නිවෙසේ භාවිතකිරීම පිණිස දිය පිරියම් කරන්නේ කොයි ආකාරයෙන් ද?
සියයට 70 වැඩියෙන් පෘථිවියේ ජලය තිබුනත් අප ජල හිඟයක් ගැන කතා කරන්නේ ඇයි? ඒ, එම ජලයෙන් මිනිස් පරිභෝජනය පිණිස කොපමන ජලය තිබේ දැයි යන්න ගැන සිතා බැලිය යුතු නිසාවෙන්. අප කවුරුත් දන්නා පරිදි මේ ලෝකයේ ඇති ජලයෙන් අපේ පරිභෝජනයට ගත හැක්කේ සීමිත ප්‍රමානයක්. ස්වභාවිකව ඇති ජලය අපට ඒ ආකාරයෙන්ම පරිභෝජනයට ගන්න බැහැ. විශේෂයෙන්ම ජල සම්පාදන ක්‍රම මාර්ගයෙන් විශාල පරිමානයෙන් ජනතාවට ජලය සපයද්දී, ජලය ස්වභාවිකව පවතින ආකාරයෙන් සපයන්න බැහැ. එය යම් ආකාරවලින් පිරිසිදු කරන්න වෙනවා. ජල හිඟය යටතේ අද අප කතකරන්නේ ජල පිරියම් කිරීම ගැනයි.
ඔබ ලොව කොහේ හිටියත් ඔබගේ නිවසට ජලය එන්නට පෙර, යම් ජල පිරියම් කිරීමේ මධ්‍යස්ථානයක් මගින් එය විවිධ ආකාරවලින් පිරියමට ලක් වෙනවා. වැඩියෙන්ම පිරියම් කෙරෙන්නේ පොළොව මතුපිට තිබෙන ජලයයි. මන්ද එය හා සාපේක්ෂව භූගත ජලය අපවිත්‍රවන්නේ වඩා අඩුවෙන් නිසයි.
පහත තිබෙන රූසටහන මතුපිට ජලය පිරියම් කිරීමේ දී අනුගමනය කෙරෙන මූලික ක්‍රියා දාමය පැහැදිලි කෙරෙනවා.
දන් අපි ඒ අදියර එකින් එක ගැන කතා කරමු
කැටිගැසීමේ අදියර: Coagulation stage
මෙම අදියරේදී ජලයට ඇලම් සහ අනෙකුත් රසායන එකතු කරනු ලබනවා. අවලම්බිත අංශු රසායනවලට ඇළී ‘කැටි’ හෙවත් සම්පිණ්ඩන’ ආකාර හැටියට සෑදනවා.
අවසාදන අදියර: Sedimentation Stage
අංශු එකතුවී සම්පිණ්ඩණයට ලක්වීම නිසා ඒවා බරින් වැඩිවී කුටියේ පතුලට ගිලා බසිනවා. මෙ අවස්ථාවේ දී අංශු බොහොමයක් එකට ඇළී අවසාදිත ලෙස සෑදී මෙන් පතුලට කිඳා බහිනවා. ජලය පෙරහන් හෙවත් පරිස්‍රාවණ කුටීරය වෙත යැවෙනවා.
පරිස්‍රාවණය අදියර: Filtration stage
පරිස්‍රාවණය කෙරෙන හෙවත් පෙරණ කුටීරය තුළින් ජලය පෙරී යෑමේදී සම්පිණ්ඩනය වූ කුඩා අංශු(අවසාදිත) වැලි, අඟුරු සහ බොරලු ස්තර තුළින් පෙරී යනවා.
විෂබීජාණුහරන අදියර: Disinfection stage
ජලයේ ජීවත්වන ඕනෑම බැක්ටීරියා සහ අනෙකුත් සජීවීන් ඉවත් කිරීම සඳහා ක්ලෝරීන් යෙදිම සහ වෙනත් විෂබීජනාශක ක්‍රම භාවිතා කරනු ලබනවා. ස්වභාවිකව ඇති ජලයේ ජීවීන් අඩංගු වීම ඉතා සාමාන්‍ය සහ පොදුවේ දැකිය හැකි දෙයක්.
ගබඩාකර තබා ගැනීමේ අදියර: Storage stage
විසබීජ නාශක හෙවත් විෂබීජාණුහරනු ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා ඓඑළඟට ජලය විශාල ගබඩාකිරීමේ ටැංකි තුළට යවාඅ කිසියම් වෙලාවක් තබනු ලබනවා. මේ ගබඩා ටැංකි වල අගටම වෙන්නා විශාල පයිප්ප සවි කර තිබෙනව්වා. ඒවා දිගෙ තමයි අපේ නිවෙස වලට, වැඩ බිම්වලට් ජලය ප්‍රවාහනය කරන්නේ.
දැන් ඔබට පෙණී යනවා ඇති බීමට් සුදුසු පිරිසිදු ජලය සැපයීම සිදු කළ හැක්කේ, ඉහත දක්වා ඇති අන්දමින් සංකීර්ණ ක්‍රියාදාමයක් අනුගමනය කරමින්, එක්තරා සීමිත ආකාරයකට බව. ජල හිඟයට එයත් එක හේතුවක්.
ලබන සතියේ අපි කතාකරමු ජල සැපයුමට එල්ලවන බාධා, අවහිර ගැන.
Eschooltoday lessons හී පළවන පාඩම මාලාවේ How is water treated for use in homes? යන කොටස ඇසුරෙන් පර්වර්තනය කර සකස්කළේ:
චන්ද්‍රසේකර් ප්‍රවින්ත් චව්රින්(thathu Creators)
හොඳ විද්‍යාත්මක කරුණු අඩංගු ලිපියක්