කොවිඩ් වසංගත තත්ත්වය ආහාරවලට ඇති ඉල්ලුමට කවරාකාර බලපෑමක් ඇති කරාවිද?
Covid-19 මහා වසංගතය ලෝකයේ ආහාර නිශ්පාදනය, බෙදාහැරීම සහ, අළෙවිය, පරිභොජනය මෙන්ම ආහාර රටා සහ ආහාර සුරක්ෂිතභාවය කෙරෙහි බලපාන අන්දම ගැන සාකච්ඡා කෙරෙන ලිපි පෙළක තවත් ලිපියකි
ආදායම පහළ යාම සහ අනාගතය ගැන තිබෙන අවිනිශ්චිතභාවය නිසා ජනතාව වියහියදම් සීමා කිරීම හේතුවෙන් ඉල්ලුම සීමාවීම මගින් ඇති කරණු ලබන අනර්ථකාරී ප්‍රතිඵල මොනවාදැයි 2008දී ඇතිවුණු ජගත් ආර්ථික අවපාතය අපට පැහැදිලිව පෙන්වා දුන්නා. අලෙවිය හා සමාන්තරවම නිශ්පාදනයත් පහත වැටුණා. මේ සියල්ලට අමතරව වඩාත් පීඩාවට පත් අය ආර්ථික අපහසුතා මගහරවාගැනීම සඳහා (දේපළ ආදී) ඵලදායී වත්කම් (නොවටිනා මිලකට පවා) විකුණා දැමීම, විවිධත්වයෙන් අඩු (සමබල නොවන) ආහාර රටාවකට හුරු වීම, අධික ලෙස මසුන් මැරීම වැනි අවාසිදායක විසඳුම් කරා යොමුවීම දැක්විය හැකියි.
Covid-19 ව්‍යාප්තියේ මුල් අදියරයේ දී ආහාරවලට ඇති ඉල්ලුම කැපී පෙනෙන මට්ටමින් ඉහළ ගියා. ආහාරවලට පවතින ඉල්ලුම සාමාන්‍යයෙන් අනම්‍යයි. ඒ කියන්නේ විශාල වෙනස්කම්වලට ලක් වන්නේ නැහැ. කෙසේවෙතත්, වසංගත තත්ත්වය නිසා දෛනික ආහාර රටාව සුළු වෙනස්කම්වලට භාජනය වුණත් සමස්ත පරිභෝජන රටාවට එමගින් ඇති විය හැකි බලපෑම සීමිතයි. (මෙම වෛරසය සතුන්ට ආසාදනය වී තිබුණා විය හැකියැයි පවතින විද්‍යාත්මක පදනමකින් තොර අනියත බිය නිසා) සත්ව ප්‍රෝටීන භාවිතයත්, මාළු, එළවළු සහ පළතුරු වැනි මිලෙන් වැඩි ආහාර පරිභෝජනයත් අසාමාන්‍ය මට්ටමින් පහළ යාමටත්, ඒ නිසාම මිල පහත වැටීමත් සිදුවිමේ හැකියාවක් ඇතිවුණා.
මහා පරිමාණ සහ සුළු පරිමාණ ආහාර ජාලවලටත්, හෝටල සහ ආපනශාලාවලටත් සපයන අමු මාළු සම්බන්ධයෙන් ඒ භීතිකාව විශේෂයෙන් බලපා තිබෙනවා.
දිළිඳු රටවල්වල ආහාරවලට ඇති ඉල්ලුම ආදායම් මාර්ග සමග වඩාත්ම බැඳී පවතින නිසා ආදායම් මාර්ග අහිමිවීම ආහාර රටාවේ වෙනසකට මුල් විය හැකියි.
රෝගය බෝවෙතැයි පවතින බිය ආහාර වෙළඳසැල් වෙත යාම සීමා වීමට බලපාන අතර නිවසින් බැහැරව ආපනශාලා වෙත ගොස් ආහාර ගැනීම අඩු වීමත්, (චීනයේ නිරීක්ෂණය වුණාට සමාන) ” e-commerce deliveries” ලෙස ප්‍රචලිත දුරකථන හෝ වෙබ් අඩවි මාර්ගයෙන් ඇනවුම් කර නිවසට ගෙන්වාගැනීම් වැඩි වීමේ ප්‍රවනතාවකුත්, නිවසේ සිට ආහාර ගැනීමේ නැඹුරුවක ආදී වශයෙන් මිනිසුන් ආහාර මිලදීගන්නා සහ ආහාර පරිබෝජනය ගන්නා රටාවේ වෙනස්කම් රැසකුත් අපේක්ෂා කළ හැකියි.
වෛරසයේ පැතිර යාමත් සමග ලොව පුරා රටවල් ගණනාවක් රෝග ව්‍යාප්තිය සීමා කිරීමේ අරමුණින් ආරක්ෂක විධිවිධාන රැසක් පැනෙව්වා. නමුත් එවැනි විධිවිධාන කෘෂි නිශ්පාදන ක්‍රියාවලියට සහ වෙළඳාමට අහිතකර ලෙස බලපානවා. උදාහරණයක් ලෙස බොහෝ රටවල් භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට පනවා ඇති දැඩි සීමා නිසා නාවික කර්මාන්තය අඩාල වෙනවාට අමතරව නෞකාවල තොග වශයෙන් ගබඩා කර තිබුණු නැවුම් එළවළු, පළතුරු , මාළු සහ මත්ස්‍ය ආහාර වැනි නරක් වන ආහාර ද්‍රව්‍ය අපතේ යාමේ අවදානමකුත් තිබෙනවා.
ජනතාවගේ ගමන්බිමන් සීමා කරමින් පනවා ඇති සීමා නිසා තැනින් තැනට සංක්‍රමණය වන කුලී ශ්‍රමිකයන්ගේ සේවය ලබාගැනීමට නොහැකි වීමෙන් ආහාර නිශ්පාදනයට බාධා එල්ල වීම නිසා ආහාර නිශ්පාදනයට එල්ලවූ බලපෑම ගෝලීය වශයෙන් වෙළඳපොළ මිල කෙරෙහි අවාසිදායක ප්‍රතිඵල ගෙනෙනවා.
ආහාර නිපදවන කර්මාන්තශාලාවල සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් පිළිපදින බව සහතික කිරීම පඉණිස ගෙන ඇති ක්‍රියාමාර්ගත් ආහාරනිශ්පාදන වේගය අඩාල කිරීමට දායක විය හැකියි.
FAO වෙබ් අඩවියේ Q&A: COVID-19 pandemic – impact on food and agriculture යටතේ 4 ප්‍රශ්නය වන How will the pandemic affect food demand? ආශ්‍රයෙන් පරිවර්තනය කර සකස්කළේ
අරුන්දි ජයසේකර (thathu Creators)