ගෝලීය උණුසුම්වීම සම්බන්ධයෙන් අපට කළ හැකි දේ
අපට ට කළ හැකි දේ විමසා බැලීම ට පෙර මුලින්ම අපි පසුබිම ගැන දැනගමු.
මෝටර් රථ නිපදවන විශාල කර්මාන්ත, පිරිපහදු මධ්‍යස්ථාන, වාණිජ මට්ටමෙන් කෘෂිකරමාන්තයේ යෙදෙන ගොවියන්, සහ තවත් අනෙකුත් අය කාබන් විමෝචනයට දායක වෙන ප්‍රධාන ආයතන හා පුද්ගල කාණ්ඩ බව දැන ගෙන සිටීම වැදගත්ය,. මෙයට හේතුව වන්නේ එම ආයතන වලින් එළිදක්වන නිෂ්පාදන සහ අප නිවසේ දී භුක්ති විඳින ආහාරපාන මත අප රඳා පැවතීමයි. එයින් කියවෙන්නේ, එම නිෂ්පාදන මත රඳා පවතීම අපි අඩු කර ගතහොත් එම ආයතන විසින් කරන වැඩිපුර නිෂ්පාදන සිදුකරනු ලැබීම අඩු කරගන්නට පුලුවන් බවයි.
කාබන් පා සටහන(Carbon footprint)
කාබන් පියසටහන හෙවත් කාබන් පා සටහන යනු ස්වභාවිකව නොව මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වාතයට එකතුවන කාබන් ප්‍රමාණයයි. කාබන් ඩයොක්සයිඩ් තුළ කාබන් ඇත. ඉන්ධන දැවීමේ යම් කාර්යයක් මගින් දුමාරය තුළ කාබන් ඩයොසයිඩ් සෑදේ. වැල්ලේ ඇවිදීමේ දී අපෙ පා සටහන් ඇතිවෙනවා සේම ඉන්ධන දැවීමෙන් වාතයේ තබන කාබන් ඩයොක්සයිඩ්, ‘කාබන් පා සටහන්’ ලෙස දක්වේ. මූලික වශයෙන්, කාබන් පිය සටහනට දර්ශක දෙකක් ඇත: ප්‍රාථමික හෝ සෘජු පා සටහන සහ ද්විතීයික හෝ වක්‍ර පා සටහන යනුවෙනි. ප‍්‍රාථමික පා සටහනෙන් දැක්වෙන්නේ ප‍්‍රවාහනයට ගන්නා වාහනවල භාවිතා වන පොසිල ඉන්ධන දහනය කිරීමෙන් හා නේවාසික ගොඩනැගිලිවල භාවිතා වන බලශක්ති පරිභෝජනයෙන් සෘජු කාබන් ඩයොක්සයිඩ් විමෝචනය වීමයි. ද්විතියික පා සටහනෙන් දැක්වෙන්නේ එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන දේවල්, නිෂ්පාදනය, භාවිතය සහ අපද්‍රව්‍ය හේතුවෙන් ඇති වන වක්‍ර කාබන් ඩයොක්සයිඩ් විමෝචනයයි.
ඉතින්, මෙම ප්‍රශ්නයට හොඳ විසඳුමක් වන්නේ අපගේ රජයන් සහ නීති සම්පාදකයන් මට්ටමින් එම ආයතන යම් ආකාරයක නියාමනයකට, පාලනයකට නතු කිරීමයි. අධික කාබන් පා සටහන්(Carbon footprint) ඇති කිරීමට හේතු වෙන ක්‍රියාකාරකම් අධෛර්යමත් කිරීම සඳහා නීති සම්පාදනය කිරීමට අපගේ නායකයන් යොමු කරගන්නට, පොලඹවාගන්නට ක්‍රියා කිරීමට අපට පුළුවන්.
ඔබ දන්නවාද….
බල ශක්තිය නිෂ්පාදනය වාගේම බල ශක්ති පරිභෝජනය කාබන් විමෝචනයට විශාල ලෙස දායක වෙන බව ඔබ දන්නවානේ? එහෙමනම් මෙයින් ගම්‍යකෙරෙන්නේ බලශක්තී ඵලදායිතාව ඉහළ දැමිමෙන් ගෝලීය කාබන් විමෝචනය අඩු කර ගත හැකි බවයි. වර්තමාන යුගයේ දී බලශක්තිය කාර්යක්ෂමතාව රැකෙන අයුරින් ඉඳිවෙන ගොඩනැගිලි, එකම වර්ගයේ සහ එකම ආකෘතියේ සාම්ප්‍රදායික ගොඩනැගිලිවලට වඩා 60%-90% පමණ ප්‍රමාණයක් අඩුවෙන් තමයි බලශක්තිය පාවිච්චි කෙරෙන්නේ.
