අපි හැමෝගෙම පියා කවුද?

Posted by

ප්‍රෝටියම්(proteome) සහ ඒවායේ කාර්යභාරයන් අධ්‍යනය කරන පුරාවිද්‍යාත්මක අංශයවන පැලියොප්‍රොටියොමික්ස් (Paleo-proteomics) අපගේ අවසාන පොදු පූර්වජයා ගැන ආදිතම මානව ප්‍රවේණි සාක්ෂි හෙළිදරව් කරයි.

කෝපන්හේගන්(Copenhegan) විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන්, ස්පාඤ්ඤයේ බර්ගොස්  හි මානව පරිණාමය පිළිබඳ ජාතික පර්යේෂණ කේන්ද්‍රයේ(National Research Center on Human Evolution) සිය සගයන් හා එක්ව වසර අවුරුදු 800,000 පැරණි පොසිලයකින් ප්‍රථම වරට මානව ප්‍රවේණි තොරතුරු සපයා ගැනීමට සමත්ව තිබෙනවා. මේ ෆොසිලගත දත්ත අයත්වන්නේ හොමිනින් විශේෂයක් වූ හෝමෝ ඇන්ටෙසෙසර් (Homo antecessor) විශේෂයටය. මෙය, මිනිස් අපගේ පවුල් වෘක්ෂයෙහි වැදගත් ශාඛාවක් බෙදීයාමේ අවස්ථාව ගැන යම් තොරතුරු හෙළි කරයි. පුරාමානව විද්‍යාවේ දී (paleoanthropology) හෝමෝ සේපියන්ස්, නියැන්ඩර්තාල් සහ ඩෙනිසෝවන්වරුන් (Denisovans) අතර පරිණාමීය සම්බන්ධතාව දිගු කාලයක් තිස්සේ විවාදයට ලක් වූවකි. වඩාත් මෑතක හෝමෝ ඇන්ටෙසෙසර් අපේ අවසන් පොදු පූර්වජයා ලෙස හුවා දැක්විණ.  කෙසේ වෙතත් මේ කියාපෑම් වල වලංගු භාවය ගැන විවාද අපමණය. මේවා වැඩි කොටම පදනම වන්නේ සැකිලි රූප විද්‍යාව(skeletal morphology) මතය.

ප්‍රෝටොමික්ස් යනු ප්‍රෝටීන පිළිබඳ මහා පරිමාණ අධ්‍යයනයයි. ප්‍රෝටීන යනු ජීවීන්ගේ වැදගත් කොටස් වන අතර (ඒවාට)බොහෝ කාර්යයන්  පැවරී ඇත. ප්‍රෝටියම් යනු ජීවියෙකු හෝ පද්ධතියක් විසින් නිපදවන හෝ වෙනස් කරන ලද සමස්ත ප්‍රෝටීන සමූහයකි. ඉහළ යන ප්‍රෝටීන සංඛ්‍යාව හඳුනා ගැනීමට ප්‍රෝටොමික්ස් සමත් වී තිබේ. ප්‍රෝටොමික්ස් යනු මානව විෂමතා ව්‍යාපෘතිය ඇතුළු විවිධ ප්‍රවේණි ව්‍යාපෘතිවල ජානමය තොරතුරු වලින් බොහෝ ප්‍රයෝජන ලබා ඇති අන්තර් විනය වසමකි.  එය,  ප්‍රෝටීන් සංයුතිය ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වයේ සමස්ත මට්ටමේ සිට ප්‍රෝටීන ගවේෂණය කිරීම දක්වා ආවරණය කරයි. එය ක්‍රියාකාරී ජාන විද්‍යාවේ වැදගත් අංගයකි.                                                                                   විකිපීඩියා ඇසුරෙනි

