අපට කිවිසුම් යන්නේ කොහොමද?

Posted by

අපට කිවිසුම් යන්නේ කොහොමද?

කොරෝනා වෛරසය මුළු ලොවම වෙලාගෙන සිටින මේ මොහොතේ කිවිසුම් යාම, කැස්ස, කෙළ බිඳිති ගැන නොයෙකුත් දේ ඔබ අසා ඇතුවාට සැක නැත. ඒත් thathu.com තුලින් අද අපි කතා කරන්නේ කිවිසුම් යන්නේ කොහොමද කියල හොයල බලන්නයි. ස්වයංක්‍රීය (ඉබේ සිදුවන) මේ ප්‍රතීක ක්‍රියාව(reflex action)  මගින්  අපගේ සිරුරෙන් අනවශ්‍ය දෑ ඉවත් කර දමනු ලබන්නේ කෙලෙසද? සොයා බලමු.

අප ආශ්වාස කරන විට  හුස්ම සමඟ ඇතුලට උරාගන්නා වාතයේ, දූවිලි රසායන සහ සිරුරට — විශේෂයෙන්ම පෙණහලු වගේ ස්වසන පද්ධතියේ අවයව වලට  හානිකර විය හැකි අනෙකුත් උත්කෝපන(irritants) අඩංගු විය හැකියි. පක්ෂම (cilia) ලෙස හැඳින්වෙන, නාස් පුඩු ඇතුළේ තිබෙන සිහින් කෙඳි මගින් මේවායින් බොහොමයක් හසුකර ගනු ලැබෙයි.. එසේ වුවද අංශු සමහරක් බොහෝවිට කෙසේ හෝ ඇතුළට රිංගා ගනී. මෙම අවස්ථාවේ ඔබේ පිහිටට පැමිණෙමින්  ඔබේ සිරුර එකී අහිතකර අංශු බලහත්කාරයෙන් පිට කර දැමීමට උත්සාහ කරයි. ඒ කිවිසුම් ප්‍රතීක චාපය (reflex arc) මඟිනි. මේ එක් හේතුවකි.

අපට කිවිසුම් යාමට බලපාන නැතිනම් හේතුවන තවත් කාරණා ගණනාවක්ම තිබේ. ඔබට සෙම්ප්‍රතිෂාව සෑදී ඇති විට නාසික ගමන්මග පවිත්‍ර කිරීමට කිවිසුම් යා හැක. එසේත් නැතිනම් ඔබ යම් දෙයකට අසාත්මික නම්  එම අසාත්මීකාරකය ඉවත් කිරීම,  ඒ වගේම දීප්තිමත්  සූර්යා ලෝකයකට පවා සමහර අයට කිවිසුම් ඇති කිරීමට පුළුවන.

යම් උත්තේජනයක් නාසයේ ස්නායු අන්ත මගින් හඳුනා ගනු ලැබූ විට ආවේග හෙවත් ආස්පන්දන මොළයට යවනු ලැබේ. මෙමගින් මනෝවිද්‍යාත්මක සිද්ධි දාමයකට මුලපුරනු ලැබේ. නොමනා අයිතමය ඉවත් කරගැනීමට මෙය ශරීරයට උදව් කරයි.

කිවිසුම් යාම පියවරෙන් පියවර

 

 

How it Works – Amazing Answers to Curious Questions(2012) ග්‍රන්ථයෙහි What makes us sneeze? යන කොටස  ඇසුරෙනි

අදාළ රූපය

අප කහින්නේ ඇයි?

විශේෂඥයන් දක්වන අන්දමට පුද්ගලයන් වෛද්‍යවරයකු වෙත යාමට වැඩියෙන්ම නැතිනම් ප්‍රධානම හේතු වන්නේ කැස්සයි. එහෙත් කැස්ස අපව ආරක්ෂා කරන බව ද වෛද්‍යවරු කියති. ආශ්වාස කළ දූවිලි හෝ ආහාර  වැනි ඔබේ පෙනහලු වලට හෝ ස්වාස නාලයට අයිති නැති දේවල් (එවායින්) ඉවතට පිට කර දමන්නේ කැස්ස මගිනි. කැස්ස හටගැනීමට හේතු වන කාරණා කීපයක් ගැන අපි දැන් සලකා බලමු.

  • වෛරස: වඩාත් සුලභ සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවට සහ ඉන්ෆ්ලුවෙන්සාවට හේතු වන වෛරසයි. මද කරදරයක් වුවත් සෙම සහිත කැස්ස ඔබගේ පෙනහළුවලින් විෂබීජ සහිත ශ්ලෙෂ්මල  ඉවත් කිරීමට උපකාරී වේ. කෙසේ වෙතත් සමහර විට සෙම්ප්‍රතිශ්‍යාවෙන් පසුව වියළි කැස්සක් ඇතිවිය හැකි අතර (එය) සති හෝ මාස ගණනාවක් පවා පැවතිය හැක. ඊට හේතුව කැසීමෙන් ඔබේ පෙනහලු උත්තේජනය වීමයි. එය තව තවත් කැස්සට මග පාදයි. එවිට එම කැස්ස පෙනහලු උත්තේජනය කරයි. මේ විදිහට චක්‍රයක් වගේ දිගටම සිදුවේ.
  • අසාත්මිකතා සහ ඇදුම: ඔබ ඒවායින් පීඩා විඳින්නේ නම් පුස්(mould) වැනි පුරන ආශ්වාස කිරීමෙන් ඔබේ පෙනහලු අධි-ක්‍රියාකාරී විය හැකියි. ඒවා එවිට ඔබට වද දෙන දේ කැස්ස මගින් ඉවත් කිරීමට තැත්කරයි.
  • උත්කෝපන: ඔබ අසාත්මික තාවයකින් පෙළෙන්නේ නැති වුවත් සීතල සුළඟ, අධික සුගන්ධය සහිත විලවුන් මගින්ද කැස්ස පූරණය විය හැකිය.
  • අපර නාසික වැස්සීම (postnasal drip): ඔබේ නාස් අවහිරව (congested) පවතින විට ඔබේ නාසයෙන් ශ්ලේෂ්මල උගුරට වෑස්සෙයි. එය කැස්ස ගෙන එයි. සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව, ඉන්ෆ්ලුවෙන්සාව, සයිනස් හෙවත් කෝටරය, අසාත්මිකතා අතුලු වෙනත් හේතු නිසාවෙන් ද නාසික වැස්සීම ඇතිවේ.

මෙයට අමතරව අම්ල ප්‍රතීකය (acid reflux) පෙනහලු ප්‍රදාහය, නිශ්ශවසනය (sleep apnea) ඖෂධ අතුරු බලපෑම් ආදිය ගැටලු ගණනාවක් ද කැස්ස හට ගැනීමට හේතු වෙයි.

WebMD වෙබ් අඩවියෙහි Why you cough  යන ලිපිය  ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.