මිලියන ගණනක් වූ ජනතාවට ආහාර සැපයීම සඳහා මුහුදු ජලයෙහි භෝග වගාකිරීම
පාංශු ජීව විද්‍යාඥයෙකු සහ ෂෙෆීල්ඩ් විශ්ව විද්‍යාලයේ ධරණීය ආහාර ආයතනයේ (University of Sheffield’s Institute for Sustainable Food) සම අධ්‍යක්ෂ ඩන්කන් කැමරන් 2015 පැරිස් දේශගුණ සමුළුව අමතා අනතුරු ඇඟවීමක් කළේය. ඒ, පෝෂණ ගුණයෙන් සපිරි ආහාර බෝග වගාව සඳහා ඇති වගාබිම් සීඝ්‍රයෙන් අපට අහිමිව යන බවටයි. සිත් සසල කරවන එම හෙළිදරව්ව සිදුකෙරුණේ කැමරන් සහ සගයන් පිරිසක් 2014 දී සිදුකළ අධ්‍යයනයක සොයාගැනීම් පදනම් කරගෙනය. ඔවුන්ට දැනගන්නට ලැබුණේ ඊට පෙර දශක හතර ඇතුළත පාංශු අවක්‍රමණය හෙවත් හායනය(soil degradation) සහ එහි ප්‍රතිඵලයක් නිසා ඇතිවන ඛාදනය හේතුවෙන් ලෝකයේ වගා කළ හැකි බිම් වලින් තුනෙන් එකක් අහිමිව ගොස් ඇති බවයි. මීට විකල්පයන් සපයා ගැනීමට නොහැකි නම් දැනටමත් අසීරු අඩියක පසුවෙන කෘෂිකාර්මික පද්ධතිය බිඳ වැටීම වැළැක්වීමට නුපුළුවන.
“ආහාර අපතේ යාම වළක්වා ගැනීමෙන් සහ කෘෂිකර්මාන්තය වඩාත් කාර්යක්ෂම කිරීමෙන් ආහාර අනාරක්ෂිතභාවය මගහරවා ගැනීමට සම්බන්ධ ප්‍රශ්න බොහොමයක්ම විසඳා ගැනීමට හැකි වෙන බවට කතාබහ පැවතුණත් අපේ අවශ්‍යතා සම්පූර්ණයෙන් සපුරාලන්නට එම ක්‍රියා මාර්ග ප්‍රමාණවත් වන්නේ නැහැ” යයි කැමරන් කියා සිටියි.
මේ ගැන අවධානය යොමු කරන නව ව්‍යවසායක පිරිසක් සහ පර්යේෂකයන් පිරිසක් අදහස් කරන්නේ අපේක්ෂිත ආහාර අර්බුදයට විසඳුම ඇත්තේ කොහොමටවත් ගොඩබිම නම් නොවේ යැයි යනුවෙනි. ඒ වෙනුවට, ඔවුන් යොමු වන්නේ මුහුදු ජලයෙන් පෝෂිත පාවෙන ගොවිබිම් තුළ වැඩෙන් භෝග මගින් අනාගත පරපුරට ආහාර සැපයීය හකි සාගරය වෙතයි. මේ මහාපේක්ෂා සහිත මූලාරම්භයන් පාරිසරිකව හා මානව හිතවාදීව පැන නගින ගැටලු ගණනාවක් ඉලක්ක කරයි. මිරිදිය හිඟය සහ ඉඩම් හිඟය, ගෝලීය සාගින්න, බෝග සුරක්ෂිතභාවය, කෘෂිකර්මාන්තය මගින් තැබෙන දැවැන්ත කාබන් පා සටහන මේ කටුක ගැටලු අතර වේ. කෙසේවුවත්, ඔවුන් මුහුණපාන විද්‍යාත්මක සහ ක්‍රමසම්පාදනමය අභියෝගයන් අතිවිශාලය. පහසු විසඳුම් සොයාගැනීම දුෂ්කර මේ ක්ෂේත්‍රය තුළ අනෙකුත් ප්‍රශ්න අභිබවා ඉස්මත්තට එන ප්‍රශ්නයක් වේ: මුහුදු ජලයෙහි ඇති ලවණ සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක්ද?
