Covid-19 කාර්යාලවල මලගමත් සළකුණු කරාවි ද?
ලොව පුරා, රජයේ වේවා, පෞද්ගලික අංශයේ වේවා අද පවතින කාර්යාල, මෙයට දශක කිහිපකට පෙරෙ තිබූ ඒවාට වඩා වෙනස් බව කාටත් අවිවාදයෙන් පිළිගන්නට හැකියි. ඒ වෙනස වඩාත් දිස්වුණේ සේවක පිරිස් වැඩකරන කාර්යාල තුල බඩුමූටු, උපකරණ ඇතුළුව පොදුවේ ඒවායේ(කාර්යාල) පෙණුමෙහිය. සේවක පිරිස් අතර වුව ආකල්පමය වශයෙන් ද වෙනසක් ඇති බව කාර්යාලවල සේවය කරන්නන්ට පමණක් නොව ඒවාට යන එන සෙසු ජනතාවට ද පෙණී ගිය කරුණකි. මේ වෙනස් කම් මගින් මනාව ඉඟි කරණු ලැබුයේ කාර්යාල අප අතරේ තව බොහෝ කලක් යහතින් වැජඹෙනු ඇතිබවයි.
එහෙත් Covid-19 (සමාජයේ තවත් අංශ සේම) මේ සියල්ල උඩු යටිකුරු කළේය. ලොක්ඩවුන්, නිරෝධායන නිති රීති, සමාජ දුරස්තබාවය රැකීම වැනි නව චර්යා, ගමනාගමනය සීමා කිරීම සහ ලැව් ගින්නකටත් වැඩි වේගයකින් පැතිර යන වෛරසයකට ඇති බිය ලෝකයේ සෑම රටකම වාගේ සේවක පිරිස් වැඩ කරන ස්ථාන වලින් පළවා හැර ඒවා ජන ශූන්‍ය කරන්නට මග පෑදීය. සමහරක් කාර්යාල වැසුනේ තාවකාලිකව, පසුව නැවත විවෘත කරන අටියෙනි. සමහරකට, එවැන්නක්(කාර්යාලයක්) නැතිව කටයුතු කරගෙන යා හකි බව පසක් කරමිනි. Covid-19 ගෝලිය මහා වසංගතයේ විවිධ අංශ අළලා නිතර ලිපි ගෙන එන thathu.com අද අවදානය යොමුකරන්නේ Covid-19 හමුවේ කාර්යාලය කියන ‘ආයතනයෙහි’ අනාගතය ගැනයි.
Covid-19 බිය ක්‍රමයෙන් පහවව ගිය විට සේවක පිරිස් සුපුරුදු පරිදි යළි සිය කාර්යාල කරා එක් රොක් වේවි ද? නො එසේ නම් කාර්යාල සේවකයින්, තමන්ට දැන් අළුතෙන් ලැබී ඇති ‘නිදහස’ හා නම්‍යශීලී බව අඛණ්ඩව ආරක්ෂා කර ගැනීමට උනන්දු වේ ද? ඒ අතරම සේව්‍යයන් හෙවත් හාම්පුතුන් සිය සේවකයන් නිවසේ සිට වැඩ කිරීම මගින් (ආයතනයට) අඩුකර ගත හැකී පිරිවැය ගැන සළකා මෙය ස්ථිර වැඩපිළිවෙළක් බවට පත්කරගැනීමට උත්සුක වේද? මේ අවසන් ප්‍රශ්නයට දැනටමත් සමාගම් කිහිපයක් පිළිතුරු දි ඇත: නිදසුනකට ට්විටර්(Twitter) සමාගම, සදහටම නිවසේ සිට වැඩ කළ හැකියයි සිය සේවකයන්ට දැනටමත් දන්වා තිබේ. කාර්යාලය හුදෙක් ගනුදෙනුකරුවන් මුන ගැසීමට පමණකි.
කාර්යාලයේ අනාගතය ගැන විද්වතුන් තිදෙනෙකුගේ අදහස් මෙම ලිපියට ඇතුළත්ය.
සම්බන්ධතාවයන්ට සමීපත්වය අවශ්‍යයයි
ලොවෙල්හී, මැසචුසෙට්ස් විශ්ව විද්‍යාලයේ බෙත් හම්බර්ඩ් සහ ස්කොට් ලේතම් දක්වන අදහස්
මෑතක බොහෝ කාර්යාලවල මලගම සළකුණු කෙරෙන සොහොන් කොත් සමරු පාඨ අපට දැක ගන්නට ලැබුණත් පූර්ව-වසංගත වැඩ බිම් අද හෙට වැසී යතැයි අපි කල්පනා කරන්නේ නැහැ.
සංවිධාන ජීවිතය(organizational life) පදනම් වෙලා තියෙන්නෙ සම්බන්ධතා මතයි. බොහෝ කළමණාකරුවන් කලින් සිතා සිටියාට වඩා වැඩ කොටසක් (කාර්යාලයෙන්) දුරස්ථව සිට සිදු කළ හැකි බව වර්තමාන රාජකාරි පරිසරය පෙන්නුම් කරන බව ඇත්තයි. එහෙත් රැකියා සමන්විත වන්නේ කාර්යයන්(task)වලින්; සංවිධාන සමන්විතවන්නේ සම්බන්ධතාවයන් ගෙන්. ඉතින්, සම්බන්ධතාවයන් සඳහා අඛණ්ඩ — බොහෝ විට අනපේක්ෂිත — අන්තර්ක්‍රියා අවශ්‍යවෙනවා.
ඵලදායී වැඩ සම්බන්ධතා ගොඩනැගෙන්නේ කෙසේ ද යන්න ගැන වැදගත් අන්තර් ඥානයක් දශක ගණනාවක පර්යේෂණ මගින් සැපයේ. ඒවාට(සම්බන්ධතා) අන්න්‍යෝන්‍ය විශ්වාසය සහ සහයෝගීතාව අවශ්‍යවන බව පමණක් නොව විශ්වාශවන්ත සහ සහයෝගී සම්බන්ධතා පෝෂණයට ශාරීරික සමීපතාව තීරණාත්මකවන බවත් අපි දන්නවා.
මෙය ඥානන හා නිර්මාණ ආර්ථිකයන් හී විශේෂයෙන්ම සැබෑවක්. මොකද කීවොත් පොදු නැතිනම් හවුලේ භුක්ති විඳින අවකාශයන් තොරතුරු බෙදා හදා ගැනීම සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කර හෙයිනි. 2009 අධ්‍යයනයකින් පෙණී ගියේ භෞතික අවකාශය බෙදා හදා ගන්නා ගූගල් සේවකයන් එකම ගොඩනැගීල්ලේ පවා වෙනස් මහල්වල පිහිටි අවකාශ තිබෙන විටදීට වඩා තොරතුරු වඩාත් ඵලදායීව හුවමාරු කර ගන්නා බවයි. විද්‍යාඥයන් සිය පරීක්ෂණාගාරවල සිට දුරක පිහිටි විවේකාගාරය හෝ පොදු ප්‍රින්ටරය වෙත ඇවිදගෙන යාමට සිදුවෙන විට ඔවුන් අතරේ පර්යේෂණ සහයෝගීතාව වර්ධනය වෙන බව 2013 ඒ හා සමාන අධ්‍යනයකින් පෙන්නුම් කරනවා. වඩාත් මෑතක තවත් අධ්‍යනයක් දක්වන්නේ නවක සමාගම් වලට ආධාර කරුනු ලබන ව්‍යාපාරික බීජෞෂක(උපදින තැන්) යනුවෙන් දැක්වෙන(business incubators) ආයතනයන්හී නව අදහස් ජනනය කරන්නන්ට (කාර්යාලයේ) සිසිල් ජල යන්ත්‍රය අසළට රොක්වීම තිරණාත්මක බවයි.
කෘතිම බුද්ධිය සහ සියැයුම හෙවත් ස්වයංකරණයට පින්සිදුවෙන්නට යාන්ත්‍රික රොබෝවරුන් මනුෂ්‍යයන් ඉටුකරන රැකියාවල් තව තවත් පවරා ගනිද්දී මෙකි සම්බන්ධතා වෙනත් කවරදාටත් වඩා වැදගත් බවට පත්වේ. අප විසින්ම සිදුකරන ලද පර්යේෂණ වලින් අපට පෙණී යන්නේ ආවේණිකව සම්බන්ධතා සහිත රැකියා වඩාත් කලක් පවතින බවයි.
ඉතින් අප හිතන විදිහට ඉතුරු වෙන්නේ හුදෙක් කාර්යාලයම පමනක් නොවෙයි මේ නූතන සංවිධානය — සහ වැඩ කරද්දී අපෙ සම්බන්ධතාව ද, සුමටව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ශාරීරික සමීපතාවත්ය.
සේවක නම්‍යතාව නොනැසී පවතිනු ඇත
— ඇරිසෝනා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ ඩෙබොරා සැලොන් දක්වන අදහස්
සිය වැඩ කරන ස්ථානයේ වඩාත් නම්‍යතාවක් කාර්යාල සේවකයන් අපේක්ෂාකරනවා. මේ තමයි මාත්, ඇරිසෝනා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ සහ ඉලිනොයිස් විශ්වවිද්යාලයේ අනෙකුත් පර්යේෂකයන් එකතුව සිදු කරනු ලබන සමීක්ෂණයක ප්‍රධාන සොයා ගැනීම. අපේ සමීක්ෂණය ඉලක්ක කරන්නේ නිවසේ සිට වැඩ කිරීමට බලකෙරුණු රටපුරා පණවණු ලැබූ ලොක්ඩවුන් කිරීම් (අනෙකුත් ප්‍රශ්න අතර) කාර්යාලයට යාම පිළිබඳ සේවක අදහස් වෙනස් කළේ කෙසේද යන්න අවබෝධ කරගැනීමයි.
