හරිතාගාර වායුවල බලපෑම් හෙවත් හරිතාගාර ආචරණය

Posted by

හරිතාගාර වායුවල බලපෑම් හෙවත්  හරිතාගාර ආචරණය

දේශගුනය ගැන දැන උගෙනීම් දී හරිතාගාරවල ස්වරූපය සහ එවායේ ක්‍රියාකාරිතවය වැදගත්වන බව අප පසුගිය සතියේ සඳන කරා මතකනේ? අද අපි තවදුරටත් ඒ ගැන කතාකරමු.

අපේ රට ඇතුලු සමහරක් රටවල්වල ජනයා බෝග වගා කරන්න කුඩා වීදුරු ගෙවල් වගේ ඒවා තනනවා. ඒවා සාදා ඇත්තේ වීදුරු හෝ විනිවිදපෙනෙන(පාරදෘශ්‍ය) ද්‍රව්‍යය හරහා එන සූර්ය තාපය ඒ කුඩා ගෙදරින් ඉවත්ව යාම වළකා රඳවා තබා ගැනීමටයි. මේ කුඩා ගෙවල් නැතිනම් ශාලාවල් හඳුන්වන්නේ ‘හරිතාගාර’ නැතිනම් ගිම්හල් යනුවෙනුයි

හරිතාගාර ගැන තතු ලිපියක් මෙතනින් කියවන්න

Example of a greenhouse gas

මේ වගේම එක්තරා විදිහකින්  අපගේ මේ ලෝකයම මහා විශාල හරිතාගාරයක් කියලා කියන්න පුළුවන්. පෘථිවිය සතුව එහි වායුගෝලයේ  අපට අත්‍යවශ්‍ය වායු  ගණනාවක් තිබෙන බව ඔබ දැනටමත් දන්නවා. ඒවා තමයි අපව උණුසුම්ව තබාගන්න උදව්වෙන්නේ. එම වායුවලින් සමහරක් තමයි  කාබන්ඩයොක්සයිඩ්  (CO2), නයිට්‍රස් ඔක්සයිඩ් (N2 O), මීතේන් (CH4 ) සහ ජල වාෂ්ප.

සූර්ය රශ්මියෙන් මහ පොළොව රත් වෙද්දි පෘථිවිය මතුපිට  උණුසුම්ව තබාගන්නේ මෙම වායු මගිනුයි. මෙම වායු නොතිබුණා නම් තාපය පොළව මතුපිටින් ගිලිහී ආයෙමත් අවකාශයටම යාම වළක්වාගන්න බැහැ. එලෙස සිදු වුණොත් ලෝකයේ  උෂ්ණත්ව සාමාන්‍යය ෆැරන්හයිට් අංශක 60කින්  වඩාත් ශීතලවෙනවා. ඉතින් මේ ලෝකයම මහා විශාල හරිතාගාරයක් කියලා කිව්වේ හරිතාගාරකදී එහි ඇති වැස්ම  වගේම මෙකී හරිතාගාර වායු වැස්මෙන් පොළව මතුපිටින් උෂ්ණත්වය ගැලවී යාමට නොදී රඳවා ගන්නා නිසයි

ඉඟිය:  ගහකොළ වෘක්ෂලතාදිය පුච්චා දමද්දී, ජීරණය වෙද්දී හෝ දිරාපත් වීමට ලක් වෙද්දී මීතේන් වායුව නිෂ්පාදනය වන බව ඔබ දන්නවා ද? ඒ විතරක් නොවේ, කසල ගොඩවල්, ගොයම්, ගවයන් සහ අනෙකුත් ගොවිපොළ සතුන් මාර්ගයෙනුත්  විශාල  ප්‍රමාණයකින් මීතේන් වායුව පිට කරනවා.

ඉතින් මේ වායු මගින් උෂ්ණත්වය රඳවා තබා ගැනීමේ ක්‍රියාවලිය හරිතාගාර බලපෑම ලෙස දැක්වෙනවා. විද්‍යාඥයන් නම් ඒකට කියන්නේ හරිතාගාර ආචරණය(greenhouse effect) කියලයි.

