අභ්‍යවකාශගාමින් සඳ මත ශරීර කෘත්‍යයෙහි යෙදෙන්නේ කෙලෙසද?

Posted by
අභ්‍යවකාශගාමින් සඳ මත ශරීර කෘත්‍යයෙහි යෙදෙන්නේ කෙලෙසද?

මනුෂ්‍යයන් වන අප සියලුදෙනාම ශරීර කෘත්‍යයෙහි යෙදෙන්න ඕන බව රහසක් නොවෙයි. මහපොළොවේ, අභ්‍යවකාශයේ, සඳ මත මේ කොයි ලොව සිටියත් ඒ කර්තව්‍ය සිදු කළ යුතුමයි. ඉතින් ‘අභ්‍යවකාශගාමින් සඳ මත ශරීර කෘතියෙහි යෙදෙන්නේ කොහොමද?’  කියල ඇහීම පොඩි දරුවන් නගන  ප්‍රශ්නයක්  කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. ඒත් විද්‍යාඥයන් නම් එහෙම හිතන්නේ නැහැ.  ගුරුත්වය නොමැතිව අභ්‍යවකාශයෙ පාවෙමින් සිටින අතරේ ශරීර කෘත්‍යයෙහි යෙදෙනවා කියන එක(වැසිකිළි යනවා කියන එක)  මහා දුෂ්කර කාර්යයක්.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වගේ ක්ෂුද්‍ර ගුරුත්වය(microgravity) ඇති තැන්වල පමණක් නොව චන්ද්‍රයාගේ ගුරුත්වයේ දී, එහෙමත් නැතිනම්  අනාගතයේ චන්ද්‍රයා මත  ගොඩබසින යානයකදී වුවත්,  මනාව ක්‍රියාකරන අභ්‍යවකාශ වැසිකිලියක් වැඩි දියුණුකරන සැලැස්මක්  සකස් කරන්නැයි ලොව පුරා නවොත්පාදකයන්ගෙන් ඉල්ලීමක් කරමින් නාසා ආයතනය නව අභියෝගයක් ඉදිරිපත් කරන්නේ එහි Artemis වැඩසටහනෙහි කොටසක් ලෙසට ය. ක්‍රි.ව. 2024 වන විට යළිත් වතාවක් සඳ මතට (සඳ මතට ගොඩ බසින ප්‍රථම පෘථිවි ස්ත්‍රිය ද  ඇතුලුව) මිනිසුන් යැවීම මෙම වැඩසටහන යටතේ ඉලක්ක කර ඇත.

මේ අභියෝගාත්මක තරගය වෙනුවෙන් ජයග්‍රාහකයන්ට හවුලේ බෙදා හදා ගැනීම සඳහා වෙන්කර ඇති සමස්ත මුදල ඩොලර් 35,000 කි.  මේ තරඟය නම් කර ඇත්තේ නාසා චන්ද්‍ර වැසිකිලි අභියෝගය ( “Lunar Loo Challenge” ) යනුවෙනි. “මනුෂ්‍ය අපද්‍රව්‍ය ඒකරාශී කිරීම හා තබාගැනීම සම්බන්ධයෙන් නව ආකාරයේ එමෙන්ම මෙතෙක් ඇතුවාට වඩා රැඩිකල්වාදීව වෙනස්,  ප්‍රවේශයක් ආකර්ෂණය කර ගැනීමට හැකි වෙතැයි අපේක්ෂා කෙරෙනවා” යැයි අභියෝගයට පෙරවදනක් සපයමින් නාසා ආයතනය සඳහන් කරයි. මේ අභියෝගයට මුහුණ දීම සඳහා ඕනෑම අයකුට ඉල්ලුම් කළ හැකි අතර ජයග්‍රාහී සැලසුමට ඩොලර් 20,000ත මුදලක් හිමිවේ. දෙවැනි ස්ථානයට ඩොලර් 10,000ක් සහ තුන්වැනි ස්ථානය වෙනුවෙන් ඩොලර් 5,000 ක් ද ලැබෙනු ඇත. මේ තරගයට කනිෂ්ඨ අංශයක් ද ඇතුළත් කර ඇති අතර වයස අවුරුදු 18ට අඩු ළමුන්ට නවෝත්පාදක අභ්‍යවකාශ වැසිකිලියක් පිළිබඳ සිය අදහස් ඉදිරිපත් කළ හැකි වේ. (උනන්දුවක් දක්වන්නේ නම් මෙතැනින් වැඩි විස්තර දැනගන්න)

මෙම තරගයේදී සුවිශේෂීව ඉල්ලා සිටිනු ලබන්නේ පෘථිවි ගුරුත්වාකර්ෂණයෙන් හයෙන්  එකක් පමණ වන චන්ද්‍ර ගුරුත්වය සහ දුර්වල ගුරුත්වයක්  වන ක්ෂුද්‍ර ගුරුත්වය යටතේ ක්‍රියා කරන වැසිකිලි සදහා සැලසුම් ය. ඒවා ඝන මීටර් 0.12කට (ඝන අඩි 4.2 ක) වඩා ඉඩක් නොගත යුතු අතර ශබ්දයෙන්ඩෙසිබල් 60කට වඩා  වැඩි නොවිය යුතුය. (ඒ කියන්නේ පෘථිවියේ නාන කාමර පංකාවක ප්‍රමාණය).  වැසිකිලිය මගින් එකවර මුත්‍රා මෙන්ම මල ද ඒකරාශී කිරීමට හැකියාව තිබිය යුතු අතර අඩුම තරමින් ලීටරයක පමණ ද්‍රව අපද්‍රව්‍ය(liquid waste) සහ ග්‍රෑම් 500 ක පමණ ඝන අපද්‍රව්‍ය(solid waste)  තබා ගත හැකි විය යුතුය. එපමණක්ද නොව සෑම දිනකම අඩුම තරමින් ග්‍රෑම් 114 ඔසප් රුධිරය එකතු කර ගැනීමටද හැකියාව තිබිය යුතුවේ.