කාලයාගේ ඇවෑමෙන් එහි සිදුවන හානිය හේතුවෙන් පැරණිතම මානව DNA විශ්ලේෂණය සිදු කර ඇත්තේ යයි සැලකෙන්නේ  දළ වශයෙන් වසර 400,000ට නොවැඩි කාලයකට පෙරය. එහෙත් පුරාණ ප්‍රෝටීන විශ්ලේෂණය අපේ පරිණාමීය ඉතිහාසය වඩාත් ඈතට ගෙන ගොස් පරික්ෂා කිරීමට අවස්ථාව සලසයි. “පුරා ප්‍රෝටියම්විද්‍යාව පදනම් ව ඇත්තේ ස්කන්ධ වර්ණාවලීමිතිය(Mass Spectrometry – MS) යොදා ගන්නා පුරාවිද්‍යාත්මක හෝ පුරාජීවවිද්‍යාත්මක නැතහොත් පාෂාණීධාතු විද්‍යාත්මක පටක තුළ සංරක්ෂණය වී ඇති පුරාණ ප්‍රෝටීන් අනුක්‍රමණ විශ්ලේෂණ මතය” යි අධ්‍යයන වාර්තාවේ ප්‍රධාන කර්තෘ ෆ්‍රිඩෝ වෙල්කර් කියා සිටියි,  ” DNA  වලට වඩා වැඩි කල් ප්‍රෝටීන පවතින හෙයිනි පැලියොප්‍රොටියොමික්ස්  විද්‍යාව මගින් මානව පරිනාමය ගැන වඩාත් ගැඹුරින් හාරා ඇවිස්සීමට පුළුවන”.

Skeletal remains of Homo antecessor, from the Gran Dolina cave site in the Sierra de Atapuerca, Spain. Credit: Prof. José María Bermúdez de Castro.

අපගේ DNA වල  දැකිය හැකි තොරතුරු පදනම් කරගෙන අපේ සෛල ප්‍රෝටීන තනන නිසාවෙන් මෙම ප්‍රෝටීන අණුක්‍රමවල ඇමයිනෝ අම්ල පිළිවෙල අපට පුද්ගලයෙකුගේ ජාන කේතය ගැන කියා පායි. ‍මෙකී ප්‍රෝටීන අනුක්‍රම ඇතුළත ඇමයිනෝ අම්ල පිළිවෙල අනෙකුත් හොමිනින්වරුන්ගේ ඒවා සමඟ සංසන්දනය කිරීමෙන් ඔවුන් ජානමය වශයෙන් සම්බන්ධ වන්නේ කෙසේද යන්න ගැන තීරණය කරනු පිණිස පරිණාමීය තොරතුරු අපට එක් රැස් කරගත හැකිය” යි වෙල්කර් කියා සිටියි.

පර්යේෂක කණ්ඩායම, ආදි කාලීන දන්ත ඇණමලයෙන් Y ක්‍රෝමසෝමයට  සුවිශේෂී වූ ජානයකින් ලබාගත් ප්‍රෝටීන අනුක්‍රමයක් ඇතුළුව ප්‍රෝටීන් ගණනාවක් විශ්ලේෂණය කළහ. එහිදී හෙළි වූයේ ෆොසිලය පුරුෂයෙකුගේ බවයි. “අපගේ සොයා ගැනීම දක්වන්නේ හෝමෝ ඇන්ටසෙස්ටර් හෝමෝ සේපියන්, නියැන්ඩර්තාල් සහ ඩෙනියෝවන්වරුන්ගේ අවසාන පොදු ආදීතමයාට සමීපව සම්බන්ධ බවයි” යනුවෙන් වෙල්කර් පැහැදිලි කරයි. අපේ අවසාන පොදු පූර්වජ හොමෝ ඇන්ටසෙස්ටර් ලෙස විශ්වාසයෙන් යුතුව දැක්වීමට තවමත් ඉක්මන් වැඩි නමුත් H. antecessor පැහැදිලිවම එවැන්නකට ඉතා සුදුසුකම් ලබන බව කිව හැකියි. අපේ ජානමය අතීතය ගවේෂණය කරමින් අපේ සැබෑ පූර්ජවකයා සොයා ගැනීමට ළං වෙනු පිණිස පැලියොප්‍රොටියොමික්ස්, පර්යේෂකයන්ට නැවුම් මගක් සපයා දෙයි. “මානව පරිණාමය සහ මුල්  හොමිනින් පරිණාමය වූ පරිසරයන් ගැන අපේ අවබෝධය තවදුරටත් ඉදිරියට ගෙන යාමට නොමිනින් හා සත්ව පොසිල  විශ්ලේෂණය කිරීම අපේ අනාගත බලාපොරොත්තුවය” වෙල්කර් කියා සිටියි.

The Analytical Scientist(May 2020)හී පලව ඇති Who’s Our Daddy?  යන ලිපිය ඇසුරෙනි

 

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.