දේශගුණ විපර්යාසය ගැන තවත් වැදගත් කරුණු
දේශගුණ විපර්යාසයේ බලපෑම් ගැන අපි පහුගිය සතියේ කාරණා කිහිපයක් කතාකළා. අද අපි ඒ ගැන තවත් වැදගත් කරුණු කිපියක් කතා කරමු. පලමුවෙන්ම ගෝලීය උණුසුම්වීම ගැන සලකාබලමු:
ඉහල යන ගෝලීය උෂ්ණත්වය
පහුගිය ශතවර්ෂයේ තොරතුරු විශ්ලේෂණය කර බලන විට ගෝලීය උෂ්ණත්වයෙහි, ඉහළ යෑමේ ප්‍රවනතාවක් පැහැදිලිවම දකින්න පුළුවන්. ලෝකයේ විවිධ ප්‍රදේශ වල උෂ්ණත්ව මට්ටම් එකිනෙකෙන් එකිනෙකට ඉතා පුළුල් ආකාරයෙන් වෙනස් බව විද්‍යාඥයන් දන්නවා. එහෙත්, ලෝකයේ නිශ්චිත ප්‍රදේශවල දිගු කාලයක උෂ්ණත්ව මට්ටම් නිරීක්ෂණ කරලා බලන විට, ඒවායින් ප්‍රදේශ බොහොමයක්ම සිසිල් වෙනවා වෙනුවට වඩාත් උණුසුම් වෙන බවක් ඔවුනට පෙණී ගොස් තියනවා.
1900-2009 වර්ෂ ඇතුළත, පෘථිවිය මතුපිට හෙවත් පෘෂ්ඨයෙහි මධ්‍යයක උෂ්ණත්වය ශෙන්ටිග්‍රේඩේ අංශක 0.7 (13°F) වලට ආසන්න ප්‍රමාණයකින් වැඩි වී තිබෙනවා.. එමෙන්ම උෂ්ණත්වය වැඩිවීමේ අනුපාතයද මෑත කාලවල ඉහළ ගොස් ඇති බව දසඳහන් වෙනවා.(මූලාශ්‍රය: Climate Change: Global Temperature, by LuAnn Dahlman, August 30, 2009)
කාබන් ඩයොක්සයිඩ්
ඉහල යන ගෝලීය උෂ්ණත්වය ගැන කතා කරද් දී මුලින්ම සාකච්ඡාවට ගත යුතු කාරණයක් නැතිනම් මාතෘකාවක් තමයි කාබන් ඩයොක්සයිඩ්. කාර්මික විප්ලවය සිදුවුණ කාලයේ ඉඳලාම මානවයා ප්‍රවාහන සහ නිෂ්පාදන කටයුතුවලට ගල් අඟුරු, ස්වාභාවික වායු සහ තෙල් දහනය කර තිබෙන බව ප්‍රකට කාරනාවක්. එහි අනිටු ප්‍රතිඵලයක් හැටියට කාබන්ඩයොක්සයිඩ් සහ අනිකුත් හරිතාගාර වායු දැවැන්ත ප්‍රමානයක් නිෂ්පාදන වී වායුගෝලයට නිකුත් වී ඇති බවත් නොරහසක්.
මෙය යථාදර්ශනයෙන් බලා දක්වන විට අපට පෙණී යන්නේ, කාබන් ඩයොක්සයිඩ් 38% ආසන්න ප්‍රමාණයක් අධික ලෙස වායු ගෝලයට නිකුත් වී ඇති බවයි. මෙය පසුගිය වසර 800,000 වෙනුවෙන් ගණන් බලා ඇති අගයට වඩා ඉහළ අගයක්. එපමනක් ද නොවෙයි, අදටත් අපි නිකුත් කරන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයත් වසරෙන් වසරට ඉහළ යමින් පවතිනව.(මූලාශ්‍රය: Report by Caitlyn Kennedy, August 30, 2009, Climate Change: Atmospheric Carbon Dioxide)
ලෝකයේ කොයි ප්‍රදේශවලින් ද අධික ලෙස කාබන්ඩයොක්සයිඩ් නිෂ්පාදනය කරන්නේ?