අවසන්  වශයෙන් අභ්‍යාවකාශ වැසිකිළි පද්ධතියක අවශ්‍යතාවය වන්නේ අපද්‍රව්‍ය ගබඩා කිරීමට හෝ බැහැර කිරීමට ඇති හැකියාව සහ භාවිත කරන සෑම වාරයකටම පසුව  විනාඩි පහක් හෝ ඊට අඩු කාලයකදී ක්‍රියාදාමය සම්පූර්ණ කර ශුද්ධ පවිත්‍රව පවත්වාගෙන යාමේ පහසුව සහිත වීමය.  අභ්‍යවකාශ ගමන් ඉතිහාසය පුරාවට දිගටම භාවිත කෙරුණු  අපද්‍රව්‍ය බැහැර කිරීම් පද්ධතීන්ට වඩා නම්, මෙම නව පරපුරේ අභ්‍යවකාශ වැසිකිලිය පියවර ගණනාවක් ඉදිරියෙන් සිටිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Bringing Space Down to Earth With Toilets and Toys

A view of the toilet compartment in the Zvezda Service Module of the International Space Station (ISS).

නාසා ආයතනය මගින් 1960 ගණන් සහ 1970 මුලදී  ඇපලෝ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබූ සමයේ  අභ්‍යවකාශගාමින් මුත්‍රා කළේ ‘relief tube’ හෙවත් ‘සහන නලය’ කටය. (ඒ අවධියේ අභ්‍යවකාශගාමී ඇණියට කාන්තාවන් බඳවා නොගත් හෙයින් මෙය සකසා තිබුණේ පිරිමි අයට සරලන පරිදිය.) මුත්‍රා කිරීමෙන්  පසුව අවකාශයට මුත්‍රා මුදා හැරීමෙන් ඒවා (මුත්‍රා) මිදේ. තවද ඇපලෝ අභ්‍යවකාශගාමීන් ට ඔවුන්ගේ ඝන අපද්‍රව්‍ය ප්ලාස්ටික් බෑග් වල බහා එක්රැස් කර  අනතුරුව පරීක්ෂාවන් සඳහා ඒවා යළි පෘථිවියට ගෙන ඒමට කටයුතු කරන ආකාරයත් ගැන වගබලා ගැනීමට ද  සිදුවිය.

a relief tube

නැවත  නැවත භාවිත කළ හැකි අභ්‍යාවකාශ යානා විශේෂයක් වූ අභ්‍යවකාශ ෂටලවල තිබූ වැසිකිලි හඳුන්වනු ලැබුවේ අපද්‍රව්‍ය එකතු කිරීමේ පද්ධතිය (Waste Collection System) යනුවෙනි. ඒවායේ අපද්‍රව්‍ය මුදා හැරුණේ අභ්‍යවකාශ රික්තයටය. එහෙත් එය සෑම විටම එක සේ හොඳින් ක්‍රියාත්මක නොවීය. අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙහි වැසිකිලි නව සැලසුමක් අනුව වැඩි දියුණු කරනු ලැබ ඇත. තවද නාසා ආයතනය විශ්ව අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතිය(Universal Waste Management System –UWMS)) ලෙස නම් කර ඇති නව අභ්‍යවකාශ වැසිකිලි ගැන ක්‍රියාකරමින් සිටියි.

මනුෂ්‍ය වර්ගයා නැවත වරක් සඳ වෙත ගෙනයාමට නාසා ආයතනය සූදානම් වෙමින් සිටින පසුබිමක අනාගත අභ්‍යවකාශගාමීන් වෙනුවෙන්  උපකරණ සපයා දීම, ආරක්ෂකස්ථාන සැපයීම සහ වෙනත් ආකාර වලින් සහය වීම සඳහා ඊට(නාසා ආයතනයට) පැවරී ඇති වගකීම විශාලය. එම අනාගත අභ්‍යවකාශගාමීන්ට කෑම බීම පමනක් නොව ඉන් අනතුරුව  මුත්‍රා කිරීම හා මලපහ කිරීමට සිදුවන්නේ ද ක්ෂුද්‍ර ගුරුත්ව සහ චන්ද්‍ර ගුරුත්ව තත්ත්වයන් යටතේ ය. එහෙයින් ඔවුනට පෘථිවිය මත දී ලබාගත හැකි හැකියාවන්(පහසුකම්) සියල්ල සහිත වැසිකිලි අවශ්‍ය වේ. අභ්‍යවකාශ වැසිකිලි දැනටමත් ඇතත් ඒවා සැලසුම් කර ඇත්තේ ක්ෂුද්‍ර  ගුරුත්වයට ගැලපෙන අයුරින් පමණකි. නව වැසිකිලි සැලසුම් කිරීමේදී නාසා ආයතනය තරගකරුවන්ට දන්වා සිටින්නේ ඒවා ක්ෂුද්‍ර  ගුරුත්වය යටතේ පමණක් නොව මෙන්ම චන්ද්‍ර ගුරුත්වය යටතේ ද ක්‍රියාත්මක වීමට හැකියාව තිබිය යුතු බවයි.

 

Live Science හී පළවූ How will astronauts poop on the moon? New NASA challenge calls for innovative ideas  යන ලිපිය සහ   නාසා HeroX වෙබ් අඩවියෙහි පලවූ NASA’s Lunar Loo Challenge යන ලිපිය ඇසුරෙනි

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.