ගෝලීය වසංගතයේ දරුණුතම අවධිය අපි පසු කර යමින් සිටින්නෙමුද?
කොවිඩ් 19 රැල්ල දැන් ක්‍රමයෙන් පහව යමින් පවතින්නේ ද? අප සැමට සෙමින් සෙමින් වුවත් දැන් යළිත් පෙර ගත කළ ජීවිතය කරා පිය නැගිය හැකිද? ලොව පුරා නන් දෙසින් දෙවැනි රැල්ලක් ගැන වාර්තා වෙන පසුබිමක සාමාන්‍ය ජනතාව අතර නිතැතින්ම ඇති වන්නේ කුකුසකි. මේ පිළිබඳ විද්‍යාඥයන් දරන මත ගැන එක්සත් රාජධානිය ආශ්‍රයෙන් (වුවත්) විමසීමක් මේ ලිපියෙන් thathu.com ගෙන එයි.
එක්සත් රාජධානිය පුරා කොවිඩ් 19 ව්‍යාප්තියෙහි යම් ආකාරයක අඩුවක්, නිස්කලංකයක් දක්නට ලැබුණත් දෙවැනි රැල්ලක් පිළිබඳ අනතුරු ඇඟවීමක් සමහරක් විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කරනු ලැබේ. මින් හැඟවෙන්නේ ඉදිරි සති හෝ මාස කිහිපය තුළ කොවිඩ් 19 ආතුරයන්ගේ සංඛ්‍යාව යළි ඉහළ යාමට ඇති අවදානමයි.
මේ අනතුරු හැඟවීම යළි අපව ගෙන යන්නේ 1918 ගෝලීය මහා වසංගතය වෙතටයි. එම මහා වසංගතය පටන් ගැනීමෙන් පසුව එළැඹි ඊළඟ සීත සෘතුවේ දී යළිත් වරක් එය හිස එසවූ විට එනම් එහි දෙවැනි රැල්ල ආරම්භවීමෙන් ජීවිත මිලියන ගණනක් විනාශව ගියේ ය. කෙසේ වෙතත් නව කොරෝනා වෛරසය ගතහොත් දෙවැනි රැල්ලක් මතු වේ ද යන්න ගැන පරස්පර අදහස් මතු කරමින් විද්‍යාඥයන් මත එකඟතාවක් දක්වන්නේ නැත. මේ අනුව ඉදිරියේ දී සිදුවෙන දෙය ගැන යම් අපැහැදිලි තාවක් ඇතත් අපට, විය හැක්ක ගැන දළ පිටපත් හතරක් සලකා බලීමට පුළුවන.
Influenza pandemic of 1918–19
මින් එකක් ඉතාලියේ වෛද්‍යවරුන් විසින් ඉදිරිපත් කරන ලද උපන්‍යාසයකි. ඉන් කියැවෙන්නේ, ව්‍යාප්තවෙමින් යද්දී නව කොරෝනා වෛරසය(SARS-CoV-2) දුර්වල විය හැකි බවයි. වෛරස විකෘතීන් (viral mutations) මගින් එය සැර බාල වීමට හෝ බෝ වීමේ ශක්තිය අඩුවීමට හෝ පුළුවන. එහෙත් කොරෝනා වෛරස, කැපී පෙනෙන ආකාරයෙන් ස්ථාවර බව ඔප්පු වී ඇත. එහෙයින් පෙර කී ආකාරයේ විකෘතීන් සති කිහිපයකින් තබා මාස කිහිපයකින් පවා සිදු වෙතැයි යන්නට සාක්ෂි නොමැත. ඉතාලියේ රෝහල් ගත වන කොවිඩ් 19 රෝගීන්ට රෝහල් තුළ ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් ඉගෙන ගනිද්දී එහි ප්‍රතිඵල ලෙස ඇතිවන නොනැසී පැවතීමේ අනුපාතයෙන්(survival rates) යහපත් අතට පරිවර්තනය වීම විනා, මේ තත්ත්වය කෙරෙහි බලපාන්නට ඇත්තේ එකී විකෘතිවීම් නොවේ.
