සමහරු අනෙක් අයට වඩා වැඩියෙන් රෝගාතුර වන්නේ ඇයි?
Covid-19 යනු යමක් ස්ථිර වශයෙන් දැක්විය නොහැකි රෝගයකි. මේ රෝගයෙන් සමහරු සුළු රෝග ලක්ෂණ සහිතව සුළු වශයෙන් පීඩාවට පත් වෙද්දී සමහරුන්ට රෝගය බලපාන්නේ සති ගණනාවක් පැවතිය හැකි දරුණු ඉන්ෆ්ලුවන්සා ආකාරයේ රෝගයක් ලෙසට ය. රෝගාතුරයන් අතුරෙන් සුළු පිරිසකගේ ජීවිතයට පවා තර්ජනයක් විය හැකි ආකාරයේ සංකූලතා මෙයින් ඇති කරයි. එහි ප්‍රතිඵලය මරණය විය හැකිය. ඉතින් ඇතැමකු පහසුවෙන් රෝගයෙන් ගැලවෙද්දී ඇතමුන්ට දැඩි ප්‍රදාහය සහ පෙණහලු හානි සමග දරුණු තත්ත්වයන්ට මුහුණ පාන්නට වන්නේ ඇයි? මෙයත්, තවමත් විසඳී නැති Covid-19 මහා අබිරහසක්.
වෛරස ආසාදනයට එරෙහි ආතුරයන්ගේ ප්‍රතිශක්ති ප්‍රතිචාරය අනුව රෝගය උග්‍ර වීම හෝ නොවීම තීරණය වන්නේ යයි (ඇතැම්) විශේෂඥයෝ කියා සිටිති. ප්‍රතිශක්ති පද්ධතිය අතිධාවන තත්ත්වයට පත්වුවහොත් පෙණහලු සහ අනෙකුත් අවයව හානියට පත් කෙරෙන ව්‍යාසනකාරී ප්‍රතිඵල ගණනාවකට මුල පිරිය හැකි වේ. ප්‍රතිශක්ති ක්‍රියාකාරීත්වය වයසත් සමග පරිහානියට පත්වේ. වඩාත් අවාසිදායක තත්ත්වයන්ට පත් වන්නේ Covid-19 වැළඳුණු වයස්ගත පුද්ගලයන් ය. ඒ, ඔවුන් අධික රුධිර පීඩනය, දියවැඩියාව සහ හෘද වාහිනී රෝග වැනි නිදන්ගත රෝග තත්ත්වයන් ගෙන් හෙබි අයවලුන් වන හෙයිනි. ඇමරිකානු වැඩිහිටියන් අතුරෙන් 10න් හතරකට බලපාන ස්ථුලතාවය හෙවත් තරබාරුකම ද Covid-19 රෝගය උත්සන්න කිරීමට බලපාන බව පෙනී යයි.
උග්‍ර රෝගී තත්ත්වය සහ මරණය පිළිබඳ වැඩි අවදානමක් ඇත්තේ පුරුෂ පක්ෂයට ය. ස්ත්‍රීන් සතු සවිමත් ප්‍රතිශක්ති පද්ධතිය, ලිංගිකව ඇති මෙම වෙනසට බලපාන්නේ යැයි වි විද්‍යාඥයෝ කියති. පොදුවේ කරුණු දක්වන්නේනම් ප්‍රථමයෙන්ම ආසාදනයට පත් වන අවස්ථාවේ ආතුරයන් විශාල වෛරස ප්‍රමාණයකට හෙවත් භාරයකට(load) නිරාවරණය වුවහොත් ඔවුන් සීග්‍රයෙන් වඩාත් රෝගී බවට පත් වන්නේ යැයි වැන්ඩර්බිල්ට් විශ්වවිද්යාලයේ බෝවෙන රෝග විශේෂඥ වෛද්‍ය විලියම් ෂැෆ්නර් කියා සිටියි. කොරෝනා වෛරස, සෛලයන්ට ඇතුළු වීම පිණිස යොදා ගන්නා මග වන ඇන්ජියෝ ටෙන්සින් පරිවර්තක එන්සයිමය(angiotensin-converting enzyme 2) ලෙස නැතිනම් ACE2 ලෙස දැක්වෙන ප්‍රතිග්‍රාහකයෙහි භූමිකාව ගැන විද්‍යාත්මක වගවිභාග බෙහෙවින් සිදුවේ. පෙණහලු, රුධිරවාහිනී, මහබඩවැල් සහ අනෙකුත් අවයව සෛලයන්හි බාහිර මතුපිට(පෘෂ්ඨයන්හි) මෙන්ම උගුර පිටුපස හා නාස් මගෙහි ඉහළ කොටසෙහි මේ ප්‍රතිග්‍රාහකහක දැකගත හැකිය.
