මුව ආවරණ පැළඳීමේ වාසිය යළි තහවුරු කෙරේ.

Posted by

කොවිඩ් 19 සම්ප්‍රේෂණය නතර කිරීමේදී මුව ආවරණ වල වාසිය යළි තහවුරු කෙරේ.

මුව ආවරණයක් පැළඳ නැතිනම් කැස්සකදී නිපදවෙන බිඳිති අඩි 12 ක් තරම් දුරට ගමන් ගත හැකිය. මුව ආවරණයක් තිබේනම් එය අඟල් කිහිපයකට සීමා වේ. නව කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම පිණිස මුව ආවරණයක් පැළඳීමේ අදහස කෙතරම් වැදගත්ද යන්න බලගතු,  නව දෘෂ්ටිකරණයකින්(visualization) නිශ්චිතවම පෙන්නුම් කෙරේ. ආවරණයක් පැළඳ නො සිටින අවස්ථාවක කැස්සක් හටගත් විට ඉන් නිපදවෙන බිඳිති අඩි 12ක් ඒ කියන්නේ  මීටර 3.7 ක පමණ දුරක් ගමන් කිරීමේ හැකියාව තිබෙන බව මෙකී නව දෘෂ්ටිකරණයෙන් හෙළිවෙයි. කෙසේවෙතත් මුව ආවරණයක් පැළඳ සිටී නම් මෙම දුර වැඩිම වුණොත් අගල් කිහිපයක් බවට පත්වෙයි. මෙම විඩම්භනය (simulation) පිළිබඳ විස්තර ජුනි 30දා  Physics of Fluids  සඟරාවේ පළ කෙරිණ.

Transmission of SARS-CoV-2 (COVID-19) via Droplets and Aerosols ...

ආසාදනමය  හැකියාව ඇති බිඳිති ව්‍යාප්ත වීම නතර කිරීමේදී ඇතැම් රෙදි මුව ආවරණ වෙනත් ආකාර  සමහරක් ඒවාට වඩා හොදින් ක්‍රියාත්මක වන බව විඩම්භනයෙන් අනාවරණය විය. “සමාජ දුරස්ථ භාවය පිළිබඳ මාර්ගෝපදේශ සහ මුව ආවරණ භාවිතය පිළිබඳ නිර්දේශ පාදක කරගෙන ඇති තාර්කිකත්වය හෙවත් යුක්තියුක්තබව පොදු මහජනතාව වෙත සංවේදනය කිරීමට අපේ අධ්‍යයනයේ දී යොදාගත් දෘෂ්ටිකරණයන් උපකාරී වනු ඇති” යයි අධ්‍යනයේ ප්‍රධාන කර්තෘ සිද්ධාර්ථ වර්මා කියා සිටී. හෙතෙම ෆ්ලෝරිඩා අත්ලාන්තික් විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු සහ පරිගණක විද්‍යා කොලීජියේ සහකාර මහාචාර්ය වරයෙකි.

Researchers Join Forces to Investigate the Airborne Transmission ...

 

කැස්සක් විඩම්භනය කිරීම හෙවත් හැඟවීමට, පර්යේෂක කණ්ඩායම ආදර්ශ රුවක(mannequin) හිසට ධූමිකා යන්ත්‍රයක්(a fog machine) සවි කළහ. (මෙවැනි යන්ත්‍රවලින් ජලය හා ග්ලිසරින් යොදාගෙන හුමාලයක් නැතිනම් වාෂ්පයක් නිපදවනු ලැබේ).  ඔවුහු, පොම්පය යොදාගෙන ආදර්ශ රුපකයේ මුවින් හුමාලය පිට කිරීමට සැලැස්වූහ. පර්යේස්ෂකයෝ අනතුරුව,  ‘ලේසර් කිරණ ප්‍රස්ථරයක් ‘ උපයෝගී කරගනිමින් හුමාලයේ බිඳිති දෘශ්‍යකරණයට ලක් කළහ. ලේසර් ප්‍රස්ථරය නිර්මාණය කෙරුනේ සිලින්ඩරාකාර දණ්ඩක් හරහා හරිත ලේසර දක්වනයක් යැවීමට සැලැස්වීමෙනි.