ලවණ හේතුවෙන් වගා කටයුතුවලට එල්ලවන තර්ජනයට එරෙහිව පාංශු විද්‍යාඥයන් සහ ගොවීන් සටන් වැද සිටින්නේ දශක ගණනාවක සිටය. මුහුදු මට්ටම් ඉහළ යද්දී ලවණ, ගංගා දිගේ උඩු අතට යමින් කෙත් බිම් වලට ජලය සැපයෙන විශේෂයෙන්ම විශාල ගංගා ආසන්න පහත්බිම් වලට ජලය ගෙනෙන අතු ගංගා සහ භූගත ජල ධාරා තුළට වැදී ලවණ මට්ටම් ඉහළ දමයි. ලොව පුරා වගා බිම් වියළි යන්නේ ලවණ මට්ටම ඉහළ දමමිනි. තවද එය පෝෂණ අවශෝෂණයට බාධා ඇති කරවන අතර පටක හානියට පත් කරයි. අධික ලවණ, ගෝලීය වශයෙන් දැවැන්ත බෝග හානියක් ඇති කරයි — ගණන් බලා ඇති අන්දමට එම හානිය වර්ෂයක් පාසා ස්ටර්ලින් පවුම් බිලියන 21.7කි. එපමණක් නොව, මුහුදු මට්ටම් ඉහළ යාම සහ දේශගුණ විපර්යාසයන් හේතුවෙන් ඇතිවන අධික-තීව්‍රතාවයෙන් යුතු දරුණු දේශගුන සිද්ධි මගින් රටවල තව තවත් ඇතුළතට ගමන් කරමින් ගොවිබිම් වලට සාගර ජලය පැතිරීම ආදී සාධක නිසා මෙම ප්‍රමාණය තවත් වැඩි වෙතැයි අපේක්ෂා කෙරේ. මෙයින් තදබල පහර වදින්නේ වෙරළබඩ දුප්පත් ජන කොට්ඨාශ වලටය.
වගා කළ හැකි බිම් වලට ඇතුළු වූ පසු පසින් ලවණ ඉවත් කිරීම සඳහා සැලකිය යුතු සම්පත් ප්‍රමාණයක් යෙදවීමට අවශ්‍ය වේ. ගණන් බලා ඇති අන්දමට මිරිදිය යනු ලොව පුරා බිලියන හතරකට පමණ දැනටමත් ලබා ගැනීමට අසීරු සම්පතකි. එහෙයින් පර්යේෂකයන් යුහුසුළු වන්නේ, ලවණතාව නිරන්තරයෙන් වර්ධනය වුව ද (එය නොතකා) සාර්ථකව වගා කිරීමට හැකි ප්‍රධාන ආහාර බෝග සෙවීමටය. චීනය, ඉන්දියාව, නෙදර්ලන්තය හා එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍ය ඇතුළු රටවල් කිහිපයක් එක්තරා දුරකට පාංශු ලවණතාවයට ඔරොත්තු දෙන වර්ග වර්ධනය කරගෙන ඇත ද මුහුදු ජලය කොපමණ තිබුණත් සරුවට වැවෙන බෝගයක් සොයා ගැනීම තමයි නියම පිළිතුර.
black mangrove
න්‍යායාත්මක වශයෙන් ගත් කළ මෙය කළ හැක්කේ වුණත් එය ඉතා සංකීර්ණ කාර්යයක් යයි එක්ස්කුවියෙල් එස්කුරා කියා සිටියි. රිවර්සියිඩ් හී, කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ශාක පරිසර විද්‍යාඥයෙකු වන එස්කුරා කාන්තාර සහ සාගර පරිසර ගැන අධ්‍යයනයෙහි යෙදෙන්නෙකි . කරදියට අනුගතව ඇති කලු කඩොලාන වැනි ශාක මගින් යොදාගනු ලබන මූලික ජීව විද්‍යාත්මක යාන්ත්‍රණ දෙකම හෝ අඩුම තරමින් එකක්වත් ඊට අවශ්‍ය වන බව හෙතෙම පෙන්වා දේ. එක යාන්ත්‍රණයක් වන්නේ මුල් පද්ධතියේ මිරිදිය පෙරිම හෙවත් පරිශ්‍රාවණ යයි(filtration). ප්‍රධාන වගාවක මෙය සිදු කිරීමට නම්, කරදිය ඈත් කර තැබීමට හැකිවන පරිදි මුල්වල චර්මීය පටකය(dermal tissue) වෙනස්කළ යුතුවේ. ශාකය, එහි පද්ධ්තිය හරහා මුහුදු ජලය පොම්ප කරද්දී පත්‍රවල විශේෂිත ග්‍රන්ථි මගින් ලවණ බැහැර කිරීම අනික් යාන්ත්‍රණයවේ. එහෙත් එය ඉමහත් අභියෝගයකි. “මං කියන්නේ (මේක) කරන්න බැරි දෙයක් කියලා නොවෙයි. කවුරුහරි කරාවි. ඒත් තවම එහෙම දෙයක් කරලා තියෙනවා මම දැකලා නැහැ” එස්කුරා පෙන්වා දෙයි.
