංශවලටත් ගැටලු මතු කරනවා. Covid-19 රෝග ලක්ෂණ පසුව පෙන්නුම් කරන අය අතරේ පවා ඔවුන් ආසාදිත වන අවස්ථාවේ දී කැස්ස, අධික උණ වගේ පොදු රෝග ලක්ෂණ කොහෙත්ම පෙන්නුම් නොකරන අවස්ථා තිබෙනවා. අද thathu.com සාකච්ඡා කරන්නේ, අලාක්ෂණික(asymptomatic) Covid-19 රෝගීන් සම්බන්ධ ප්‍රශ්න පහක් ගැනයි.

1.තමන්ට නොදැනීම වෛරසයක් ආසාදනය වීම හා එයට එරෙහිව සිරුර සටන් කර පහකර දැමීම කෙතරම් බහුලව සිද්ධ වෙන්නක් ද?

පොදුවේ ගතහොත් රෝග ලක්ෂණ නොමැතිව ආසාදනයක් ඇතිවීම සුලබය.  1900 ගණන්වල මුල දී, තමන්ට රෝග ලක්ෂණ කිසිවක් නොමැතිව අනුන්ට උණසන්නිපාතය රෝගය බෝ කළ සන්නිපාත මේරි (Typhoid Mary) වඩාත්ම කුප්‍රකට උදාහරණයක් විය හැකිය.

අදාල පුද්ගලයාගේ දැනුමකින් තොරව බොහෝ ආසාදන ශරීර මගින් සටන් කර පලවා හැරි අවස්ථා තමන් සහ වෘත්තීය සගයින් විසින් කොතෙකුත් දැක ඇතැයි (මෙම ප්‍රශ්න පහට පිළිතුරු සපයන) මහාචාර්ය විලියම් පෙට්‍රි පවසයි. (හෙතෙම, වර්ජීනියා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සහ ක්ෂුද්‍රජීවවිද්‍යා මහාචාර්යවරයායි). නිදසුනක් ලෙස,  පාචනය රෝගයට ප්‍රධාන ලෙස හේතු වන Cryptosporidia නම් පරපෝෂිතයා මගින්  ආසාදනය වන ළමුන් ගැන සොයා බැලීම් කිරීමේදී ඉන් අඩකට පාහේ කිසිම රෝග ලක්ෂණයක් හෝ පෙන්නුම් නොකරන බව ඔවුහු පෙන්වා දෙති. ඉන්ෆ්ලුවන්සා ආසාදන ගතහොත් 5% ක් 25 ක් අතර ප්‍රමාණයක් රෝග ලක්ෂණ නොමැතිව සිදුවන බව ගණන් බලා තිබේ.

රෝග ලක්ෂණ යනු, වැඩි කොටම, ආසාදනයකට  එරෙහිව (ශරීරය) සටන් වදින විට ඇතිවන අතුරු ඵලයකි(side effect). මේ සටන ගොඩනංවන්නට සිරුරේ ප්‍රතිශක්ති පද්ධතියට තරමක කාලයක් ගතවේ. ඉතින් ඒ නිසා සමහර අවස්ථා අලාක්ෂණික (asymptomatic) ලෙස සලකනවාට වඩා පූර්වාලාක්ෂණික (presyptomatic) ලෙස සැලකීම වඩාත් යෝග්‍යය.

  1. පුද්ගලයකු කහින්නේ සහ කිවිසුම් යවන්නේ නැතිනම් (ඒ පුද්ගලයා) කොරෝනා වෛරසය පතුරුවන්නේ කොහොමද?

කොරෝනා වෛරස රෝගියකු කහින විට හෝ කිවිසුම් අරිනවිට පිටකරන  බිඳිති වලින් පතුරුවන නිසා ඒවායින් ආරක්ෂා විය යුතු යැයි අද ලෝකයේ සිටින සෑම අයෙකුම වාගේ දනී. සෑම දෙනාම මුහුණු ආවරණයක් පැළඳිය යුතු යැයි මහජන සෞඛ්‍ය නිලධාරීන් යෝජනා කර සිටීමට තුඩුදෙන ප්‍රධාන හේතුවත් එයයි. එහෙත් කෙනකුගේ සාමාන්‍ය ප්‍රශ්වාසයන් ගෙන්ද වෛරසය පැතිරිය හැකිය යන්න එතරම් ප්‍රචලිත කාරණාවක් නොවෙයි. (කැස්ස හෝ කිවිසුම් නොව) සාමාන්‍ය ප්‍රශ්වාසයෙන් ද වයිරසය අඩංගු බිඳිති ගෙනයා හැකි නිසා එයින් ද, ආසාදනය පැතිරිය හැකිය. සාමාන්‍ය හුස්ම පිට කිරීමකදී අඩි කිහිපයක් හෝ ඊටත් වැඩි දුරකට වෛරස පැතිරීමට පුළුවන. දොර අගුළු හැඬලයක,  සුපිරි වෙළඳ සැලේ බඩු දාගෙන යන කරත්තයක වැනි කොරෝනා ආසාදිතයකු ස්පර්ශ කිරීමෙන් දූෂණය වූ පෘෂ්ඨයන් — විසපැහැසි(fomites) මගින් ද පැතිරීම සිදුවිය හැකිය.

  1. අලාක්ෂණික පුද්ගලයකු කෙතරම් රෝග බෝකරන සුළු ද (සපර්ශවාහකයද) යන්න ගැන කිව හැක්කේ කුමක්ද?