මෙය දැනට සිදුකරගෙන යනු ලබන සමික්ෂණයක් වන අතර එක්සත් ජනපදයේ වසන වයස 18ට වැඩි අයට මාර්ග ගතව ඊට එක්විය හැකියි. මෙහි දක්වා ඇත්තේ අප්‍රියෙල් මැද සිට ජූලි මැද අතර එකතු කර ගත් ප්‍රතිචාර 2,100 ගැලපීමෙන් සකසලා තියෙනවා. අපේ දත්ත පෙන්වන ආකාරයට ගෝලීය මහා වසංගත කාලයේ තවදුරටත් රැකියාවන් හි නිරතව සිටි අය තනිකරම වාගේ ගෙදර සිට වැඩ කළ අයයි. මෙම සංඛ්‍යා ලේඛන Covid-19 පෙර තත්ත්වය සමග සැසඳුවහොත් සතියකට කිහිප වතාවක් වත් නිවසේ සිට වැඩ කෙරුවේ සේවක පිරිසගෙන් 13%ක් පමණයි. නිරන්තර පදනමක් මත ගෙදර සිට කලින් වැඩකර නොතිබූ අයගෙන් සියයට 62%ක් කීවේ වෙනස ගැන ඔවුන් සතුටු වන බවයි. මහා වසංගතය පහව ගිය පසුව ද වැඩකරන ස්ථාන පිළිබඳව හාම්පුතුන් නම්‍යතාවක් දක්වනු ඇතැයි 75%ක් බලාපොරොත්තූ වන්නේ.
සේවකයන්ට වැඩි නම්‍යතාවයක් ලබාදීමට සම්ප්‍රදායානුකූලව විරුද්ධ සමාගම් ඉදිරිපත්කරන තර්කයක් වන්නේ නිවසේ සිට වැඩකිරීම ඵලදායීතාව්යෙන් සහ කාර්යක්ෂම්බවෙන් අඩුබවයි. කුඩා දරුවන් අවට සිටිය දී වැනි මනස් ඒකාග්‍රතාව පවත්වාගෙන යාම ආසීරු අවස්ථාවල දී පවා, තමන්ට සාමන්‍ය හෝ ඊට වැඩි ඵලදායිකත්වයක් අත්පත් කරගත හැකි වූ බව සමීක්ෂණයට සහභාගීවූවන්ගෙන් තුනෙන් දෙකක් පමනම කියා සිටියහ. මෙය, කාර්යාලයේ වැඩ කරන තම සගයන් තරමටම හෝ ඊටත් වඩා හොඳින් වැඩ කරන බවට ප්‍රකාශවුණු නිවසේ සිට වැඩ කරන අය අතරේ ( Covid-19 වසංගතයට පෙර) පැවති අධ්‍යනයක ප්‍රථිඵල සමග සීහෙනවා. සිය ඵලදායිත්වය ඉහලයාමට බලපෑ සාධක ලෙස අපේ සමීක්ෂණයට සම්බන්ධවූවන් දැක්වුවේ කාර්යාලයට යාම් ඊම් කිරීම සහ කාර්යාල රැස්වීම් වැනි වික්ෂේප නොමැතිකමයි.
කලින් ද නිවසේ සිට වැඩ කිරීමට පුරුදුව සිටි අය ද ඇතුළුව සමස්තයක් වශයෙන් ගත් කල සියයට 26ක් කියා සිටියේ මහා වසංගතය නිමාවීමන් පසුවත් සතියකට අඩු තරමින් කිහිප වතාවක් වත් නිවසේ සිට වැඩ කිරීමට බලාපොරොත්තුවන බවයි. Covid-19 වසංගතයට පෙර මෙම සංඛ්‍යාව 13%ක් පමණකි.
කෙසේ වෙතත් , අපේ සමීක්ෂණයට සහභාගී වූවන්ගෙන් සියයට 9ක් පමණයි සාම්ප්‍රදායානුකුල කාර්යාල මුලුමනින්ම බැහැර කළ යුතු යයි කියාසිටින්නේ. විකල්පයක් ලැබෙනවා නම් බොහෝ දෙනෙක් අදහස් කරන්නේ සතියේ දින කිහිපයක් කාර්යාලයට ගිහින් ඉතිරි දින ගෙදර ඉඳන් වඩකරන එක හොඳයි කියලා. එවැනි වැඩපිළිවෙලක් පලදායිත්වය ඉහළ දැමීමටත් ඒ වගේම කාර්යාල සේවකයන්ට සිය ජීවිත වඩාත් ප්‍රීතිමත්ව ගතකිරීමටත් මගපාදනවා කියලා තමයි මමත් හිතන්නේ.
The Conversation හී පළවූ The office is dead! Long live the office in a post-pandemic world යන ලිපිය ඇසුරෙනි