කැනඩාවේ අලුතෙන් ආරම්භ කළ Agrisea නම් ආයතනය, ජාන සැකසූ(gene-edited), මුහුදු වතුරට ඔරොත්තු දෙන, බෝග නිපදවීමට වෑයම් කරමින් සිටි. ඔවුන්ගේ ප්‍රවේශය වනුයේ වී වැනි භෝගවලින් මූල කලල සෛල(stem cells) ප්‍රථමයෙන් වෙන්කොටගෙන අනතුරුව ශාකයටම සුවිශේෂී වූ DNA අනුක්‍රමණයක් CRISPR ජාන සැකසීමේ තාක්ෂණය යොදාගෙන ඇතුල් කිරීමයි. අනුක්‍රමණය, එකිනෙකට වෙනස් ජාන අටෙන් එකක් ඉලක්ක කරයි. ඊට හේතුව, ස්වභාවික ලෝකයේ ජාන අටම ‘ක්‍රියාකාරීව’ පවතින එකම තැන මුහුදු ජලයට ඔරොත්තු දෙන සේ ස්වභාවිකව අනුගතව ඇති ශාක වල වීමයි.
Agrisea කන්ඩායමේ ඉලක්කය පොහොර, මිරිදිය, හෝ පළිබෝධ නාශක නොමැතිවලවණ සහිත මුහුදු ජලයේ වැඩෙන ශාකයක් නිපදවීමයි. ලවණ ජලයට ඔරොත්තු දෙන සේ තනි ජාන බොහෝ දෙනා සකස් කර ඇතත් Agrisea ප්‍රවේශය වන්නේ ජාන ජාලයක් ම ජන සැකසුමට ලක් කරන්නයි. වසර අවසානයේ දී කෙන්යාවේ සහ බහාමා දූපත් වෙරළට ඔබ්බෙන් පාවෙන කුඩා වගාබිම් පිහිටුවීමට ඔවුහු බලාපොරොත්තු වෙති.
රිවසයිඩ් හි කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයේ ශාක සෛල ජීවවිද්‍යා කේන්ද්‍රයේ අධ්‍යක්ෂිකා ජුලියා බේලි-සෙරස්, වී වල බෝග ප්‍රත්‍යස්ථිතිය සහ අණුක භෞතවේදය ගැන අධ්‍යයනයේ යෙදෙන්නීය. සුවිශේෂී ඇමයිනෝ අම්ල වෙනස් වන ආකාරයේ ජාන සැකසුමක් සාගරයෙහි භෝග වගා කාර්යය සඳහා අවශ්‍ය වන බව පෙන්වා දෙන ඇය ඒ සම්බන්ධයෙන් කටයුතු කර ඇත්තේ ලොවපුරා පර්යේෂකයන් අතලොස්සක් පමණක් බවත් එම දැනුම ද ලවණයට ඔරොත්තු දීම සම්බන්ධයෙන් තවම යොදා ගෙන නැති බවත් පෙන්වා දෙයි. අනාගතයේ දී කණිකාමය හෙවත් කැටිති ආකාර (granular) ජාන සැකසුම් වඩාත් ප්‍රචලිත විය හැකි නමුත් “ඒ වසර දෙකකින් ද නැතිනම් 10 කින් ද යන්න කිව නොහැකි” බව ඇය පවසයි.
Agrisea ප්‍රයත්නයන්ට අමතර ලෝකයේ විවිධ රටවල පර්යේෂකයෝ ගොඩබිම වගා කිරීම වෙනුවට මුහුදු ජලයේ පාවෙන ගොවිබිම් සම්බන්ධ විවිධ පර්යේෂණවල නිරත ව සිටිති. එහෙත් ඩන්කන් කැමරන් කියා සිටින්නේ එක් තනි නිවැරදියි කිව හැකි පිළියමක් නැතැයි යනුවෙනි. ගොඩබිම වගා කළ හැකි ඉඩම් හිඟයට විසඳුම් සෙවීමේ දී නව ප්‍රතිභාසම්පන්න ප්‍රවේශයක් අවශ්‍ය වේ. ඒවායේ අවධානය යොමු වන්නේ ලෝකයේ විඩාවට පත් වගාබිම්වල පසට යම් විවේකයක් ලබා දීමයි. “පස මත ඇතිවන පීඩනය අප කෙසේ හෝ ඉවත් කළ යුතුය“ යි කැමරන් දුරටත් කියා සිටී.
WIRED on-line magazine හී පළවූ The race is on to grow crops in seawater and feed millions යන ලිපිය ඇසුරෙනි.