ඔබ කවදා හරි මහ දවල්, ගිනිගහන අව්වේ දොර වීදුරු සියල්ල වසා දමා නවතා තිබූ මෝටර් රථයකට ඇතුල්වෙලා තියෙනවාද? එම රිය තුළ හිරවී ඇති තාපය හරිතාගාර ආචරණය සඳහා කදිම නිදසුනක්!

කෙසේද හරිතාගාර ආචරණය සිදු වන්නේ?

හරිතාගාර ආචරණය සිදුවන්නේ කෙසේද කියා සුළු පියවර පහකින් බලාගන්න පුළුවන් වේ. (ඒ විතරක් නොව, එම ක්‍රියාවලිය තවත් හොඳින් විස්තර කරන වීඩියෝ එකකුත් තියෙනවා. කැමති නම් මෙතනින් නරඹන්න)

1.අප අවට හැමතැනම ඇත්තේ පෘථිවියේ වායුගෝලයයි. අප ආශ්වාස කරන වාතය තම්යි ඒ.

global warming process

2.පෘථිවියේ වායුගෝලය තුළට සූර්යාලෝකය ඇතුල්වන්නේ, මෙකී හරිතාගාර වායු වැස්ම හරහායි.

global warming process

  1. සූර්යාලෝකය පෘථිවියේ වායුගෝලය වෙත ළඟාවෙද්දී භූමිය සහ ජලය සූර්යාලෝකයෙන් එන ශක්තිය අවශෝෂණය කරගන්නවා.

global warming process

4.එලෙස අවශෝෂණය කරගත්තු ශක්තිය ආපසු අධෝරක්ත(Infrared) කිරණ ලෙස වායුගෝලයට පිට කර යවනු ලබනවා.

global warming process

5. ශක්තිය යම් ප්‍රමාණයක් එලෙස ආපසු වායුගෝලයට පිට කර යවනු ලබුවත්, විශාල ප්‍රමාණයක් හරිතාගාර වායු මගින් පෘථිවි වායුගෝල තුළම රඳවා තබා ගන්නවා. ඒවායින්. තමයි පෘථිවිය(ගෝලිය) උණුසුම්වීම හටගන්නේ

global warming process

මෙලෙස හරිතාගාර ආචරණය හේතුවෙන් සිදුවෙන රත් වීම නැතිනම්  පෘථිවිය උණුසුම් කිරීම තමයි ගෝලීය උණුසුම් වීම හැටියට විස්තර කෙරෙන්නේ. ගෝලීය උණුසුම්  වීම අද ලෝකයේම කතා බහට ලක්වෙන වැදගත් මාතෘකාවක්.

හරිතාගාර ආචරණය වැදගත්. එය නැතිව මානවයාට ජීවත් වීමට සුදුසු උෂ්ණත්වයක් නැතිව යනවා. නමුත් හරිතාගාර ආචරණය ඉතා බලවත් වූ විට සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩි උෂ්ණත්වයකින් පෘථිවිය රත් වෙනවා. මේ ලෙස පොඩි ප්‍රමාණයකින් පෘථිවියේ උෂ්ණත්වය වැඩි වුනත්, මානවයාට, ගහකොළවලට වගේම සහ මේ ලෝකයේ සිටින සියලුම ජීවීන්ට යම් ප්‍රශ්න ඇති වෙනවා.

දේශගුණය ගැන අප පසුගිය සතියේ සහ මේ සතියේ සකච්ඡා කළ කරුණු කාරණා හිතේ තියාගෙන ලබන සතියේ දේශගුණ විපර්යාසයේ බලපෑම ගැන කතාබහ කරමු.

 

Eschooltoday lessons හී පළවන පාඩම මාලාවේ How does the Greenhouse Effect happen? කොටස ඇසුරෙන් පර්වර්තනය කර සකස්කළේ:

චන්ද්‍රසේකර් ප්‍රවින්ත් චව්රින්(thathu Creators)  

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.