ජනතාව ආසාදනයට ලක්කෙරෙන Covid-19 වැක්සීන පරීක්ෂණයන්ට ලෝක සෞඛ්‍ය සංවිධානය කොන්දේසි පිට අනුමතිය දෙයි.
ස්වේච්ඡාදායකයින් චේතාන්විතව Covid-19න් ආසාදනයට ලක්කෙරෙන මතභේදාත්මක වැක්සීන පරීක්ෂණයන් මගින් මේ රෝගය සඳහා වැක්සීනයක් නිපදවීමේ ක්‍රියාවලිය වේගවත් කරනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අදහස් කරයි. මෙහිදී එවන් ස්වේච්ඡාදායකයින්ට ඇතිවිය හැකි අන්තරාව නොතකමින් මෙම ප්‍රවේශය සහේතුක කරන්නේ කෙසේද යන්න ගැන එම සංවිධානය අලුතෙන් මාර්ගෝපදේශ නිකුත් කර ඇත.
ඊනියා ‘අභියෝගාත්මක පරීක්ෂණ'(challenge trials) ලෙස දැක්වෙන පර්යේෂණයන් වැක්සීන වැඩි දියුනු කිරීමෙ ප්‍රධාන ධාරාවේ ප්‍රවේශයන්ය. මැලේරියා, ටයිපොයිඩ් උණ හෙවත් උණසන්නිපාතය සහ ඉන්ෆ්ලුවැන්සාව වැනි රෝග සම්බන්ධයෙන් වැක්සීන නිපදවීමෙදී මෙම ප්‍රවේශය අනුගමනය කර ඇත. එහෙත්, පරීක්ෂන වැක්සීන ලබා දෙන එවැනි ස්වේච්ඡාදායකයෙකු දැඩි ලෙස රෝගාතුර වුවහොත් එකී රෝග සඳහා ප්‍රතිකාර ලබාගැනීමේ හැකියාව තිබේ. Covid-19 වෙනුවෙන් ආරාක්ෂාකාරී මට්ටමේ මාත්‍රාවක් නියම කර නොමැති අතර සිතූ ආකාරයට නොව වෑයම් කනපිට පෙරළුනොත් දිය හැකි නොවරදින ප්‍රතිකාරයන් ද නොමැත.
කෙසේවෙතත් මේ ආකාර වැක්සීන පරීක්ෂණ අඛණ්ඩව සිදු කළ යුතුය යන මතයට විද්‍යාඥයෝ වැඩි වැඩියෙන් නැඹුරුවෙති. එමෙන්ම, මේ අදහසට කොන්දේසි පිට සහයෝගය දක්වන නවතම ආයතනය ලෝක සෞඛ්‍ය සංවිධානයයි. ” මේ ගැන බරපතල ලෙස කල්පනා කළ හැමදෙනාම අතරේ සම්මුතියක් ගොඩනැගෙමින් තිබෙනවා” යයි මහාචාර්ය නිර් එයාල් කියයි. හෙතෙම, එක්සත් ජනපදයේ රට්ගර්ස් විශ්විද්‍යාලයේ ජනගහන මට්ටමේ ජෛව-ආචාරධර්ම කේන්ද්‍රයේ(Rutgers University’s Center for Population-Level Bioethics) අධ්‍යක්ෂවරයායි.
සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකුට මාරාන්තික විය හැකි විභවයකින් යුක්ත ව්‍යාධිකාරකයක් මගින් ආසාදනය කරනු ලැබීම ප්‍රතිභාන්විත විරෝධී යයි පෙණී යා හැකි නමුත් මහාචාර්ය එයාල්ට අනුව විසි ගණන් වයසේ පසුවෙන පුද්ගලයන් Covid-19 රෝගයෙන් මිය යාමේ අවදානම 3,000ට එකක් තරම්ය — මෙය ජෛවීව වකුගඩු ප්‍රදානය කිරීමේ අවදානමට සමාන වන්නකි. මේ අවස්ථාව ගතහොත්, අත්පත් කරගත හැකි වාසිය එක් තනි පුද්ගලයෙකුට නොව (එවන් වැක්සීනකින් ආරක්ෂාව සැලසිය හැකි) දහස් ගනනකට — බාගදා මිලියන ගණනකට විය හැකියි.
