සැමට විදු නැන නුවණ – Science Literacy for All

ප්‍රතිශක්තිය: අප ඒ ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි?

ප්‍රතිශක්තිය: අප ඒ ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි?

ප්‍රතිශක්තිය යන තේරුම ගෙන එන ඉංග්‍රීසි immunity වචනය බිඳී ඇවිත් තිබෙන්නේ ලතින් immunis යන්නෙන්. එහි තේරුම නිදහස් වීම හෙවත් මුක්තියයි. ඉන් (ප්‍රතිශක්තිය යන්නෙන්) දැක්වෙන්නේ මනුෂ්‍ය ප්‍රතිශක්ති පද්ධතිය පිළිබඳ කලාව හා  විද්‍යාවයි. මේ පද්ධතිය  අපව සුවපත්ව තබන විවිධ වූ ජීව විද්‍යාත්මක ආරක්ෂක පද්ධතින්ගෙන් සමන්විතයි.

ප්‍රතිශක්ති පද්ධතිය යනු නිහඬව ක්‍රියා කරන විස්මිත පද්ධතියකි.  හදවත ගැහෙන හඬ, ආශ්වාස ප්‍රශ්වාස කිරීම යනාදී වශයෙන් ශරීරාංග හා පද්ධති ක්‍රියා කිරීම ගැන අවබෝධයක් දැනුමක් අපට තිබෙන නමුත් ප්‍රතිශක්ති පද්ධතිය ඉටු කරන වැදගත් කාර්යභාරය ගැන අප වැඩිදෙනෙකුට එතරම් වැටහීමක් නැහැ. මන්ද, එය අපට නොදැනී එහි කාර්යභාරය ඉටු කරන හෙයිනි.  මේ බලගතු පද්ධතිය, අනාරාධිත ආසාදනයන්ට එරෙහි ප්‍රතිරෝධ දක්වමින් අපේ ශරීරවල ක්‍රියා පටිපාටිය සහ තුලනය පවත්වා ගෙන යාම සහ තුවාල සුව කිරීම තුළින් අපගේ සෞඛ්‍යය ආරක්ෂා කරයි. අපේ යහපැවැත්මේ පදනම එයයි.

Emma Bryce: How does the immune system work? | TED Talk

අතිශය සාරවත් ආකාරයෙන් වුවත්  සංකීර්ණව ප්‍රතිශක්ති පද්ධතිය අධ්‍යයනය කෙරෙන විද්‍යාව වන ප්‍රතිශක්ති විද්‍යාව (immunology) පසුගිය වසර 30 මුළුල්ලේ නූතන වෛද්‍ය විද්‍යාවේ මුහුණුවර වෙනස් කර ඇත. ඔබගේ ප්‍රතිශක්ති පද්ධතිය ගැන මෙන්ම එහි ක්‍රියාකාරිත්වය ගැන  අවබෝධයක් ලබා ගැනීමට මෙම ලිපිය උපකාරී වනු ඇත.

අපගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් ආකාරයෙන්  පවත්වාගෙන යාමේදී අපට ඇති වටිනාතම සම්පත අපේ ප්‍රතිශක්ති පද්ධතියයි. එහෙත් අපට එහි අගය දැනෙන්නේ බොහෝ විට යමක් නරක අතට හැරුණු විටය. ශීත සමය ආරම්භයත් සමගම අපට සෙම්ප්‍රතිශ්‍යාවක් වැලඳුණු විට  එය ගැන අපට මතක් වෙයි. එහෙත් ශීත කාලය ආරම්භයේ පමණක් නොව අපේ දැනුම නොමැතිවම ප්‍රතිශක්ති පද්ධතිය නිරතුරුව ක්‍රියාකාරී වෙයි. ප්‍රතිශක්තිය විදග්ධ පද්ධතියකි. පුදුම එලවන සුළු අන්දමට සංකීර්ණය. එහෙත් වැරදි සිදුවීමට ඇති ඉඩප්‍රස්ථාද ඉහළ ය. ස්වයං ප්‍රතිශක්ති රෝගාබාධයන්(autoimmune diseases) සහ අසාත්මිකතාවන්  සිට මානසික සෞඛ්‍ය ප්‍රශ්න සහ පරිවෘත්තීය ප්‍රශ්න දක්වා ද, ඒ තබා පිළිකාව පවා දක්වා ද එ මගින් ගැටලු මතුවීමට ඉඩ තිබේ.

