මැලේරියාවට දෙන ඖෂධ ඇත්තටම Covid-19 රෝගීන්ට හානිකර විය හැකියි
SARS-CoV-2 මහා වසංගතය හමුවේ පමනක් නොව ඕනෑම ක්ෂේත්‍රයක විශේෂඥයන් සාක්ෂි පදනම් කරගනිමින් එමෙන්ම විද්‍යාත්මකව ඉදිරිපත් කෙරෙන නිර්දේශ නොතකා ක්‍රියා කිරීමෙන් රටක ජනතාවට කෙතරම් දුරට සෙතක් වේ ද?
අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රවර්ධනය කරනු ලබන ප්‍රති-මැලේරියා ඖෂධ වන hydroxychloroquine සහ chloroquine කොරෝනා වෛරස රෝගින්ට උපකාරී නොවූවා පමනක් නොව සැබවින්ම ඔවුනට හානිකර වන්නට ඇතැයි ද නව අධ්‍යනයක් දක්වයි. මේ අධ්‍යයනයට පදනම් කරගෙන ඇත්තේ මෙම ඖෂධ ගත් රෝගීන් 15,000 ගේ පමන සහ ඖෂධ නොගත් 81,000ක් රෝගීන්ගේ වාර්තාය. The Lancet නම් ලොව පිළිගත් සුප්‍රකට සඟරාවෙහි පල කෙරුණු මේ අධ්‍යයන වාර්තාව අනුව පෙර කී ප්‍රති-මැලේරියා ඖෂධ Covid-19 රෝගීන් අතරේ අස්වභාවික හෘද ස්පන්දනයන් අතිකිරීමේ ඉඩ කඩක් ඇත. තවද, ඔවුන් මියයාමේ ඉඩ ප්‍රස්ථාවද වඩාත් අධිකය.
පසුගිය මාසයේ එරට ආහාර සහ ඖෂධ පරිපාලනය(Food and Drug Administration – FAO) නිකුත් කළ අනතුරු හැඟවීම නොතකමින් වෛරස ආසාදනයක් ඇතිවීම වළක්වා ගැනීම පිණිස තමන් දිගටම hydroxychloroquine ගන්නා බව ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. FAO නිකුත් කළ අනතුරු හැඟවීමෙහි දැක්වෙන්නේ මෙම ඖෂධය ගත යුත්තේ සායනික පරීක්ෂාවනට ලක්කෙරෙන රෝගීන් හෝ හෘද රෝග ගැටලු නිරීක්ෂණයට පහසුකම් ඇති රෝහල්වල් දී පමණක් බවයි.
Covid-19 හමුවේ මෙම ඖෂධයේ ඵදායීතාව හුවා දැක්වීමට ජනාධිපතිවරයා ගන්නා උත්සාහය වෛද්‍ය විශේෂඥයන්ගේ දෝෂ දර්ශනයට ලක්වන අතර වාර්තාවී ඇති ආකාරයට මේ ඖෂධය ගන්නා ඇමරිකානුවන්ගේ සංඛ්‍යාවෙහි වැඩිවීමකට මග පාදා තිබේ. පසුගිය මාර්තු මාසයේ දී ට්‍රම්ප් මුලින්ම මෙහි වරුණ දක්වා පැය ගාණක් ගතවත්ම, සිල්ලරට ඖෂධ අළෙවිකරන එරට පාමසී වලට ඖෂධය ඉල්ලා වට්ටෝරු ගලා ආවේය. මෙය පෙර කලෙක ලැබුණු ඉල්ලීම්වලට වඩා බෙහෙවින් වැඩිවීමක් ලෙස සලකිණ.
මෙම අධ්‍යයනය සැලකෙන්නේ නිරීක්ෂණාත්මක අධ්‍යයනයක්(Observational Study) ලෙසිනි. ඉන් අදහස් කෙරෙන්නේ ඖෂධය දීමට හෝ නොදීමට රෝගින් (අධ්‍යයනය සඳහා) අහඹු ලෙස තෝරා නොගත් බවයි. එය පදනම් වී ඇත්තේ ලොවපුරා රෝහල් 671 කොරෝනා වෛරස රෝගීන් 96,032කුගෙන් ලබාගත් දත්ත මතය. මේ ආකාරයේ නිරීක්ෂණාත්මක අධ්‍යයනවලට ඖෂධවල ආරක්ෂාකාරී බව සහ ඵලදායී බව ගැන නිශ්චිත සාක්ෂි සැපයිය නොහැක.
එය එසේවුව ද අධ්‍යයනයේ කතුවරු නිර්දේශ කරන්නේ මෙම ඖෂධ සායනික පරීක්ෂණ කටයුතුවලින් බැහැරව භාවිත් නොකළ යුතු බවයි. ක්ෂණික අවශ්‍යතාව වන්නේ මනාව පාලනය කෙරුණු පරීක්ෂණ බව ඔවුහු පෙන්වා දෙති. ලොව පුරා දැනටමත් සායනික පරීක්ෂන ගණනාවක් ක්‍රියාත්මකයි.
මේ අතර Science සඟරාවෙහි පළවන තවත් වාර්තාවක දැක්වෙන්නේ Covid-19 රෝගයට ප්‍රතිකාර පිණිස යයි දැක්වෙන ශාකමය ප්‍රතිකාර, ඖෂධ ප්‍රතිරෝධයට මග පෑදිය හැකි බවට අනතුරු හැඟවීම් කෙරෙන බවයි. සාර්ථක බව මෙතෙක් ඔප්පුවී නොමති Covid-Organics නම් මෙම ශාකමය ඖෂධය Covid-19 රෝගයට ප්‍රතිකාරයක් ලෙස අප්‍රිකානු රජයන් කිහිපයක්ම විශ්වාසය තබා ක්‍රියා කරයි. මේවා මැලේරියාවට ඖෂධ ප්‍රතිරෝධයක් ගොඩනැගීමට මග පෑදිය හැකි බවට විද්‍යාඥයෝ අනතුරු හඟවති.
ව්‍යවහාරික පර්යේෂණ සඳහාවූ මැලගාසි ආයතනය(Malagasy Institute of Applied Research – IMRA) දක්වන අන්දමට Covid-Organics ප්‍රධාන අන්තර්ගත ද්‍රව්‍යය Artemisia annua හෙවත් sweet wormwood ය. artemisinin නම් ප්‍රති-මැලේරියා ඖෂධය තනනු ලබන්නේ එයිනි.
New York Times හී පලවූ A new study found that hydroxychloroquine, the antimalaria drug promoted by President Trump, may actually harm corona avirus patients සහ AAAS Science (15/ 05/2020) පලවූ Herbal remedy raises alarm DRUG RES ISTANCE යන ලිපි ඇසුරෙනි