“මේ කාරණාව සලකන කොට අපට වැටහෙනවා එවැනි පරීක්ෂාවන් අනුමත කිරීම අප දැනටමත් වෙනත් වැක්සීන සම්බන්ධයෙන් අනුගමනය කරන පිළිවෙත් තරමටම පහසු බව ” හෙතෙම කියයි.
මැයි මස මුල නව මාර්ගෝපදේශ නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේ මනාව සැලසුම් කල ‘අභියෝග අධ්‍යයන’ මගින් Covid-19 සඳහා වැක්සීනයක් වැඩි දියුණු කිරීම වේගවත් කිරීමට මග පාදනවාක් මෙන්ම අවසානයේ යොදාගන්නා වැක්සීන ඵලදායී වීමට ඉඩකඩද ඉන් සැලසෙන බවයි. මෙම ප්‍රවේශය සදාචාරාත්මක වශයෙන් සධාරණීකරණය සඳහා අවශ්‍ය වන නිර්ණායක අටක් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ලැයිස්තු ගත කර තිබේ.
ස්වේච්ඡාදායකයින් ලෙස යොදාගන්නා අය වයස අවුරුදු 18ත් 30ත් අතර සෞඛ්‍ය සම්පන්න අය පමණක්වීම සහ ඔවුන් සම්පුර්ණ වශයෙන් දනුවත් කර අනුමැතිය ලබාගෙන තිබීම මේවා මගින් පණවා ඇතී සීමා අතර වේ. (තවමත්) ඵලදායී ප්‍රතිකාරයක් නැති පසුබිමක, මාර්ගෝපදේශ මගින් ‘අභියෝග පරීක්ෂණ’ ඉවත දමා නොතිබීම කැපී පෙනෙන්නකි. ඒ වෙනුවට සඳහන් කර ඇත්තේ එවන් පර්යේෂණ සඳහා ‘පිළිගත හැකි ඉහළ මට්ටම්’ අතරට අවදානම ඇතුළත් විය යුතුය යනුවෙන් පමණකි.
සිරිතක් වශයෙන් වැක්සීන පරීක්ෂාවට ලක් කරනු ලබන්නේ විශාල පුද්ගල කණ්ඩායම් යොදා ගනිමිනි. එම අයහේ ආසාදන අනුපාත, වැක්සීනය ලබා නොදුන් වෙනමම ‘පාලක කණ්ඩායමක්'(control group) සමග සංසන්දනය කරනු ලැබේ. කෙසේවෙතත්, රෝගයකට ප්‍රමාණවත් පිරිසක් නිරාවරණය කිරීමට මාස ගනනක් බලා සිටීමට සිදුවෙන අතර දහස් ගණනින් ස්වේච්ඡාදායකයින් අවශ්‍යවේ. වේගයෙන් පැතිරයන නව කොරෝනා වසංගතය වැනි මහා වසංගතයක දී ඇතැම් කලාප වල ආසදන අනුපාතයන් පහළ වැටෙන විට පරීක්ෂණ ඇනහිටීමේ අවදානමක් ඇතිවේ. මෙම තත්ත්වය මග හැරයාමට අභියෝග පරීක්ෂණ සමත්වේ.
කෙසේවෙතත් Covid-19 සඳහා පිළිගත හැකි ප්‍රතිකාරයන් නොමැතිව මෙවැනි පරීක්ෂණ පැවැත්වීමේ හැකියාව සහ ප්‍රඥාගෝචර බව ඇතැම්හු ප්‍රශ්ණ කරති.
The Guardian (Science) හී පළ වූ WHO conditionally backs Covid-19 vaccine trials that infect people යන ලිපිය ඇසුරෙනි