දේශගුණ විපර්යාසයට එරෙහිව සටනට දැරිවියන්ට අධ්‍යාපනය ලබාදෙන්න

Posted by

දේශගුණ විපර්යාසයට එරෙහිව සටනට දැරිවියන්ට අධ්‍යාපනය ලබාදෙන්න

කාරණාව ඇත්තටම ඉතා සරලයි. ලොව පුරා වසන දැරිවියන්ට පාසල් යාමට ඉඩ සැලසෙන බව සහතික කිරීම ඔවුන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයටත් සමස්ත ලෝකයටමත් පිටිවහලක් බව නම් රහසක් නොවේ. එපමනක් නොව  දේශගුණ විපර්යාසයන්ට එරෙහිව සටන් වැදීමට හොඳම ක්‍රමය කුමක් දැයි  නම් කරන්න කීවොත් ඔබ කරන්නේ කුමක්ද? ඔබේ පිළිතුර කෙබඳු වේද? නිවසෙහි වහල මත සූර්ය කෝෂ පැනල සවිකිරීම යයි ඔබ කියන්න පුළුවනි. නැතිනම් සුළං බලයෙයෙන් ක්‍රියාත්මක කරන  ටර්බයින සවිකිරීම?   විදුලි බලයෙන්  ක්‍රියාකරන වාහන භාවිතය සුලබ කිරීමත් ඔබේ එක් යෝජනාවක් වෙන්න පුළුවනි. දැරියන්ට අධ්‍යාපනය ලබා ගැනීමට සැලැස්වීම?  දැරියන්ට අධ්‍යාපනය දීම දේශගුණ විපර්යාසයට එරෙහිව ක්‍රියා කිරීමට මඟ පාදන හොඳම යෝජනාවක්.

2017 දී පර්යේෂකයන්ගෙන්, විද්‍යාඥයන්ගෙන්, ව්‍යාපාරික ප්‍රධානීන්ගෙන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් ගෙන් සමන්විත පුළුල් සන්ධානයක් (දළ වශයෙන් ‘පහතහෙලීම’ කියන අර්ථය තියන) project Drawdown නම් ව්‍යාපෘතියක් දියත් කළා. බහුශික්ෂණ ප්‍රයත්නයක් වූ මෙහි අරමුණ වූයේ හුදෙක් ගෝලීය උණුසුම් වීමට පමණක් නොව ඇත්තටම අපගේ වායුගෝලයෙහි හරිතාගාර වායු සාන්ද්‍රනයෙහි වාර්ෂික පරිහානියක් හෙවත්  පහත හෙලීමක් ඇති කිරීම පිණිස ගත යුතු වඩාත්ම ප්‍රබල පිළියම් මොනවාදැයි හඳුනා ගැනීමයි. මේ කණ්ඩායම කාබන්  ඩයොක්සයිඩ්(CO2)   විමෝචන අවම කර ගැනීමේ ක්‍රම ගණනාවක් ගැනම  සොයා බැලූවා. අන්තිමේ දී ඔවුහු ක්ෂණිකව හා ප්‍රායෝගිකව කළ හැකි ක්ෂණික පියවර අසූවක් ද එමෙන්ම නුදුරු අනාගතයේ ක්‍රියාවට නැංවිය හැකි සංකල්ප විස්සක ලයිස්තුවක් ද  සකස් කළා. ඔවුන් සිදු කළ දෙය වෙනත් අයුරකින් පවසනවා නම්, ගෝලීය උණුසුම් වීම ආපස්සට හැරවීමට යෝග්‍ය වන බලගතු පිළියම් සියයක් අනුපිළිවෙලකට සැකසීමයි. ගැහැණු ළමයින්ට අධ්‍යාපනය සැපයීම එහි හයවැනි ස්ථානය විය.