ගෝලීය වසංගතය ආරම්භ වූ අවස්ථාවේ පැතිරුණු මතයක් වූයේ ACE නිෂේධක(ACE inhibitors ) වැනි අධි රුධිර පීඩනය පාලනයට ලබාදෙන ඖෂධ ගන්නා අය කොරෝනා වෛරසයෙන් වැඩි වශයෙන් අවදානමකට ලක් වීමට ඉඩ ඇත යනුවෙනි. එහෙත් එය එසේ යැයි මෙතෙක් සිදු කළ අධ්‍යයනවලින් හෙළි වී නැති අතර එම ඖෂධ ගන්නැයි වෛද්‍යවරු රෝගීන්ට දිගින් දිගටම උපදෙස් දෙති.
සෛල පසාරු කිරීම සඳහා SARS-CoV-2 වෛරස, ප්‍රතිග්‍රාහකහකයකට ඇලී සිටින නමුත් ACE2 අධික රුධිර පීඩනය හා ප්‍රදාහය පාලනය කිරීම සඳහා උපකාරී වේ. ළමුන්ට මෙකී ප්‍රතිග්‍රාහක අඩු සංඛ්යාවක් ඇති නිසා කොවිඩ් 19 ආසාදනය වීමේ අවදානම ළමුන්ට අඩු යැයි ඇතැම් විද්‍යාඥයෝ සැක පළ කරති. ඖෂධවල ලිංගිකත්වය අනුව ඇතිවන වෙනස්කම් ගැන අධ්‍යයනය කරන විද්‍යාඥයන් පවසන අන්දමට ACE2 පුරුෂයන් හා ස්ත්‍රීන් අතර නියාමනය වන්නේ වෙනස් ආකාරයකටය. තවද පුරුෂයන්, ස්ත්‍රීන්ට වඩා තරුණ වයසකදී අධික රුධිර පීඩනය ඇතිවීමේ ප්‍රවණතාවක් ඇත. ඒ කෙසේවෙතත්, තවමත් නොදන්නා දේ බොහෝයි.
” ACE2 ඉතා වැදගත් කාර්යභාරයන් දෙකක් ඉටු කළ හැකිය. වෛරසය සෛල වෙතට ගෙන යාම එකක්. ඒ අතරම ඊට රුධිර වාහිනී සහ පෙණහලු වල සිදුවන යම් හානියක් සමනය කිරීමටත් හැකි වෙනවා” යයි බ්‍රිග්හැම් සහ බොස්ටන් කාන්තා රෝහලේ වෘක්තවේදී (nephrologist) අන්කිත් බී. පටෙල් කියයි, “මේක ඇත්තටම දෙපැත්ත කැපෙන කඩුවක් වගේ. ඒ හන්දාම මේ කතාව තවත් සංකීර්ණවෙනවා”
කොරෝනා වෛරස ගැන නිශ්චිතව යමක් කීමට අසීරුය. එය කෙතරම් පහසුවෙන් සම්ප්‍රේෂණය වන්නේද යන්න සහ රෝගී වූ බවක් නොපෙන්වන කෙනෙකුට එය තවත් කෙනෙකුට දායාද කළ හැකිය යන්න සලකන විට කොරෝනා වෛරසය ඉන්පුවෙන්සා වෛරසයක් ආකාරයට හැසිරිය හැකි හෙයිනි. එහෙත් එහි ව්‍යුහය, එමෙන්ම වවුලන්ගෙන් උපත ලැබීම(සම්භවය) හා සමස්ථ රෝග ලක්ෂණ වැඩියෙන් සමාන වන්නේ එහි ඥාති සොහොයුරු කොරෝනා වෛරසයන්ටය. ඉතින් වෛරස ඇබිත්තක් තැවරුණු මතුපිටක් අත ගෑවුණු පමණින් හෝ රෝගී වූ අයෙකු ප්‍රාශ්වාස කළ(පිට කළ) බිඳිති කිහිපයකින් කෙනෙකු රෝගීවේ දැයි විද්‍යාඥයන්ට නිශ්චිත කොට කිව නොහැකිය. එහෙත්, වැඩියෙන් කොරෝනා වෛරසවලට නිරාවරණය වීමෙන් රෝගය ආසාදනය වීමට වැඩියෙන් අවස්ථා ඇති විය හැකි වන අතර වඩාත් දරුණු රෝග ලක්ෂණ වලට මඟ පෑදිය හැකි වේ. පුද්ගලයන් පිරුණු ගෘහස්ථ අවකාශ මගහැරීම, මුව ආවරණ පැළඳීම සහ අත් සේදීම වැදගත් වන්නේ ඒ නිසයි මේ එක් එක් පියවර, ඔබ විශාල වෛරස ප්‍රමාණයකට නිරාවරණය වීමේ අවස්ථාව අඩු කරයි.
The New York Times (June 1, 2020) හී පළ වූ WHY SOME PEOPLE GET SO MUCH SICKER THAN OTHERS යන ලිපිය ඇසුරෙනි