හිටි අඩියේම ගඳ සුවඳ නොදැනී ගියාද?

Posted by

හිටි අඩියේම ගඳ සුවඳ නොදැනී ගියාද?

උදේ පාන්දර නැගිටින කොට වෙනදාට දැනෙන කෝපි කෝප්පයේ සුවඳ එක වරම වගේ දැනෙන්නේ නැතුව ගිහිල්ලා ද? එහෙමනම් කල්පනාකාරී වන්න! හදිසියෙ ගඳ සුවදදැනී යාම නතර වීම (නිර්ඝ්‍රාණය= anosmia)  Covid-19   රෝග ලක්ෂණ අතරට එක් කළ යුතුය කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය දැන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා.  ඒ අනුව එක්සත් රාජධානියේ ආණ්ඩුව වහාම එය ඉටු කරලා තියෙනවා බවට ප්‍රකාශයක් (මැයි 16 දා) නිකුත් කරලා ඇත්තේ මෙසේය. “අද සිට අලුතෙන් කැස්සකින් හෝ උණ හෝ නිර්ඝ්‍රාණය හටගන්නා සෑම පුද්ගලයකුම ස්වයං හුදකලා විය යුතුයි“ හදිසියේ ඇතිවන  නිර්ඝ්‍රාණය මෙලෙස රෝග ලක්ෂණ ගොන්නට එක් කර තිබීම වැදගත්. මන්ද එය Covid-19    ආසාදනය වීමේ මුල් රෝග ලක්ෂණයක්. සමහරවිට එකම රෝග ලක්ෂණයත් විය හැකියි නිසයි. අනික උණ වගේම එයත් පරීක්ෂණාගාර පරීක්ෂණයකින් තොරව අපට හදුනාගත හැකි රෝග ලක්ෂණයක්ද වෙන නිසයි. මෙයින් අපට කියන්නේ, අපි සැවොම ස්වයං-හුදකලාවීමට(self-isolate) ලක් වෙමින් මෙම ඉඟියට ප්‍රතිචාර දක්වන්නේ නම් වෛරසය පැතිරයාම අපට අඩු කරගන්න පුළුවන් බවයි.

 

ගඳ සුවඳ නොදැනී යාම Covid-19 රෝගයට සම්බන්ධ බවට මුලින් ම පාහේ හෝඩුවාවක් සැපවූයේ මුහුණු පොතේ පළ වී තිබූ පෝස්ටුවකිනුයි.  එම පෝස්ටුව පල කරමින් එම කන නාසය හා උගුර රෝග විශේෂඥවරය(ear, nose and throat හෙවත් ENT) කියාසිටියේ හදිසියේම ඔහුට ගඳ සුවඳ දැනීම අහිමි වී ගිය බවකුයි. ඉන් පසුව ක්‍රම ක්‍රමයෙන් ඒකාරාශී වූ සාක්ෂි මගින් කොවිඩ් – 19, නිර්ඝ්‍රාණයට තියෙන සම්බන්ධතාවය තහවුරු වුණා. නිර්ඝ්‍රාණය හෙවත් ගඳ සුවඳ නොදැනීම අත්දකින අය වෙනුවෙන්ම කැපවුණු සංවෘත මුහුණුපොත කණ්ඩායම්වල සාමාජිකත්වය පිම්මේ වර්ධනය වුනා. “anosmia” යන වදන ගැන ගූගල් සෙවීම් ඉහළ ගියා. මීට අදාලව වැඩි අවධානය ඇද ගැනීමට සමත් වූ සිද්ධි ගැන මාධ්‍ය වාර්තා පළ වන්නට පටන් ගත්තා. කන නාසය උගුර විශේෂඥයෝ කියන්නේ, ENT විශේෂඥ වෛද්‍යවරුන් වෙත නිර්ඝ්‍රාණය සඳහා ප්‍රතිකාර පතා එන පිරිස් වැඩි වූ බවය.

මේ අතර සිය රෝගීන්ගේ අත්දැකීම් පදනම් කර ගනිමින් එම විශේෂඥයෝ සිද්ධි අධ්‍යයනය පළ කරන්නට පටන් ගත්තා. රෝගීන් බොහොමයක් සෞඛ්‍ය සත්කාරක සේවා වෘත්තිකයන්. මේ එක් අයෙකුවන ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකු බොහෝ රෝග ලක්ෂණ කිසිවක් නැතුව ගඳ-සුවඳ අනඝ්‍රායීතාව ගැන පමණක්  වාර්තාකර සිටියා.  දින දෙකකට පසුව ඔහු Covid-19 ධනාත්මක යයි පරීක්ෂාවේ දී අනාවරණය වුණා.

හදිසියේම නිර්ඝ්‍රාණය හටගැනීම හඳුන්වනු ලැබූයේ,  Covid-19  සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවෙන් හෝ ඉන්ෆ්ලුවන්සාවෙන් වෙන්කර දැක්වීමට මග පාදන නව සොයා ගැනීමක් ලෙසයි. SARS-CoV-2 වෛරසයේ දර්ශකයක් ලෙස නිර්ඝ්‍රාණය පිළිගත යුතු යැයි කියා සිටිමින් මුල් කාලයේදීම වාගේ  වාගේ   ENT-UK සහ ඝ්‍රාණවේදය පිළිබඳ බ්‍රිතාන්‍ය සංගමය(British Rhinology Society) මගින් ප්‍රකාශයක් නිකුත් කරණු ලැබුවා.  කෙසේවෙතත් සිද්ධි අධ්‍යයන හා උපඛ්‍යාන මගින් ඉදිරිපත් කරනු ලබන සාක්ෂි බලගතු නමුත් ඒවා විද්‍යාත්මක අධ්‍යයන වලට අවශ්‍ය විශාල දත්ත කට්ටලවලින් තොරයි.

