පිපාසය සංසිඳවීමට ලවන හරණයකළ ජලය සහ ප්‍රතිචක්‍රිය පල්දොරු ජලය
අපේ ග්‍රහලෝකය එන්ට එන්ටම උණුසුම් වේ. වියළි වෙයි. බීමට සුදුසු ජලය හිඟ ය. එහෙත් මෙතෙක් ඒ සඳහා යොදා නොගත් විශාල මූලාශ්‍ර දෙකක් ඇත: සාගර සහ පල්දෝරු ජලයයි.
ලවණහරණය(desalination) නැතිනම් කරදියෙන් ලුණු ඉවත් කිරීම වසර දහස් ගණනක් තිස්සේ සිදු කෙරෙන ක්‍රියාදාමයකි. එහි පුරෝගාමින් සමහරවිට ආදිකාලීන ග්‍රීකයන් විය හැකිය. ක්‍රිස්තු පූර්ව 4 සියවස තරම් ඈත කාලයේ සිටි නාවිකයෝ ලවණ සහිත ජලය උණු කොට එයින් නැගෙන හුමාලය මේ ක්‍රියාදාමය සඳහා උපයෝගී කර ගත්හ. සිසිල් කළ විට වාෂ්පය ඝනීභූත වී ආපසු ජලය බවට හැරෙන්නේ සියලු අපවිත්‍ර කාරකවලින් මුක්තවය. ජලය නැටවීම සඳහා අවශ්‍ය ඉන්ධන අඩු මුදලට ලබාගත හැකි සෞදි අරාබිය වැනි ප්‍රදේශවල මේ මූලික සිද්ධාන්තයම එනම් තාප ලවණහරණය(thermal desalination) තවමත් භාවිතයට ගැනේ. 1960 ගණන්වල සිට ලවණහරන ක්‍රියාකාරකම් බොහොමයකදී යොදාගැනෙන්නේ ප්‍රති ආස්‍රැතියයි (reverse osmosis– RO). අර්ධ පාරගම්‍ය පටල හරහා දියර(ද්‍රව) ගලායද්දී අපේ සෛල තුළ සාමාන්යයෙන් සිදුවන විද්‍යාත්මක ක්‍රියාදාමයම මෙම ප්‍රති ආස්‍රැති ක්‍රියාදාමය මගින් විඩම්භනය කෙරේ.
පිරිසිදු ජලය ලබා ගැනීම සඳහා ලවණ හරණය සිදු කිරීමේදී තවමත් මහා අභියෝගයන්ට මුහුණ දීමට සිදුවෙයි. මේවා අතුරෙන් මුලටම එන්නේ බලශක්ති වියදමයි. (විශේෂයෙන්ම එක්සත් ජනපදයේ සුප්‍රකට) NASCAR මෝටර් රථ ධාවන තරග සඳහා යොදා ගන්නා අධිබල රථයක, ඉන්ධන වැඩියෙන්ම ලබා දෙන අවස්ථාවේ අශ්වබල 700ක බලයක් යොදාගනී. මෙයට සාපේක්ෂව ඊශ්‍රාලයේ ටෙල් අවිව් ආසන්නයේ, පිහිටි ලෝකයේ විශාලතම ලවණහරණ පහසුකම වන Sorek (සොරෙක්) යන්ත්‍රාගාරයේ දිනපතා දිවා රාත්‍රී දළවශයෙන් අශ්වබල 7000ක බලශක්තියක් (හෝ සෑම වර්ග පීඩන අඟලකටම රාත්තල් 1100ක්) යොදා ගනියි. (සොරෙක් යන්ත්‍රාගාරය යනු දිනකට ගැලුම් මිලියන 200ක් සැකසුම් කරන ලෝකයේ විශාලතම ලවණහරන පහසුකමයි.)
