සැමට විදු නැන නුවණ – Science Literacy for All

විටමින් D සහ කොවිඩ් 19 ගැන මතිමතාන්තර

විටමින් D සහ කොවිඩ් 19 ගැන මතිමතාන්තර

විටමින් D  ඌනතාව කොවිඩ් 19 රෝගී තත්ත්වය තවත් උග්‍ර කිරීමට ඉඩ ඇතැයි යන මතය ක්‍රමයෙන් පිළිගැනීමට ලක් වෙමින් පවතී. මේ මතය කෙතරම් ඉහළට එස වෙමින් පවතින්නේ ද කියතොත් (ජනතාවට) ප්‍රමාණවත් අයුරින් විටමින් D ලැබීම සහතික කරවනු වස් යම් පරිපූරක නිෂ්පාදන ගැනීම ගැන ජනතාව සලකා බැලිය යුතුයැයි ප්‍රධාන පෙළේ වෛද්‍ය නිලධාරීන් හා දේශපාලඥයන් කියා නොසිටින්නේ මන්දැයි යන්න ගැන අප විමතියට පත් වන අවස්ථාවකට එය පැමිණ තිබේ. එහෙත් විටමින් D,  මැජික් ඔසුවක් සේ කොවිඩ් 19 රෝගය සුව කරාවි යනුවෙන් පවසා සිටීමක් ලෙස මෙය සැලකිය යුතු නොවේ.

විටමින් ගැනීමෙන් සැමදෙනාටම ධනාත්මක ප්‍රතිඵල අත්පත් කරගත හැකි වුවත්, විටමින් යනු ඖෂධයක්, චිකිත්සාවක් නොවෙයි. විටමින් ඇත්තටම ඌණ පූරනය සඳහා(අඩු පුරවන්න) තිබෙන දෙයකි. විටමින් මදි වන්නේ නම් ශරීරයට එය හානිකර වුණත්  අනෙක් අතට ශරීරයට අවශ්‍ය විටමින ප්‍රමාණවත්ව ඇත්නම්  වැඩිපුර ගත්තාය  කියලා වුණත් අතිරේක වාසි ඇති කරන්නේ නැත. ඇත්ත වශයෙන්ම විටමින් බොහෝමයක් – ඔව් විටමින් D ඇතුළු විටමින් බොහොමයක් උවමනාවට වඩා ගත්තොත් එය ධූලකයි(විෂයි). කෙසේ වෙතත් බොහෝ දෙනා විටමින් D ඌනතාවයෙන් පෙළෙන  බවත් ඇත්තයි. විශේෂයෙන්ම සීත කාලය අවසානයේ එහෙම වෙන්න හේතුවක් තියෙනවා. විටමින් D  කියන්නේ  ඔබේ සම මත පතිත වන පාරජම්බුල කිරණ මගින් සුවිශේෂීව නිපදවන්නක්. එය මාළු සහ අනෙකුත් ආහාර වලිනුත් තරමක් ලබා ගන්න පුළුවන්. ඒත් සාමාන්‍යයෙන් එය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඉතින් බොහෝ දෙනෙකුගේ විටමින් D මට්ටම පෙබරවාරි හෝ මාර්තු වෙනකොට පහළ මට්ටමකට වැටෙනවා. මොකද ඒ වෙද්දි සූර්යාලෝකය හීන වෙලා විශේෂයෙන්ම එහි පාරජම්බුල කිරණ පිටවීම අඩු වෙලා තමයි තියෙන්නේ(මෙහි සඳහන් වන්නේ ඝර්ම කලාපිය රටවල තත්ත්වය ගැන නොවේ — සංස්කාරක). කොහොම වුණත්, ශීත සෘතුවේදී විටමින් D පරිපූරකව ගන්නැයි මහජන සෞඛ්‍ය අංශ ජනතාවට කියාසිටින්නේ බොහොම කාලයක ඉඳලයි.

