පාරජම්බුල කිරණ, නව කොරෝනා වෛරසය වනසයි ද?
ව්‍යාධිකාරක (ඒ කියන්නේ අපට ලෙඩ රෝග ගෙන එන ක්ෂුද්‍ර ජීවීන් = pathogens) හට ගත්ත ගමන්ම විනාශ කර දාන්න පාරජම්බුල කිරණ යොදා ගන්නේ දශක ගණනාවක් තිස්සේයි. ඉතින් අද මේ මුළු ලෝකයම ගිලගෙන තිබෙන මහා වසංගතයට හේතුවන SARS-CoV-2 වෛරසය වනසන්න අපට පාර ජම්බුල කිරන යොදා ගන්න බැරිද කියන කාරණාව අපට නිතැතින්ම හිතට එනවා. ඒකට ඔන්න කෙටි පිළිතුරක් දෙනවා නම් කියන්න තියෙන්නේ “ඔව්” කියලයි. ඒත් ඉතිං ඒක, නිසි ආකාරයෙන් (නිසි වර්ගයේ) පාරජම්බුල කිරණ නිසි මාත්‍රාවෙන් සපයමින් පුහුණු වෘත්තිකයන් විසින් ඉටු කළ යුතු සංකීර්ණ දෙයක්. මෙයින් කියවෙන දෙයක් තමයි නිවෙස්වල තිබෙන, SARS-CoV-2 විනාශ කර දමන බව දැක්වෙන බොහොමයක් පාරජම්බුල කිරණ උපකරණ ඒ කාර්යය සාර්ථකව ඉටු කිරීම සැක සහිත යන්න.
තරංග ආයාමය පදනම් කරගෙන පාරජම්බුල, ප්‍රවර්ග තුනකට වර්ග කළ හැකිය. UVA, UVB සහ UVC යනුවෙනි. පෘථිවිය වෙත ළඟා වෙන පාරජම්බුල කිරණ සියල්ලම පාහේ UVA ය. ඊට හේතුව UVB බොහොමයක්ම සහා UVC සියල්ලම (පෘථිවියේ) ඕසෝන් ස්ථරය මගින් අවශෝෂණය කරගනු ලැබීමයි. තවද, වඩාත්ම කෙටි තරංග ආයාමය සහ වඩාත්ම ඉහළ ශක්තිය ඇත්තේ UVCවලටය.
” විෂබීජ නාශකයක් ලෙස ක්‍රියා කළ හැකි UVC යොදා ගන්නේ වසර ගණනාවක් තිස්සේයි. මේක අලුත් දෙයක් නොවෙයි” යනුවෙන් ඉන්ද්‍රමිත් කෝලි කියා සිටියි. ඇය ඩෙට්ට්‍රොයිට් හි හෙන්රි ෆෝඩ් රෝහලේ චර්ම විද්‍යාවේ ප්‍රකාශ වෛද්‍යවිද්‍යාව ගැන අධ්‍යයනයේ යෙදී සිටින භෞතිකඥයෙකි. නැනෝ මීටර් 254 සුවිශේෂී තරංග ආයාමයක UVC, HINI, ඉන්ෆ්ලුවෙන්සාව සහ SARS-CoV, MERS-CoV වැනි අනෙකුත් කොරෝනා වෛරස අක්‍රිය කිරීමට සාර්ථකව යොදා ගෙන ඇති බව ඇය සඳහන් කරන්නීය. මුද්‍රණයට පෙර පළ කළ වාර්තාවක ඇය සහ ඇගේ සගයින් කියා සිටින්නේ SARS-CoV-2 ද ඉවත් කිරීමට UVCවලට හැකි බවයි. (මෙම වාර්තාව දැනට සමපදස්ථයන්ගේ සමීක්ෂාවට ලක් වෙමින් පවතී).
UVC-254 සාර්ථක වන්නේ එම තරංග ආයාමයේදී DNA සහ RNAවල රිෂ්ට (ඉරීම්) ඇති කරන හෙයිනුයි. ප්‍රමාණවත් අයුරින් UVC254ට නිරාවරණය වීමෙන් ප්‍රතිචලනයවීමට නොහැකි අයුරින් DNA සහ RNA හානියට පත්කරමින්, ක්ෂුද්‍ර ජීවියෙකු හෝ වෛරසයක් අකර්මණ්‍ය කිරීමට හෝ විනාශ කිරීමට පුළුවන. මේ තාක්ෂණය අනුදකින දත්ත, භාවිතයෙහි පහසුව සහ (කායිකව)ස්පර්ශ නොවන ස්වභාවය සලකන විට ගෝලීය වසංගතය අභිමුඛයේ ඇති වැදගත් අවියක් බවට UVC පත් වේ යයි කෝලී කියා සිටියි. එහෙත්, ඒ සඳහා වගකීමෙන් යුතු නිරවද්‍ය භාවිතය තීරණාත්මකය. ඪ් DNA හානියට පත් කිරීමට UVC සතු හැකියාව හේතුවෙන් එය මනුෂ්‍යයන්ගේ හමට සහ ඇස් වලට අතිශය අන්තරාකාරී විය හැකියි. කෝලි කියා සිටින්නේ, UVC විසබීජහරණ තාක්ෂණයන් මූලික වශයෙන් වෛද්‍ය පහසුකම් සපයන ආයතනවල දී පමණක් සිදුකළ යුතු අතර ඒවායේ ඵලදායි බව එමෙන්ම ආරක්ෂා සහිත බව ප්‍රකාශ වෛද්‍ය සහ ප්‍රකාශ ජීව විද්‍යාව පිළිබඳ දැනුමක් ඇති කණ්ඩායම් මගින් ඇගයීමට ලක් කළ යුතු බවයි.