පොම්පවල, එමෙන්ම පයිප්ප පිරිසැලසුමෙහි, සහ පටකවල වැඩිදියුණු කිරීම් මගින් ලවණහරණය සඳහා යොදාගන්නා බලශක්තිය අඩකින් පමණ පසුගිය දශක දෙකේදී අඩුකර ගැනීමට හැකිවී තිබෙන බව සත්‍යයකි. තවද, තවතවත් වැඩිදියුණු කිරීම හඳුන්වා දෙද්දී බලශක්ති ඉල්ලුම පහළ වැටෙන්නට පුළුවන. එහෙත් එය මගහැර යා නොහැක්කක් ලෙස දිගටම පවතින බවයි බොහෝම දෙනකු අදහස් කරන්නේ. කැලිෆෝනියාවෙ ලවණ හරන යන්ත්‍රාගාරය පිහිටුවීමට ගන්නා පියවර පරිසර සංවිධාන බොහෝමයක විරෝධය එල්ල වී තිබේ. California Coast keeper Alliance එවැනි එක් කණ්ඩායමකි. එහි විධායක අධ්‍යක්ෂිකා සරා අමිෂාඩේ මෙසේ සඳහන් කරයි. “ලවන හරණය සර්ව රෝග නිවාරණයක් වගේ පෙනී යන්න පුළුවන්. ඒ වුනාට පිරිවැය හා බලශක්ති පැත්තෙන් බලනකොට ඒක තමයි තියෙන නරකම විකල්පය”.
අනාගත ජල සැපයුම කෙරෙහි වඩාත්ම තීරණාත්මකවන තවත් මූලයක් ඇත: ඒ තමයි “ප්‍රතිචක්‍රීකරණය කරන ලද අපත ජලය”(“recycled wastewater”) කියන ප්‍රසන්න ආකාරයට ද ද හඳුන්වනු ලබන මානව පල්දොරු (human sewage) ජලය. පල්දොරු ජලය යනු දැනට අප වැසිකිලි වලින් බැහැර කරන කාණු දිගේ ගලාගෙන යන ජලයයි. (එය, අපි පරිභෝජනයට ගන්නා අපේ ආහාර වගා කිරීම සඳහා උදව් වෙතැයි යන්න සිතා ගැනීමට පවා අපහසු ය).
මේ ආකාරයේ “වැසිකිලියේ සිට ජල කරාමය”(toilet-to-tap) වෙත මාදිලියේ විශාල ජලශුද්ධාගාරයක් කැලිෆෝනියාවේ ඔරෙන්ජ් ප්‍රාන්තයේ පිහිටා ඇත. මේ මගින් බීමට සුදුසු ජලය ගැලුම් මිලියන 100ක් දිනකට පොම්ප කරනු ලැබේ. එම ජල සැපයුම ප්‍රාන්ත වැසියන් 850,000කට ප්‍රමාණවත්ය. ඒ අනුව මෙය මේ ලෝකයේ තිබෙන එම මාදිලියේ විශාලතම ජලපහසුවයි.
මෙකී පල්දොරු ජලය අදියර අටක පෙරහන ක්‍රියාදාමයකට ලක්වේ. ඊට බොරළු, වැලි පෙරහනක් මෙන්ම බැක්ටීරියා මඬින ජෛවීඇතිල්ලීමේ(‘bio-scrubbing’) අදියරක් ද අයත්ය. ඔරෙන්ජ් ප්‍රාන්තයේ මෙම ජල පහසුකම, ලවන හරණයෙන් ලබා ගන්නා ජලය තරම්ම පාරිශුද්ධ, බීමට සුදුසු ජලය පල්දෝරු ජලයෙන් ලබාගැනීමේ පූර්වාදර්ශය සපයමින් නව මාදිලියක ජල ශුද්ධාගාර පිහිටුවීමට මගපාදන ඇත. ලවණහරනය හා සසඳන විට මේ ක්‍රියාදාමය වියදම් අඩු ය. පල්දොරු ජලයෙහි මුහුදු ජලයෙහි තරම් ලවන නොමැත. ඒ නිසා පිරිපහදුව පහසුය. “ප්‍රතිචක්‍රීයකරට ලක් වූ අපජලය, ජල කර්මාන්තයේ වඩාත් සීඝ්‍රයෙන් ඉදිරියට ඇදෙන අංගයක් බවට පත් වෙලා. ඇයිද දන්නවද? සෑම නගරයක් ආසන්නයේම සාගරයක් නැහැනේ. හැම රටකම විශාල විල්, ගංගා නැහැනේ. ඒත් ඕනෑම ප්‍රදේශයක පල්දෝරු ජලය තියනවනේ” යනුවෙන් ස්නේහා දේශායි කියා සිටි.