බැලූ බැල්මට කෙනෙකු සෞඛ්‍ය සම්පන්නව, යහ පැවැත්මෙන් පසුවන බවක් දිස්වුනේ නමුත් (එම තැනැත්තාගේ)ශරීරය ඇතුළත රෝග පවතිනවා විය හැකිය. එයට හේතුව සියුම්ව තුලනය වී තිබෙන ප්‍රතිශක්තිය අපගේ අතිධාවනකාරී ජීවන රටාව, අතොරක් නොමැති පීඩනය, දූෂණය, අධි පරිභෝජනය සහ ව්‍යායාම අඩුකම ආදිය නිසාවෙන් හානියට පත්වීමයි. අද අප ගෙවන නූතන ජීවන රටාවට අදාල හේතුවක් නිසාවෙන් මියයාමේ අවදානම වෙනත් හේතුවකට වඩා  වැඩිය. ප්‍රතිශක්ති පද්ධතිය සතු ප්‍රබල බලයක් තිබුණේ වී නමුත් ආහාර මඟින්, ව්‍යායාම හෝ යහ පැවැත්ම මගින් අපේ ප්‍රතිශක්තිය ඉහල දමා ගත යුතු බවට කෙරෙන කියාපෑම් දැන් දැන් සුලභව ඇසෙයි. ප්‍රතිශක්ති පද්ධතිය, අනෙක් පද්ධති හා සමග එකිනෙකට ඇති සම්බන්ධතාවය ගැන එහි සංකීර්ණතාවය ගැන අපට උගත යුතු දේ තව ඇතත්, හොඳින් ක්‍රියාකාරී වීමට නම් අවශ්‍ය වන්නේ සම්පූර්ණ පද්ධතියෙහි තුලනය මිස (ප්‍රතිශක්තිය) වැඩිකිරීම හෙවත් හිපීම (boost) නොවේ.

අදාළ රූපය

අප අතරේ යම් කෙනෙකුත්, අපට වින කැපීමට නිරතුරුව පේවී සිටින ක්ෂුද්‍රජීවී  හමුදාවක් අතරත් හරහට සිටින්නේ ප්‍රතිශක්ති පද්ධතිය යි. (බොහෝවිට විෂබීජ ලෙස පොදුවේ හඳුන්වනු ලබන මේ ක්ෂුද්‍ර ජීවීන් අතර පියවි ඇසට දැකිය නොහැකි වෛරස(viruses), බැක්ටීරියා(bacteria) සහ දිලීර(fungi) ද ඇතුළත් වේ). චතුර් දෝෂ (four humours) න්‍යාය ඉදිරිපත් කරමින් ප්‍රථමයෙන්ම රෝග සම්බන්ධයෙන් විද්‍යාත්මක පැහැදිලි කිරීමක් සිදු කළේ හිපොක්‍රටීස්ය(ක්‍රි.පූ. 460-377). ඉන් අනතුරුව දහනම වන සියවස මැද ලුවී පාස්චර් සහ සමකාලීනයන් හා එක්ව විසබීජ න්‍යාය (germ theory) කරළියට ගෙන එනු ලැබීය. අදටත් අප වැඩිදෙනා ප්‍රතිශක්තිය ගැන සිතීමේදී හිතට නගා ගන්නේ එම න්‍යායයි. විසබීජ අහිතකරය. අපේ ආරක්ෂකයන් වන ප්‍රතිශක්ති පද්ධතියේ ශ්වේත රුධිරාණු හෙවත් ශ්වේතාණු  විසබීජ සමඟ සටන් වැද ඒවා විනාශ කරයි. එහෙත් ඇත්ත කාරණාව නම් සෞඛ්‍ය හා ප්‍රතිශක්තියට අදාල කාරණා මේ තරම්ම සරල නොවන බවයි.

Infection prevention and control training for visitors - Ananda ...

ප්‍රතිශක්ති පද්ධතිය යනු එක තැනක තිබෙන එක් තනි දෙයක් නොවේ. ඒ, ඇත්තටම ශ්වේත රුධිර සෛල (නියම නම ස්වේත සෛට = leukocytes) ලෙස දැක්වෙන පූර්ණ සෛල සමුදායකි. ප්‍රතිශක්තිය යන්නට (වසා ගැට (lymph nodes), අස්ථි මජ්ජාව හෙවත් ඇටමිදුළු සහ බඩදිව හෙවත්  පිලාව[ප්ලීභාව] වැනි) වසා පද්ධති අංග, අණු (සයිටොකයින), සහ වෙනත්  සාමූහික ක්‍රියාකාරකම් ආරාවක්ම ඇතුලත් වේ.

