COVID-19 ආහාර නිශ්පාදන ක්‍රියාවලියට ඇති කළ හැකි බලපෑම් මොනවාද?

Posted by

COVID-19 තත්ත්වය නිසා ආහාර නිශ්පාදන ක්‍රියාවලියට, කෘෂි නිශ්පාදන සහ ධීවර/ජලජ සම්පත් සැපයුම් දාමයන්ට ඇතිව තිබෙන සහ අනාගතයේදී ඇතිවිය හැකි බලපෑම් මොනවාද?

ආහාර සැපයුම් දාමය යනු  නිශ්පාදකයන්, පාරිභෝගිකයන්, කෘෂි සහ මත්ස්‍ය නිශ්පාදන, සැකසුම් ක්‍රියාවලිය සහ ගබඩා කිරීම, ප්‍රවාහනය සහ වෙළඳපොළ ඇතුළු අංග රැසක් යා කරන සංකීර්ණ ජාලයක්. වෛරසයේ ව්‍යාප්තියත් සමග ආසාදිතයන් සංඛ්යාව ඉහළ යද්දී, වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට දැඩි සීමා පැනවෙද්දී, ඉදිරියේ දී ආහාර සැපයුම් පද්ධතියේ සෑම ස්ථරයකටම බාධා එල්ල වනු ඇති.

වත්මන් තත්වය සඳහන් කරනවා නම් ආහාර සැපයුම ප්‍රමාණවත්ව සිදුව ඇති පසුබිමක වෙළඳපොළ ස්ථාරව ඇති හෙයින්  දැනට ආහාර දාමයට සැලකිය යුතු මට්ටමින් අවහිරක් සිදුවී නැහැ. ලොව ධාන්‍ය ගබඩාවල ප්‍රමාණවත් ධාන්‍ය ප්‍රමාණයක් රැස් කර තිබෙනවා. 2020 වසර සැලකිල්ලට ගැනීමේදී තිරිඟු සහ  අනෙකුත් ප්‍රධාන භෝග සැපයුමේ තත්ත්වය සතුටුදායකයි.

එළවළු සහ පලතුරු ආදී මිල අධික ආහාර ද්‍රව්‍යවල නිශ්පාදන ක්‍රියාවලිය දැනටමත් අඩාල වී ඇතැයි අනුමාන කළ හැකි වුණත් රටවල් වසා තැබීම සහ වෙළඳපොළ වටිනාකම් දාමය බිඳ වැටීම නිසා පැහැදිලි වෙනසක් දක්නට ලැබෙන්නේ නැහැ. එසේ වුවද,  ධීවර සහ මත්ස්‍ය වගාව ආශ්‍රිත කර්මාන්තවලට ඇති වන බලපෑම් විවිධාකාර මෙන්ම සංකීර්ණ විය හැකියි. ධීවර යාත්‍රා, ධීවර වැඩට යොදාගැනීමේ දී  එල්ල වෙන බාධා හේතුවෙන් (වෙළඳපොළ බිඳවැටීම සහ යාත්‍රාවක් තුලදී සනීපාරක්ෂක පිළිවෙත් පිළිපැදීම අසීරු වීම වැනි හේතු නිසා) ස්වාභාවික පරිසරයෙන් මසුන් ඇල්ලීමේ කර්මාන්තය පොදුවේ නිශ්පාදන සැපයීමේ ක්‍රියයාවලිය හරහාත්, විශේෂයෙන්ම විවිධාකාර මත්ස්‍ය විශේෂ සැපයීම අඩාල වීම හරහාත්, සමස්ත මිලදාමයම ඒ හා බැඳුණු සැපයීමේ ක්‍රියාවලියේ පරිහාණියක්  නිර්මාන විය හැකියි. ඊට අමතරව ගමනාගමනයට සීමා පැනවීම, දේශ සීමා නීති දැඩි කිරීම, හෝටල් සහ ආපනශාලාවලින් පැවතුණු ඉල්ලුම නැති වීම වැනි කරුණු නිසා සිදුවන වෙළඳපොළ ඉල්ලුම පහත බැසීම වැනි සාධක  මිළ ගණන් කෙරෙහි ද බලපෑම් ඇතිකරමින්  සැලකිය යුතු අන්දමින් වෙළඳපොළ විපර්යාසයන් ඇතිකිරීමේ හැකියාවක් තිබෙනවා.

අදාළ රූපය

 

එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ආහාර ප්‍රවාහනයට යම් බාධා පවති. එමෙන්ම සත්ව පාකයන්ට ද දුෂ්කරත මතුවෙයි.  වසංගත තත්ත්වය නිසා සත්ව ආහාර සපයාගැනීම දුෂ්කර වීම ඉන් එකකි. චීනයේ සිදුවූ ආකාරයට (ශ්‍රමය හිඟවීම සහ ප්‍රවාහනයට සීමා පැනවීම නිසා) ඝාතකාගාර ව්භවය නීනවී ගොසින්ය.  මෙලෙස මේ දෙ අංශයම   අභියෝග රැසකට මුහුණ පාමින් සිටින බව අපට පෙනෙන්නට තිබෙනවා.