2014 වර්ෂයේ දෙසැම්බර් මාසයේ, නාසා ආයතනයේ කක්ෂගත කාබන් නිරීක්ෂණාගාරය(Orbiting Carbon Observatory (OCO-2) කාබන්ඩයොක්සයිඩ් විමෝචනය සහ අවශෝෂණය සිදුවන රටාවට අදාලව පෘථිවි ගෝලයේ මතුපිට පළමු සිතියම නිකුත් කලේය. එම මෙහෙයුම තවමත් පවතින්නේ එහි පළමු අදියරෙහි වුවත්, එයින් හමුවන තොරතුරු වලින් මානවයාගේ ක්‍රියාකාරකම් දේශගුණයට බලපෑම් සිදුකරන්නේ කෙසේද යන්න තව ගැඹුරෙන් තේරුම් ගන්නට විද්‍යාඥයන්ට උදව් කරයී.(muulaya: NASA http://www.nasa.gov/jpl/oco2/nasas-spaceborne-carbon-counter-maps-new-details/index.html#.VJOTVsAClA)
සාගර ආම්ලීකරණය
පෘථිවියෙහි ආම්ලිකත්වය 30% න් පමණ වැඩි වී ඇති බව දැකගන්නට ලැබී ඇත. මෙය කාර්මික විප්ලවයෙන් නිකුත්වුනු අධික කාබන් ඩයොක්සයිඩ් වායුව සාගර මගින් අවශෝෂණය කරගනු ලැබීමෙන් ඇති වූ ප්‍රතිඵලයකි. සාගරයන්හි ඉහලින්ම තිබෙන ආස්තරයෙන් අවශෝෂණය කර ගන්නා කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය සෑම වසරක් පාසා ටොන් බිලියන් දෙකකින් වැඩි වෙමින් පවතින බවත් වාර්තාවෙනවා.(මූලාශ්‍රය: PMEL Carbon Program, Ocean Acidification)
දියවී යන ග්ලැසියර
ග්ලැසියර ගැන ඉතාමත් කෙටියෙන් කීවොත්, විශාල හිම ප්‍රමාණයක් එකට එකතුවී දිගු කාලයත් එය දැඩිවීමේ ප්‍රතිඵලය ලෙස ඇති වන විශාල අයිස් කැට නැතිනම් කුට්ටි තමයි ග්ලැසියර බවට පත් වෙන්නේ. ඒවා අතුරෙන් වඩාත් කුඩා කුට්ටි, පාපන්දු පිටියක ප්‍රමාණයක් ගන්නා අතර විශාල ඒවා කිලෝමීටර සිය ගණනක දිගකින් යුක්තවිය හැකියි. ගංගා සේම ග්ලැසියර වලටද යම් කිසි චලනයක් තිබෙනවා.. සාමාන්‍යය වශයෙන් ගතහොත්, සෑම අවුරුද්දකටම, ජලය අඟල් 28 කට ආසන්න අනුපාතයකින් ග්ලැසියරවලින් අයිස් ඉවත්වන බවක් දක්නට ලැබෙනවා. 1980 වසරේ සිට ලෝකයේ තිබෙන ග්ලැසියර වලින් නිරීක්ෂණය කර තිබෙන්නේ පොඩි කොටසක් විතර නමුත් එම උපනතිය හෙවත් ප්‍රවණතාව අපි වටහා ගැනීම අත්‍යවශ්‍යයි.
Eschooltoday lessons හී පළවන පාඩම මාලාවේ Interesting facts on climate change කොටස සහ ඇසුරෙන් පර්වර්තනය කර සකස්කළේ:
චන්ද්‍රසේකර් ප්‍රවින්ත් චව්රින්(thathu Creators)