කොවිඩ් මහා වසංගත තත්ත්වය ලෝක ආර්ථිකයට ඇතිකරන බලපෑම
Covid-19 ලොවපුරා පැතිර යාමත් සමගම ලෝකයේ සෑම රටකටම එහි බලපෑමෙන් මිදෙන්නට අවස්ථාව තවමත් උදාවී නැහැ. තවද එහි බලපෑම එක අංශයකට සිමානොවීම ද සැලකිල්ල යොමු විය යුතු කාරණාවක්. මේ හෙයින්, Covid-19 ලෝක ආර්ථිකයට බලපෑම් එල්ල කළ හැකි සාධක කිහිපයක් තිබෙනවා.
පළමුව, වර්තමානයේදී වෙළඳපොළවල් ලෝක මට්ටමින් ඒකාබද්ධ වී ඇති නිසාත්, චීනය ලොව සමස්ත දළ දේශීය නිශ්පාදනයට සියයට 16ක දායකත්වයක් සපයන නිසාත්, චීනයේ ආර්ථිකයට එල්ල වෙන ඕනෑම අභියෝගයක් ලෝක ආර්ථිකයට දරුණු ලෙස බලපායි.
China’s GDP slowdown
දෙවනුව, රෝග ව්‍යාප්තිය සහ මරණ අනුපාතය නිසා සැපයුම අඩාල වීමට අමතරව රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට පනවා ඇති සීමා සහ සැපයුම් දාම අවහිර වීමත්, මූල්‍යමය අපහසුතාත් නිසා ව්‍යාපාර කටයුතුවල නිරත වීමට අධික වියදමක් දරන්නට සිදු වීමත් ආර්ථික වර්ධන වේගය පහත බැසීමකට හෝ ආර්ථික අවපාතයක් කරා පවා ගමන් කරන්න පුළුවන්.
ආර්ථික වර්ධනය සහ ලෝක වෙළඳාම උත්තේජනය කරනු පිණිස 1961 පිහිටුවා ගත් සංවිධානයක් වන ආර්ථික සහයෝගීතාවය හා සංවර්ධනය පිළිබඳ සංවිධානය (Organisation for Economic Co-operation and Development — OECD) 2020 වසර සඳහා අපේක්ෂිත ආර්ථික සංවර්ධන අගය පසුගිය මාර්තු මාසයේදී සියයට දෙකයි දශම නවයේ (2.9%)සිට සියයට දෙකයි දශම හතරක් (2.4%) වන ලෙස සංශෝධනය කළේය. දශකයට ඉහතදී සිදුවුණු ආර්ථික අවපාතයෙන් පසුව වාර්තා වුණු පහළම අගය මෙය වීම නිසා කොරෝනා වසංගතය වඩාත් දරුනු ලෙස ව්‍යාප්ත වී, වැඩි කලක් පැවතුනොත් මේ අගය 1.5 දක්වාම පහත බැසිය හැකියි.
තෙවනුව අනාගතය පිළිබඳ අවිනිශ්චිතභාවය වඩාත් ඉහළයාම, සෞඛ්‍යාරක්ෂාව අරමුණු කරගත් උපායමාර්ග තදින් පිළිපැදීම, රෝග ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් පනවා ඇති සීමා, මුදල් වැය කිරීමට ඇති හැකියාව අවම කරවමින් මූල්‍යමය වියහියදම් ඉහළ යාම යන හේතු නිසාවෙන් ද ඉල්ලුම පහත බසී.
අවසාන වශයෙන් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සැලකිය යුතු අගයකින් විනිමය අනුපාතය පහළ බැසීමක් ද දක්නට හැකිවේ. මෙය, ආනයන මත යැපෙන රටවල ආර්ථිකයට අහිතකර ලෙස බලපායි.
ගෝලීය ආහාර වෙලඳපොළවලට ද මෙම බලපෑමෙන් ගැලවීමක් නැත. කෙසේවෙතත් ප්‍රවර්ධනමය බාධාවන්ට හා ඉල්ලුම හීනවීමට වඩාත් විවෘත වෙනත් අංශ හා සැසඳීමේ දී ආහාර වෙලඳපොළ කෙරෙහි ඇතිවන බලපෑම අඩුවිය හැකිය. එම අංශවලට නිදසුන් ලෙස සංචාරක, නිෂ්පාදන සහ බලශක්ති වෙළඳ පොළවල් දැක්වීමට පුළුවන. (මූලාශ්‍රය: Market Monitor, AMIS, March 2020). නමුත් ආහාර ද්‍රව්‍යවල මිල දාමයන්වල සංකීර්ණභාවය සහ ප්‍රවාහනය සහ අලෙවියට හිමිවන වැදගත්කම නිසා ඉහත සඳහන් කළ සාධකවලින් ආහාර වෙළඳපොළටත් දැඩි බලපෑමක් එල්ලවිය හැකියි.
එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානයේ ආහාර මිල දර්ශකය පෙන්නුම් කළ ආකාරයට Covid-19 වසංගතය ගෝලීය ආර්ථිකයට දැවැන්ත පහරක් එල්ල කරන අතරම, පහසුවෙන් නරක්වන ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම නිසා සමබල ආහාර වේලකට වැය වෙන වියදම වැඩි වීම අඩු ආදායම්ලාභීන්ට අහිතකර බලපෑම් එල්ල කරනවා පමණක් නොව ධරණීය හෙවත් තිරසාර සංවර්ධන ඉලක්ක (Sustainable Development Goals) සපුරාගැනීමට දැරිය යුතු සමස්ත වියදම ද ඉහළ යනු ඇති.
2019 වසරට අදාල ‘ලෝකයේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය පිළිබඳ තත්ව වාර්තාව”(The State of Food Security and Nutrition in the World) අනුව මේ බලපෑම වැඩිපුරම එල්ල වන්නේ ආනයනික ආහාර ද්‍රව්‍ය මත අධික ලෙස යැපෙන රටවල්වලටයි. මෙහිදී සෘණාත්මක බලපෑම වඩාත් බලවත්ය. ආනයනික ආහාර ද්‍රව්‍ය මත යැපීමේ අනුපාතය සියයට එකකින් (1%) ඉහළ යද්දී වාර්ෂික මන්ද පෝෂණය වාර්ෂිකව සියයට තුනයි දශම අටකින් (3.8%) ඉහළ යාම මීට නිදසුන් ලෙස දැක්වීමට පුළුවන. රටක් ආනයනික ආහාර මත යැපෙනවා නම් මන්ද පෝෂණය වාර්ෂිකව ආසන්න වශයෙන් සියයට අටකින් (8%) ඉහළ යන බව ගණන් බලාතිබේ. ඊට අමතරව ඉල්ලුම ඇණ හිටීමත් මේ බලපෑම වඩාත් දරුණු වීමටත්, දිගු කලක් පැවතීමටත් හේතු වේ.
FAO වෙබ් අඩවියේ Q&A: COVID-19 pandemic – impact on food and agriculture යටතේ 6 ප්‍රශ්නය වන What is the pandemic’s impact on the global economy? ආශ්‍රයෙන් පරිවර්තනය කර සකස්කළේ
අරුන්දි ජයසේකර (thathu Creators)