ඉස්කෝලේ යන්නෙත් නැතිව ගෙදරටම වෙලා ඉන්න මේ දවස්වල අප බොහොම දෙනෙක් වෙන වෙන වැඩවලට හුරුවෙලා. සමහරු වවනවා. සමහරු රූපහාහිනිය නරඹනවා. ඔය අතරේ තවත් පිරිසක් අවට පරිසරය ගැන විපරමින් ඉන්නවා. ඔන්න එතකොට අපට ඇහෙන්න පටන් ගන්නවා වෙනදා නෑසුණු ශබ්ද. ඔය අතුරෙන් වඩාත් හිත යන්නේ කුරුල්ලන්ගේ ‘කිචි බිචි’යටයි.
කුරුල්ලන් ගී ගයන්නෙ ඇයි?
බොහෝ සතුන් ශබ්ද භාවිතා කරමින් තම වර්ගයා සමග අදහස් ප්‍රකාශකිරිම සිදුකරයනවා. ඒ නමුත් ගී ගයන මිනිසුන් වගේම ගී ගයන කුරුල්ලනුත් තරමක් සුවිශේෂයි.
කුරුල්ලෝ, මිනිසුන් භාවිත කරන්නා වාගේ වචන පාවිච්චි කරන්නේ නැහැ. නමුත් ඔවුනුත් ඔවුන්ගේ ගීත ඉගෙන ගන්න ඕන. මෙය හරියට කුඩා දරුවන් ‘බහ තෝරන්න’ ඉගෙන ගැනීම සදහා තම පවුලේ අය හසුරුවන භාෂාවට ඇහුම්කන් දෙමින් ඒ අය කතාකරන බස ඉගෙන ගන්නවා වාගෙයි.(ඔය ආකාරයට තමයි සමහර මිනිස් දරුවන් ඉංග්‍රීසි ඉගෙන ගන්නා විට තවත් අය ප්‍රංශ, චීන හෝ ග්‍රීක භාෂා ඉගෙන ගන්නේ).
වෙනත් බොහෝ සතුන් ද උපත ලබන විටත්, ඔවුන්ට සන්නිවේදනය සදහා අවශ්‍ය වන ශබ්ද මොනවාදැයි දැනසිටිනවා. නමුත් කුරුළු පැටවුන්, කුරුළු ගී ගායනාව පුරුදු පුහුණුවෙන්න බොහෝ කාලයක් ගත කරයනවා…
ඔවුන් පළමුවෙන්ම කරන්නේ තම මව, පියා සහ අසල්වැසි අනෙක් කුරුල්ලන් එය සිදුකරන ආකාරයට සවන් දීමයි. ඉන්පසුව ඔවුන් තම පුහුණුවීම් කටයුතු අරඹයනවා. හැබැයි යහපත් ප්‍රතිඵල ලබාගන්න පුළුවන් වෙන්නේ හුඟාක් පුරුදුපුහුණුවකින් පස්සේ තමයි. සමහර පක්ෂීන් තම මවට සවන් දීමට ආරම්භ කරනුයේ බිත්තර කටුවෙන් එළියට පැමිණිමටත් පවා පෙර දීය. මිනිස් බිළිඳන් තම මවගේ කුස තුල සිටින විටදීත් මවට සවන් දීගෙන සිටිනවා කියනවානේ – හරියට ආන්න ඒ වාගෙයි.
විද්‍යාඥයන් සිතන්නේ කුරුල්ලන් වැඩිපුරම ගී ගයන්නේ බෝහෝවිට වෙනත් පක්ෂීන් ආකර්ෂණය කර ගැනීමට ( එම කලාව ප්‍රගුණ කිරීමට නම් ඉතින් බොහෝ පුහුණුවීම් අවශ්‍ය වනවා), සහ සමහර විට විනෝදය සඳහා ද විය හැකිබවයි.
විදහා දැක්වීම්
තම මූලික අදහස් ප්‍රකාශ කිරිමට කුරුල්ලන් සරල ශබ්ද යොදාගන්නවා.
” බලාගෙන ! ඔන්න ඔතන අනතුරක්” ( මෙම ශබ්ද ” අනතුරු ඇගවීමේ ඇඬියා හෙවත් ඇමතුම්(calls)” ලෙස හදුන්වයි), හෝ
“හලෝ, මේ මම” ( මෙම ශබ්ද ” සම්බන්ධතා ඇමතුම්” ලෙස හදුන්වයි).
නමුත් කුරුළු ගීත, ඉහත කී ඇඬියා වර්ග වලට වඩා සංකීර්ණ වන අතර සාමාන්‍යයෙන් ඔවුන් ඒවා යොදාගන්නේ තම ” වැඩ පෙන්වීම” සදහා කරන විදහා පෑම් හැටියටයි.
විවිධ වර්ගයේ සංකීර්ණ ගීත ගොන්නක්ම පුරුදු පුහුණුකිරිම සඳහා කුරුල්ලන් බෝහෝ කාලයක් සහ ශ්‍රමය වැයකරනවා. බොහෝවිට තමන්ගේ මේ විශිෂ්ට ගීත එකතුව තුලින් අන් අය මවිතයට, විශ්මයට පත්කරන්න ඔවුන් සමත් වෙනවා.
