කොවිඩ් 19 වසංගතය හමුවේ වයෝවෘද්ධ පුද්ගලයන්
ලොව පුරා පැතිර ඇති SARS-CoV-2 මහා වසංගතය හේතුවෙන් Covid-19 රෝගය වැළඳුනොත් වයෝවෘද්ධ පුද්ගලයන් අසීරු තත්ත්වයකට පත්වීම පිණිස සාපේක්ෂව වැඩි අවස්ථාවක් ඇති බව වෛරසය පැතිරයාම ආරම්භයේදීම ප්‍රකාශ කෙරුණා. ඒ මදිවාට මහළු අය බහුතරයක් අතරේ වෙනත්, දිගට පවතින රෝග ද ප්‍රචලිතයි. සමාජය තුල වසන වයෝවෘද්ධ අය ගෙවී යන මේ අසීරු සමයේ ගත කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ උපදෙස් මාලාවක් අද අප thathu.com ම්ගින් ඉදිරිපත් කරමු.
- සිරිතක් වශයෙන් ඔබ නිතිපතා කරන දේවල් හැකිතාක් දුරට ඒ ආකාරයටම කරගෙන යන්න. ඔබ වෙනුවෙන් කාර්ය සටහනක් පිළියෙළ කරගන්න. නිදාගැනීම, ආහාරපාන ගැනීම සහ අනෙකුත් කටයුතු සඳහා එහි වේලාවන් වෙන්කර සටහන් කරගන්න.
- සමජයීය වශයෙන් සම්බන්ධවී සිටින්න. දුර කතනය භාවිත කිරීමෙන්, වීඩියෝ අමතුම්, ඩිජිටල් පණිවුඩ මගින් හෝ ලිපි මගින් දිනපතා හෝ හැකි සෑම විටක ඔබේ ආදරණීයන් සහ හිතවතුන් අමතන්න
- .සෑම දිනකම ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදෙන්න. එකදිගට දිගු වේලා වාඩිවී ගත කරනු වෙනුවට අඩුම තරමින් විනාඩි 30ක් වත් ව්‍යායාමයේ යෙදෙන දිනචරියාවකට හුරුවන්න. ඔබගේ සෞඛ්‍ය යෝග්‍යතාවයට ගැලපෙන ආකාරයේ ආරක්ෂාකාරී සහ සුදුසු ක්‍රියාකරකම් පමනක් කිරීමට වගබලාගන්න. ගෙදර දොරේ කටයුතුවල නිරතවීම ද ඔබට ශාරීරික ක්‍රියාකාරකම් සඳහා යොදා ගත හැක. නොඑසේනම් මාර්ග ගත යෝග, ටයි චි පන්තියකට බැඳෙන්න. රූපවාහිනි හෝ අන්තර්ජාලයේ සංගීත වැඩසටහන් අනුව නර්තනයේ යෙදෙන්න ද පුළුවනි.4.
- ජලය පානය කරන්න. එමෙන්ම සෞඛ්‍ය සම්පන්න, සමබර ආහාර කෑමට ගන්න. මෙය ඔබව සජලිතව තබාගැනීමට සහ ඔබගේ ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත්කිරීමට ද නිදන්ගත රෝග සහ බෝවෙන රෝග අවදානම අඩු කිරීමට ද ආධාර වේ.
5.දුම්පානයෙන් සහ මද්‍යසාර පානයෙන් වළකින්න. දුම්පානය කරන්නන් Covid-19ට ගොදුරුවීමේ වඩාත් හැකියාවක් ඇත. ඊට හේතුව, දුම්පානය පෙණහලු ධාරිතාව කෙරෙහි බලපැමක් ඇතිකළ හැකි අතර දුම්පානය හේතුවෙන් අතේ සිට මුවට වෛරස් සම්ප්රේෂනයවීමේ ඉඩකඩ වැඩිවීමයි. මද්‍යසාර පානය ඔබේ නින්ද අවුල් කිරීමට හේතුවන අතර, බිම ඇදවැටීමේ අවදානම ද වැඩිකරයි; ඔබගේ ප්‍රතිශක්ති පද්ධතිය දුර්වල කරයි; එමෙන්ම ඔබට නිර්දේශකර ඇති දැනට ගන්නා ඖෂධ සමග අන්තර්ක්‍රියා කළ හකිය. එක්කෝ ඔබගේ මද්‍යසාර පානය සීමාකරන්න නැතිනම් සම්පුර්ණයෙන් නතර කර දමන්න.
- Covid-19 ප්රවෘත්ති ආවරණයෙන් මදකට ඈත්වන්න. එක දිගට මේ පුවත් ප්‍රකාශ නැරඹීමෙන් හෝ සවන්දීමෙන් කාංසාව හා අසහනය වැනි හැඟීම් වර්ධනය විය හැකියි. කටකතා හා විශ්වාසය තැබිය නොහැකි පුවත් ආවරණ වෙනුවෙන් කාලය වැය කරනු වෙනුවට දවසේ නිශ්චිත වෙලාවල ප්‍රධාන හෝ ජාතික පුවත් යාවත්කාලින කිරීම් වලින් තොරතුරු සපයාගැනීමට උත්සුක වන්න.
7. ඔබ ප්‍රිය කරන විනෝදාංශ හෝ වෙනත් ක්‍රියාකාරකම්වල නිරතවන්න. එහෙමත් නැතිනම් අළුත් යමක් උගෙනගන්න. පොතක් කියැවීම හෝ ප්‍රහේලිකා විසඳීම වැනි ඥානාන්තාමක කටයුතුවල යෙදෙන්න. මෙවැනි ක්‍රියා ඔබගේ මනස ක්‍රියාකාරීව තබාගැනීමට මෙන්ම සිත පීඩාවට පත්වීමෙන් ඈත්කර තැබීමට ද උපකාරීවෙයි.
8. ඔබට දිගටම පවතින රෝග තත්ත්වයන් ඇත්නම් නිර්දේශිත ඖෂධ ගන්නා අතරම අනෙකුත් වෛද්‍ය උපදෙස් පිළිපදින්න. අවශ්‍ය අවස්ථාවල දී දුරකතනයෙන් හෝ වෛද්‍ය උපදෙස් ලබාගන්න.
9. Covid-19 අදාල නැති වෛද්‍යමය හදිසි අවස්ථාවකට මුහුන දීමට සිදුවුවහොත් වහාම හදිසි සේවාවන්ගේ පිහිට පතන්න. ඔබ ඊළඟට ගතයුතු පියවර ගන විමසිලිවත් වෙන්න. හැමවිටම සෞඛ්‍ය අංශවල උපදෙස් ලබාගන්න.
10. ඔබගේ දිනපතා කටයුතුවලට අවහිර වන ආකාරයට එක දිගට දින ගණනාවක් ඔබට පීඩනය, කනස්සල්ල, බිය හෝ ශෝකය ආදී හැඟීම් ඇතිවේ නම් ඔබගේ ප්‍රජාව තුල ඇති මනෝවිද්‍යාත්මක සේවාවන්ගේ සහාය පතන්න. ඔබ ප්‍රචණ්ඩත්වයට හෝ ආක්රෝශයට පත්වේ නම් ඔබේ විශ්වාසවන්තකයෙකුට කියන්න; අදාල අංශවලට දන්වන්න. ඔබේ රටෙහි මේ වෙනුවෙන්ම කැපවූ උපකාර සේවාවන් ඇත්නම් ඔබට එම සේවාවන්ගේ ද සහාය ලබා ගත හැකිය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවියෙහි Older people and Covid 19 යන කොටස ඇසුරෙනි