වැඩිහිටි පිරිස් ඇතුළුව නිවාස ඇතුළෙම කාලය ගත කරන අයගේ,  ඒ වගේම තද පැහැ සමක් ඇති අයගේ විටමින් D මට්ටම විශේෂයෙන්ම පහල වැටෙනවා. විටමින් D  ආරක්ෂාකාරි මට්ටම හැටියට  සෑම මිලිලීටර් එකටම නැනෝග්‍රෑම් දහයක් හෝ ඊට වැඩි විය යුතු යයි පොදු සම්මතයක් තියෙනවා. එහෙත් මෑතක සිදු කළ අධ්‍යයනයකින් හෙළි වුණේ මැන්චෙස්ටර් හි ජීවත්වන දකුණු ආසියානුවන්ගේ සාමාන්‍ය මට්ටම ශීත සෘතුවේදී (නැනෝග්‍රෑම්) 5.8 ක් ලෙසද ගිම්හාණයේදී 9ක් ලෙස ද වශයෙන් පවතින බවයි. ඒ කියන්නේ වසර පුරාම  අවශ්‍යතාවයට වඩා අඩු මට්ටමක් පැවති බවයි. තද පැහැ සම සූර්යාලෝකය බලපෑම් අඩු කරනවා. ඒ වගේම තමයි, වැස්මක් පැළඳිමේ(veiling) සංස්කෘතික අංගයෙන් ද එවැන්නක් සිදු වෙනවා. ඌරු මස් වලින් සාදාගත් ජෙලටින් අඩංගු පරිපූරක නිෂ්පාදන  ලබා ගැනීමට ඇතැම් මුස්ලිම් භක්තිකයන් දක්වන අකමැත්ත හේතුවෙන් ද එවැන්නක් සිදුවිය හැකියි.

ඉහළ ස්වසන මාර්ගයේ ආසාදන හෝ සෙම්ප්‍රතිෂ්‍යාවයෙහි  උග්‍රතාව හෝ එය ඇතිවන සීඝ්‍රතාව වැඩිවීමට විටමින් D ඌනතාවයෙහි යම් සම්බන්ධයක් ඇතැයි අප දැන් සිටින්නේ  දීර්ඝ කාලයක සිටයි. එවැනි ආසාදනවල අවදානම විටමින් D  පරිපූරක මගින් අඩු කෙරෙන බව දැක්වෙන ඇතැම් අධ්‍යයනවලින් ද මේ සරල බලපෑම පිළිබඳ අදහස තව දුරටත් තහවුරු වෙනවා. එවන් අධ්‍යයනවල යම් සංඛ්‍යාලේඛනමය අඩුපාඩු නැතුවා නොවේ. එහෙත් ඒවා අප වෙත ලැබෙන්නේ පිළිගත් වෛද්‍ය විද්‍යාඥයන්ගෙන් මිස පරිපූරක නිෂ්පාදන කර්මාන්තයෙන් පිටකරන වංචාකාරී ප්‍රකාශන හා ලේඛන මගින් නොවේ.

විටමින් D  සහ කොවිඩ් 19 ගැන විශේෂයෙන් සලකා බැලුවොත්? විවිධ ප්‍රදේශවල, විවිධ අංශවලින් නොයෙකුත් තොරතුරු නිරතුරුව ලැබෙමින් පවතී. ඒවායින් දැක්වෙන ප්‍රධාන පණිවිඩය ලෙස පෙනී යන්නේ, විටමින් D ඌනතාව ඔබ කොවිඩ් 19 රෝගයෙන් දැඩිව රෝගාතුරවීම වැළැක්වීමට ආධාරයක් වීමට හෝ නොවීමට පුළුවන් වුණත් කොවිඩ් 19 නිසා ඔබ දැඩිසේ රෝගාතුර වීම කෙරෙහි බලපෑමක් ඇතිවන බවයි.  කොවිඩ් 19 අවදානම සම්බන්ධයෙන් විටමින් D  ඌනතාවය යම් කාර්යභාරයක් ඉටු කරන බවට ප්‍රබල සාක්ෂි ඉදිරිපත්වෙන බව වඩාත් මෑතක චිකාගෝ හි දී සිදුකළ අධ්‍යනයක් දක්වයි. ජනතාව අතර ව්‍යාප්ත ආකාරයකට විටමින් D  ප්‍රතිකාර සැලසුම් කොට  අනතුරුව එවැනි මැදිහත් වීම් වල ඵලදායිතාව පරික්ෂා කිරීමට හා ඇගයීමට ලක් කිරීමට ද ක්‍රියා කළ යුතු යැයි ඉන් කියැවේ.