ඇතැම් පක්ෂීන්, අනිත් කුරුල්ලන්ගේ ශබ්ද අනුකරණය කරමින් ගායනා කිරීමට පුරුදුව සිටින නිසා නිසා ඔවුන් සන්තකයේ සාපේක්ෂව විශාල ගී එකතුවක් තියෙනව. සිනාසෙන කොකබුරා(kookaburras) සහ අනෙකුත් පක්ෂීන් අනුකරණය කරන විස්මිත ලයර්බ්(ර්)ඩ් (lyrebird) ට මෙතනින් සවන් දෙන්න !
ගැහැණු ,පිරිමි භේදය නැහැ – පක්ෂීන් කවුරුත් ගීත ගායනවා
කැනඩාව හෝ උතුරු අමෙරිකාවේ හා යුරෝපයේ වෙනත් ප්‍රදේශ වල ජිවත් වන අයට ඇසෙන කුරුළු ගී බොහොමයක්ම පාහේ පිරිමි කුරුල්ලන් ගයන ඒවා. ඇයි එහෙම වෙන්නේ?. කුරුලු කෙල්ලන් (කිරිල්ලියන්) ආකර්ෂණය කරගැනිමට හා ආහාර හෝ තම භූමිය (වාසස්ථාන) වැනි තමාගේ සන්තක දේ වලින් අනෙක් පිරිමි කුරුල්ලන් ඈත් කර තැබිමට තමයි ‘කුරුලු කොල්ලෝ’මෙලෙස ගී ගයන්නේ.
ඒත් ඉතින් කුරුලු කෙල්ලොත් සින්දු නොකියා අතහරින්නේ නැහැ. ඒ පුරුද්ද පැවත එන්නේ ගීගයන පක්ෂී පෙලපත පලමුව ඔස්ට්‍රේලියාව අවට ලෝකයේ ආරම්භ වූ කාලයේ ඉඳලාමයි. ඉතින් වර්තමානයේදී ද , ඔස්ට්‍රේලියාවේ සහ ඒ අවට ලෝකයේ ජිවත් වන මිනිසුන්ට ඇසෙන ගීත ගායනා කරනවා ඇත්තේ බොහෝ විට ගැහැණු කුරුල්ලෙකු(කිරිල්ලියක) වීමට ඉඩ තියෙනවා.
ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම ගීත ගායනා කරන කුරුල්ලන් අතරද, ඔවුන් එක්ව ඇතැම්විට එකට එක්ව යුග ගී (duets) නිර්මාණය කරනවා.
කිරිල්ලියන් ගී ගයන්න ඇයි ද යන්න ගැන අප වැඩි යමක් නොදන්නා නමුත් ඔවුන් ද තම ‘උජාරුව’ විදහා දැක්වීම සදහා මෙසේ ගායනා කරන බව අපට සිතන්න පුළුවන්. හොඳ සැලකිල්ලෙන් ඉඳලා මේ ගැන වැඩි යමක් හොයා ගත්තොත් අනෙක් අය සමග ඒ තොරතුරු බෙදා හදා ගන්නකෝ !
ආශ්වාදය සදහා ?
මිනිසුන් විසින් සංගීත නිර්මාණය කිරීමෙන් හා ඒව රසස්වාදනයෙන් ලබන සතුටට සමාන ලෙසකටම කුරුල්ලන්ට ද, තම ගීත ගායනා කිරීමේ හැකියාව තුලින් සතුටක් දැනෙනවා වත් ද? කාලාන්තරයක් පුරාවටම මෙම පැනයට පිළිතුර දීමට නොහැකි වී තිබෙන්නේ කුරුල්ලන්ගේ හැගීම් පිලිබඳව යමක් දැනගැනීමට ක්‍රමයක් අප සතුව නොමැති විමෙනි. කෙසේ නමුත් අප සතුටට පත්ව ඇති මොහොතක අපගේ මොළයේ සිදුවන දේ පිලිබඳව සොයා ගෙන් ඇති කරුණු මෑතකදී විද්‍යාඥයන් (සිය පර්යේෂණ කටයුතු සඳහා) භාවිතය ආරම්භ කරලා තියෙනවා. ගී ගායනය තුලින් කුරුල්ලන් හට ද සතුට ගෙනෙන හැගීමක් ඇතිකරයි ද යන්න සොයා බැලීමට මේ නව දැනුම යොදා ගැනීමට ඔවුන් උත්සාහ කරනවා.
මේ සම්බන්ධ ප්‍රථම සොයා බැලීම් වලින් පෙනී යන්නේ, කුරුල්ලෙකු කෙළින්ම තවත් කුරුල්ලෙකුට ගී ගායනා කරන විට ප්‍රථම ප්‍රතිඵලය ලෙස අනෙක් කුරුල්ලගේ ප්‍රතිචාරය සැලකෙන බවයි. එහෙම වුනත්, තමන් අසල ප්‍රතිචාර දැක්වීමට වෙනත් පක්ෂීන්නොමැති වුවද ඇතැම් කුරුල්ලන් ගීත ගායනාව සිදුකරනව. එම නිසා අපට යම් සතුටක් දැනෙන විට ගීයක් මුමුණන්න මිනිස් අපි හිතෙනවා වගේ පක්ෂී මොළයේ රසායනික විපර්යාස ඇතිවී යහපත් හැගීමක් ඇතිවන මොහොත ගත කිරීමට ඇතැම් විට කුරුල්ලන් ද ගී ගයනවා විය හකියි(නිතර ගීත ගායනා කිරීම, මිනිස් අපට සතුටක්, ආශ්වාදයක් ගෙන දෙන්නක්).
Curious Kids: Why do birds sing? ඇසුරෙන් පරිවර්තන කර සකස් කළේ: අරුණි අමාෂා (Thathu Creators)