කොවිඩ් 19 පාසල් අධ්‍යාපනය තුළ ඇතිකරන අර්බූදය

Posted by

කොවිඩ් 19 පාසල් අධ්‍යාපනය තුළ ඇතිකරන අර්බූදය

ඇමරිකා එක්සත් ජනපදයේ බහුතර ප්‍රදේශවල  නව පාසල් අධ්‍යයන වර්ෂය ආරම්භ වීමට ඔන්න මෙන්න කියා තිබියදී මුළු රටම, ශිෂ්‍යයන් ආපසු පාසල් කරා ගෙන ඒම සිදුකරන්නේ කෙසේද  සහ එය සිදු කලයුත්තේ  කවදාද යන්න ගැන දැඩි විවාදයකට මැදි වී සිටීයි.  ධවල මන්දිර පාලකයන් උත්සාහ කරන්නේ ඉක්මනින්ම පාසල් සම්පූර්ණ යළි විවෘත කිරීමටයි.  පාසල් බලධාරීන්ගේ දැඩි අවධානය යොමුවී ඇත්තේ ළමුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව කෙරෙහියි. අනෙක් අතට, දෙමව්පියන් කල්පනා කරන්නේ කොරෝනා ගෝලිය වසංගතය හමුවේ නිවෙස් වලටම සීමා වී සිටි තම දරුවන් අධ්‍යාපන කටයුතු අතින් දැනටමත් පසුබෑමකට ලක්ව ඇතැයි යනුවෙනි.  මේ මතභේදාත්මක, අවුල්සහගත තත්ත්වයට  තවත් මානයක් එක්කරමින් ගුරුවරුන්ගේ වෘත්තීය සංගම් ද අනම්‍යශීලී ආකාරයකට ක්‍රියා කරමින් පාසල් වඩා ඉක්මණින් පටන් ගැනීමට අකමැත්තක් දක්වන අතරම මාර්ගගතව ඉගැන්වීම ව්‍යාප්ත කිරීමට ද විරෝධය දක්වයි.

ඇමරිකා එක්සත් ජනපදයේ ගුරු සංගම් පන්ති කාමර යළි විවෘත කිරීම කිරීමට එරෙහිව වැඩ වර්ජනය කරන බවට තර්ජනය කරන අතරම නිවසේ සිටම දරුවන්ට ඉගැන්වීමේ කටයුතු සීමා කිරීමට ද ඉල්ලා සිටියි.  ඔවුන්ගේ ඉල්ලීම් ගෝලීය වසංගතය හමුවේ පශ්චාත්-වසංගත අධ්‍යාපනයේ හැඩය නියම කරනු ඇත.

අදාළ රූපය

ජාතියක් වශයෙන් ඇමරිකාව ආපසු පාසල් යාමේ අවිනිශ්චිත කාල වාරයක් කරා ගමන්කරමින්  පාසැල් යළි විවෘත කරන්නේ කෙසේද යන්න සහ ළමුන් මාර්ගගතව සම්බන්ධ කර ගන්නේ කෙසේද යන්න ගැන අධ්‍යාපන නිලධාරීහු අරගලයක නිරතව සිටිති. මෙහිදී ගුරු සංගම් ඉටුකරන්නේ බලගතු කාර්යභාරයකි. එය කොරෝනා වෛරසයෙන්  පසුව රටේ පොදු අධ්‍යාපනයෙහි හැඩය නිර්ණය කිරීමට ඉවහල් වනු ඇත.

දිස්ත්‍රික්ක ගණනාවක ගුරුවරු තවත් වැඩි කාලයක් පාසැල් වසා තැබිය යුතුයැයි තදින් කියා සිටිති. සෞඛ්‍ය ආරක්ෂක අවශ්‍යතා සහතික කළ යුතු යැයි ද තත්‍යසම පන්ති කාමරවල දී (virtual classrooms) ඔවුන් විසින් අනුගමනය කළ යුතු කාර්යයන් සම්බන්ධයෙන්  සීමාවන් තීරණය කරගත යුතු යයි ද කියා සිටින ඔවුහු තමන්ගේ ප්‍රධාන ඉල්ලීම් ඉටු නො වෙතොත් රැකියාවලින් ඉවත්වන බවට තර්ජනය කරමින් ඔවුන් මුහුණ පා ඇති ප්‍රශ්න ගැන  අන්තර්ජාලයේ සමාජ මාධ්‍ය සහ  ජනපද  අගනුවරවල දැඩි උද්ඝෝෂණ ව්‍යාපාර ගෙන යති.

පාසැල් යළි විවෘත කිරීමට පෙර මුව ආවරණ පැළඳීම අනිවාර්ය කිරීම සහ සංවාතක පද්ධති  යාවත්කාලීන කිරීම ආදී වශයෙන් දිස්ත්‍රික්කවල අධ්‍යාපන බලධාරීන් ප්‍රමාණවත් ආරක්ෂිත පියවර නොගන්නේ නම්  සිය  පළාත්බද සහ ජනපද මට්ටමේ  කොටස්වල සාමාජිකයන්ට වැඩවර්ජනයෙහි යෙදීමට  පසුගිය අඟහරුවාදා (ජුලි 28) ඇමරිකා එක්සත් ජනපදයෙහි  දෙවනියට විශාලතම ගුරු සංගමය  අවසර දුන්නේය. පන්ති කාමර තුල ඉගැන්වීම නැතිනම් අභිමුඛ ඉගැන්වීම් අවශ්‍යයෙන්ම කළ යුතු බවට  ෆ්ලොරිඩා  ජනපදයේ ආණ්ඩුකාරවරයා කළ නියෝගයට එරෙහිව දැනටමත් ගුරු සංගම් නඩු මගට බැස තිබේ.

පශ්චාත් කොවිඩ් පන්ති කාමරය

එහෙත් මෙලෙස සංගම් සිය බලය ව්‍යාාප්ත කරමින් සිටියත් ඔවුහුද දැවැන්ත ලෙස මහජනතාවගෙන් සහ දේශපාලන අංශවලින් පීඩනයෙන් ලක්ව සිටිති. මන්ද, රට යළි විවෘතවෙද්දී,  දෙමව්පියන් යළිත් සිය රාජකාරී සඳහා යාමට නම් පාසල් පද්ධතිය ක්‍රියාත්මකව තිබිය යුතු බවට ව්‍යාප්ත අදහසක් ඇති හෙයිනි. එමෙන්ම මේ වසන්ත කාලයේ දී දුරස්ථව කෙරෙන ඉගැන්වීම් වාර්ගිකත්වය සහ ආදායම් මට්ටම් අනුව කාර්යසාධන මට්ටම්වල පරතරය  තවත් වැඩිකරමින් බොහෝ ළමුන් සම්බන්ධයෙන් සාර්ථකත්වයක් දකින්නට ලැබෙන්නේ ද නැත.

අදාළ රූපය

රටේ බොහොමයක් ප්‍රදේශවල අධ්‍යයන වර්ෂය අගෝස්තු මාසය ආරම්භ කිරීමට නියමිතව තිබෙන අවස්ථාවේ දෙමව්පියන් මේ අර්බුදය ගැන දරන මතය කුමක් ද?

ඔවුන් දැඩි ලෙස කියා සිටින්නේ ගුරුවරු මේ සරත් සෘතුවේදී ආරක්ෂාව සහිතව ද දැනට වඩා වැඩි අන්තර් ක්‍රියාකාරීත්වයෙන් යුතුව ද  මාර්ගගතව ද (ආරක්ෂාව සහතික කළ හැකිනම්) අභිමුඛ්ව ද  උපදේශන සැපයිය යුතු බවයි.  එහෙත් පන්ති කාමරය තුළ දරුවාගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වන ගුරු සංගම් සටන් කරන්නේ දිනකට ගුරුවරයා වීඩියෝ මගින් සපයන ලබන ඉගැන්වීම සඳහා ගත කරන කාලය අඩු කර ගැනීමටයි.

පර්යේෂණ හා උපදේශන සංව්ධානයක වන  Center on Reinventing Public Education අධ්‍යක්ෂිකා රොබින් ලේක් ඉදිරි පත්කරන්නේ ගුරුසංගම් දරන මතයට පටහණි අදහසකි. දනටමත්  මාස ගණනක් තිස්සේ පාසලකට පය ගැසීමටවත්  නොහැකිව සිටින  ශිෂ්‍යයන්ගේ ක්ෂණික අවශ්‍යතා ගැන වඩාත් සැලකිලිමත් වෙමින් ඒවා යට ගැසීම වැළැක්විය යුතු බවයි ඇය අවධාරණය කරන්නේ. “මට නම් හිතෙන්නේ අපි ළමුන්ව සලකන්නේ හරියට ක්‍රීඩාවකට යොදා ගන්නා ඉත්තෝ හැටියටයටයි” ඇය කියා සිටී.

සිසුන් අවදානමේ

(පාසල්) යළි විවෘත කළ යුත්තේ කෙසේද  යන ප්‍රශ්නයට පාසල් මැදිව සිටියදී අලුත් ඇස්තමේන්තු පෙන්නුම් කරන්නේ, දැනට විවෘත කර ඇති පන්ති කාමර තුළට ආසාධිත  සිසුන් රටේ වැඩි ප්‍රදේශ ගණනක දී දැකිය හැකි වීමට ඉඩ ඇති බවයි. SARS-CoV-2  වෛරසය පාලනයට නතු කරගෙන ඇති ප්‍රදේශ වලදී පවා පන්ති කාමර වෙත  ආපසු ඒමට  බොහෝ ගුරුවරුන් දක්වන විරෝධතාව තව තවත් දැඩි කිරීමට බොහෝ අධ්‍යාපන වෘත්තිකයන්ගේ  විශ්වාසය දිනාගැනීමට අසමත්ව සිටින ජනාධිපති ට්‍රම්ප් මෙන්ම අධ්‍යාපන ලේකම් බෙට්සි ඩිවොස් ගේ  ක්‍රියා කලාපය දායක වී ඇත.  ගුරුවරුන් කියා සිටින්නේ දේශපාලන නායකයන්  ඔවුන්ගේ (ගුරුවරුන්ගේ) ආරක්ෂාවට වඩා ආර්ථික අවශ්‍යතා ඉදිරියට දමමින්  ප්‍රමාණවත් මගපෙන්වීම් හෝ ආර්ථික සහයෝගය නොමැතිව  පාසල් යළි විවෘත කිරීමට බලපෑම් කරන බවයි.

“තමන් පිට අනුන්ගේ වරද පටවා එහි වගකීම ද දරා ගෙන සිටීමට සිදුවී ඇති දෙමාපියන්ට, ශිෂ්‍යයන්ට මෙන්ම ගුරුවරුන්ට ද මෙය බලවත් අනර්ථයක්” යයි ඇමරිකානු ගුරුසමිති සම්මේලනයේ(American Federation of Teachers) සභාපති රැන්ඩි වෙයින්ගාර්ටන්  කියා සිටී.  අවශ්‍ය නම් වැඩ වර්ජන යෙහි යෙදීමට වුව ද සිය සාමාජිකයන්ට අවසර ලබා දී ඇති නමුත්  සංගමය දන්වා ඇත්තේ එවැනි පියවරක් ගත යුත්තේ අවසාන අදියර හැටියට පමණක් යනුවෙනි.   2016 වසරේදී ඇමරිකානු ගුරුවරුන්ගෙන් සියයට හැත්තෑවක් (70%) ම  සංගමයේ  සාමාජිකයෝ වූහ.  මෑත කාලවලදී  ඉහළ වැටුප් සහ පාසල් සඳහා වැඩිපුර අරමුදල් ඉල්ලමින් විශේෂයෙන්ම රිපබ්ලිකන් පක්ෂයේ බලය තිබෙන ජනපද ඇතුළු ප්‍රදේශවල සිදුකෙරෙන ගුරුවරුන්ගේ  වෘත්තිය අරගලවලට  දෙමව්පිය සහය පළ විණ.

 

The New York Times හී පළවූ The Risk That Students Could Arrive at School With the Coronavirus යන ලිපිය සහ boston.com හී පළවූ  Teachers Are Wary of Returning to Class, and Online Instruction Too යන ලිපිය ඇසුරෙනි

 

සෞඛ්‍ය ආරක්ෂාව ආර්ථිකය සහ අධ්‍යාපනය

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.