ඇටමිදුළු තමයි අපේ ප්‍රතිශක්ති සෛල පැක්වේරිය. මුල් කලල සෛල (stem cells) වලින් තමයි නව ප්‍රතිශක්ති සෛල උපත ලබන්නේ. මුල් කලල සෛල හරියට කිසිවක් සටහන් වන නැති (සෛල) කැන්වසයක් බඳුය. අපගේ අනේක වූ ප්‍රතිශක්ති සෛල වර්ග අතුරෙන් ඕනෑම එකක් පරිණාමය වීමේ  ධාරිතාව මුල් කලල සෛල සතුවේ.  ශ්වේත රුධිර සෛල යනුවෙන් නම තිබුණාට ඒවා හමුවන්නේ හුදෙක් ඔබේ රුධිරයෙන් පමණක් නොවේ. ඔබේ ශරීරයේ සෑම වැදගත් ස්ථානවල ඒවා තිබේ. විවිධාකාරයේ ප්‍රතිශක්ති ප්‍රතිචාර දැක්වීමට පුළුවන් ආකාරයට ඒවා සතුව සුවිශේෂී කුසලතා පෙළක්ම ඇත.

ප්‍රතිශක්ති පද්ධතියෙහි ක්‍රියාකාරිත්වය වටහාගැනීමට එක් කදිම ආකාරයක් වන්නේ එය මාලිගාවකට සම කර සැලකීමයි. මාලිගය නැතිනම් බලකොටුව ආරක්ෂක ස්ථර ගණනාවකින් සමන්විතයි. සීරුරෙහි සීමාවේ ඇත්තේ ප්‍රතිශක්ති ඉදිරිපෙළ ආරක්ෂක ස්තරයයි. මුඛය, නාසය, ජීරණ පථය ආදී සිරුරේ ස්වාභාවික ප්‍රවේශයන් ආස්තර වී ඇති  හම සහ ශ්ලේෂ්මල පටල ඔබේ මුල් පෙල ප්‍රතිශක්ති ආරක්ෂක පද්ධතියේ කොටස්ය.  ඒවායින් ආක්‍රමණිකයාට එරෙහි සතුරු පරිසරයක් නිර්මාණය කිරීම සහ ඊට(එවැනි පරිසරයක් නිර්මානය කිරීමට) දායක වෙන ද්‍රව්‍ය නිකුත් කිරීම සිදු කිරීම වගේම  එසේ නැතිනම් සතුරා ඍජුවම විනාශ කර දැමීම සිදුකෙරේ. මේ කායික බාධක, ආරක්ෂාව සපයනවා වගේම ඒවා සියුම්ය; එමෙන්ම ආවේණික ගොදුරුවීමේ හැකියාවන් හෙවත් ග්‍රාහිතාවයන්ගෙන්(vulnerabilities) යුක්තය.

ඉතින්, ඒවායේ(ඉදිරිපෙළ ආරක්ෂක) ප්‍රතිචාරයන්ගෙන් ගැලවී සිරුරට රිංගා ගැනීමට හැකිවන අයුරින් පරිණාමය වීමට සහස්‍රයක් ඉකුත්වයත්ම සෑම විෂබීජයක්ම වාගේ සමත් වේ. ඒසේ වුවද, ප්‍රතිශක්ති පද්ධතිය එහි ආරක්ෂක යාන්ත්‍රණයන්ගෙන් හොඳ දේ තෝරා බේරා ගනිමින් ප්‍රයෝජනයක් නැති දේ අත්හැර දමමින් පද්ධතිය කාර්යක්ෂමව තබා ගැනීමට හැකි වන සේ අනුගත වෙයි. ප්‍රතිශක්ති පද්ධතිය වැනි  සංකීර්ණ පද්ධතියක් පිළිබඳ සරල හැඳින්වීමක් අද ඉදිරිපත් කෙරුණු අතර ඉදිරියේ දී මේ පිළිබඳ තවත් විස්තර ගෙන ඒමට thathu.com අපේක්ෂා කරයි.

 

Immunity ( by Jenna Macciochi, 2020) ග්‍රන්ථයෙහි මුල් පරිච්ඡේදය වන   How to Be Well in a Modern World ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: