ගෝලීය ජල අර්බූදය – පසුබිම
මේ මහා පොළව මත ජීවයේ සහ ජීවනෝපායන්ගේ පදනම ජලයයි. ජලය තිරසාර සංවර්ධනයේ හෙවත් ධරණීය සංවර්ධනයේ ප්‍රමුඛ සාධකය ද වෙයි. සාර්ථක ජල කලමණාකරණය, ධරණීය සංවර්ධන ඉලක්ක 17 න්(17 Sustainable Development Goals (SDGs) මෙන්ම ධරණීය සංවර්ධන ඉලක්ක 6 න් බොහොමයක් සාක්ෂාත් කරගැනීමේ පදනම ලෙස ද ක්‍රියා කරයි. ‘ සැමට ජලය සහ සනීපාරක්ෂාව සැපයීම හා තිරසාර කළමණාකරණය සහතික කිරීමමේවායේ මුඛ්‍ය පරමාර්ථයයි.
මෙය මෙසේ වුව ද, ජලය බරපතල සමජයීය සහ භූ-දේශපාලනික අර්බුදයක් බවට පරිවර්තනය වෙමින් පවති. ඇතැම් කලාපවල එය දැනටමත් ජාතික වශයෙන් තීරණාත්මක සාධකයක් නැතිනම් ගැටළුවකි. ‘කවදත් කළ විදිහට දිගටම කරගෙන යමු’ යන ආකල්පයෙන් ක්‍රියා කළහොත්, ලෝකයා ජලය සම්බන්ධිත ධරණීය සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම විශාල සිමාන්තරයකින් අහිමි කර ගනු ඇත: ඒ කියන්නේ, 2035 වන විට ලෝක ජනගහනයෙන් සියයට 40 ක් පමණ දක්වා ජලය ආශ්‍රිත දැඩි ගැටළු සහිත ප්‍රදේශවල ජීවත් වීමට සිදුවනු යන්නයි.
මෙ මහා පොළවේ වසන ජනතාවට භාවිත කළ හැකි මිරිදිය සියයට 60ක් ලැබෙන්නේ රට රටවල් අතර ජාතික දේශ සීමා ඉක්මවා ගිය ගංගාධර හෙවත් ගංගා ද්‍රෝණි(river basins) වලිනි. එන්ට එන්ටම වැඩිවෙන අවිනිශ්චිතතාවකින් යුත් පාරිසරික සහ දේශගුණික තත්ත්වයන් සහ 2050 වන විට බිලියන 9.7ක් දක්වා ඉහළ යන ගෝලිය ජනගහනය සහ නාගරික ප්‍රදේශවල ජීවත්වන ජනතාව දෙගුණවීම සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට තරම අන්තර්-දේශසීමා ජල ගිවිසුම් ප්‍රබලතවකින් යුතු වීම අවශ්‍යවේ.
ජලය සම්බන්ධයෙන් විවිධ සංකල්පගත කිරීම් තිබීම ගැටුම්වලට හේතුවීමට හෝ තුඩු දීමට හැකිය. ජලය යනු මනුෂ්‍යයන්ගේ අයිතියකි; එමෙන්ම පොදු මහජන සහ පාරිසරික වස්තුවකි යන්න එක් අනුබෝධයකි. ඊට විරුද්ධව, කාර්යක්ෂම සහ ධරණීය භාවිතය සහතික කරණු වස් මිලක් නියම කළ යුතු වෙළඳ භාණ්ඩයක් ලෙස ජලය සැලකිය යුතුය යනුවෙන් මතයක් ද පවතී. එහෙත්, ජාතින් පමණක් නොව පළාත් සහ ප්‍රජාවන් ද, සාමකාමී සහ ඵලදායී සමෝධානික ජල සම්පත සහ ධරණීය භාවිතයට ඉඩ සලසන ජලය පිළිබඳ පර්යාලෝකයන් පෙළ ගැස්වීම අවශ්‍යවේ.
ඵලදායී නැතිනම් කාර්යක්ෂම කලමණාකරණය යනු වර්තමාන පද්ධති වල 30%ක් පමණ වන ජලය අපතේ යාම; සහ ලෝකයේ බොහෝ රටවල ජල අංශයන්හි සුලබව දක්නට ඇති ආයතනික කාර්ය විකලතාව (dysfunction), සදාචාරාත්මක නොවන භාවිතයන්, දුර්වල වගවීම(accountability), දුෂණය වැනි අමතක කර දමා ඇති ප්‍රශ්නවලට හරියාකාරව පිළියම් යෙදීමයි.
අප හමුවේ ඇති ජල අර්බුදය, එකිනෙකට අන්තර් සම්බන්ධතාවයකින් යුතු සංදර්භ හයකින් ඉස්මතුකර දක්විය හැකිය: ජල හිඟය සහ අනාරක්ෂිතභාවය; ජලය සම්බන්ධ ව්‍යසන; (ශාස්ත්‍රීය ලේඛනවල WASH – Water, Sanitation and health – ලෙස දැක්වෙන) ජල, සනීපාරක්ෂාව සහ සෞඛ්‍යය; ජල අධෝව්‍යුහය පිරිහීම හා විනාශවීම;තිරසාර නොවන සංවර්ධනය; සහ පරිසර පද්ධති හායනය එම සංදර්භ හයයි.
තව තවත් නරක අතට හැරීමේ හැකියාව සහිත මෙකී ජල ප්‍රවණතා ආපස්සට හැරවීමට නම් එක්සත් ජාතීන්ගෙ සංවිධානයේ ආයතන, රට රටවල ආණ්ඩු සහ සිවිල් සමාජය පැහැදිලිව කියා සිටින්නේ රැඩිකල් වාදී නව ප්‍රවේශයන් අවශ්‍ය බවයි. ජල මගින් අඛණ්ඩව ජීවය, සංවර්ධනය සහ ජෛවී විවිධත්වය අපගේ දුදරුවන් සහ අපගේ අනාගතය වෙනුවෙ න් අඛණ්ඩව පවත්වාගෙන යාම, සිදුකරණු ලැබීමට හැක්කේ ජල අර්බුදය ගැන බුද්ධීමත්ව සහ සංසක්ත ආකරයට ක්‍රියා කිරීමෙන් පමනකි.
විදු නැණ පහස විඳගැනීමට පහසුකම් සැපයීම් පිණිස කැපවී සිටින බ්ලොගයක් ලෙස thathu.com ජල අර්බුදය ගැන අද සිට ලිපි පෙළක් ගෙන ඒමට අදහස් කර ඇත්තෙමු. Thathu creators හී චන්ද්‍රසේකර් ප්‍රවින්ත් චව්රින් සකසන එම ලිපි පෙළ ලබන සිකුරාදා(17දා) සිට පලවේ. නොවැරදීම කියවන්න.
UN Global compact CEO Water Mandate වෙබ් පිටුවේ පළව ඇති Global Water Crisis: The Facts (2017) යන වාර්තාව ඇසුරෙන් මෙම ලිපිය සැකසිණ.