ඉහත සාධකවල බලපෑම අප්‍රියෙල් සහ මැයි මාසවල තත්ත්වයත් සැලකිල්ලට ගැනීමේදී අපේක්ෂාකළ හැක්කේ ආහාර සැපයුම් දාම බිඳවැටීමේ අවදානමක් තිබෙන්නට හකි බවයි. ප්‍රවාහන මාර්ග අවහිර කිරීම හේතුවෙන් නැවුම් ආහාර සැපයුමට විශේෂයෙන් බාධා ඇතිවන අතර ආහාර හානියට හා අපතේ යාමට මග පෑදෙනු ඇති.

ප්‍රවාහනයට පනවා ඇති සීමා සහ නිරෝධායන නීති ගොවියන් සහ ධීවරයන් වෙළඳපොළ වෙත පැමිණීම වලකාලමින්, ඔවුන්ගේ නිශ්පාදිත ධාරිතාව  පහත හෙළමින් ඔවුන්ට ඔවුන්ගේ නිශ්පාදන අලෙවි කිරීමට ඇති මග අහුරාලනවා.

ශ්‍රමය හිඟ වීම, ආහාර නිශ්පාදන සහ සැකසුම් ක්‍රියාවලිය බිඳවැටීමට හේතු විය හැකියි. විශේෂයෙන්ම, (වටිනාකමින් වැඩි බෝග වගාවන් , ධීවර හා මත්ස්‍ය කර්මාන්ත ආදී) අධික ලෙස ශ්‍රමය වැය වන කර්මාන්තවලට මෙය සෘණාත්මක ප්‍රතිඵල  ගෙන එයි.

ප්‍රධාන ආහාරය ලෙස සුලබව භාවිතයට ගැනෙන සහල් වැනි බෝග වර්ගවල මිල ජාත්‍යන්තර මට්ටමින් ඉහළ ගියත්, ආදායම් මාර්ග පහළ යාමත්, ගෝලීය වශයෙන් ආර්ථික අවපාතයක් ඇති වීමේ අවදානමත් නිසා පොදුවේ ආහාර ද්‍රව්‍යවල මිල ගණන් පහත බසිමින් පවතිනවා. ආපන ශාලා සහ වීදි ආශ්රිත ආහාර අලෙවිසැල් වසා දැමීමෙන් නිශ්පාදකයන්ට සහ ආහාර සැකසුම් ක්‍රියාවලියට දායක වන්නන්ට ප්‍රමුඛතම අලෙවි අවස්ථාවක් අහිමි වීම නිසා, තාවකාලිකව ඉල්ලුමට වඩා සැපයුම අධික වීමක් හෝ මස් සහ ධීවර කර්මාන්ත ආශ්‍රිතව නිරීක්ෂණය වුණු ආකාරයේ අසාමාන්‍ය නිශ්පාදන කප්පාදු කිරීම් ඇතිවිය හකියි.

සංවර්ධනය වෙමින් පවතින සමහරක් රටවල නාගරික ප්‍රදේශයන්හි නැවුම් ආහාර සඳහා  ඉල්ලුම මෙන්ම සැපයුම ද  පහල වැටෙයි. COVID 19 වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රම බලකාය සීමා වීමක් මෙන්ම  ආදායම් මාර්ග, ජීවනෝපාය සහ (කෘෂී කර්මාන්තය, මත්ස්‍ය වගාව/ ධීවර කර්මාන්තය ආදී) ශ්‍රමය වැඩි වශයෙන් අවශ්‍ය වන නිශ්පාදන ක්‍රියාවලීන් සඳහා අහිතකර බලපෑම් එල්ල කරමින් සංවර්ධනය වන රටවල් විශේෂයෙන් අවදානමට ලක් කරයි.. සහරාවෙන් දකුනේ ආහාර අර්බුදයට මුහුණ පා සිටින රටවල් විශේ සලකිල්ලට යොමුවෙනවා.

මේ COVID 19 වසංගත ව්‍යාප්තියත් සමග සනීපාරක්ෂාව, රැකියා තත්ත්වයන් සහ ජීවිතය ගෙනයාමට අවශ්‍ය පහසුකම්, කෘෂි ක්ෂේත්‍රය සහ ධීවර යාත්‍රා ඇතුළු සමස්ත ධීවර වටිනාකම් දාමය   පිළිබඳ ජාත්යාන්තර ප්‍රමිතීන් ගැන යළි සලකා බැලිය යුතුව තිබෙන බව කිව යුතුමය.

 

FAO  වෙබ් අඩවියේ Q&A: COVID-19 pandemic – impact on food and agriculture යටතේ 3 ප්‍රශ්නය වන  What are the implications of the COVID-19 situation – now and in the future – for food production, agricultural and shery/aquaculture supply
chains and markets? ආශ්‍රයෙන් 
පරිවර්තනය කර සකස්කළේ 

අරුන්දි ජයසේකර (thathu Creators)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.