ඇය අප පෙර සඳහන් කළ කැලිෆෝනියාවේ පිහිටි ඔරෙන්ජ් ප්‍රාන්තයේ දැවැන්ත පල්දොරු ජල සැකසුම් ව්‍යාපෘතිය භාරව ක්‍රියා කරන Dow Water & Process Solutions ආයතනයේ ගෝලීය ව්‍යාපාර අධ්‍යක්ෂවරියයි. හුදෙක් වාරිමාර්ගයට පමණක් නොව බීමට ද ඇතුළුව 2030 වනවිට තම ජල අවශ්‍යතාවයෙන් 35% ක් ප්‍රතිචක්‍රීය පල්දොරු ජලය මගින් ලබා ගැනීමට සැලසුම් කර ඇති බව දකුණු කැලිෆෝනියාවේ මැක්සිකෝ දේශසීමාව ආසන්නයේ පිහිටි සැන්දියාගෝ නුවර මෑතක ප්‍රකාශයට පත් කළේය. එම යෝජිත පහසුකම ඔරෙන්ජ් ප්‍රාන්තයේ පහසුකමට වඩා විශාලය.
එහෙත් විසඳාගත යුතු ප්‍රශ්න ද ඇත. පල්දොරු ජලයට ඇති ජනතා පිළිකුල ඉන් එකකි. අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයක ගඟනගාමියෙකු හැර, සිය ජල අවශ්‍යතා සඳහා ප්‍රථම තේරීම වශයෙන් තමන්ගේම මුත්‍රා බීමට පෙළඹෙන්නෝ කවරහු ද? “ඒක හරියට හිට්ලර් ඇන්ද කබායක් අඳින්නැයි කෙනෙකුට කියනවා වගේ. කොච්චර වාරයක් පිරිසිදු කළත්, ඒ කබායෙන් හිට්ලර්ව ඉවත් කරන්න අමාරුයි නේ” යනුවෙන් පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාඥ පෝල් රොසින් කියා සිටී. එහෙත් ගුණාත්මක බවින් ගතහොත්, ප්‍රති ආස්‍රැතියයි (reverse osmosis) යොදා ගන්නා පල්දොරු ජලය සම්ප්‍රදානුකූල ජල පිරිපහදුවලින් සැපයෙන ජලය හෝ ඒ තබා, ඇතැම් බෝතල් කරන ලද ජලයටත් වඩා පිරිසිදු බව දේශායි පෙන්වා දෙයි.
ජල පිරිපහදු තාක්ෂණය සෑම තැනකම විකේන්ද්‍රීය ගතවනු ඇතැයි ඇය අනාවැකි පළ කරයි. මෙ අනාගත දර්ශනය යථාර්ථයක් බවට පත්වන්නට තවත් දශක ගණනාවක් ගත විය හැකි වුවත්, අපේ අනාගත ආහාර සුරක්ෂිතභාවයට මෙන්ම අපේ පැවැත්මටම ත් නැතුවම බැරි අංගයක් වනු ඇත.
ideas.ted.com හී පළවූ Would you drink desalinated seawater? Recycled sewage water? Get ready to find out යන ලිපිය ඇසුරෙනි