දේශගුණ සටනේ උදව්වට ජලය පිරවූ ජනෙල්

Posted by

දේශගුණ සටනේ උදව්වට ජලය පිරවූ ජනෙල්

ලොව පුරාගොඩනැගිලි බොහොමයක බලශක්ති භාවිතය අඩුකිරීමට ජලය අඩංගු ජනෙල් උපකාරී විය හැකි යයි තාක්ෂණවේදී අත්හදාබැලීමක් පෙන්නුම් කරයි. ද්විත්ව සහ ත්‍රිත්ව ඔප දැමූ ජනෙල් පියන් වීදුරු(double and triple glazed) අතර බොහෝ විට යොදා ගැනෙන්නේ ආගන් වායුවයි. ගොඩනැගිලිවලට තාපය ඇතුල්වීම හෝ (ඒවායින්) තාපය පිටවීම මේ නිසාවෙන් සීමාවේ. මෙම කාරණය, සීත කාලගුණ තත්ත්වයන් යටතේ ගොඩනැගිලි උණුසුම්ව තබා ගැනීමටත්, උෂ්ණ දිනවල ගොඩනැගිලි වඩාත් සිසිල්ව තබා ගැනීමටත් උපකාරීවේ.

double and triple glazed

 

මෙම වායුව යොදා ගනු වෙනුවට එක්සත් රාජධානියේ ලවුෆ්බරෝ විශ්ව විද්‍යාලයේ(Loughborough University) මතායස් ගුටායි සහ ජර්මනියේ කයිසර්ස්ලෝටර්න් විශ්ව විද්‍යාලයේ(University of Kaiserslauter) අබොෆාසි ඛේබාරි (එලෙස ගොඩනැගිලිවල තාපය සීමා කර තබා ගැනීම පිණිස) ජලය භාවිත කීරීම කෙරෙහි යොමුවූයේ සූර්යයාගෙන් ලැබෙන තාපය අවශෝෂණයකර ගැනීමේ දී(උරාගැනීමේ දී) ජලයෙහි ඇති හැකියාව සැලකිල්ලට ගනිමිනි. සූර්ය කිරණ මගින් රත්වීමෙන් පසුව (මෙම ක්‍රියාදාමය හඳුන්වනු ලබන්නේ සූර්ය තාපනය යනුවෙනි) උණු ජලය සැපයීම සඳහා හෝ රත්කිරීමේ කාර්යයන් සඳහා එම උණු ජලය උපයෝගී කරගැනේ. එය නිතැතින්ම බලශක්තිය ආරක්ෂා කරගැනීමට ආධාරවේ.

තායිවානයේ මූලාකෘති ගොඩනැගිල්ලක්

ජනෙල් සහිත මූලාකෘති(prototype) ගොඩනැගිලි දෙකකින්(එකක් හන්ගෙරියාවේ සහ අනෙක තායිලන්තයේ) ලබා ගැනුණු දත්ත යොදා ගනිමින් පර්යේෂකයෝ පරිගණක පරිලේඛ විඩම්භන(computer simulations) උපයෝගී කර ගනිමින් බීජිං හා නිව්යෝක් ඇතුලුව නගර සහ මහා නගර 13 කින් කොපමන බලශක්තියක් ඉතිරි කරගැනීමට මෙම නව තාක්ෂණය ඉවහල් වේදැයි සොයා බැලූහ.මෙකී ස්ථාන තෝරාගනු ලැබුවේ ලෝකයේ ප්‍රධාන දේශගුණික කලාප නියෝජනය වන අන්දමටය. දකුණු අත්ලාන්තික් සාගරයේ සීතාධික ෆෝක්ලන්ත දූපත්වල දී හැර අන් සියලු තැන් වල දී නව තාක්ෂණය යෙදූ ජනේල, සාම්ප්‍රදායානුකූල ජනේල වලට වඩා කාර්ය සාධනයෙන් ඉදිරියෙන් තීබෙන බව නිරීක්ෂණයවිණ.
ගොඩනැගිලිවල සමස්ත විදුලිය වැයවීම සහ අභ්‍යන්තර තාපන වියදම ගැන සැලකිල්ල යොමු කරද්දී, පරිගණක විඩම්භනය පෙන්නුම් කළේ ජලය සහිත ජනේල යොදා ගත් විට ද්විත්ව ඔපදැමු පියන් සහිත ජනේල වලින්ට වඩා සියයට 54 සිට 72 දක්වා ප්‍රමාණයකින් ද, ත්‍රිත්ව ඔපදැමු පියන් සහිත ජනේල වලින්ට වඩා සියයට 34 සිට 61 දක්වා ප්‍රමාණයකින් ද බලශක්ති භාවිතය අඩු වූ බවයි. මෙම සංසන්දනයේ දී සැලකිල්ලට ගනු ලැබුවේ ඉහළ ජර්මානු ප්‍රමිතිය(බලන්න:Energy and Buildings, doi.org/d2xq) අනුව තනණු ලැබූ සාම්ප්‍රදායානුකූල ජනෙල්ය.

සංරක්ෂණාගාර සඳහා ජලය සහිත ජනේල විකිණීම පිණිස මීට අනුබද්ධිතව ගොඩනැගුණු සමාගමක් ලබන වසරේ දී දියත් කිරීමට ගුටායි අපේක්ෂාකරයි.
ජනේල නිෂ්පාදනයේ දී නව ප්‍රවේශය අගයමින් අදහස් දක්වන එක්සත් රාජධානියේ Green Building(පරිසර හිතකාමී ගොඩනැගිලි)කවුන්සලයේ ඇල්ස්ටෙයාර් මාන්ට් කියාසිටින්නේ, වෙනස් ආකාරයක පෙනුම ඇති එමෙන්ම වෙනස් ආකාරයකට ක්‍රියා කරන ගොඩනැගිලි අප ප්‍රයෝජනයට ගත යුතු බවයි. අනාගත කාබන් ගොඩනැගිලි ප්‍රමිතියට අනුකූලතාව රැකගැනීමේ දී ‘ජලය පිරවූ වීදුරු පියන් සඳහා යම් කාර්ය භාරයක් පැවරෙන’ බව හෙතෙම සඳහන් කර සිටී.

New Scientist(11th July, 2020)හී පළවන Windows filled with water could help climate fight යන ලිපිය ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.