නිවෙස්වල භාවිතා කෙරෙන UVC ලාම්පු ගැන සළකතොත්, සිදුවිය හැකි අනතුර හුදෙක් සම සහ ඇස් වලටපමණක් සීමා නොවන්නේ යැයි වෛද්ය ජේකබ් ස්කොට් ප්‍රකාශ කරයි. හෙතෙම ක්ලීවිලන්ඩ් චිකිත්සාගාර සංක්‍රාන්ති රුධිර විද්‍යා සහ පිළිකාවේද පර්යේෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ වෛද්යවරයෙකි. තවද, මේවායේ තත්ත්ව පාලනය අඩු මට්ටමක පවතින අතර ව්‍යාධිකාරක සැබවින්ම ඉවත්කෙරෙන බවට සහතික විය නොහැක.
“UVC, වෛරසය විනාශ කරන බව ස්ථිරය. එහෙත් ඒ සඳහා ප්‍රමාණවත් මාත්‍රාවක් තිබීම පූර්ව අවශ්‍යතාවක්” බව හෙතෙම පෙන්වා දෙයි. නිදසුනකට N95 මුව ආවරණ ගනිමු. ඒවා සවිවරය. ඉන් SARS-CoV-2 ඉවත් කර දැමීම සඳහා UVC 254 න් විශාල මාත්‍රාවක් අවශ්‍ය වේ. මේ අන්දමේ නිරවද්යතාවක් නිවසේ ඇති පාරජම්බුල උපකරණ වලින් අපේක්ෂා කළ නොහැකිය. රෝහල්වලදී ව්‍යාධිජනක විනාශ කිරීම සඳහා යෝග්‍ය මාත්‍රාව නිර්ණය කිරීමේ දී විසබීජහරණය කරන ද්‍රව්‍යයේ හෝ වස්තුවේ වර්ගය කාමරයෙහි ජ්‍යාමිත්‍යය ආදී සාධක ගණනාවක් විශේෂඥයන් විසින් සැලකිල්ලට ගනු ලැබේ. නිවසේදී භාවිත කෙරෙන UVC උපකරණ වලින් ඒ ආකාරයේ යථා තත්ත්වයභාවයක් () නොසැපයෙන හෙයින් ඒවා භාවිතයෙන් S2 වෛරසය හානියට පත් විණැ යි යනුවෙන් (ඇත්තටම එසේ නොවී) සාවද්‍ය විශ්වාසයක් අපට ඇතිවිය හැක. “පිරිසිදු නැති දෙයක් පිරිසිදු යැයි සිතා භාවිතයට ගැනීම, අපිරිසිදු යයි ඔබ හොඳාහැටි දන්නා දෙයක් භාවිතයට ගන්නවාටත් වඩා දරුණුයි” ස්කොට් කියා සිටියි.
මුව ආවරණ සහ ණ් 95 සංවාතක වැනි පෞද්ගලික ආරක්ෂක උපකරණ (personal protective equipment – PPE) UVC හරහා විසබීජහරණය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා කෝලි, ස්කොට් සහ ඔවුන්ගේ ක්‍රිකරමින් සිටිති. ණ් 95 සංවාතක විෂබීජ හරණය සඳහා දැනට තිබෙන පාරජම්බුල උපකරණ යළි හැඩගැස්වීම සම්බන්ධයෙන් කෝලිගේ කණ්ඩායම රෝහල් සහ උපකරණ අලෙවිකරුවන්ට උපදෙස් සපයයි.
කුඩා වෛද්‍ය පහසුකම් තුළ භාවිතයට යොදා ගත හැකි යන්ත්‍රයක් වැඩිදියුණු කිරීමට සහ වඩාත් ඵලදායි UVC මාත්‍රාව නිර්ණය කෙරෙන සාධක සමහරක් හඳුනා ගැනීමට ආධාර වන මෘදුකාංගයක් වැඩිදියුණු කිරීමට ස්කොට්ගේ පිරිස ක්‍රියා කරති.
සංසරණය වන වාතය නිර්දූෂණය හෙවත් ප්‍රශෝධනය කළ හැකි, UVC ඒකක සීලිමට සවිකිරීමෙන් (කාමරය) තුළ සංසරණය වන වාතයෙහි විෂබීජහරණය කිරීම ගැන දිගටම කතිකාවක් පැවැත්වෙන බව කෝලි කියයි. තවත් සමහරු මනුෂ්‍ය සෛලවලට හානි නොපමුණුවන UVC 222 නමින් දැක්වෙන වෙනත් තරංග ආයාමයක් සම්බන්ධයෙන් සොයා බලමින් සිටිති. ඒත් ඒ සඳහා තවත් පර්යේෂණ පැවැත්විය යුතුය. කෙසේවෙතත්, නිරවද්‍ය භාවයෙන් යුතුව හා වගකීමෙන් යුතුව භාවිතයට ගන්නේ නම් මේ ගෝලීය වසංගතය හමුවේ UVC සතුව විශාල විභවයක් ඇති බව කෝලි වැඩිදුරටත් පෙන්වා දෙයි.
Live Science හී පළවී ඇති Does UV light kill the new coronavirus? යන ලිපිය ඇසුරෙනි