තවත් මතයකින් කියවෙන්නේ වෛරසයට නතුවීමේ ග්‍රාහීතාවයෙන් යුතු ජනතාවගේ සංඛ්‍යාව කලින් ගණන් බැලූ ප්‍රමාණයට වඩා අඩු වීමයි. ඊට හේතු වශයෙන් දැක්වෙන්නේ එක්කෝ ජනගහනයෙන් විශාල පිරිසක් දැනටමත් ඊට නිරාවරණය වී තිබීම හෝ, නැතිනම් මේ ආකාරයේ වෙනත් වෛරසවලට හරස් ප්‍රතිශක්තියක්(cross-immunity) වර්ධනය කරගෙන තිබීමයි. එහෙත්, මේ මතයේ ශක්‍යතාවයද හීනය. එක්සත් රාජධානියේ ජනගහනය ගතහොත් කලින් සිදුකළ මස්තු විද්‍යාත්මක (serology) පරීක්ෂණ අනුව ගණන් බැලුනේ ලන්ඩන් වාසීන්ගෙන් 17%ක් ද සමස්ත එක්සත් රාජධානියේ ම 5% ක් ද, මැයි අග වන විට වෛරසයට නිරාවරණය වී තිබූ බවයි. මින් අදහස් වන්නේ ප්‍රතිශක්තිය ගොඩනගා ගැනීමට ජනගහනයෙන් විශාල පිරිසකට තවම වුණත් අවස්ථාව උදා වී නැති බවයි. මෙය ප්‍රංශයෙන්, ස්පාඤ්ඤයෙන් සහ ස්වීඩනයෙන් ලබා ගත් මස්තු විද්‍යාත්මක ප්‍රතිඵලයන්ට සමානය.
එසේ වුවත් සම්පූර්ණ චිත්‍රය මෙයට වඩා සංකීර්ණ විය හැකිය. මෑතක අධ්‍යනයකින් දැක්වූයේ කිසිදිනක SARS-CoV-2 වෛරසයට නිරාවරණය නොවූ පුද්ගලයන් පවා සතුව වෛරසයට ප්‍රතිචාර දක්වන Tසෛල පැවති බවයි. T සෛල සිරුරේ ප්‍රතිශක්ති ප්‍රතිචාර යෙහි තවත් ප්‍රධාන අංගයකි. අධ්‍යයනයේ කතුවරයන් දක්වන්නේ සාමාන්‍ය සෙම්ප්‍රතිෂ්‍යා කොරෝනා වෛරසයන්ට කලින් නිරාවරණය වීමෙන් ශරීරයට SARS-CoV-2 වෛරසයේ ප්‍රෝටීන හදුනාගැනීමට හැකි බවයි. මේ අධ්‍යනයේ ප්‍රතිඵලය විද්‍යාඥයන්ට බලාපොරොත්තු ඇති කරවන්නක් වුවත්, එක්කෝ ප්‍රතිදේහ නැතිනම් T සෛල ප්‍රතිචාරයෙහි ප්‍රතිඵලයක් ලෙස කෙනෙකු SARS-CoV-2 කෙරෙහි ප්‍රතිශක්තියක් වර්ධනය කරගැනීමට හැකි බවට තවමත් සාක්ෂි නැත.
තුන් වැනි ප්‍රවේශය වන්නේ වෛරස, ඒවා පැතිරෙන ආකාරයට පැතිරෙන්නට හැර සමස්ත ජනගහනය තුළ ව්‍යාප්ත වීමට සැලැස්වීමයි. මේ තමයි ස්වීඩනය අනුගමනය කළ පිළිවෙත. මෙයින් දැක්වෙනුයේ ඉන්පුවෙන්සා වෛරසය ආකාරයට කොවිඩ් 19 සැලකීමයි; එනම්, වැක්සීනයක් සොයා ගන්නා තුරු හෝ ජනගනය තුල සමූහ ප්‍රතිශක්තිය(herd immunity) වර්ධනය වන අයුරින් (ජනගහනයෙන්) ප්‍රමාණවත් පිරිසක් වෛරසයට නිරාවරණය වන තුරු වෛරසය නතර කළ නොහැකිය යන්නයි.
එහෙත් වෛරසය පැතිර යාමට ඉඩහැරීමේ ප්‍රතිඵලයක් ලෙස බොහෝ දෙනකු කොවිඩ් 19 වැළඳී තදබල ලෙස රෝගාතුර වීමට හෝ මිය යාමට පුළුවන. අනික, එලෙස ඇතිවන ප්‍රතිශක්තිය කෙතරම් කාලයක් පවතීද යන්න ද ස්ථිර නැති මාස කිහිපයක් හෝ වසර කිහිපයකින් ජනතාව නැවත ආසාදනයට පත් වී දෙවැනි රැල්ලක් මතු විය හැක.