අදාළ රූපය

ප්‍රථම විශාල දත්ත කට්ටලය පැමිණියේ  ඉරානයෙන්. 10,000ක්  දෙනා යොදාගෙන කරනු ලැබූ මෙම අධ්‍යයන නිර්ඝ්‍රාණය සහ කොවිඩ් 19 අතර සහසම්බන්ධතාවක්(correlation) පෙන්නුම් කළා. දෙවෙනියට විශාල දත්ත කට්ටලය  ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත්තේ ලන්ඩනයේ කින්ග්ස් කොලීජියේ  කණ්ඩායමක් මඟිනි. Global Consortium for Chemosensory Research (GCCR) ආයතනයේ ප්‍රථම සමීක්ෂණයේ ප්‍රතිඵල පෙන්නුම් කරන්නේ Covid-19  රෝග ලක්ෂණ වාර්තා කරන්නන් අතර 80% කටම සාමාන්‍යයෙන් ගඳ සුවඳ දැනීමේ හැකියාව පහත වැටී ඇති බවයි.

අදාළ රූපය

උපඛ්‍යාන සාක්ෂිවලට මෙම සමීක්ෂණ යම් බරක් එකතු කළත්,  ඒවායේ යම් යම් සීමාවන් ඇත. ප්‍රධානතම කාරණාව වන්නේ තමන්ට ගඳ සුවඳ නොදැනී යන බව වාර්තා කරන්නේ ඒ අයම(රෝගි බවට පත්ව ඇතැයි සිතන අයම) විසින් වීමයි. ඒ කියන්නේ ගඳසුවඳ දැනගැනීමේ ඔවුන්ගේ හැකියාව සායනික වශයෙන් ඇගයීමකට ලක් කිරීමක් නොමැතිවය. අනෙක් අතට, රෝහල් සහ කන උගුර නාසා සායන(ENT clinics) පදනම්කරගත් අධ්‍යයන Covid-19  තත්ත්වය හා සිද්ධි අධ්‍යයන වඩාත් ස්ථිර භාවයකින් නිර්ණය කිරීමේදී වැදගත් සාක්ෂි සපයයි.

මුල්ම වාර්තාව සැපයුනේ චීනයෙන්. එහිදී පර්යේෂකයන් වාර්තා කළේ රෝගීන්ගෙන් සියයට පහකට පමණක් ආඝ්‍රාන හැකියාව නැතිව ගොස් ඇති බවයි. එහෙත් ඉන්පසුව පිළිවෙලින් ප්‍රංශය ඉතාලිය සහ එක්සත් ජනපදය යන රටවලින් Covid-19  ධනාත්මක බවට වාර්තා කළ රෝගීන් අතරින් 86%ක් 64%ක් සහ 68%ක් ගඳ සුවඳ දැනීම අහිමිවී ගොස් ඇතැයි වාර්තා වුණා.  මේවා අතරින් වඩාත් ප්‍රබල සාක්ෂියක් ඉරාන අධ්‍යයනයකින් සැපයිණ. මෑතක එළිදැක්වූ වූ අධ්‍යයන පිළිබඳ සිදුකෙරුණු ක්‍රමානුකූල සමාලෝචන හෙළිකරන්නේ Covid-19 සහ නිර්ඝ්‍රාණය අතර දැඩි සම්බන්ධතාවක් ඇති බවයි.

(කෙනෙකුගේ) නිර්ඝ්‍රාණය පිළිබඳ මුලින්ම ඉඟිය ලැබෙන කාලවේලාව ද වැදගත්ය. අධ්‍යයන ගණනාවක්ම වාර්තා කරන්නේ අනෙකුත් රෝග ලක්ෂණ පහළ්වීමට පෙර හෝ එසේත් නැතිනම් එකම රෝග ලක්ෂණ ලෙස හෝ නිර්ඝ්‍රාණය පැමිණෙන බවයි. එක්සත් ජනපද අධ්‍යනයක්   හා චීන කණ්ඩායමක අධ්‍යනයක් මෙය සනාථ කරයි.

 

එහෙත් නිර්ඝ්‍රාණය සහ රෝගය වැළඳීමේ හැකියාව අතර සම්බන්ධය තවමත් අපැහැදිලිය. මෙහි දැක්වුණු සාක්ෂි සියල්ල එක්කොට ගත් කල ගඳ සුවඳ නොදැනී යාම Covid-19  සම්බන්ධ බවට සැකයක් තිබිය නොහැකි බවක් පෙණී යනවා. එසේ වුවද මෙය තව තවත් දත්ත ලබාගෙන ඉක්මනින් සොයා බැලිය යුතු ක්ෂේත්‍රයකි. මේ අතරවාරයේ හොදම ක්‍රියාමාර්ගය වන්නේ යම් අයෙකුට ගඳ සුවඳ නොදැනී යාම නිරීක්ෂණය වුවහොත් වහාම ස්වයං හුදකලා බවට පත් වී, අනතුරුව ඉදිරි පියවර ගැනීමයි.

(Jane Parker Associate Professor, Flavour Chemistry, University of Reading, Carl Philpott Professor of Rhinology and Olfactology, University of East Anglia  සහ Tristram Wyatt Senior Research Fellow, University of Oxford සහ යන අය විසින්  The conversation සඳහා සකස් කල ලිපියකිනි)

The conversation හී පලවූ  Sudden loss of smell – why it is a reason to self-isolate යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.