කොහොම් නමුත් අපගේ නායකයන්ගෙන් බහුතරයක් මේ සම්බන්ධයෙන් ක්‍රියා කර ඇත්තේ අපගේ බලාපොරොත්තු සුන් වෙන ආකාරයෙන් බව පෙණී යනවා.
ගෝලීය උණුසුම්වීම යන්න සමස්ත ලෝකයටම බලපාන්නක් නිසා එය අඩුකරගැනීමට ක්‍රියා කිරීමෙදී අන්තරජාතික වශයෙන් සහයෝගිතවයෙහි වැදගත්කම කාටත් පැහැදීලි විය යුතුයි. මන්ද යම් රටක් හෝ රට්වල් කිහිපයක් කෙතරම් කැපවීමකින් ක්‍රියා කලත් සෙස්සන්ගේ අමනෝඥ ක්‍රියාවන් මුළු ලෝකයටම අනිටු ප්‍රතිඵල ගෙන ආ හැකි බැවිනි.
ඉගිය…
දේශගුණ විපර්යාසය ගැන අන්තර් රාජ්ය පෑනලය(Intergovernmental Panel on Climate Change – IPCC) කියන සංවිධානය තමයි දේශගුණ විපර්යාසය තක්සේරු කිරීමේ ප්‍රධාන ජාත්‍යන්තර සංවිධානය . එය එක්සත් ජාතික පරිසර වැඩසටහන(United Nations Environment Programme (UNEP)) සහ ලෝක කාලගුණික සංවිධානය (Meteorological Organization (WMO)) යටතේ ස්ථාපිත කර ඇති සංවිධානයකි.
මේ ආකාරයට සංවිධාන ගතවීමෙන් මෙන්ම එවැනි එකමුතු මගින් ඇති කරගන්නා පොදු තීන්දු තීරණ ඒ ආකරයටම ක්‍රියාවට නැංවීම මාර්ගයෙන් නිශ්චිත කාල වකවානු තුළ ගෝලිය උනුසුම් වීම පාලනයට පියවර ගැනීම තමයි අපේක්ෂාව.
එහෙත් මෙ සම්බන්ධයෙන් මෙතෙක් ලබා ඇති ප්‍රගතිය ගැන සලකන විට මෙම බලාපොරොත්තු ඒ ආකාරයටම සිද්ධ වේද යන්න ගැන ඇත්තේ විශාල ප්‍රශ්නාර්ථයකි.
මෙලෙස බලන විට දැන් පැමිණ ඇත්තේ, ලෝකයේ රටවල නායකයන් මෙන්ම ඔවුන්ගේ අනුදැනුම ඇතිව පිහිටුවා ගත් අන්තර් ජාතික සංවිධාන ද මේ සම්බන්ධව සාර්ථක ක්‍රියා මාර්ග ගන්නා බවට සහතිකයක් නැති කල ඔබගේ වගකීම කුමක් ද? යන්න විමසා බැලිමයි. ප්‍රජාවක් ලෙස කල්පනාකරන විට මේවා අපේ වගකීම් හෝ කාර්යයන් නොවේ යයි අහක බලාගෙන සිටීමට ඔබට පුළුවන් ද?
ඉතින්, මෙය අපගේ වැඩ කොටස ඉටු කිරීමට වාරයයි..
මේ ගැන ඔබේ ස්ථාවරය කුමක් ද? සුළුවෙන් හෝ ඔබේ මට්ටමෙන් ඔබට කරන්නට හැකි වැඩ කොටස් මොනවා ද? අපි ලබන සතියේ ඒ ගැන විස්තරාත්මකව කතා කරමු.
Eschooltoday lessons හී පළවන පාඩම මාලාවේ Things you can do about global warming කොටස ඇසුරෙන් පර්වර්තනය කර සකස්කළේ:
චන්ද්‍රසේකර් ප්‍රවින්ත් චව්රින්(thathu Creators)