ගෝලීය ජල හිඟය: හැඳින්වීම
මේ මහා පොළොව මත සමහරක් තැන්වල බොහෝදෙනෙකුට “ජලය” තමන්ගේ ජීවිතයට හෝ ජීවනෝපාය මාර්ගයට බලපාන ලොකු ගැටළුවක් නොවෙ. එසේ වීමට හේතුව නම්, එම ජනතාව ඉතා හොඳ ජල සැපයුම් ක්‍රම තිබෙනසමාජවල ජීවත් වීමය. එම ප්‍රජාවන්ට, අවුරුද්දේ සෑම දවසකදීම ජලනලය විවෘතකර සැනින් පිරිසුදු ජලය ගලා එයි. මෙසේ වීම නිසා, බොහෝදෙනෙකුට ජලයේ නියම වටිනාකම මිල කරන්නට අමාරු වී ඇත.
ජලය තමයි ජීවනාලිය. සෑම ශාකයක්ම, සතෙක්ම සහ මානවයෙක්ම, මේ මිල නොකල හැකි ස්වාභාවික සම්පත මත සිය මුළු ජීවිත කාලයට ම රඳා පවතී. එ පමනක් නොව, කසල ඉවත් කිරීමට, සෝදා පවිත්‍රකිරීමේ කටයුතුවලට මෙන්ම සනීපාරක්ෂාව රැකගැනීමට ද, නිෂ්පාදන සිදුකිරීමට, ඉඳිකිරීම් සහ ගොවිතැන් කිරීමටද ජලය අවශ්‍ය වේ. ඔබගේ සිතට නගා ගන්න පුළුවන් සෑම මනුෂ්‍ය ක්‍රියාවකටම කුමන හෝ ක්‍රමයකින් ජලය අවශ්‍ය වේ.
පෘථිවි පෘෂ්ඨයෙන් 70% ප්‍රමාණයක් ජලයෙන් වැසී ඇති බව අප කවුරුත් කුඩා කලදීම උගෙන ගන්නා කාරණාවක්. ඒත් පහුගිය සතියේ අපි කතාකරේ ජල අර්බුදයක්, ජල හිඟයක් ගැනයි. ඉතින් පෘථිවිය මත මෙපමණ ජලය ඇත්නම් කොහොමද ජල හිඟයක් ඇති වෙන්න පුළුවන් ?
මේ මහා පොළොව මත ඇති ජලයෙන් 3% කටත් අඩු ජල ප්‍රමාණයක් තමයි පිරිසුදු ජලය හෙවත් මිරිදිය, එයිනුත් වැඩි ප්‍රමාණයක් හිම යායන් සහ ග්ලැසියරවල හිර වී තිබේ. එහෙයින් එම ජලය ජලය අපට පහසුවෙන් ලබා ගත නොහැක. ඉතුරු වී තිබෙන ජලයෙන් තමයි සාගර සහ මහ මුහුදු සෑදී ඇත්තේ. සාගර ජලය, අපට හුරුපුරුදු පිරිසිදු ජලය හැටියට භාවිතය කළ නොහැකිය. ඇළ, දොළ සහ වගුරුබිම් හැටියට තිබෙන්නේ මතුපිට ජලයෙන් ඉතා කුඩා කොටසක් (0.014%) විතරයි.
ස්වාභාවිකව, පෘථිවිය මත ජීවත් වන සෑම මනුෂ්‍යයෙකුටම සෑම සතෙකුටම ලෝකයේ තිබෙන එම සියයට තුනක(3%) ජලය ප්‍රමාණවත් වෙන්නට ඕනේ. නමුත්, බොහෝ සාධක නිසා ජල පිරිසුදු ජලය ලබාගැනීම සහ භාවිත කිරීම සම්බන්ධයෙන් ගැටලු මතුවී තිබේ. මෙම තත්ත්වය උග්‍රවීම හේතුවෙන්, අද වන විට ගෝලීය වශයෙන් බොහෝ ප්‍රදේශවල ජල අර්බුදයක නිර්මාණය වී තිබේ.
ඒත් ඉතින්, ඇයි ඔබයි මමයි සැලකිලිමත් වන්නට ඕනේ?
කලින් කීවා සේ අද අප ජල අර්බුදකට මුහුණ පා සිටින්නෙමු. ඉතින්, අප මේ ගැන සැලකිලිමත් වන්නට වුවමනා වන්නේ, ජල හිඟය ඇති කරවන බොහෝ සාධක තව තවත් ව්‍යාප්ත වෙමින් ද සංකීර්ණ වෙමින් ද තවදුරටත් පාලනය කර නොහැකි තත්ත්වයකට පත් වී ගෙන එන නිසයි. මෙයින් කියවෙන්නේ, අප එකී සීමිත පිරිසුදු ජලය සුරක්ෂිත කර නිසි ලෙස භාවිත කරන්නේ නැති නම්, ඉතා කෙටි කාලයකින් හැම ප්‍රදේශයක්ම ජල හිඟයකටයත්, එයින් ඇතිවෙන අර්බුදවලට සහ ප්‍රතිවිපාකයන්ටත් මුහුණ දෙන්නට සිදුවෙනු ඇති බවයි.
ඔබ දැන සිටියාද?
විශේෂඥයන් පෙන්වා දෙන අන්දමට සංවර්ධිත රටක අයෙකු නාන කාමරයේ ජල මලෙන් විනාඩි පහක් නෑමට භාවිත කරන ජල ප්‍රමාණය සංවර්ධනයවන රටක පැල්පත්වාසී සමාන්‍ය පුද්ගලයෙකු මුළු දවසටම ප්‍රයෝජනයට ගන්නා ජලප්‍රමාණයට වඩා වැඩියි.
ජල අර්බුදය ගැන අප කතා කිරීමේ දී නිතර යෙදෙන ප්‍රධාන වචන කිහිපයක් කෙටියෙන් හෝ හඳුනා ගැනීම වැදගත්. ඉතින් අපි ලබන සතියේ ලිපිය ඒ ගැන විස්තරයකින් පටන් ගමු.
Eschooltoday lessons හී පළවන පාඩම මාලාවේ Introduction to global water scarcity කොටස ඇසුරෙන් පර්වර්තනය කර සකස්කළේ:
චන්ද්‍රසේකර් ප්‍රවින්ත් චව්රින්(thathu Creators)