ආහාර සුරක්ෂිතභාවය හා පෝෂණය මත මහා වසංගතයෙහි අවදානම

Posted by
ආහාර සුරක්ෂිතභාවය හා පෝෂණය මත මහා වසංගතයෙහි අවදානම අවම කිරීම සඳහා නිර්දේශ

ආහාර සුරක්ෂිතභාවය සහ පෝෂණය වෙතට ක්‍රියාකාරීව යොමු වූ ප්‍රායෝගික පියවර අතිශයින් වැදගත් වන අතර ආර්ථික සම්පත් බෙහෙවින් අවශ්‍යව ඇති මොහොතක මෙවැනි පියවර සඳහා වැයවන  මුදල අඩු නිසාවෙන් සමස්ත වියදම් කළමණාකරණය පහසුවෙන බවද සැලකිල්ලට ගත යුතුය. ගෝලීය අවපාතයකට අපට මුහුණ දීමට සිදු වෙතැයි යන කල්පනාව හමුවේ මෙහි අගය දෙගුණ වේ.

2019 ලෝක ආහාර සුරක්ෂිතභාවය සහ පෝෂණය පිළිබඳ තත්ව වාර්තාවෙන්  ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය(Food and Agricultural organization – FAO) සහ එහි හවුල් කරුවන් කලින් අනතුරු හඟවා ඇති පරිදි මෑතක වසරවලදී ආර්ථික වර්ධනය හීනවීම හෙවත් ආර්ථික සංකෝචන, රටවල් 77ක් අතුරෙන් 65ක සාගිනි මට්ටම ඉහළ යාම හා සම්බන්ධය.   ආහාර සැපයුම් දාමය හා ආහාර නිෂ්පාදනය කඩාකප්පල් වීම වළක්වා ගනු වස් ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් ලෝකයේ සියලුම රටවලින් ඉල්ලීමක් කරමින් ගත යුතු පියවර ගණනාවක් දක්වයි. ඒවා අතරින් කිහිපයක් මෙහි දක්වමු.

  1. අන්තර් ජාතික වෙළඳාම විවෘතව තබා ගැනීම සහ ආහාර සැපයුම් දාමය ආරක්ෂා කිරීමට පියවර ගැනීම;
  2. වඩාත්ම අවදානම් ග්‍රාහී පිරිස්වල අවශ්‍යතා ගැන අවධානය යොමු කිරීම සහ මුදලින් ආධාර ලබාදීම ඇතුළු සමාජ ආරක්ෂණ වැඩසටහන් වඩාත් ප්‍රබල කිරීම. නිදසුන්: හදිසි ආහාර අවශ්‍යතා සපුරාලන බව සහතික කිරීම, සමාජ ආරක්ෂණ වැඩසටහන් යළි සැකසීම හා ව්‍යාප්ත කිරීම, මන්දපෝෂණය කළමනාකරණයට හා වලක්වාලීමට පියවර ගැනීම. පාසල් වසා දමා තිබෙන විට පවා දිගටම පාසල් ආහාර සැපයුම අඛණ්ඩව පවත්වා ගෙන යාමට හැකි පරිදි පාසල් ආහාර වැඩසටහන යළි හැඩගැස්වීම.
  3. රටවල්වල ආහාර සැපයුම් වටිනාකම් දාමය සක්‍රීයව හා කාර්යක්ෂමව තබාගැනීම
  4. බීජ සහ වෙනත් රෝපණ ද්‍රව්‍ය අඛණ්ඩව කුඩා වතු හිමියන් වෙත සැපයීම සහතික කරනු වස් අවශ්‍ය සියලු පූර්වාරක්ෂක පියවර ගැනීම; ගොවිපල සතුන් ඇති කරන්නන්ට සත්ව ආහාර සැපයිම, මත්ස්‍ය ගොවීන්ට අවශ්‍ය ආදාන(inputs) ලබාදීම; ආහාර දාමය තුල කටයුතු කරන සියල්ලන්ගේ ආරක්ෂාව හා යහ පැවැත්ම සුරක්ෂිත කරමින් හැකි සෑම අයුරකින්ම කෘෂිකාර්මික සැපයුම්දාම සක්‍රීයව පවත්වා ගෙනයාම
  5. කෘෂිකාර්මික කටයුතු නොකඩවා පවත්වාගෙන යාම. තවද මෙහි දී අන්තර්ජාතික සහයෝගීතාව වැදගත් වන අතර එහි වටිනාකම වටහා ගත යුතුය. ලෝකයේ ප්‍රමාණවත් තරම් ආහාර ඇත. (ආහාර සපයා ගැනීමේ දී) ස්ථානගතව ඇතිවන අර්බුද, සහයෝගිතාව සහ විවෘත වෙළදාම මගින් මඟහරවා ගත හැකිය. 2008 ගෝලීය අර්බුදය අපට ඉගැන්වූ පාඩම වූයේ අපනයන තහනම සෑමදෙනාටම තීරණාත්මකව බලපාන බවයි. එවැනි තහංචි මගින් සිදුවිය හැකි අවාසි දෙයාකාරය. ඈහාර අවශ්‍ය තැනට ආහාර සැපයීම මෙන්ම ආහාර නිෂ්පාදකයන්ගේ ආදායම් මාර්ග යන දෙකම කෙරෙහි එවැනි තහංචි අවාසිදායක ව බලපායි.

මීට අදාළ ව දැක්විය හැකි පියවර අතර භාණ්ඩ වෙළදාම හා එහා මෙහා යැවීම සීමා කැරෙන පියවර නොගැනීම, ආහාර අපතේ යාම හා හානියට පත්වීම අඩුකර ගැනීම, කාර්ය සම්පාදනයේ දී ඇතිවන පටු දොර අවහිර මගහැරවීම, විකල්ප වෙළෙඳ ප්‍රතිපත්ති  වහාම සමාලෝචනය කිරීම සහ ඒවායේ බලපෑම ගැන සොයා බැලීම. ආහාර පාරිභොගිකයන් සැමට පොදු නැතිනම් සමාන ආකාරයෙන්  සහනාධාර සැපයීමෙන් වැළැකීම, තාවකාලිකව වැට් සහ අනෙකුත් බඩු අඩු කිරීම දැක්විය හැකිය.

කොවිඩ් 19 ප්‍රතිචාර පියවර හේතුවෙන් දැනටමත් පීඩාවට පත්ව ඇති දේශීය (රට ඇතුළත) තත්ත්වයන් තවත් නරක අතට යාම වළක්වනු වස්, සමස්තයක් වශයෙන් ගත් කල ආහාර සහ සත්ව ආහාර සැපයුම් මාර්ගවලට වාසිදායක වන පියවර මෙන්ම කෘෂිකාර්මික හා මත්ස්‍ය කර්මාන්තයේ ආදාන කෙරෙහි බලපාන වෙළඳ සීමාකිරීම් පැනවීමෙන් වැළකී සිටීම යෝග්‍යය.

තවද කොවිඩ් 19 ආතුරයන් වඩාත් තීව්‍රව වාර්තා වන ලෝකයේ වඩාත් පොහොසත් රටවල න්‍යාය පත්‍ර තුළ ආහාර සුරක්ෂිත භාවය ඉහල දැමීමට ප්‍රමුඛත්වයක් ලබා දීමද වැදගත්ය. සමහර අවස්ථාවල ලොක්ඩවුන් පියවර වඩාත්ම අවදානම් ග්‍රාහි පිරිස්වල ආදායම කෙරෙහි දැඩිව බලපෑමට හැකිය. ප්‍රතිපත්ති සම්පාදකයන් (මේ ක්ෂේත්‍රයේ) ප්‍රවණතා සමාලෝචනය කරමින් හිතාමතා නොවූවත් හෙවත් නොදැනුවත්ව ආහාර සැපයූම් හිර කිරීම මගහරවා ගැනීමට ක්‍රියා කළ යුතු වේ.

අදාළ රූපය

අනාගතයේ ඇතිවිය හැකි ගැටළු කල් ඇතිව දැනගැනීමටත්, තාවකාලික හිඟය මඟහරවා ගැනීමටත්, මතුවටත් ආහාරදාමවල එවන් තත්ත්වයන් ඇතිවීම වැළැක්විය හැකි වන පරිදි ‍ නැවත නැගී සිටීමේ හැකියාව ගොඩ නංවා ගැනීමටත් ක්‍රියාකිරීමේදී  ඩිජිටල් තාක්ෂණයට වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකි වේ. විශේෂෙන්ම පළතුරු, එළවළු හා මාළු වැනි ඉක්මනින් නරක් විය හැකි ද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුම හා සැපයුම අතර ගැළපීම් ඇතිකර ගැනීමට නව තාක්ෂණය බෙහෙවින් උපකාරී වේ.

ගෝලීය වශයෙන් අනොන්‍ය රැඳියාවේ වාසි විඳ ගැනීමට නම් නැවත නැගී සිටීමේ හැකියාව ගොඩනැංවීම අප කාගේත් යුතුකම වේ.

FAO  වෙබ් අඩවියේ Q&A: COVID-19 pandemic – impact on food and agriculture යටතේ 7 ප්‍රශ්නය වන What are FAO’s recommendations to mitigate the risks of the pandemic on food security and nutrition? ආශ්‍රයෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.