සිව්වැනි ප්‍රවේශය ඉදිරිපත් කරමින් මහාචාර්ය දේවි ශ්‍රීධර කියා සිටින්නේ, පරීක්ෂණ (tests) අන්වේශනය (tracing) සහ වාහකයන් හුදකලා කිරීම(isolating carriers) මෙන්ම අත් සේදීම හා පරිසරයෙහි විසබීජහරණය ද අවශ්‍ය තැන්වලදී සමාජ දුරස්ථ භාවය රැක ගැනීම ද සඳහා රජයන් දැඩිව ක්‍රියා මාර්ග ගන්නේ නම් වෛරසය පාලනය කරගත හැකි බවයි. (මහාචාර්ය ශ්‍රීධර එඩින්බර්ග් විශ්ව විද්‍යාලයේ ගෝලීය මහජන සෞඛ්‍ය අංශයෙහි සභාපතිනියයි). මෙහි ඉලක්කය වන්නේ ආතුරයන් සංඛ්‍යාව කළමනාකරණය කර ගත හැකි ප්‍රමාණයකට සීමා කර ගැනීමෙන් වෛරස සංක්‍රමණය පහත හෙලීමයි.
අනෙක් කාරණාව වන්නේ දෙවැනි රැල්ලක දී ඇතිවිය හැකි මියයාමේ සංඛ්‍යා මගින් කොරෝනා වෛරසයෙහි සැබෑ ව්‍යසනය සැඟවී යාමට ඉඩ තිබීමයි. ඊට ගොදුරුව දිවි ගලවා ගන්නා අය අතර පෙණහලු, වකුගඩු, මොළය සහ රුධිර වාහිනී වලට පවා දිගු කාලීනව සිදුවන හානිය ද ගණන් ගත යුතුය. මෙම කාරණාව, කොවිඩ් 19යේ බියකරු විපත්තියක් ලෙස ඉස්මතු වන්නකි. මන්ද, කොවිඩ් 19 සම්පූර්ණයෙන්ම අලූත් වෛරසයක් වන අතර සාමාන්‍ය ඉන්ප්ලුවෙන්සා වෛරසයක් මෙන් නොව එහි ඇති කෙරෙන දිගුකාලීන සෞඛ්‍ය බලපෑම් හඳුනා ගැනීමට තරමක කාලයක් — බාගදා වසර ගණනාවක් — ගත විය හැකි බැවිනි. මෙය සැලකිය යුත්තේ, මහා ලැව් ගින්නක් බවට පත්වීමට පොරාතුව කුඩා, කුඩා ගිනි මැල නිවා දැමීම වැදගත්කම දැකීම ලෙස යැයි ඇය කියා සිටී.
Covid-19 අපේ පරපුරේ පෝලියො උවදුර ලෙස සැළකිය හකිනම් එය මර්දනයට ශාන්තිකර කලාපයේ රටවල් දක්වා ඇති සාර්ථකත්වය අපට ගුරුකොට ගත හැකි යැයි මහාචාර්ය ශ්‍රීධර පවසයි. දේශ සීමා ආරක්ෂාකාරීව තබා ගෙන රටේ ජනතාවට නැවත සාමාන්‍ය ජීවිතයට පුරුදු විය හැකිය. නවසීලන්තයෙහි සහ ඕස්ට්‍රේලියාවේ සාර්ථකත්වය, අනෙකුත් රටවල්ද තම දේශසීමා ඇතුළත වෛරසය තුරන් කිරීමේ ශක්‍යතාවය පතා අනුගමනය කරන සිය ක්‍රමෝපායන් ගැන නැවත සිතීම, නැවත සැලසුම් කිරීම පිණිස යොමු කරවන්නට පොළඹවන සුළුය. කොවිඩ් 19 තර්ජනය හමුවේ නිරතුරුවම බියෙන් ජීවත් වනවාට වඩා මේ උවදුර තම රට වලින් සහමුලින්ම ඉවත් කිරීමට ක්‍රියා කිරීම යෝග්‍ය නොවන්නේ දැයි ජනතාවන්ට සිය රජයන්ගෙන් විමසා සිටිය හැකි යයි මහාචාර්යවරිය වැඩිදුරටත් දක්වයි.
The Guardian මාර්ගස්ත පුවත් පතේ පළවන Is the worst of the pandemic behind us? Here’s what scientists know යන ලිපිය ඇසුරෙනි