මාස හයක් ගතවී තවමත් නොවිසඳුණු Covid-19 ගැටලු
අභිරහස් රෝගයක් පිළිබඳව චීනයේ වුහාන් වලින් වාර්තා වුණේ පසුගිය වසරේ දෙසැම්බර් මස අග ය. මීට බලපෑ හේතුව චීන විද්‍යාඥයෝ කඩිනමින් සොයා ගත්හ. 2003 වසරේ චීනයෙන් මතු වී ඇවිත් ගෝලීය වශයෙන් ව්‍යාප්ත වී අටදාහක් පමණ දෙනාට මරු ගෙන ආ සාර්ස් (SARS) වෛරසයට දුරින් නෑකම් කියන නව්‍ය කොරෝනා වෛරසයක් ඊට මුල් වූ බව හෙළිවිය. ඉන් අනතුරුව දැන් මාස හයක් ගතවී අවසන්ය. කෝටියකට වැඩි පිරිසක් ආසාදනයට පත් ව සිටිති. එම වෛරසය නිසාවෙන් වැළඳෙන Covid-19 ගෝලීය වසංගතය මේ ශතවර්ෂයේ දරුණුතම මහජන සෞඛ්‍ය අර්බුදය බවට පත්ව තිබේ. මේ ගෝලීය වසංගතයේ දැනටමත් පන් ලක්ෂයකට අධික පිරිසකට ජීවිත අහිමිවී ඇත. එහෙත්, ඒ සමගම එය පර්යේෂණ ක්ෂේත්‍රයේ විප්ලවයක් කරළියට ගෙන ඒමට ද හේතු වී තිබේ. Covid-19 ත්, එය ඇති කරවන SARS-CoV-2 වෛරසයක් හරියාකාරව වටහා ගැනීමට විද්‍යාඥයෝ, වෛද්‍යවරු මෙන්ම අනෙකුත් උගත්තු ද යුහුසුලුව ක්‍රියාකරමින් සිටිති.
කොරෝනා වෛරසය කෙතරම් දුරට මාරාන්තිකද?
පිළිතුරක් කරා විද්‍යාඥයෝ ළඟා වෙමින් සිටිති. වෛරසය ශරීරයට ඇතුළු වී සෛල ප්‍රාණ ඇපයට ගන්නේ කෙසේදැයි විද්‍යාඥයෝ ඉගෙන ගෙන සිටිති. වෛරසය සමග සටන් වැද සමහරු රෝගය පලවා හරින්නේ කෙසේද යන්න මෙන්ම තවත් සමහරුන් ඉන් ම අවසානයේ මිය යන්නේ කොයි ආකාරයෙන්ද යන්නත්, රෝගීන් අතුරින් වඩාත්ම රෝගී අයට උපකාරී වන ඖෂධත් ඔව්හු හඳුනාගෙන සිටිති. ප්‍රතිකාර කිරීමේ හැකියාව ඇති තවත් ඒවා ගැන සොයා බලමින් පවතී. විභවයක් සහිත වැක්සීන 200කට ආසන්න සංඛ්‍යාවක් වැඩිදියුණු කරනු ලැබ ඇත. මින් පළමුවැන්න වසර අවසන් වන විට සාර්ථකව යොදා ගනු හැකි වීමට ඉඩ තිබේ.
එහෙත්, මෙලෙස කොවිඩ් 19 ගැන යම් යම් අවබෝධයන් ඇතිවන්නා සේම ඊට සන්බන්ධවම තවත් ප්‍රශ්න, ගැටලු පැන නගිනවා පමණක් නොව සමහරක් ඒවා දිගටම පවතී. ඉන් කිහිපයක් ගැන අද අපි තතු මගින් සාකච්ඡා කරමු.
කොවිඩ් 19 රෝගයට විවිධ අය, මේසා විවිධාකාරයෙන් ප්‍රතිචාර දක්වන්නේ ඇයි?
මේ රෝගයේ කැපී පෙනෙන අංගයක් වනුයේ රෝගය සන්බන්ධව විවිධ අයගේ අත්දැකීම් අතර දැඩි වෙනස්කම් පැවතීමයි. සමහර අය කිසි දිනකවත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරති. එහෙත් හොඳ සෞඛ්‍ය ශරීර තත්ත්වයෙන් පසුවන බවක් ඇතැයි පෙණී යන අය, රෝගය ආසාදනය වී බරපතළ නියුමෝනියා තත්ත්වයන්ට, ඇතැම් විට මරණයට පවා පත් වෙති. “සායනික ප්‍රතිඵල අතර වෙනස්කම් පුදුමාකාරය.“යයි කාල් ස්ටීවන්සන් පවසයි. ප්‍රවේණි විද්‍යාඥයකු වන හෙතෙම, Reykjavik හී, DeCODE Genetics ආයතනයේ ප්‍රධාන විධායකයා ය. මේ වෙනස්කම් වලින් සමහරක් මානව ජාන විචලක(human gene variants) මාර්ගයෙන් පැහැදිලි කළ හැකිදැයි ස්ටීවන්සන් සහ කණ්ඩායම සොයා බලමින් සිටිති.
ප්‍රති ශක්තියෙහි ස්වභාවය කුමක්ද? එය කොපමණ කාලයක් පවතීද?
SARS-CoV-2වලට එරෙහි ප්‍රතිශක්තිය කෙබඳු වේද? එමෙන්ම එය කොපමණ කාලයක් පවතීද යන්න නිර්ණය කිරීම පිණිස නිරෝධවේදීහු යුහුසුලුව ක්‍රියාකරමින් සිටිති. මේ ප්‍රයත්නයෙහි වැඩි කොටස යොමුව ඇත්තේ වෛරස ප්‍රෝටින් වලට බන්ධනය වී ආසාදනය සෘජුවම වළක්වන ‘ප්‍රතිදේහ උදාසීනකරණය'(‘neutralizing antibodies’) කෙරෙහිය. SARS-CoV-2 එරෙහිව ප්‍රතිදේහ උදාසීන කරන මට්ටම් ආසාදනයෙන් සති කිහිපයක් යනතුරු ඉහළව පැවතියත් අනතුරුව සාමාන්‍යයෙන් හීන වන්නට පටන් ගනී.
කෙසේ වෙතත්, සුවිශේෂීව බරපතළ ආසාදනයට ලක් වූ ජනතාව අතරේ වැඩි කාලයක් ඉහළ මට්ටමකින් මෙකී ප්‍රතිදේහ රැඳී පැවතිය හැකිය. “වෛරස වැඩිවෙන්නට ප්‍රතිදේහ ද වැඩිවෙයි. ඒ වාගේම ඒවා වැඩි කලක් පවතී.“ යයි ලන්ඩනයේ Francis Crick ආයතනයේ නිරෝධනවේදි ජෝර්ජ් කැසියෝටිස් කියා සිටී. සාර්ස් (Severe Acute Respiratory Syndrome = උග්‍ර තීව්‍ර ශවසන සින්ඩ්රෝමය) ඇතුළු අනෙකුත් වෛරස ආසාදන වලදී සමාන රටාවන් පෙන්නුම් කර තිබේ. සාර්ස් වැලදුණු බොහෝ දෙනෙකුගේ උදාසීනකරන ප්‍රතිදේහ මුල් අවුරුදු කිහිපය තුළ අහිමිව ගියේය. ඒත් සැබැවින්ම දරුණු අතට වැළඳුණු අය වසර 12 කට පසු ආපසු පරික්ෂා කරන විටත් තවදුරටත් ප්‍රතිදේහ පැවති බව කැසියෝටිස් කියයි.
ළමුන් කොරෝනා වෛරසය පතුරුවන්නේ කෙසේද? මීට අදාළ විද්‍යාව තවමත් පැහැදිලි නැත.
SARS-CoV-2 මාර්ගයෙන් යළිත් ආසාදනය වීම වළක්වාලීමට හෝ අඩුම තරමින් දෙවැනි වර Covid-19 වැලදි විට රෝග ලක්ෂණ අඩු කිරීමට වත් අවශ්‍ය උදාසීනකරන ප්‍රතිදේහ මට්ටම පර්යේෂකයෝ තවමත් නොදනිති. අනික ප්‍රතිශක්තිකරණ සඳහා අනෙකුත් ප්‍රතිදේහ ද වැදගත් විය හැකිය. නිදසුනක් ලෙස ප්‍රතිදේහ පරායන්ත (යැපෙන) සෛලීය සෛටධුලකතා(antibody-dependent cellular cytotoxicity) ක්‍රියාදාමයලෙස දැක්වෙන ආසාදිත සෛලවලට බන්ධනයවී SARS-CoV-2 ට ප්‍රතිචාර වශයෙන් ක්‍රියාත්මක වන්නැයි සළකුණු කරන ප්‍රතිදේහවල කාර්ය භාරය අධ්‍යයනය කිරීමට කැනඩාවේ මොන්ට්‍රියල් විශ්ව විද්‍යාලයේ වෛරස විද්‍යාඥ ආන්දේ ෆින්ශි සැලසුම්කරයි.
අවසානයේ SARS-CoV-2 ප්‍රතිශක්තිය පිළිබඳ සම්පූර්ණ චිත්‍රය ප්‍රතිදේහ වලින් ඔබ්බට ව්‍යාප්ත වෙතැයි කල්පනා කළ හැක. දීර්ඝකාලීන ප්‍රතිශක්තිය සඳහා අනිකුත් ප්‍රතිශක්ති සෛල වන T සෛල වැදගත්ය. SARS-CoV-2 මගින් ඒවා ද යුද්ධයට කැඳවනු ලැබ ඇති බව අධ්‍යයන හඟවයි. “මිනිස්සු හිතන්නේ ප්‍රතිදේහ තමයි ප්‍රතිශක්තිය කියලා. ඒත් ප්‍රතිශක්ති පද්ධතිය කියන්නේ හුදු ප්‍රතිදේහ වලට වඩා සංකීර්ණ මනරම් යාන්ත්‍රණයක්” ෆින්ශි කියයි. අනෙකුත් කොරෝනා වෛරස පිළිබඳ අධ්‍යයන පෙන්නුම් කරන්නේ ආසාදන වළක්වන නිවාරණ ප්‍රතිශක්තිය(sterilizing immunity) පවතින්නේ මාස කිහිපයක් පමණක් විය හැකි බවයි. එහෙත් ආරක්ෂක ප්‍රතිශක්තිය(protective immunity) රෝග ලක්ෂණ වළක්වාලීමට හෝ අඩු කිරීමට සමත් වන අතර වඩාත් වැඩි කාලයක් පැවතිය හැකිය.
SARS-CoV-2 වෛරසය, විමතිය දනවන අන්දමේ විකෘති වර්ධනය කරගෙන ඇත්ද?
සෑම වෛරසයක් ම ජනතාව ආසාදනයට ලක් කරද්දී විපරිණාමයට හෙවත් විකෘතියට පත්වේ. ඉතින් SARS-CoV-2 වෛරසය ද එලෙස ය. මේ වෛරසය ගෝලීය වශයෙන් පැතිරීම අන්වේශනය(අඛණ්ඩව සොයා බලීම) සඳහා අණුක වසංගත වේදීන් විසින් මෙකී විකෘතීන් යොදාගනු ලැබ ඇත. අනෙක් අතට එහි ගුණ ලක්ෂණ — උදාහරණයකට කිව්වොත් ඇතැම් (වෛරස) පෙලැන්තියක දරුණු බව අතින් හෝ සම්ප්‍රේෂණ ශක්තිය අතින් හෝ අඩු හෝ වැඩි වීමට බලපාන වෙනස්කම් ගැන විද්‍යාඥයෝ සොයා බලති. එවන් විකෘතීන්වලට වැක්සිනයක ඵලදායිතාව අඩු කිරීමේ විභවය ඇති වේ: ඒ, ව්‍යාධිකාරකය (pathogen) හඳුනාගැනීම පිණිස ප්‍රතිදේහ වලට හෝ T සෛලවලට ඇති හැකියාව වෙනස් කිරීමෙනි. කෙසේ වෙතත් විකෘතීන් බොහෝමයක් මගින් බලපෑමක් ඇතිකරන්නේ නැත. ප්‍රශ්න ඇති කිරීමේ හැකියාව ඇති ඒවා තෝරා බේරා ගැනීම අභියෝගාත්මකය. නිදසුනකට ගෝලීය වසංගත ව්‍යාප්තිය ආරම්භ වූයේ අවධියේ ඇතැම් ස්ථාන වලදී හඳුනාගනු ලැබූ කොරෝනා වෛරස මාදිලි වෙනත් ප්‍රදේශවල පසුකලෙක හමුවූ ඒවාට වඩා භයානක විය හැකිය. එහෙත් එවැනි සම්බන්ධතා ව්‍යාජ ඊවා වන්නට පුළුවන් යයි බොන්ස්ටන් හි, ටී.එච්. චාසන් මහජන සෞඛ්‍ය පාසලේ වසංගත වේදී විලියම් හැනේජ් පවසයි.
කොතරම් හොඳින් වැක්සීනයන් ක්‍රියාත්මක වේද?
වර්තමාන මහා වසංගතයෙන් ගැළවීමට ඇති එකම මග ඵලදායි වැසික්සිනයක් පමණක් විය හැකිය. මේ වන විට ලොව පුරා වැක්සීන 200ක් පමණ වැඩි දියුණු කරමින් ද, 20ක් පමණ සායනික පරීක්ෂාවට ලක් කරමින් ද පවතී. යම් වැක්සීනයක් ප්‍රතිඵලදායී ද යන්න සොයා බැලීම සඳහා වූ ප්‍රථම පරීක්ෂණ කාර්ය සාධකතා විශාල මට්ටමේ අත්හදා බැලීම්/පරීක්ෂණ ඉදිරි මාසවල ඇරඹේ. මෙවන් අධ්‍යයනවලදී සංසන්දනය කෙරෙන්නේ වැක්සීනයක් ලබන අය හා ඔසු පිරික්සුමක්(placebo) ලබා දෙන අය අතරේ කොවිඩ් 19 අසාදන අනුපාතයයි. ‘අභියෝගතා පරීක්ෂණ, ඒ කියන්නේ සතුන් ඕනෑකමින් SARS-CoV-2 වෛරසයට නිරාවරණය කිරීමෙන් සිදු කෙරෙන පරීක්ෂණ එක් එක් මට්ටමින් යම් සාර්ථක ප්‍රතිඵල දැක්වූවත් පොදුවේ ගත් කළ එවැනි ප්‍රතිඵල හඟවන්නේ බරපතළ ලෙස රෝගාතුර වීම අඩුකිරීමේ හැකියාව ඒවාට තිබිය හැකි වුවත්, වෛරසය ව්‍යාප්තවීම වළක්වනු නොහැකි බවයි.
රජය සහ ඖෂධ කර්මාන්ත වැක්සීන වැඩිදියුණු කිරීම, පරික්ෂා කිරීම හා නිෂ්පාදනය වෙනුවෙන් බිලියන ගණන් මුදල් වැය කරද්දී, වාර්තාගත කෙටි කාලයක් තුළ වැක්සීනයක් ලබා දීමේ හැකියාව ඇතැයි විද්‍යාඥයෝ කියති. ඒත් ඒවා සම්පූර්ණයෙන්ම ඵලදායි දැයි දැන්ම කිව නොහැක.
කොවිඩ් 19 මරණය ගෙන එන්නේ කෙසේද?
මේ පිළිබඳ පවතින අවිනිශ්චිතතාව, (රෝගීන්ට ලබා දිය යුතු) ප්‍රතිකාර තෝරා ගැනීමේදී වෛද්‍යවරුන්ට බාධාවක් වී තිබේ. දකුණු දිග චීනයේ හොර බඩු ජාවාරම් වලට එරෙහි මෙහෙයුම් වලදී රාජසන්තක කළ කබල්ලෑවන්(Malayan pangolins [Manis javanica]) අතරේ කොරෝනා වෛරස වෙන් කර හදුනා ගැනීමට පර්යේෂකයෝ සමත් වූහ. මේ වයිරස ජෙනෝමවලින් 92%ක්ම නව කොරෝනා වෛරස හා හවුලේ බුක්ති විදී. බෙදා හදා ගනියි. SARS-CoV-2 සමග පොදු පූර්වජයෙකු බෙදාහදා ගන්නා කොරෝනා වෛරස වලට කබල්ලෑවන් සත්කාරකයන් විය හැකි බව අධ්‍යයනවලින් හෙළි වී තිබේ. එහෙත් SARS-CoV-2 කබල්ලෑවන්ගෙන් මිනිසාට බෝවුණ බවක් ඉන් ඔප්පුනොවේ. ඒවායින් ජනතාව වෙත මේ වෛරසය ආ ගමන සැකයෙන් තොරව සොයා ගැනීමට නම් SARS-CoV-2වලට 99%ක්ටත් වඩා සමාන මාදිලියක සත්කාරකයෙකු විය හැකි සතෙකු සොයා ගැනීමට විද්‍යාඥයන්ට අවශ්‍ය වේ. චීනයේ පර්යේෂණයන් මේ සම්බන්ධයෙන් ගත් ප්‍රයත්න ද ව්‍යාර්ථව ඇත.
Nature(03rd, July) සඟරාවෙහී පළවූ Six months of Coronavirus: the mysteries scientists are still racing to solve යන ලිපිය ඇසුරෙනි