වීඩියෝව නරඹන්න

මේ ඇටවුමේදී විඩම්භනය කෙරෙන කැස්ස දර්ශනය වූයේ ආදර්ශ රුවෙහි  මුවින් ගලා එන හරිත වර්ණ දිලිසෙන හුමාලයක් ලෙසටය. ඉන් අනතුරුව ප්ර්යේෂකයන් සිදු කළේ වෛද්‍ය-නොවන මාදිලියේ මුව ආවරණ කිහිපයක්ම ආදර්ශ රූපකයේ මුහුණට පැළඳ වීමයි. ඒ කැස්සෙ හි  බිඳිති අවහිර කිරීමේ ඵලදායිතාව පරික්ෂා කිරීමටයි. මෙහිදී මුව ආවරණ වර්ග කිහිපයක්ම යොදාගනු ලැබීය. ඒවා අතර,  නිවසේ දී කපුරෙදි ස්තර දෙකක් ලෙසට යොදා මැසූ මූව ආවරණයක සිට තනිපාට විශාල ලේන්සුවක්, දළ ආකාරයකට නමන ලද කපු ලේන්සුවක් සහ විසබීජහරණය නොකල කේතු ආකාර (පාමසි වල විකුණනු ලබන) මුව ආවරණ දක්වා වූ මුහුණු පැලදුම් තිබිණ.

How effective are homemade masks at stopping spread of coronavirus ...

බිඳිති පැතිරීම වැඩියෙන්ම නතර කරනු ලැබුවේ නිවසේදීම මසන ලද මුව ආවරණ මගින් බව පර්යේෂකයන්ට පෙනී ගියේය. ඒවා පැළඳි විට, නාසය සහ ආවරණයෙහි රෙද්ද අතර යම් කාන්දුවීමක් තිබුණේ වී නමුත්,  බිඳිති ගමන් කළේ, හුදු අඟල් 2.5 ක පමණ (සෙන්ටිමීටර් 6.35කදුරක්) දුරකටය. කේතු ආකාරයේ මුහුණු ආවරණය ද හොඳින් ක්‍රියාත්මක වූ අතර බිඳිති ගමන් කළේ මුහුණ සිට අඟල් අටක් තරම්  (සෙ.මී 20 ක් තරම්) දුරකට ය. කෙසේ වෙතත් පට ලේන්සුව  හෝ කපු ලේන්සුව හෝ මගින් බිඳිති පැතිරීම වැළැක්වීමේ දී එතරම් පලදායි බවක් නො දැක්විණ. පට ලේන්සුව හරහා අඩි තුනහමාරක්(මීටරයක් දුරක්) සහ කපු ලේන්සුව හරහා අඩියකට වැඩි දුරක්(මීටර්0.3ක්) ගමන් කළ බව වාර්තා කෙරිණ.

විඩම්භනයේ දී භාවිත කළ “වෛද්‍ය-නොවන මුව ආවරන බිඳිති ප්‍රවාහයේ එක් එක් ආකාර කාන්දුවීම් පෙන්නුම් කළත්, ප්‍රාස්වාශ කෙරෙන විශාල බිඳිති පැතිරීම වැළැක්වීම ඒවායින් ද සිදුකෙරෙන බව අධ්‍යනයේ කතුවරු සිය වාර්තාවේ පළකරති.

මෙහිදී පෙන්නුම් කළ වැදගත්ම කාරණාවක් වූයේ මෙයයි: ආදර්ශක රූපයකට මුව ආවරණයක් පළඳවා නොතිබූ විට විඩම්භනය කළ කැස්ස මගින් බිඳිති අඩි 12ක් දක්වා දුරක්, තත්පර 50ක් ඇතුලත ගමන් කළ බව පර්යේෂකයන්ට පෙනී ගියේය.

අදාළ රූපය

විවිධ ස්ථානවල දී නව කොරෝනා වෛරසය යළි හිස ඔසවන බව පෙන්නුම් කරන හෙයින් “කොවිඩ් 19 ආසාදන ව්‍යාප්තිය පාලනය කිරීමේදී ආරක්ෂක පියවර වල කාර්යක්ෂමතාව පිළිබඳ දැනුවත් බව ප්‍රවර්ධනය කිරීම ඉතා වැදගත්” යයි වර්මා වැඩිදුරටත් පෙන්වා දෙයි.

 

Live Science හී පළවූ  Visualization shows exactly how face masks stop COVID-19 transmission යන ලිපිය ඇසුරෙනි.

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.