මෙය එම සන්දර්භය තුළ තබා සලකා බලමු. දේශගුණ විපර්යාසයන්ට එරෙහිව සටනේ දී  සූර්ය ශක්තිය හා විදුලිබල වාහන වෙනුවෙන් ඉදිරිපත් කරනු ලබන තර්ක විතර්ක ඉත සුලබය.  අප කාටත්  හොඳට පුරුදුය.  ප්‍රශ්නයකින් තොරව ඒ දෙකම,  CO2  විමෝචන අඩු කිරිමේ දී සහ දේශගුණ විපර්යාසයන්ට එරෙහි සටනේ දී යොදාගත හකි ඵලදායි යාන්ත්‍රණයි. ඉතින් ඒවා සීයයේ ලයිස්තුවේ අත්කර ගන්නා ස්ථානය කුමක්ද? අපට එකවර හිතෙන්නේ ඒ යාන්ත්‍රණ දෙකම ලැයිස්තුවේ උඩින්ම ඇති කියලා නේද? බලමු. නිවෙස් වහල මතුපිට සූර්ය කෝෂ පැනල සවිකිරීමට හිමිව ඇත්තේ10 ස්ථානයයි.  විදුලිබලයෙන් ක්‍රියාකරන වාහන පත්ව තිබුණේ 26 තැනට.  කලින් ද කීවා සේ ගැහැණු දරුවන්ට අධ්‍යාපනය ලබා දීම හය වැනි ස්ථනයයි.

project Drawdown නම්  අධ්‍යාපන ව්‍යාපෘතිය පෙන්වා දෙන පරිදි උගෙන ගත් ගැහැණු ළමයකු විවාහ වන්නේ ළා බාල වයසේ නොව මදක් පමා විය.  ඇයට දරුවන් අඩුවෙන් ඇති අතර දරුවන් සෞඛ්‍ය සම්පන්නය, ඇය  වැඩි ආයු කාලයක් ගත කරන අතර (නීත්‍යානුකුල නොවන මාර්ග වලින් නොව තම උගත්කම හේතුවෙන්) සාපේක්ෂව ඉහළ ආර්ථික සෞභාග්‍යයක් අත්පත් කර ගනී.   ඇයට ඇගේ ආදායමෙන් වැඩි කොටසක් යළි සිය පවුල වෙනුවෙන් යෙදවිය හැකිය. ගෝලීය උණුසුම් වීම යන සන්දර්භයෙන් ගතහොත්, අතිශය දරුණු දේශගුණික සිදුවීම් වලින් සහ විපර්යාසයන්ට ලක් වන දේශගුණ චක්‍ර වලින් ඇතිවන කම්පනයට සාර්ථකව මුහුණ දීමට හා මැඩ පැවැත්වීමට අවශ්‍ය නිපුණතා වලින් උගෙන ගත් කාන්තාවක් සමන්විත වන්නේය.

Sweden's environmental education is building a generation of Greta ...

අධ්‍යාපනය ලත් ලඳුන්ට නායකත්වයෙහි නැතිනම් නායකයන් ලෙස ඉදිරියට යා හැක. මේ වැදගත් ය. මන්ද දේශගුණ විපර්යාසයට සැමට එක ලෙස බලපෑවත්  එහි බලපෑම සැමට දැනෙන්නේ එක ප්‍රමාණයෙන්ම නොවේ.  Brookings ආයතනයේ පර්යේෂකයන් පෙන්වා දෙන පරිදි නියගය ආදී  දැඩි දේශගුණාත්මක තත්ත්වයන් යටතේදී වැඩිහිටි භාරකාරාදීන් විසින්  දැරියන්ව තාවකාලිකව හෝ ස්ථිරවම පාසලෙන් ඉවත් කරගෙන විත් නිවසේ කටයුතු සඳහා යොදාවා  ගනු ලැබේ. එහෙත්  අධ්‍යාපනය නිම කළ ගැහැණු ළමයින්ට දේශගුණික කම්පනයන්ට වඩාත් හොඳින් මුහුණ දීමට හා පවුලේ අයට ඒ සඳහා උපකාර කිරීමට සිය දැනුම සහ නායකත්ව ගුණාංග උපකාරී වන බව Brookings කණ්ඩායම පෙන්වා දෙයි.

අප සියලු දෙනාටම තර්ජනයක්ව  පවතින, ඉහළ යන ගෝලීය උණුසුම් වීම සහ දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේ දී මේ මහ පොළොව මත  සෑම ජාතියකටම යොදා ගත හකි,  වඩාත් පිරිවැය ඵලදායී සහ ඉහළම බලපෑම් සහිත ක්‍රමවේදයන් අතර ගැහැනු ළමයින්ට උගැන්වීම ප්‍රමුඛ තැනක් හිමි වෙනවා. එය සරල එමෙන්ම මූලික යථාර්ථයයි. එහෙත් එය එසේ නම්, මේ ගැන ලොව පුරා එතරම් කතාබහක් නැත්තේ ඇයි?  මාධ්‍ය ආවරණයන්හී දී ප්‍රමුඛතම මාතෘකාව බවට මෙය පත් නොවන්නේ ඇයි?  ලිපියේ කතුවරිය වන ෂබාසා බසිජ් රශික් අදහස් කරන හැටියට නම් මෙයට හේතුව දේශගුණ විපර්යාසය පිළිබඳ සාකච්ඡා මෙහෙයවනු ලබන්නේ විශාල වශයෙන් ම බටහිර ජාතීන් විසින් වීමයි. (ඇය ගැහැණු ළමුන් වෙනුවෙන්  School of Leadership, Afghanistan (SOLA) (ඇෆ්ගනිස්ථානයේ  නායකත්ව පාසල) යනුවෙන් ඇෆ්ඝනිස්ථනයේ මුල්ම නේවාසික පාසල ආරම්භ කළ කාන්තාවනයි)  බටහිර රටවල ගැහැණු ළමයින්ට අධ්‍යාපනය  ලබාදීම කවුරුත් පිළිගත්, එසේම් කලක සිටම ක්‍රියාත්මකව පවතින සම්මත එකකි. බටහිර වැසියන් මේ ගැන නැවත සිතන්නටවත්, කතාබහ කරන්නටවත් පෙළඹෙන්නේ නැත. එකී සන්දර්භය තුළ මෙම සංඛ්‍යාලේඛන ගැන සැලකිල්ල යොමුකරන්නැයි ෂබාසා බසිජ් රශික්  අපෙන් ඉල්ලා සිටියි:  ලොව පුරා ගැහැණු ළමයින් මිලියන එකසිය තිහක් පාසැල් වලින් බැහැර ව සිටිති. කර්මාන්තශාලාවල අලුතෙන් අංගෝපාංග එක් කිරීමට මෙන්ම ප්‍රවාහන ක්‍රම ගැන අලූතෙන් සිතන්නට පටන් ගෙන තිබියදී ගැහැණු දරුවන්ට අධ්‍යාපනය කියන මූලික මානව අයිතිවාසිකම් සපයා ගැනීමට වත් අඩු තරමින් අප ඇප කැපවිය යුතුය. මේ ගැටලුව හමුවේ නිහඬව සිටීම හුදෙක් අතපසුවීමක්ම පමණක් නොවේ. එය අපේ දැරියන්ට අපේ සමාජයට මෙන්ම අපේ ග්‍රහලෝකයට ද හානි කරයි. මේ නිහැඬියාව බිඳ දැමීමට සියලු දෙනා එක් විය යුතුයි. අප දැරියකට උගන්වන විට අපට මුළු ලොවම, ඔව් මුළු ලොවම වචනානුසාරයෙන් ම වෙනස් කළ හැකි වේ. අධ්‍යාපනයට සිදු කළ හැකි පරිවර්තනය ගැන තමන්ට මනා දැකීම් ඇති බව පවසන බසිජ් රශික් මේ නිහැඬියාව බිඳිය යුතු යැයි  තරයේ ම කියා සිටියි. මේ අදහස් තමන්ගේ මිතුරන් සමග බෙදා හදා ගැනීමෙන් සමාජයේ සෙසු පිරිස අතර සමාජ කතිකාවක් බවට පත්කිරීමෙන් නිහැඬියාව බිඳිම ආරම්භ කළ හැකි යැයි ඇය පෙන්වා දෙයි.

 

ideas.ted.com හී පළවූ Want to fight climate change? Educate a girl යන ලිපිය ඇසුරෙනි

 

 

 

එක් ප්‍රතිචාරයක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.