Covid-19 වැලඳුණු අයකුට, නිරෝගී  කෙනෙකු කොයි ක්‍රමයකින් වුවත්  නිරාවරණය වුවහොත් අනිවාර්යයෙන්ම රෝග බීජෞෂණ සමය වන සම්පූර්ණ දින 14ක්ම ස්වයං නිරෝධානයට පත් විය යුතුය. ඔබ නිරෝගිව පසුවන බවක් ඔබට දැනුනේ වී නමුත් අන් අයට ඔබගේ මාර්ගයෙන් වෛරසය පැතිරීමේ අවදානම එලෙසම පවතී. Covid-19 ලක්ෂණ වන උණ සහ කැස්ස මතු වීමට දින ගණනක් හෝ සතියකට වැඩි කාලයකට පෙර පවා පවතින පූර්ව ලාක්ෂණික(presyptomatic)  සමයේදී කෙනකුගේ ස්වසන ශ්‍රාවයන් හි ඉහළ මට්ටමක වයිරසය පවතින බව මෑතක සිදු කෙරුණු අධ්‍යයන දක්වයි. රෝග ලක්ෂණ නොමැතිව පුද්ගලයන් විසින් මෙලෙස වෛරසය සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව තමයි වසංගතය, ගෝලීය මට්ටමේ  වසංගතයක් බවට පත්වීමට ප්‍රධානතම හේතුව ක් වන්නේ.

To find out what percentage of people have anti-coronavirus antibodies in their blood, health departments are starting to sample the public, as at this grocery store in New York. Xinhua News Agency via Getty Images

  1. ආලාක්ෂණික ආසාදනයකින් පසුව වුවද කෙනකුගේ රුධිරයෙහි SARS-CoV-2 එරෙහි ප්‍රතිදේහ තවදුරටත් තිබිය හැකිද?

Covid-19 රෝගාතුරව සුවපත් වීමෙන් පසුවද බොහෝදෙනක් දිගටම ප්‍රතිදේහ වර්ධනය කරගනිමින් සිටිති. අලාක්ෂණිකව වැලඳුණු අයට ද එසේ වීමට හැකිය. එම ප්‍රතිදේහ, ප්‍රති-ආසාදනයකට(reinfection)  එරෙහි යම් ආකාරයක ආරක්ෂාවක් සපයනු ඇතැයි කල්පනය කිරීම අනෙකුත් කොරෝනා වෛරස ගැන විද්‍යාඥයන් දන්නා දේ අනුව සාධාරණ උපකල්පනයකි. එහෙත් තවමත්, කිසිවක් ස්ථිර කොට කිව නොහැක.

මස්තු සමීක්ෂණ(serosurveys), SARS-CoV-2  එරෙහි (ගොඩ නැගී ඇති) ප්‍රතිදේහ සඳහා සිදු කෙරෙන රුධිර පරීක්ෂාවකි. මෑතක නිව්යෝක් නුවර සිදුකළ මස්තු සමීක්ෂණවලදී හෙළි වුණේ පුරවැසියන් සෑම පස් දෙනෙකුගෙන් එක් අයෙකු ම කලින් Covid-19 ආසාදිතව ඉන්නට ඇති බවයි. තමන් ආසාදිත වූයේ ද නැද්ද යන්න ගැන අවබෝධයක් නැතිව වුවද ඔවුන්ගේ ප්‍රතිශක්ති පද්ධතිය කොරෝන වෛරසයට එරෙහිව සටන්වැද එය පලවා හැර ඇත. පෙණීයන පරිදි ඇත්තටම,  බොහෝ දෙනක් ඒ බව දැන නොසිටියහ.

5.අලාක්ෂණික Covid-19 කෙතරම් ව්‍යාප්තව පැතිරී ඇත්ද?

නිශ්චිතව කියන්නට කිසිවකු දන්නේ නැත. ඊට සාක්ෂි වශයෙන් දැනට ඇති බොහෝමයක් රස කතාන්දරය.

සමපදස්තයන්ගේ නිරීක්ෂණ වලට පාත්‍ර නොවූ, තවමත් පළකර නැති ඉතාලි අධ්‍යනයක් අනුව Covid-19 ආසාදිත(ධන)  බවටපරීක්ෂණවලින්   හෙළි වූ ජනතාවගෙන් 43%ක්ම රෝග ලක්ෂණ පෙන්නුම් නොකළහ. සැළකිල්ලට යොමුවිය යුතු කාරණය මෙයයි: පුද්ගලයින්ගෙන් ලබාගත් නියැදිවලින් සොයාගනු ලැබූ වෛරස කොපමණද යන්න පදනම් කර ගනිමින් සිදු කළ අධ්‍යයනයේ දී පර්යේෂකයන්ට පෙණී ගියේ බෝකිරීමේ හැකියාව ගතහොත්   රෝග ලක්ෂණ ඇත්ද නැද්ද යන්න ඊට බලපෑ සාධකයක් නොවන බවයි. (එක්සත් ජනපදය)රටෙහි  තැන තන සිදුකෙරෙන ප්‍රතිදේහ මස්තු සමීක්ෂණ, ආසාදිතයන් අතුරෙන් සැලකිය යුතු පිරිසක් — සමහරවිට සියයට 10 සිට සියයට 40 දක්වා පිරිසක්– රෝග ලක්ෂණ අත් නොදකිනු ඇතැයි යන්න ද මේ සම්බන්ධව දැනට ඇති සාක්ෂි වලට එක්කරයි. SARS-CoV-2 අලාක්ෂ්ණික ආසාදනය බහුලව දැකිය හැක්කක් බව පෙනී යන අතර ගෝලීය වසංගතය පාලනය සඳහා ගන්නා ප්‍රයත්න දිගටම  ව්‍යාකූලකිරීම එමගින් සිදු කරනු ඇත.

 

The Conversation හී පළවන Infected with the coronavirus but not showing symptoms? A physician answers 5 questions about asymptomatic COVID-19   යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.