එංගලන්තයේ උතුරුකරයේ වැඩි කාලයක්ම නිවසට වී වසන, ශරීර බර වැඩි, තද පැහැ සමකින් යුතු වයෝවෘද්ධ පුද්ගලයකු මාර්තුවේ දී සැලකිය යුතු මට්ටමක විටමින් D ඌනතාවය ඇතිවෙන බව ස්ථිරවම වාගේ කිව හැකිය. කොරෝනා වෛරසයට එරෙහිව ආරක්ෂක බලපෑමක් ඇත්ද නැද්ද යන්න නොසලකා එම තැනැත්තා හෝ තැනැත්තිය විටමින් D  පරිපූරකයන් ගත යුතුවේ.  අනෙක් අතට කොවිඩ් ආසදනයේ දී විටමින් D  මගින් යම් වාසියක් අත්පත් විය හැකි බව පළවන පසුබිමක මේ උපදේශය ගැන සලකිළිමත් වීම වැදගත් බව අමුතුවෙන් කිව යුතුද?

British Medical Journal සඟරාවට ලිපියක් සපයන වෛද්‍ය විශේඥයන්  කිහිප දෙනෙක්ම මේ මතයට පරෙස්සමෙන් එකඟත්වය පළ කරති. උතුරුදිග අක්ෂාංශවල ජීවත්වන බොහෝ දෙනාගේ  විශේෂයෙන්ම ශීත සෘතුවේ හෝ නිවසට වී කල් ගත කරන්නන් අතරේ හෝ විටමින් D තත්ත්වය දුර්වල බව ඔවුන් තහවුරු කරන අතර කොවිඩ් 19 සමයේ නිවසට වී සූර්යයා ලෝකයෙන් ඈත්ව ගත කිරීම නිසා මෙම වසංගතයේ දී විටමින් D  උනතාවය තවත් උග්‍ර කිරීමට බලපාන බව පෙන්වාදෙති.

මෙම අධ්‍යයනය වැඩිදුරටත් දක්වන්නේ විටමින් D අතිවිශාල ප්‍රමාණයක් ගැනීමෙන් හෝ විටමින් D  විශාල වශයෙන් ඇතැයි දැක්වෙන පරිපූරක ගැනීමෙන් ප්‍රයෝජනයක් නො ලබනවා පමණක් නොව හානිකර ද විය හැකියි යනුවෙනි. විටමින් D ගැනීමේ අගය දැක්වෙන  පණිවුඩ ජනතාව අතර පැතිර යැවීමට අධිකාරි පසුබට වීමට හේතුව ද මෙය විය හැකිය. තවත් සාධකයක් වන්නේ ඒ වෙනුවෙන් (විටමින් D ගැනීමේ අගය වෙනුවෙන්)  හඬක් නැගීමට කිසිවෙකු නොමැති වීමයි. විටමින් පරිපූරක මිලෙන් අඩුය. නිපදවීමට පේට්න්ට් බලපත්‍රයද අවශ්‍ය නොවේ. එහෙයින් විශාල සමාගම් ඒ ගැන උනන්දුවක් දක්වන්නේ නැත. රජයන් උනන්දු වීමට එයමත් හොඳ හේතුවකි. විටමින් D  පරිපූරක ප්‍රමාණවත් මාත්‍ර වලින් ගැනීම සිය සෞඛ්‍යට හොද යැයි ජනතාවට කීමට හැකියාවක් තිබෙනවා සේම එසේ කිරීම ප්‍රඥාගෝචරය. එයින් ලැබෙන වාසි පිළිබඳ සාක්ෂිය එය සාධාරණීකරණය කිරීමට තරම් ප්‍රබලය

 

THE SPECTATOR(18th May)  හී පළවූ The growing evidence on vitamin D and Covid යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: