සැමට විදු නැන නුවණ – Science Literacy for All

හරිතාගාර වායු වැඩිවීමට හේතු

හරිතාගාර වායු වැඩිවීමට හේතු

කාර්මිකරණයෙන් පසුව මේ ලෝකයේ උදාවී ඇති මෙම නව යුගයේ ලෝකය කර්මාන්ත වලින් ගහනයි.  සෑම අවුරුද්දකම  ගුවන්යාන, වාහන සහ එන්ජින් මිලියන ගණන් නිෂ්පාදනය කෙරෙනවා. එමෙන් කෘතිම දේවල් නැතිනම් ද්‍රව්‍ය  සෑහෙන සංඛ්‍යාවක් මෙන්ම  ප්‍රමානයක් නිශ්පාදනය වන අතර ඒවා බහුතරයක්  කසල ලෙස — ඇතැම්විට දිරා නොයන කසල ලෙස  පෘථිවිය මත ගොඩගැසෙනවා. ඉතිහාසයේ කිසි කාලයක නැති අන්දමින්  මානවයන් වන අප වර්තමානයේ ඉතාමත් අධික ලෙස කසල නිෂ්පාදනය කරන බව කාටත් රහසක් නොවෙයි.

පහත තිබෙන චිත්‍රය දෙස හොඳින් ඇස් යොමු කරන්න.

එම චිත්‍රයෙන්  ඔබට තේරුම් ගත හැක්කේ කුමක් ද?  එහි දැක්වෙන ක්‍රියාකාරකම් සියල්ලටම පොදු දෙයක් ඔබට හඳුනාගන්න පුළුවන් ද? පොදුවේ නිරූපණය වන්නේ කුමක් ද?

මෙන්න උත්තරය: එහි දැක්වෙන හැම ක්‍රියාකාරකමකින්ම  දුම්(smoke), දුමාරය(fumes) සහ ජලවාෂ්ප(water vapour) නිෂ්පාදනය කෙරෙනවා.

අදාළ රූපය

හරිතාගාර වායු විමෝචනයට  තවමත් වැඩියෙන්ම දායකවන සාධකය  බලශක්ති නිෂ්පාදනයයි. උදාහරණයට, 2010 වර්ෂයේ හරිතාගාර වායු විමෝචන්යෙන් 35%  බලශක්ති අංශය මගින් සිදු කරනු ලැබ තිබේනවා. ඊළඟට කෘෂිකාර්මික, වන සහ අනෙකුත් භූමි භාවිත අංශය ද (24%), කර්මාන්ත (21%) සහ ගොඩ නැගීම් අංශය (6.4%) යන වශයෙන් වායු විමෝචන සිදුකර තිබෙන බව සංඛ්‍යාලේඛන දක්වනවා.

සරලව ගත්තොත්, මානව අප  අපේ නිවෙස් වල  තිබෙන වැඩ පහසු කිරීම සඳහා නිපදවා තිබෙන භාණ්ඩ ඇතුලුව කෘතිම භාණ්ඩ මත තබා තිබෙන රැඳියාව හේතු කොට ගෙන,  පෙර දවස තිබුණාට වඩා හරිතාගාර වායු මෝචනය කිරීමට දායකවී ඇති බව පැහැදිලියි. මෙම වායු අපගේ වායු ගෝලයට නිකුත් වේ. එහි දී,   මෙම වායු  තව තවත් තාපය කොටු කරගනිමින් භූමියේ උෂ්ණත්වය තව තවත් වැඩි කරයි, මෙය ගෝලීය උණුසුම්වීම(global warming) ලෙස හැඳින් වේ.

අදාළ රූපය

ඉතින් අපි මෙහෙම කල්පනා කර බලමු: ඔබත්, මමත් —  අපි හමදෙනාම වාගේ   අපේ නිවෙස්වල පාවිච්චි කරන භාණ්ඩ වලින් කිසියම් ආකාරයකින් හෙවත් යම්කිසි ක්‍රමයකින් කොපමණ නම්  කාබන්ඩයොක්සයිඩ්  සහ අනෙකුත් හරිතාගාර වායු නිෂ්පාදනය කරනවාද කියලා හිතලා බලන්න. ඇත්තම තත්ත්වය නම් ඔබ ළඟත් — ඔබේ නිවසේත්  එලෙස හරිතාගාර වායු නිෂ්පාදනය වන භාණ්ඩ තිබෙනවා නේද?

 

භාවිතයේ නැති විට සෑම විදුලි උපකරණයක්ම  විසන්ධි කිරීම අත්‍යවශ්‍යයි. එය හොඳ පුරුද්දකි, එයින් මුදල් ද ඉතිරි වෙයි.

මනුෂ්‍යයන්  ගෙදර දී හෝ රැකියා ස්ථානයේ දී හෝ වැඩපොළේ දී පාවිච්චි කරන සෑම උපකරණයක්ම ක්‍රියාත්මක කරන්නට බලය අවශ්‍ය වෙන බව අපි කවුරුත් දන්නවා.. එම බලය නිපදවා ගන්නේ ෆොසිල ඉන්ධන හෝ අනෙකුත් ස්වාභාවික සම්පත දහනය කිරීමෙන්. ෆොසිල ඉන්ධන දහනය කිරීම වැඩි වූවොත් වායුගෝලයට නිකුත් වන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයත් වැඩි වේ.

එයින් පැහැදිලි වන්නේ කුමක්ද කිව්වොත්, ඔබගේ තාත්තා වාහනය පදවාගෙන යන සෑම වතාවකදීමත්, ඔබ විදුලි උපකරණයක් භාවිතය කරන සෑම වතාවකදීමත්  වක්‍ර ලෙස වායුගෝලයට හරිතාගාර වායු එකතු කරනවා යන්න ය.

ඒත් එපමණ ද? නැත. අවාසනාවට, එපමනක් නොවේ. ලෝකයේ වන ආවරණය අඩු වීම නිසා කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය සහ තැන්පත් විමත් අඩුවී ඇති බව සැලකිල්ලට ගත යුතුයි. මේ කාරණය මෙහෙම තේරුම් ගමු: ශාක වල සිදුවන  ප්‍රභාසංස්ලේෂණය මගින් කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරන බව අපි කුඩා කාලෙදිම ඉගෙනගෙන තියනවා නේ. ඒත් ඉතින් වන හානිය මගින් ගහ කොළ අහිමිව ගියහම මේ අවශෝෂණයත් අඩු වී යනවා. මේ කාරණාවටත් අමතරව, අධික උෂ්ණත්වය නිසාව්න්  නිත්‍ය තුහිතයෙන් (permafrost) මීතේන් වායුව අධික ලෙස නිකුත් වෙනවා.

අදාළ රූපය

මේ සියල්ල  හොඳ දේවල් නොවේයි. මන්ද අපි හැමෝම දැනුවත්ව හෝ නොදැනුවත්ව දේශගුණ විපර්යාසයට සහ ගෝලීය උණුසුම්වීමට දායක වෙනවා. එසේ වීම ඇත්තටම ප්‍රශ්නයක් තමයි.  ඉතින් ප්‍රශ්නයක් ඇතොත් පිළියමක් හොයන්නත් එපායැ, නේද?

ඒවා මොනවා ද? අපට ඊට දායකවන්නට හැකිවන්නේ කෙලෙසද? යන්න ගැන එහෙම නම්  ලබන සතියේ සිකුරාදා කතා කරමු.

Eschooltoday lessons හී පළවන පාඩම මාලාවේ What brings about more Greenhouse gases?  කොටස සහ  ඇසුරෙන් පර්වර්තනය කර සකස්කළේ:

චන්ද්‍රසේකර් ප්‍රවින්ත් චව්රින්(thathu Creators)  

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: