ශාක ප්‍රජනනය

Posted by

Covid-19  මහා වසංගතය  සමගම ලොවපුරා ගෙවතු වගාව ගැන ලොකු උනන්දුවක් ඇති වී තිබෙනවා. ඒත් ගෙවතු වගාවට අළුතින් පිවිසෙන අයට මෙන්ම දැනටමත්  එහි යෙදෙන්නන්ට ඒ සඳහා ප්‍රයෝජනවත්වන් වන විද්‍යාත්මක කාරණා ගැන thathu.com වරින්වර ගෙන එන්නට අදහස් කරමු.අද එහි පළමුවන්න: ශාක ප්‍රජනනය

ශාක ප්‍රජනනය

ශාක කියන්නේ  මේ මහා පොළව මත ඕනෑම පරිසරයක වැඩෙන්නට හැකි ඉතා සාර්ථක ජීවීන්. ඒවායේ සාර්ථකත්වයට හේතුවන එක් කාරණාවක් වන්නේ ඒවා ලිංගිකව මෙන්ම අලිංගිකව ද ප්‍රජනනය කිරීමට ඇති හැකියාවයි.

අලිංගික  ප්‍රජනනය (asexual reproduction)

ශාක අලිංගිකව ප්‍රජනනය වනවිට, ජනක ශාකයට(parent plant) ප්‍රවේණිකව අනන්‍ය ප්‍රජනිකයන්(offspring) බිහිකිරීමෙහි ලා  ඒවා අනූනන විභාජනය(mitosis) යොදා ගනී. අලිංගික  ප්‍රජනනයෙහි වාසියක් වන්නේ සාර්ථක ජීවීන්ට කඩිනමින් ප්‍රජනනය සඳහා එය  ඉඩ සලසා දීමයි. එහෙත්, අවාසියක් හැටියට දැක්විය හැක්කේ  ප්‍රජනිකයන් සියල්ලම ප්‍රවේණිකව අනන්‍ය වීමයි. එසේ වීම නිසාවෙන් ශාක ගහනයට පරිසරයේ විපර්යාසයන්ගෙන් ඇතිවන  ගැහැට  විඳ දරාගෙන පැවතීමට ඇති හැකියාව අඩුවී යාමයි.

ලිංගික  ප්‍රජනනය (sexual reproduction)

ශාක  ලිංගිකව  ප්‍රජනනය වන විට ඒවා ජනකයන්ගේ ප්‍රවේණි තොරතුරුවලින් අඩක්, ඒ කියන්නේ සෑම  ක්‍රෝමසෝමයකින්ම එකක් අඩංගු ඒකගුණ සෛල නිපදවීම සඳහා ඌණන විභාජනය(meiosis) යොදාගනියි. අවසානයේ දී, ඒකගුණ සෛල(haploid cells) මගින්   ඩිම්බ සහ ශුක්‍රාණු නිපදවනු ලබන අතර සෑම ක්‍රොමසෝමයකින් දෙක බැගින් ඇති, අලුත්, ප්‍රවේණික වශයෙන් සුවිශේෂී දිවිගුණ(diploid) ජීවීන් නිර්මාණය කිරීමට එක්කාසු වෙයි.

ලිංගික  ප්‍රජනනයෙහි වාසියවන්නේ එය ප්‍රජනිකයන් අතර විවිධත්වයක් නිර්මාණය කර, පරිසරයෙහි විපර්යාසයන් හමුවේ එම විශේෂය නොනැසී පැවසීමේ අවස්ථාව වැඩිකිරීමයි. අවාසි වශයෙන් දැක්විය හැකි  වන්නේ, සමහර ශාකවලට ලිංගිකව ප්‍රජනනය සඳහා සහකරුවෙකු සොයා ගැනීම අවශ්‍ය වීමයි. එමෙන්ම,  ශුක්‍රාණුවලට පිහිණීමට හැකිවෙන පරිදි බොහෝ ශාකවලට ද්‍රව ජලය අවශ්‍යවේ.

ශාකවල ජීවන චක්‍ර, සත්වයන්ගේ ජීවන චක්‍රවලට වඩා මදක් සංකීර්ණය. සත්වයින් සලකන් විට ජන්මාණු(ශුක්‍රාණු සහ ඩිම්බ) සමාන්‍යයෙන් කුඩාවන අතර කැපීනොපෙණේ. කෙසේවෙතත්, ශාකවල දී ඒකගුණ සෛලවලට  ඊටම කියා ජීවිතය්ක් තිබීමට පුළුවන.

ශාක ජීවන චක්‍ර පරම්පරා ප්‍රත්‍යාවර්තනනයට(alternation of generations) සම්බන්ධය: සම්පූර්න චක්‍රයට බීජාණුශාකය(sporophytes) සහ ජන්මාණුශාකය(gametophytes) යනුවෙන් එකිනෙකට වෙනස් පරම්පාරා දෙකක් ඇතුළත්වේ.

  1. බීජාණුශාකය ලෙස දැක්වෙන , ජනක ශාකයේ සිදුවන ඌනන විභාජනයෙහි ප්‍රතිඵලයක් ලෙස ඒකගුණ බීජාණු නිපදවේ. මෙහි අර්ථය වනුයේ ඒවාට ඇත්තේ ජනක ශාකයෙගි තොරතුරුවලින් අඩක් පමණක් බවයි.
  2. අනූනන විභාජනය මගින් වැඩෙන්නට පටන්ගනු ලබන   බීජාණු  ජන්මාණුශාක වශයෙන් දැක්වෙන බහුසෛලීය ඒකගුණ ජීවීන් බවට වර්ධනය වෙයි.

ශාක ජීවන චක්‍රයේ  ජන්මාණුශාක අවධිය ශාක සහ ජීවීන් අතර මුලික වෙනසක් වෙයි. සත්වයන් ගතහොත් ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් නව ජීවියෙකු නිපදවීම සඳහා එකට එක්වන තුරු වර්ධනයක් සිදුනොවේ. ශාක ගතහොත් ඌණනන විභාජනය සහ ශුක්‍රාණු හා ඩිම්බ  නිශ්පාදනය අතර මද විරාමයක් ඇත. මෙ මද විරාමයේ දී, වෙන්වූ කුඩා හප් ශාකයක් වැඩෙයි.

  1. ජන්මාණුශාක, අනූනන විභාජනය මාර්ගයෙන් ජන්මාණු(gametes) නිපදවයි.

ඌනන විභාජනය සත්වයන් අතරේ ශුක්‍රාණු සහ ඩිම්බ නිපදවනු ලැබුවත් ශාකවල ඌනන විභාජනය සිදුවන්නේ ජන්මාණුශාකය නිපදවීමටය.  ජන්මාණු ශාකය දැනටමත් ඒකගුණ නිසා එය අනූන විභාජනය මගින් නිපදවනු ලබන්නේ ශුක්‍රාණු සහ ඩිම්බය.

  1. ජන්මාණු ඒකාබද්ධව හෙවත් සංයුක්තව යුක්තාණු(Zygotes) යනුවෙන් හැඳින්වෙන සෛල නිපදවයි.  යුක්තාණු සතුව ජනක ශාකයේ ක්‍රෝමසෝම සංඛ්‍යාවම පවති. ඒ කියන්නේ යුක්තාණු ද්විගුණයි.
  2. යුක්තාණු අනූනන විභාජනය මගින් බෙදී බීජාණුශාක බවට වර්ධනය වන්නේ ජීවන චක්‍රය යළි ආරම්භකිරීමට හැකිවෙන පරිදිය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.